(තිළිණි ද සිල්වා)
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ’ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (23) අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දන්වන ලදී.
මෙම පෙත්සම් සිසිර ද ආබෘ , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබිණි.
එසේම එම පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශනද හෙට (25) පෙරවරු 10.00ට ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකාර නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ , දුමින්ද නාගමුව , තරුණ නීතිඥවේදීන්ගේ සංගමය,එස්.ඩී.සී ඉලංගකෝන් , අබ්දුල් සෑරර් ,අස්ලම් ඕතම් , කේ.එම්.ආර් ප්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා , පුලස්ති හේවාමාන්න, නුවන් බෝපගේ , එම.හිජාස් , කනිෂ්ක විතාරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් පෙනී සිටියහ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් දන්වනවා