IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

(නාලක සංජීව දහනායක)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව අප්‍රමාදව ලබාදෙන ලෙස නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ අද (10) පැවැත්වූ සාකච්ඡාවේදී පවසා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පැවැසූ බව එම සාකච්ඡාවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ඡී.එල්.පීරිස් සහ නිමල් සිරිපාල ද සිල්වා , වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.



අදහස් (18)

තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

Chanak los angeles Monday, 10 December 2018 09:41 PM

තීන්දුව ඉක්මන් කරන්න කියා පැවසීමත් උසාවියට කල තර්ජනයක් .

:       0       0

Thangalle sobitha himi Monday, 10 December 2018 10:25 PM

අර හොර මැරකම් වංචා මිනීමැරුම් නඩුත් ඔයගමන්ම ඉක්මන් කරොත් නරකද ? මොකද ඒවා කල් තබන්නේ ?

:       0       0

ගල්කටස් Tuesday, 11 December 2018 02:34 AM

හිතල⁣⁣ හරි නොහිතා හරි තීන්දුව කල් දැමීම හොද වැඩක් වෙනකක් නිසා නොව O/l විභාගය නිසාය. එය අවසන් වූ සැනින් තීරණය ලබා දෙනතුරු අපට බලා සිටිය හැක බල ලොභී කුහක දෙශපාලනයෙන් යැපෙන්නන්ට නොහැකි වුවත් අපට එහි ගැටළුවක් නැත. දේශපාලනයට වඩා අපට දරැවන්ගේ අනාගතය වටිනවා. දෙපැත්තම තීන්දුවෙන් පසු පිස්සු නටන බව නමි රටම දනී. එපැත්තටත් නැති මෙ පැත්තටත් නැති තීන්දුවක් දිය හැකිනමි එය රටට යහපතකි.

:       1655       442

ගල්කටස් Tuesday, 11 December 2018 09:06 AM

රටෙ දරැවන්ගේ විභාගය ගැනවත් වගක් නැති බවයි පේන්නේ.......

:       0       15

රවින් Tuesday, 11 December 2018 02:54 AM

ඉල්ලීමක් කලොත්? ගරු අධිකරණයට කරන අයුතු බලපෑමක් නොවේද?

:       1574       2596

Sapumal. Tuesday, 11 December 2018 03:24 AM

මෙසේ අධිකරණයෙන් ඉල්ලා සිටීම අයුතු උත්සාහයක් බව පෙනීයන කරුණක්. නීතිය තමන්ගේ පැත්තට වාසි විය යුතුයි කියා ඇතැමුන් මෝඩකමට සිතුවත් විනිසුරුවරුන් නිතරම ක්‍රියාකරන්නේ නීතියේ රාමුව තුල පිහිටලායි. එතුමන්ලාට තීන්දුව සඳහා කල්ගන්න අත්‍යවශ්‍ය හේතුන් ඇති. එතුමන්ලා තීන්දු තීරණ ගන්නේ පක්ෂක්ග්‍රාහී දේශපාලකයන් මෙන් නොවේ.මෙහිදී ජනාධිපති තම සීමාව ඉක්මවා අධිකරණයේ තීන්දුවට බලපෑම් කරනා බව පෙනේ. මේ තත්වය ව්‍යංගයෙන් හෝ අනියම් ආකාරයකින් අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේද ?

:       1515       2438

Sanka Tuesday, 11 December 2018 03:41 AM

රටම විනාශ මුඛයට දාල දැන් මොන ඉක්මනක්ද? වෙන දේවල් දැන් වෙලා ඉවරයි..........රටේ හරි පරිපාලනයක් නැහැ, බඩුමිල අහස උසට නැගල දුප්පත් මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැහැ.

:       1502       2214

Sathyapala Tuesday, 11 December 2018 05:27 AM

මේ වගේ නායකයෝ ඉන්නකොට මොනවා කියන්නද මන්ද ? අර්බුදයක් ඇති කරලා දැන් හරියට ඉන්නේ අපි පාර්ලිමේන්තුව විසිරෙව්වා වගේ............... අපිට මඩු වලිගෙන් තලන්න ඕනේ මේ කතා වලට............

