IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තැපැල් සොරකම් කළ ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි

දහස් ගණනක් වටිනා තැපැල් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්කරුවකු ලෙස සේවය කළ ලාංකිකයකුට එරටින් පිටවන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස රටින් පිටව යන ලෙස එරට අධිකරණයෙන් නියම කෙරුණේ ප්‍රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ලාංකිකයකුටය.

2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ. වසර 4 ක් පුරා ලියුම් බෙදන්නෙකු ලෙස ඔහු ඕස්ට්‍රේලියාවේ සේවය කර ඇත.

ඩොලර් 5000 කට අධික වටිනාකමින් යුත් ඉලෙට්‍රෝනික උපකරණ සහ ජංගම දුරකථන අතුරුදන් වී ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පැවසේ.

 

(28535)



අදහස් (15)

තැපැල් සොරකම් කළ ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි

Bamunuarachchi Tuesday, 29 January 2019 01:28 PM

අපේ අය ගිය තැන හොරකම.

:       19       148

BamunuarachchiTuesday, 29 January 2019 04:40 PM

අපේ අය රට ගිහිල්ලා හොරකම් කරනවා. නායකයෝ රටේ හොරකම් වලට පිටරටින් ගෙනෙනවා. ඒ අය හොරකම කරදීලා රටින් පනිනවා.

:       0       130

Mahesh Tuesday, 29 January 2019 01:38 PM

වැඩිම හොරකම් සහ වංචා කරන මිනිස්සු ඉන්නේ අපේ වගේ රටවල ! අනුන්ගේ දෙයක් දැක්කම ඉන්න බෑ එක ගන්නකන්ම! තමන් වැඩ කරන ආයතනයන උනත් කමක් නෑ හොරකන් කරොත් ! ගුවන් තොටුපලේ ගමන් මල්ල හරියට ඉබ්බා දාලා නැත්නම් ඒවා හොරකම් කරනවා. ලියුම් කඩලා ඇතුලේ තියන වටිනා දේවල් සොරකම් කරයි. රේගුවේදී වාහන කැලි සොරකම් කරයි. මෙකි නොකී බොහෝ තැන්වල සිදුවන්නේ සොරකමයි.

:       11       224

Raveendra Tuesday, 29 January 2019 02:36 PM

ලැජ්ජාවේ බැහැ ගිය තැන වනසනවා.

:       0       155

sandy123 Tuesday, 29 January 2019 03:43 PM

ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙන්නෙත් හරි මාර්ගයෙන් නොවෙයි මයේ හිතේ. බෝට්ටුවෙන්නේ ගිහින් තියෙන්නේ. රස්සාවක් ලැබිලත් රස්සාව කරන් ඉන්න බැරි මෝඩයෙක්. තණ්හාව ඉස්මතු වෙලා අනුන්ගේ දේවල් දැක්කම. අනේ මෙහෙම ආශාවක්. අනේ මෙහෙම තණ්හාවක්. මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්.

:       0       280

Menaka Tuesday, 29 January 2019 07:20 PM

අපි නිවාඩුවකට ලංකාවට එනකොට ගෙනාපු ගමන් මලු වල තිබුන භාණ්ඩ කටුනායකදී සොරකම් කරලා. එහෙ කෙනෙකු තමන්ගේ වයසක පියාට දෙන්න කියලා අපේ අතේ එවපු බෙහෙත් ටික පවා ලගේජ් කඩලා අරගෙන. මෙහෙම හොරු උපදින්නේ ලංකාවේ විතරයි. උපන්දා සිටම සමහරු දරුවන්ට උගන්වන්නේ එක්කෝ නිකම් ඉඳලා අනුන්ගේ දේවල් කඩා ගන්න. නැතිනම් සොරකම් කරන්න. මගේ නෑදෑයන් බලන් ඉන්නේ අපි පිටරටදී මැරෙනකම්, ලංකාවේ දේපල ටිකට වග කියන්න. තව දන්නා කෙනෙකුගේ ලංකාවේ ගෙදරට එයාගේ නංගි සැමියා එක්ක ඇවිත් බලෙන් පදිංචි වෙලා. මෙහෙව් රටේ සමහර මිනිස්සු පිටරටදී සොරකම් කරන එක අහන්න දෙයක්ද ?

