IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තල්ගස් 50කට මන්දගාමී මරණය

 

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

 

දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගසට, බත් ගස හෙවත් කොස් ගසට ලබාදී ඇති ආරක්ෂාවම තල් ගසට ද ලබාදී තිබේ. ඒ සා වටිනාකමක් ඇති ඡායා හෙවත් ගැහැණු තල් ගස් ද ඇතුළු තල් ගස් 50ක් මිය යෑමට සැලස්වීම සම්බන්ධ සිදුවීමක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්ථා වේ.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පෞද්ගලික ඉඩමක ඇති තල් ගස් 50 කට ආසන්න සංඛ්‍යාවක් භූමිතෙල් වත් කොට මිය යාමට සලස්වා ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

තල් ගසක් කපා ඉවත් කිරීමට ඇති නීතිමය අපහසුතා හේතුවෙන් ඉඩම් හිමියා විසින් තල් ගසෙහි ගොබයට භූමිතෙල් වත් කර සෙමෙන් මිය යෑමට සලස්වා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

අනවශ්‍ය හෝ අවහිරදායක තල් ගසක් කපා ඉවත් කිරීමේ පිළිගත් ක්‍රමවේදය පිළිබඳව පුත්තලම අතිරේක දිසා ලේකම් සුනන්ද හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ ගැහැණු තල් ගස හෙවත් ඡායා තල් ගසට විශාල ආරක්ෂාවක් චක්‍රලේඛනයකින් ලබාදී ඇති බව ය.

"යම් අයෙකුට තල් ගසක් කපා ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ අයදුම්පතක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ තිබෙනවා. එම අයදුම්පත සම්පූර්ණ කළවිට ග්‍රාම නිලධාරීයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා වාර්ථාවක් ලබාදෙනවා. එය තල් සංවර්ධන ප්‍රාදේශීය කාර්යාලයට යොමු කර අනුමැතිය ලබා ගත් පසුව ප්‍රාදේශීය ලේකම්තුමාට ඉදිරිපත් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම්තුමායි ගස කැපීමේ නිර්දේශය ලබාදෙන්නේ"

" ප්‍රාදේශීය ලේකම්තුමාට නිර්දේශ ලබා දිය හැක්කේ උපරිම ගැහැනු තල් ගස් දෙකකටයි. ගස් දෙකේ සිට පහ දක්වා නිර්දේශ ලබා දිය හැක්කේ දිස්ත්‍රික් ලේකම්වරයාට යි. සුරක්ෂිත කර ගතයුතු, ඉතා වටිනා ශාකයක් නිසා තමයි, ආහාර හා කෘෂිකර්ම ආඥා පනතේ විශේෂ රැකවරණයක් තල් ගසට ලබාදී ඇත්තේ"

මෙම තල් ගස් සංහාරය පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් විමසූවිට  ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව ජනතාව තමාව දැනුම්වත් කළ බවත් තල් සංවර්ධන මණ්ඩලය දැනුවත් කළ බවත්ය.

තල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර අරුල් සීලන් මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව තමා නොදන්නා බවත් තමන් ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කළ යුතු බවත් ය.

 



අදහස් (9)

තල්ගස් 50කට මන්දගාමී මරණය

sam Thursday, 14 February 2019 07:52 AM

මේ තහනම ක්‍රෝටන් ගස් වලට නැද්ද?

:       212       101

nimal Thursday, 14 February 2019 08:25 AM

අනේ මෙහෙමත් නීති. අපේ පැත්තේ තල් ගස් කපනවා ඕනෑතරම්... මොකද ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් පෞද්ගලික ඉඩමක මොකටද තල්ගස්...? කොස් ගස් කපන්න තහනම් නිසා දැන් කොස් වවනවා අඩුයි. කරදරකාරී කොස්ගස් හිමින් ඉබේ වගේ මැරෙන්න අරිනවා. එවිට දැව ලෙස ගන්න කොටස අඩුවෙනවා. පෞද්ගලික ඉඩමක ඕන ගසක් කපන්න දෙන්නේ නැත්නම් වවන්නේද නැත.

