IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


“ණයගෙවන්න සහන කාලයක් දේවි කියා බලාපොරොත්තු වෙනවා”

ණය ගෙවීම සඳහා ඉන්දියාව වසර තුනක සහන කාලයක් දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවැසීය.

ණය අභියෝගය සම්බන්ධයෙන් ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනි සුහාසිනි හයිදර් විමසූ පැනයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.

“අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. සියලු ණය වෙනුවෙන් වසර තුනක පමා සහන කාලයක් ලබාගන්න පුළුවන්දැයි ඉන්දීය රජයෙන් විමසීමක් කළා. අපි එය ඉල්ලන්නේ ආර්ථිකය නගා සිටුවන තෙක් පමණයි. ඉන්දීය රජය ඒ පියවර ගනිමින් අපට අවස්ථාවක් දුන්නොත් චීනය ඇතුළු අනෙක් රටවල් පවා ඊට එකඟ වේවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය පහළ වැට්ටුවා. දැන් එය අර්බුදයක්. සියල්ල තීරණය වන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි”

ජාතික සම්පත් විදේශීය පාලනයකට නතු නොකිරීමේ දැඩි තීරණයකට ආණ්ඩුව පැමිණ ඇතැයි පසුගිය ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීය.

“අපි තවම ත්‍රිකුණාමල ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළේ නැහැ. එහෙත් අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉන්දියාව සහ ජපානය ඊට ඒකාබද්ධ ආයෝජන සිදු කරනවා. ඒ වගේම ස්වභාවික වායූ පර්යන්තය සම්බන්ධයෙන් ද අපි සාකච්ඡා කළා. පසුගිය ආණ්ඩුව 2017 දී අත්සන් කළ කිසිම ගිවිසුමක් ඉදිරියට කරගෙන ගියේ නැහැ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ ගිවිසුම් සියල්ල ප්‍රතික්ෂේප කළා. ඒ ගිවිසුම්වලට අපි වගකියන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධ ව්‍යාපෘතියට ද ඉවත් කළා. අපේ ආණ්ඩුව, ජාතික සම්පත් විදේශීය පාලනයකට නොදෙන දැඩි තීන්දුවක ඉන්නවා” යැයිද ඒ මහතා පැවසීය.

සිවුදින නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා(07) ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් නිල නිවස්නයේදී’ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.  ඉන් අනතුරුව ඒ මහතා ‘රාෂ්ට්‍රපතිභවන්’හිදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණ ගැසුණේය.  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

055
 



අදහස් (29)

“ණයගෙවන්න සහන කාලයක් දේවි කියා බලාපොරොත්තු වෙනවා”

Buddika Sunday, 09 February 2020 10:35 AM

2005 ඉඳලා 2015 දක්වා කව්ද ණයගත්තේ? ඇයි ඒවා ණය නෙවෙයිද? දෙමව්පියන්ගේ සොහොන් හැදුවේ රොත්ත, බුරුත්ත පිටින් හොරකම් කළේ කාගේ කාලේද මතකද?

:       80       682

NissankaSunday, 09 February 2020 11:17 AM

යෝෂිත පුතාගේ සන්හරේ එක්ක 62ක් අරන් ගියේ ඉන්දියාව බයකරලා ණය නොගෙවා ඉන්න වෙන්න ඇති. අපේ ගජබා රජ්ජුරුවොත් නීල මහා යෝධයා එක්ක ගිහින් දොළොස් දාහක් කුදලාගෙන ආවා වගේ...

:       2       711

raviSunday, 09 February 2020 11:38 AM

නියමයි.. මේ හොරු රැල ලැජ්ජා නැතිව අායෙත් හිඟා කනවනේ...

:       0       594

WijebahuSunday, 09 February 2020 09:19 PM

බොහොම භයානක ප්‍රකාශයක්... දැන් හදිස්සියකටවත් නායකකම ගන්න බැරිවෙයි. ලෝකය ඉදිරියේ බංකොලොත් බව ප්‍රකාශ කළා...

:       0       3

අළුත් 225ක් තෝරමු Sunday, 09 February 2020 11:25 AM

ලජ්ජාවේ බැරුවා...! ඕවා කරන්නද මුළු රටම පොඩිපට්ටම් කරගෙන බලයට ආවේ...?