:       1       132

AsankaWednesday, 30 January 2019 09:44 AM

ඔබේ කටේ ඩොලර් දාන්නා ඕනෑ ඇත්ත කිව්වට... මම සහ බිරිඳ පදිංචි පිටරට, වසර ගණනකට පස්සේ අපට දරුවෙක් ලැබුණාම ලංකාවේ සමීපතම නෑදෑයෝ හිත යටින් හරිම දුකට පත්වුණා.. (මූණට පෙන්නුවේ නැහැ) මොකද අපි හදපු අලුත්ම නිවසට දැන් හිමිකරුවෙක් ඉන්න නිසා. ඔන්න මිනිස්සු...!!!

:       0       158

Channa Tuesday, 29 January 2019 07:31 PM

ඔස්ට්‍රේලියාවට දේශපාලන රැකවරණ පතමින් එන බහුතරයක් ලංකාවේ මහා පරිමාන අපරාධකාරයන්. මේවාට ලංකාවේ දේශපාලන අනුග්‍රහය කොයි ආණ්ඩුව යටතේත් ලැබෙනවා. මෙහෙ ඇවිත් කියන්නේ ලංකාවේ ඉන්න අමාරුයි මට ජීවිත තර්ජනයක් තිබෙනවා. ඊළඟට මෙහෙ ලැබෙන ඔක්කොම දීමනා ටික අරගෙන සැපට රටේ නම විනාස කරනවා. මේ මිනිස්සු හින්දා වැදගත් පිළිවෙලට නීතියට අනුව සංක්‍රමණය වුන ලාංකිකයටත් රැකියාවකට අවස්ථා නැහැ. ලාංකිකයන් කිව්වාම මෙහෙ මිනිස්සුන්ට ඉස්සර මතක් වෙන්නේ ක්‍රිකට් ! දැන් ලෝක හොරු සහ පවුල් ප්‍රශ්න නිසා සැමියා හෝ බිරිඳ මරපු ලාංකිකයන්. !

:       0       128

Rohana Wednesday, 30 January 2019 06:42 AM

අපේ අය ලෝකේ කොහේ හිටියත් හොරකමට අති දක්ෂයෝ.

:       5       19

shan Wednesday, 30 January 2019 10:54 AM

අපිට ජොබ් නැතුව ඉන්නවා තමුන්ලාට ඕස්ට්‍රේලියාවේ ජොබ් හම්බෙලා හිතට එකග වෙලා කරන්න බෑනේ... ලංකාවේ නමත් කැත කරනවනේ...

:       0       6

dias Wednesday, 30 January 2019 11:20 AM

නමින් බෞද්ධ වුනත්, ලංකාවේ මිනිසුන් තරම් අනුන්ගේ දේට ඊර්ෂ්‍යයා කරන, හොරකම් කරන්නට මාන බලන ජාතියක් මම කිසිම රටක දැකලා නැහැ.

:       0       5

Sudath Sri Wednesday, 30 January 2019 12:03 PM

රටේ හැමතැනම විනය පිරිහිලා... කොතැන බැලුවත් හොරකම​, වංචාව​, මත්ද්‍රව්‍ය​, රස්තියාදුකාරයෝ රටේ කිසිම නීතියක් නෑ. මෙහෙම වැඩිකල් යන්න බැහැ.. මොකක් හරි කරන්න වෙනවා. අපිට ලැජ්ජයි ලංකාවේ කියන්නත්...

:       0       0

bandula Wednesday, 30 January 2019 12:30 PM

මීට කලින් නවසීලන්තයේ සුපිරි වෙළඳහලක සොරකන්ම කළ ආපසු ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙක් පවා අපි දන්නවා. මම වසර 15 ක් පින්ලන්ත පදිංචි කරුවෙක්.., මේ දක්වා පොදු ස්තාන වලදී මගේ නැති වූ මුදල් පසුම්බි, කාර් යතුරු ආදිය මාස ගණනකට පසුව හෝ යලි නාඳුනන අය විසින් මට ලබාදී ඇත. අපගේ රැකියා ආයතනවල කොම්පියුටර් වැනි දේවල් කවදාවත් නම් ලියා බාරදී නැත. ඒවා නැති වන්නේද නැත...

:       0       4

bandula Wednesday, 30 January 2019 12:35 PM

ඕක මොකද්ද? කලකට පෙර නවසීලන්තයේ සුපරි වෙළඳ හලකින් බඩු සොරකම් කලා ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙකු සහ භාර්යාව ආපසු එව්වා.... පුරුද්ද අතහරින්න බැහැ..

:       0       0

bo Saturday, 02 February 2019 04:04 AM

ලාංකිකයෙක් නොවෙයි, කල්ලතෝනියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1161 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site