:       1       75

BamunuarachchiTuesday, 11 December 2018 04:14 PM

රටේ නායකයා වෙලා පිටදේසක්කාරයෙකුට මහබැංකුව කොල්ල කන්න දීපු අරවගේ නායකයෝ රටක ඉන්නකොට අපිට නම් කියන්න තිබෙන්නේ වහාම පාර්ලිමේන්තුව විසුරුවලා එවන් නායකයින් පන්නා දමා රටට ආදරය කරන සංස්කෘතියක් ඇති නායකයෙක් පත් කරන්න කියලා. 2015 කළ රටට කල වින්නැහියට මඩු වලිගෙන් නොවෙයි කිතුල් මෝල්ගහකින් කටු පොඩිවෙන්න තලන්න ඕනේ...

:       2       0

amarabandu Tuesday, 11 December 2018 05:29 AM

ජනාධිපති ගෙදර යවන තීන්දුව ජනතාව දැනටමත් අරන් ඉවරයි.

:       0       101

Rohana Tuesday, 11 December 2018 06:47 AM

මොකද ඔයතරම් කලබල තීන්දුව ගන්න. නීතිව්රෝධි වැඩකරලා තවත් නීතිවිරෝධී වැඩක් කරන්නද කල්පනාව?

:       0       0

රොෂාන් Tuesday, 11 December 2018 08:55 AM

අද තමයි සතිය ඉවර වෙන්නේ. කෝ තාම විසදුම?

:       0       0

uguduwaa Tuesday, 11 December 2018 09:20 AM

සංචාරක කර්මාන්තයට පතුලටම වැටුණා..... දැන් ඉස්සරහටත් එසේමයි...... අපි අනාත උනා.

:       0       13

de silva Tuesday, 11 December 2018 12:59 PM

රනිල් වැරදි වැඩ කළානම් ඔබතුමා සතු විධායක බලතල හාවිතාකර පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රගතිශීලි මන්ත්‍රීවරුන් සමග එම වැරදි වැඩ වළකන්න කටයුතු කරන්නේ නැතුව නිකම් පැත්තකට වෙලා ඉඳලා මුළු පාර්ලිමේන්තුවම විසිරෙව්වම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ අවුල්වෙලා ආර්ථිකේ වැටිලා.., රට ජාත්‍යන්තරේ අපවාදයට ලක්වෙලා.. සංචාරක හෝටල් වල බුකින් කැන්සල් වෙලා. මේ සියලු පව් ඉදිරියට කරගහන්න වෙන්නේ පුරවැසි අපටයි..

:       0       0

BamunuarachchiWednesday, 12 December 2018 05:02 PM

රනිල් අවුරුදු 4 ට රටට කරපු විනාසය හොඳටෝම ඇති. රනිල් රටට කරපු එක හොඳ දෙයක් කව්රුහරි කීවොත් මම මෙතන ලියන එක නවත්වනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 11 December 2018 04:23 PM

සංඛ හා එහෙමද ඔක්තෝබර් 26 පස්සේද ඇහැඇරුනේ? බදුගහලා, වැට් ගහලා පොලී නග්ගලා දුප්පත් මිනිහා අමාරුවේ රනිල්ගේ ආණ්ඩුව. රනිල් මේ අවුරුදු 4ට රටට හෝ ජනතාවට කළදෙයක් ඇත්නම් කියන්නකෝ...? අපිට අහගෙන ඉන්න. මහින්ද ඇවිත් දින 20 ඇතුළත සහන බොහෝමයක් දුන්නා.

:       7       0

Nandalal DE SILVA - FranceWednesday, 12 December 2018 11:51 AM

අනේ නැතුව ආයුබෝවන්... කවදාහරි මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිරයි, මරයි හදපු "පුටුවට" ආසන දිනා ගන්න ඕනෑනම් මොනවා හරි අඩු කරන්න ඕනෑ නේද? [මහින්ද ඇවිත් දින 20 ඇතුළත සහන බොහෝමයක් දුන්නා....] දුන්නා තමා ඇස්බැන්ඳුම්.. 2019 ජනවාරි ඉඳලා වැටුප් නොලැබෙන තත්වයකට රට වැටුනොත්, ඔය දීපු සහන කාල තමා බඩ පුරෝගන්න වෙන්නේ !!!

:       0       3

BamunuarachchiWednesday, 12 December 2018 04:58 PM

ඔයාලා වගේ මිනිස්සුත් මොන දේශපාලන කතාද? 5 පන්තියේ ළමයෙක් සමග සාමාන්‍ය දැනීම කතා කොරනවා ඊට වඩා හොඳයි.

:       15       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 704 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 133 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 915 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 947 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1283 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1155 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site