:       0       590

sugath Sunday, 09 February 2020 11:29 AM

කවුරු කළත් දැන් සිදුවන්නේ ආර්ථික වර්ධනයට වඩා, ණය රෝල් කිරීම පමණි. අපට ණය නැවත ගෙවා ගත නොහැකි වූ විට, ඉන්දියාව වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්වා සිටින්නේ ඔවුන් දුන් ණය නැවත අය කර ගැනීමේ අරමුණින්ය. හම්බන්තොට වරාය චීනුන්ට බදු දෙන්නට වුයේත් ඔවුන්ගෙන් ලබා ගත් ණය ආපසු ගෙවීමට නොහැකිවූ බැවිනි. සමහරෙක් ජාතික සම්පත් විදේශීය පාලනයකට දෙනවා යයි මොර දුන්නත්, ඇත්ත තත්වය නම් මේවා අප විසින්ම කරගත් දේවල්ය.

:       59       645

Bandula Sunday, 09 February 2020 11:30 AM

මූණ දැක්ක ගමන් ණය එපා කියයි.

:       0       264

කපුරුහාමි Sunday, 09 February 2020 11:33 AM

නූපන් දරුවන් පවා ලෝකේට ණය කාරයෝ කරලා තමුන් කරපු හරිය ලෝකෙම දන්නවා. පවුල් පාලනේ අය විතරක් බොරු සෝබන වැඩවලට, නිකරුනේ මොනතරම් මුදල් කන්දරාවක් කාබාසිනියා කෙරුවාද ?

:       0       750

dama Sunday, 09 February 2020 11:41 AM

ඉතුරු ටිකත් හොරා කන්නද ?

:       0       444

පර්සි Sunday, 09 February 2020 03:17 PM

නැතුව බැහැනේ හාමුදුරුවනේ... දැන් ඉතින් දරුවන් බැඳලා... ඒ අයට දරුවොත් ඉන්නවනේ. ඒ දරුවන් ගැනත් බලන්න මට යුතුකමක් තියෙනවනේ... එ් නිසා තව කෝටි දෙතුන් දාහක් ඒ පොඩි උන්ගේ නමින් කොහේ හරි රටක, බැංකුවක දැම්මට පස්සේ මට දේශපාලනය කළා ඇතිවෙයි. රටට හෙන ගැහුවත් මට කමක් නැහැ. මොකද මම තව අවුරුදු 2කට වැඩිය ජීවත්වෙන එකක් නැහැ. ඊට පස්සේ පැතු බෝධියකින් නිවන් දකින්න තමයි අදහස.. දැන් සැපද..?

:       0       630

යමයා Sunday, 09 February 2020 05:59 PM

සැපයි සැපයි.. ඔය සෙකියුරිටි අය නැතිව තනියම මහපාරේදී අහුවුණොත්. අවුරුදු 2 ක් නොවෙයි මිනිත්තු 2 ක්වත් ජීවත් වෙන්න බැරිවේවි.

:       0       150

විපරමා Sunday, 09 February 2020 12:23 PM

ණය වෙන්න ඇත්තේ ආසියාවේ ආස්චර්යය පෙන්වන්න ගිහින්ද? වෙන්න බැහැ අපිට සේවය කරන්න ගිහින්. සුනාමියෙන්, මහා පරිමාණයෙන් මුලු පව්ලේම අය ගසාකාපුවායින් ඔය ණය ගෙවාදාන්න බැරිකමක් නැහැනේ..

:       1       647

Warnakulasuriya Sunday, 09 February 2020 12:29 PM

මේ ළඟදි ගෝල්ෆේස් එක ලඟින් වටිනා ඉඩම් අක්කර 3ක් බදුදුන්නා. ඒක මොන සම්පතක්ද කියා දන්නා කෙනෙක් මෙහි පිළිතුරක් සපයන්නේ නම් මැනවි.