:       201       320

dias Thursday, 14 February 2019 10:32 AM

තමුන්ගේ වත්තේ තියෙන ගහක් කපන්ට එක එකාගෙන් අවසර ගන්නේ මොනවටද? මේ වගේ මෝඩ නීති නිසා තමා අද මිනිස්සු ගස් වවන්නේ නැත්තේ.

:       98       217

අනුර Thursday, 14 February 2019 12:31 PM

මෙම නීති අදාළවිය යුත්තේ රජයේ ඉඩම්වල හා ස්වභාවික කැළෑ ඉඩම්වලටයි. පෞද්ගලික ඉඩම්වල ගස් කැපීමට ඇති නෛතික බාධා ඉවත් කිරීම කාලෝචිතය.

:       1       136

janatha anura Thursday, 14 February 2019 12:56 PM

පෞරාණික වටින කමක් ඇති ගස් කපා දැමීම සාපරාදී ක්‍රියාවකි තමන්ගේ වත්ත කියා සිතනවා නම් මේ භූමිය රජයට පවරා ගැනීමට සුද්දගේ නීතිය බාවිතා කල හැක කොස් ගස පොල් ගස උනත් තමන්ගේ වත්තේ උනත් අවසර ගත යුතුය සෑම කෙනෙක්ම තමන්ගේ වත්තේ කියා සියලු ගස් කපා දැමුවොත් මේ රට කාන්තාරයක් වී සියලු දෙනාම මිය යන නිසාය නීති ගරුක වන්න අත්මර්ත්යෙන් මිදෙන්න තම ආගම අදහන්න

:       6       57

diasThursday, 14 February 2019 01:22 PM

ගල් යුගයේ තර්ක කියවමින් කාලය කා දමන්නේ නැතිව, කරුණාකර වර්තමානයට යාවත්කාලීන වන්න.

:       5       110

chaminda Thursday, 14 February 2019 05:26 PM

අර ඇමතියෙක් විල්පත්තුව වනාන්තරේම කපනවා, නීතිත් නැහැ, දිසාපතිලත් නැහැ, උප දිසාපතිලත් නැහැ, ග්‍රාමසේවකලත් නැහැ .

:       0       346

sujeewa Friday, 15 February 2019 04:55 AM

ගස් හෝ මහා පොලව මගේ අනුන්ගේ කියල බෙදන්න බෑ අල්ලපු ඉඩමේ ගස් ටික කපපුවහම අපේ ඉඩමේත් වතුර හිඳෙනවා. අල්ලපු ඉඩමේ ටොයිලට් වල අපේ ලිඳට බලපානවා. අපි හැමෝගෙම ඉඩම්වල තියන ගස් ටික අපි ආරක්ෂා කරගන්න ඕනේ. අනුර, ඩයස්, නිමල් වගේ අයගෙන් පරිසරය ආරක්ෂා කරගන්න ඒවාට නීති දන්න වෙනවා.

:       0       1

ධනුෂ්කFriday, 15 February 2019 07:09 AM

සංජීව ඒක ඔවුන්ගේ වරද නොවේ. ඔවුන් කුඩා කල සිට අදහන අාගමේ, දෙයක් විය යුතුයි. මේ ලෝකේ සියළු දේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පමනයි කියලා. තම අනුගාමිකයන්ට දේශනා කරන අාගම් තියනවා. ඔවුන්ට ඒක එහෙම නෙමයි, සියලු සතුන්ට මේ ලෝකය අයිතියි කියලා අපි කිව්වට පිලිගන්නේ නෑ. ඒක ඔවුන්ට තේරුම් යන්න නම් අර ඉන්දියාවේ සිංහයෝ ඉන්න කැලෑවකට අතෑරලා එන්නෝන. එතකොට අයිතිය ගැන සිංහයෝ වට වෙලා කියලා දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site