IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘තම ධූර කාලය තුළ ස්ත‍්‍රී දූෂකයන්ට - මිනී මරුවන්ට සමාවක් නෑ ‘‘

(නිමල කොඩිතුවක්කු)

උසාවි මගින් වැරදිකරුවන් වී අච්චු කරනු ලැබූ ත‍්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනී මරුවන්ට,  ස්ත‍්‍රී දූෂකයන්ට හා ළමා අපචාරකරුවන්ට සිය ධූර කාලය ඇතුළත කුමන ආකාරයකටවත් ජනාධිපති සමාව නොදෙන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගල්ගමුවේදී පැවසීය.

විපක්ෂයේ රැළියට සහභාගී වී ආපසු යමින් සිටියදී දූෂණයට ලක්වූ විශේෂ  අවශ්‍යතා ඇති දැරියට ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් වහාම සර්ව සාධාරණය ඉටුකිරීමට තමන් ක‍්‍රියා කරන්නේ යැයිද සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේ ගල්ගමුව පොළ භූමියේ අද (11) පැවති ජන රැළියකදීය.

 

 



අදහස් (10)

‘‘තම ධූර කාලය තුළ ස්ත‍්‍රී දූෂකයන්ට - මිනී මරුවන්ට සමාවක් නෑ ‘‘

Mahee Monday, 11 November 2019 04:38 PM

බලාගෙන ඕව කියන කොට අරයා හිතයි එයා රෝයල් පාක් මිනිමරුවට සමාව දුන්න එක ගැන පොඩි කෝචෝක් එකකුයි මේ දාන්නේ කියල. එයා දැන් යාළුවා නේද ? තරහ කරගන්න එපා.

:       0       0

කණ්ඩම්බි Monday, 11 November 2019 04:40 PM

මෙවැනි කතා අවුරුදු 5 කට විතර කලින් ඇහුනා වගේ මතකයි.

:       0       0

ඩිලාන් Monday, 11 November 2019 04:51 PM

බැංකු හොරුන්ට මොකද වෙන්නෙ ?

:       0       0

Pradeep Monday, 11 November 2019 05:00 PM

ඕකට ඉතින් ජනාධිපති වෙන්නම ඕනද..? පවතින්නේ තමන්ගේ ආණ්ඩුව.. තමන්ගේ ජනාධිපති, තමන්ගේ අගමැති.. දෙන්නකෝ නියෝගයක් වහාම පරීක්ෂණයක් පවත්වලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා..

:       0       10

Bandara Monday, 11 November 2019 05:11 PM

එතකොට තාත්තා ගිය අඩිපාරේ යන්නේ කොහොමද ?

:       0       0

chandima Monday, 11 November 2019 06:34 PM

ඔය කියන්නේ මොන ධුර කාලය ගැනද?

:       0       0

Raveendra Monday, 11 November 2019 09:10 PM

එතකොට "නිධන් හාරපු සහ හාරන අයට" මොකද කරන්නේ? එතකොට මහජන මුදල් විනාශකළ සහ කරන දියවන්න ඔයේ 225ට (ඔහෙත් ඇතුළුව) මොකද කරන්නේ? විශ්‍රාම වැටුප් සහිතව ගෙදර ඉන්න දෙනවද සජිත් මල්ලියේ?

:       0       0

vihara Tuesday, 12 November 2019 01:49 AM

ගරු ඇමැතිතුමණි, මේ රටේ කාන්තාවන්ට තම නිදහසේ පාර තොටේ, කාර්‍යාලයේ, පාසලේ, බස්රියේ තනිව ගමන් කිරීමට තරම් නිදහස් වාතාවරණයක් තවම අප රටේ නැත. ඉතින් ඒ නිදහස ඇති කර දෙන්න. මේ රටේ කාන්තාවන්ට ඉපදීමටවත් අයිතිය ද පවුලක තාත්තා විසින් තීරණය කරයි. කාන්තාවන්ට දරුවෙකු ලැබෙන්නට ඉන්නවානම් ගැහැණු දරුවෙකු නම් එපා කියන තාත්තලා තමයි බහුතරයක් ඉන්නෙ.ඉතින් රට දියුණු වෙයිද ?

:       0       0

Bamunuarachchi Tuesday, 12 November 2019 08:12 AM

එතකොට බැංකු මංකොල්ලකාරයින්ට ඉඩ තිබෙනවාද?

:       0       0

Ariyathilaka Tuesday, 12 November 2019 09:37 AM

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිරදේශ ක්‍රියාත්මක කර පෙන්වනවා ද? කියමන සත්‍ය නම් එතනින් පටන් ගමු!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 347 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1000 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2575 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2839 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 833 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 329 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1675 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site