:       0       385

Buddika Sunday, 09 February 2020 01:08 PM

මලින්ද මහත්තයෝ, මැරිලා ඉපදුණාද? මේ රටේ වැඩිම ජාතික ධනය කොල්ල කෑවේ කොයි කාලේද? මහාපරිමාණ වංචා විමර්ශණ කොමිසමෙන් කාගේද ප්‍රජා අයිතිය වසර 7ක් අහෝසි කරන්න නිර්දේශ කළේ?

:       0       663

athula Sunday, 09 February 2020 01:13 PM

ඔය ණය කන්දෙන් සියට 90ක් ඔයාගේ කාලේ හොරකම් කරපුවා. ඔයාට කොහෙද සල්ලි එදා...?

:       0       705

පර්සි Sunday, 09 February 2020 11:34 PM

සල්ලි..? ඇයි හාමුදුරුවනේ... මගේ හොඳම කාලේ බඹරේ වැල්ලේ කැරකුණානේ... " සුනාමි " දෙයියෝ මට සල්ලි කන්දක් මැව්වානේ... හෙල්පින් හම්බන්තොට කියලා.

:       0       17

Chathuri Sunday, 09 February 2020 02:39 PM

මේවගේ අයට තුනෙන් දෙකේ බලය නෙමේ දෙන්න ඕනෑ. අවුරුදු 4ක් රට කරපු කට්ටියට වැඩිය. සාස්තරකාරයින් පුරවාගෙන හොරකම් කරලා පවුල් පිටින් රට විනාශ කරපුවා. අමතකද? ඉන්දියාව මෝඩ නැහැ ඒ කට්ටිය දන්නවා හොරා කව්ද කියලා... හොරා කාපුවාවල ණය ගෙවන්න. ජනතාවට පිටරට ගිහින් වහල් සේවය කරන්න වෙයි. ණය ගෙවන්නයි. බේබිලාගේ බඩ පුරවන්නයි අනවශ්‍ය වියදම් කපන්නේ. වැඩ කරන ජනතාවගේ... අයියා ජනතා මුදලින් පවුල් නඩේ සමග සවාරි යනවා දන්නේ නැත්ද? මොවුන්ට තවම තුනේ බලය නැතිව මෙහෙම නම් කොහොමද දෙකේ බලය ලැබුණාම කවදාවත් දෙන්න එපා වැඩිපුර බලයක්...

:       0       580

Chathuri Sunday, 09 February 2020 05:08 PM

පුදුම ආසාවක් තියෙන්නේ රජ පුටුවේ ඉඳගන්න ඩුප්ලිකේට් වුණත් කමක් නැහැ. එංගලන්තේ රැජිණ රජ වුනේ හොරකම් කරලා නෙමේ පෙළපතින්... නමුත් රැජිණ රජ පුටුවේ ඉඳගෙන කාටවත් අතට අත දෙන්නේ නැහැ. ඒක අසීලාචාර කමක්. මේ ඩුප්ලිකේට්. ලී පුටුවෙන් නැගිටින්නේ නැහැ. එයාට මදිකමක් නිසා කවදා කාපු ටකරන්ද?

:       0       686

Nishan Sunday, 09 February 2020 05:20 PM

ඡන්දෙට තව කාලය තියෙද්දීත් ගෙවුම් කමෙන්ටුවෝ වැහි වැහැලා...

:       120       12

athuraMonday, 10 February 2020 06:52 AM

කාගේද චිචිගේද ?

:       0       1

De Sunday, 09 February 2020 05:20 PM

කලක ආසියාවේ ඉදිරියෙන්ම සිටි අප, නිල් හා කොළ දේශපාලන සාපය නිසා හිඟාකන මට්ටමට වැටීම මොනතරම් පාපයක්ද? මේවට සම්බන්ධ සියලු දෙනාට සොබාදහම දඬුවම් දෙනු ඇත. කරුමය නම් දේශපාලන වහලුන්ට මෙය නොතේරීමයි.

:       26       437

මානවහිතවාදියා Sunday, 09 February 2020 09:15 PM

පවුලේ හතර වරිගයේම ඉන්න අයව ළංකරගෙන රටම හොරා කන්න ඉඩදීලා රට ආර්ථික වශයෙන් ලෝකෙටම ණයකාරයින් කෙරුවේ තමුන් මිසක් වෙන කවුරුත් නෙවෙයි...

