IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තඹ කම්හලේ සේවකයන්ට ඇප ලැබීම ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තඹ කම්හලේ හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ඉකුත් 21 වැනි දින සිදු වූ පිපිරවීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස ක්‍රියා කළ තැනැත්තාය.

එම සිදුවීමට පසු දින එම  සේවකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිසිය කියයි.

මෙම නඩුව එදිනම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරෙණි.

මෙම සැකකරුවන් පිරිසට ඇප ලබා ගත හැකිවන පරිදි එම වාර්තා සැකසීමට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථානාධිපතිවරයා යම් විමසීමක් හෝ බලපෑමක් සිදු කළේ ද යන්න සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයාගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂන වාර්තාවක් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තඹ කම්හලේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ ද ඉතාමත් දුර්වල තත්ත්වයක තිබෙන බවට එම ප්‍රකාශ සටහන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බවද එම නිලධාරියා කීය.



අදහස් (7)

තඹ කම්හලේ සේවකයන්ට ඇප ලැබීම ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි

ගල්කටස් Tuesday, 14 May 2019 01:09 AM

කළ යුතු දේ හරියට නොකර අල්ලසට ජරාවට හා විශේෂයෙන් මැති අැමැතිලාට බලපෑමට යටවෙලා මේ වගේ ත්‍රස්තවාදීන්ට උදව් කරනවා නම් උඹලා සතර මහා අපායටම යන්න ඕනෑ. මිනිස්සු අැවිස්සෙන එක අසාධාරණයිද...?

:       0       0

Shantha Qatar Tuesday, 14 May 2019 01:50 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව... දැන් මේවා අහලා එපාවෙලා ඉන්නේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදු හාමුදුරුවනේ.

:       0       0

kamal Tuesday, 14 May 2019 04:18 AM

ඒ ගැන සොයා ඵලක් නැත. ඔවුන් නැවත අැරෙස්ට් කරන ක්‍රමය පළමුව බලන්න... නැත්නම් අනතුර තවත් වැඩියි.

:       0       0

MGLFERNANDO Tuesday, 14 May 2019 04:29 AM

නීතිය මෙවැනි බරපතල ක්‍රියාවන්ට තදින් ක්‍රියාත්මක නොවුණාට, ඉතාමත්ම සුළු ක්‍රියාවන් ඉදිරියේ ඉතා ගාම්භීරව වැඩ සිටීම නිවට ක්‍රියාවකි...

:       0       0

සේන Tuesday, 14 May 2019 05:21 AM

ත්‍රස්තවාදීන් ටික එළියට දාන්න කලින් විනිසුරු වරුත් පුලුල්ව හිතන්න තිබ්බා. දැන් ඉතින් රටේ නැති පිස්සු කරනවා. ඒ මිනිස්සු බෝම්බ හදනවද දන්නෙ නෑ.

:       1       163

Rohana Tuesday, 14 May 2019 06:12 AM

අත්අඩංගුවට ගත් මහන්සිය තේරුමක් නැතිව ගියා නේද? මොවුන් නැවතත් ත්‍රස්තවාදී වැඩවලට යොමුවන්න පුළුවන්. ඒකෙන් තව කීදෙනෙක් මරයිද? මේවත් හිතන්න තිබුණා...

:       0       0

Ahamed Tuesday, 14 May 2019 06:23 AM

ඔක්කෝටම මුල දේශපාලන... බොහෝ පත්වීම් දෙන්නේ දේශපාලන මුල් කරගෙනයි. එ් නිසා නිලධාරීන් දේශපාලන අතකොළුවන් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 162 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 312 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 870 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 764 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 647 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 318 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site