(චන්ද්‍රසේන ගමගේ)
හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල ප්‍රදේශයේ දී ඉකුත් 15 දින නිවසකට පැන අලාභ හානි කර කාන්තාවකට හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ වූ බවට සැකපිට අත් අඩංගුවට පත් කාන්තාවන් සිව් දෙනා අද (17) අගුණකොලපෑලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඉකුත් 15 දින සවස 6.30ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවත් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාරියන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
පහර කෑමට ලක් වූ කාන්තාවක් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද තුවාල ලැබූ එක් අයෙක් තංගල්ල මූලක රෝහලේද තවත් අයෙකු මාතර මහ රෝහලේද පතිකාර ලබන බව පොලීසිය කියයි.
ගැටමුට සම්බන්ධ වි ඇත්තේ සහෝදරයන් දෙනෙකු බවත් පොලීසිය කියයි.
පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු ප්‍රදේශයේ අපරාධකාරයකු වන බවත් ඔහුට විරුධව මනුෂ්‍ය ඝාතන ඇති බවත් පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් හක් කාන්තාවකට දින 15ක් වයස වූ කුඩා දරුවෙකු සිටින බවද පොලීසිය කියයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තිදෙනකුට පහරදුන් කාන්තාවන් සිව්දෙනා අධිකරණයට
මෝ Wednesday, 17 June 2020 10:25 AM
මදැයි අන්තිමට කන්තා පාතාලයත් බිහිවෙච්චි...