:       0       14

රොෂාන් Monday, 10 February 2020 02:43 AM

අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි...?

:       0       13

eresh S kumara Monday, 10 February 2020 03:49 AM

ඔය ටික කියන්නද ගියේ?

:       0       1

Champa Monday, 10 February 2020 04:37 AM

මෙතන ලියලා තියෙන කමෙන්ට් වල විලාපය දැක්කාම තේරෙනවා වහල් ආණ්ඩුව ගෙදර යැව්වට සෑහෙන දෙනෙකුට රිදිලා කියලා. අවුරුදු 5ක් තිස්සේ වහල් ආණ්ඩුවේ ජනාධිපතියි, අගමැතියි, ඇමැතිවරුයි, නගරාධිපතිවරුයි ලෝකේ වටේ ගිහින් ගත්ත මහා ණය කන්දරාවෙන් කරපු කිසිම දෙයක් නැහැ. විදේශිකයන්ට විකුණන්න පුළුවන් රටේ හැම සම්පතක්ම දීලා දැම්මා. වහල් ආණ්ඩුව මාගම්පුර වරාය චීනෙට වික්කේ ණය ගෙවන්න බැරි හින්දා නෙමෙයි. ඒක විකුණලා සල්ලි අරගන්න ඕනේ හින්දා. ගත්ත සල්ලිවලට වෙච්ච දෙයක් නැහැ. රජයට දරන්න බැරිතරම් වියදම් එකතු කළා. මිනිස්සුන්ගේ ණය ආණ්ඩුව ගෙවන්න ගත්ත මදිවට ලෝකේ නැති නම් දාගෙන ණය දෙන්න ගත්ත ඒවා ආපහු අය කරගන්න කිසි ක්‍රමයක් නැති විදිහට. ආණ්ඩුවම මිනිස්සු දම්මලා කලබල ඇතිකරලා ඊට පස්සේ ඒවාට මිලියන් ගණන් වන්දි ගෙව්වා. රටේ මුළු ආර්ථිකයම කුණාටුවකට අහු කරලා වගේ තියෙන්නේ. රුවල කැඩුණු නැවක් වගේ ලංකාව ඒ මේ අත පාවෙනවා හරි මඟක් නොදැන...

:       3       0

athuraMonday, 10 February 2020 06:55 AM

චම්පා, මෝඩ කතා කියන්න එපා. මේ පුංචි රට ආසියාවේ ආශ්චර්යද මොකක්ද කෙහෙල් මලක් කොරන්න ගිහින් රට ණය උගුලක හිර කළේ ඔහෙලා වගේ වහල් පිරිවර ඉන්න මෙයාලම තමයි.

:       1       1

BamunuarachchiTuesday, 11 February 2020 02:31 PM

ඔබ හරියට හරි රාජපක්ෂවරු ණය වූනේ රටට වැඩකරලා යුද්ධේ කරලා. ඒකට මේ අය කාර් ගත්තා වැටුප් දීමනා වැඩිකර ගත්තා.

:       0       0

අතුල Monday, 10 February 2020 12:46 PM

තව වරායක්, ජාත්‍යන්තර ගුවන් තොටුපොලක්, ක්‍රිකට් ක්‍රීඩාංගණයක් එහෙම හදමු. ඕනෑ නැත්නම් පස්සේ චීනෙට විකුණන්න වුණත් බැරියැ...

:       0       2

BamunuarachchiTuesday, 11 February 2020 02:26 PM

රටට යමක් කරලා ණය වීම නරකද සුඛෝපබභෝගී කාර් ගෙන්වලා ණයවෙනවට වඩා. ඔතනම ලියන්නකෝ ඔයාලගේ ආණ්ඩුව බිලියන ගණනක් ලෝකෙට ණය උනේ මොනා රටට කරලද කියලා. චීනු අපේ වරාය සල්ලි දීල ගත්තේ බල බල ඉන්න නොවෙයි ලාබ උපදවන්න. මත්තල ගුවන් තොටුපොල ඉන්දියාව ඉල්ලන්නේ බල බල ඉන්න නොවෙයි ලාබ උපදවන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 52 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 122 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 562 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2096 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 219 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site