(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කිරීමට නුසුදුස්සෙක් වන බැවින් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු තීරණය කර තිබේ.
එම කමිටුවේ නිගමනය පසුගිය 9 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයාට බාරදුන් අතර ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එය දැනුම්දී තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලාලන්ද පෙරේරා මහතා විසින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාල මහතා ආසන්තම හිටපු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම නීතිවිරෝධී යැයි ඉදිරිපත්වූ විරෝධතා සැළකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීම මීට මාසයකට පමණ පෙර තාවකාලිකව තහනම් කළේය.
සුමතිපාල මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් එම කමිටුව කළ පරීක්ෂණයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සමීප ඥාතියකු හෝ සම්බන්ධ වී සිටින්නේ නම් එවැනි පුද්ගලයකුට කිසිඳු ජාතික ක්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි යන වගන්තිය සුමතිපාල මහතාට හරස් වී තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තිලංගට ක්‍රිකට් විධායක කමිටුව තහනම් කරයි
rocky Tuesday, 15 October 2019 12:34 PM
මෙයා තමයි ක්‍රිකට් කෙලිය ජරා සුදුවක් කෙරුවේ. තහනම් කරලා මදි. පුළුවන්නම් හිරේ යවන්න.
rocky Tuesday, 15 October 2019 12:42 PM
ක්‍රිකට් වලට කරපු හානි වෙනුවෙන් මුන්නැහේව හිරේ යවන්න විදිහක් නැද්ද සොයා බලන්න.
Nuwan Tuesday, 15 October 2019 12:54 PM
මෙයාව නඩු කියල අරන් දාන්නම උනාද? ඕන පොඩි එකෙක් දන්නවා මෙයාගේ නිලතල නීතිවිරෝදී කියලා.
Prabha Tuesday, 15 October 2019 12:56 PM
ක්‍රිකට් නැතුව එතුමා කොහොම ජීවත් වෙන්නද?
සෙනෙවිරත්න Tuesday, 15 October 2019 01:25 PM
එලවලාම දාන්න.
ranith Tuesday, 15 October 2019 01:26 PM
එල්ලන්න වටින්නේ.ක්‍රිකට් කෑවා.
Amila Tuesday, 15 October 2019 02:04 PM
මෙයා අනිවාර්යයෙන්ම ගෙදරම යැවිය යුතුයි.
sam Wednesday, 16 October 2019 01:15 AM
හැබැයි ඇයි මේ වෙනකම්ම හිටියේ එලවන්න. මොකද පහුගිය අවුරුදු හතරහමාරේ එලෙව්වේ නැත්තේ.
de silva Wednesday, 16 October 2019 06:47 AM
අපේ ක්‍රිකට් පහුගිය කලේ මෙච්චර කඩා වැටුනේ දක්ෂයන් නැති නිසා නොව සල්ලි තිබෙන බුකි කාරයෝ එම තරඟ වලට මැදිහත්වීම නිසා බව අවිවාධයෙන්ම පිළිගන්න ඕනේ , නැතිනම් කොහොමද පලවෙනි පෙළ ක්‍රීඩකයෝ දිගින් දිගටම අසාර්ථක වෙද්දී රැන්කින් වල අංක 8 හිටපු අපේ දෙවෙනි පෙළ කණ්ඩායම රැන්කින් එකේ නොම්මර එකට හිටපු පාකිස්තානේ ඔවුන්ගේ මවු රටේදී 3-0 පරදවල තරගාවලිය ජය ගත්තේ .
de silva Wednesday, 16 October 2019 08:15 AM
තම පවුලේ සාමාජිකයන් මගින් කරන අශ්ව රේස් සහ වෙනත් ක්‍රීඩා වලට සම්බන්ධ දේවල් වලින් ඩොලර් කෝටි ගණනනින් උපයාගෙන ඒවගෙන් සැහීමකට පත්වෙලා ඉන්නේ නැතුව දුප්පත් අපේ එකම විනෝදාංශය වන ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගහන්න ආවොත් අපට ප්‍රබල තීන්දුවක් ගන්න වෙනවා.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පණ උනත් දෙන්න කැමති ක්‍රිකට් ලෝලියෝ දහස් ගණනක් අපේ රටේ ඉන්න බව අමතක කරන්න එපා. අපේ ක්‍රිකට් අපට දීලා ඔබතුමා ගෙදරට වෙලා ඉන්න.
de silva Wednesday, 16 October 2019 08:56 PM
අශ්ව රේස් බුකි වියාපරෙන් සහ දේශපාලනෙන් මුළු රටම කාල ක්‍රිකට් එක අතුරුපසට වළඳලා , තව මදිවෙලා. අනිවාර්යයෙන් හිරේ යැවිය යුතු පුද්ගලයෙක් ,