IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඩෙවොන් ඇල්ල නරඹන්න එන සංචාරකයින්ගෙන් මුදල් අය කරයි

(රංජිත් රාජපක්ෂ) 

හැටන් දිඹුල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඩෙවොන්  දිය ඇල්ල නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශීය සභාව කිසිඳු පොදු පහසුකමත්වත් ලබා නොදී අයතා ලෙස මුදල් අය කිරීම හේතුවෙන් සංචාරකයන් දැඩි අසීරුතාවයට පත්වී ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සෑම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනීම සිදු කරනු ලබයි.

එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනීමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අසල රථ වාහන ගාල්කර විවේක ගැනීමක්ද සිදු කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශීය සභාව මගින් පුවත් පතක දැන්වීමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට ටෙන්ඩර්පත් කැඳවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රුපියල් ලක්ෂ එක හමාරකට එය ලබා දී ඇත.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සඳහා බස් රථයකින් රුපියල් 100 ක්ද ,වෑන් රථයකින් රුපියල් 50 ක්ද , ත්‍රීරෝද රථයකින් රුපියල් 30 ක්ද යතුරු පැදියකින් රුපියල් 25 ක් බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අබියස ගාල් කර තබන සෑම වාහනයකින්ම එම මුදල දෙගුණ කර අය කරනු ලබයි.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධාන මාර්ගය අසල සුළු වේලාවට පවා  ගාල් කරන වාහන වලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබයි.

ඇතැම් අවස්ථාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින්  බස් රථයට අයකරන මුදල වෑන් රථ වලටද අය කරන බව එම මාර්ගයේ ගමන් ගන්නා  වාහනවල රියදුරන් කියා සිටියි.කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදී කොටගල ප්‍රාදේශීය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට මෙසේ මුදල් අය කිරීම අසාධාරණ බව එම මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩිදුරටත් පවසයි.

 



අදහස් (16)

ඩෙවොන් ඇල්ල නරඹන්න එන සංචාරකයින්ගෙන් මුදල් අය කරයි

sirimal Sunday, 03 March 2019 02:23 PM

අපේ රටේ ඇති සියලුම වටිනා මෙන්ම දැකුම්කළු ස්ථාන නැරඹීම සඳහා ආරක්ෂා සහිතව ගමන් කිරීමට සුදුසු මාර්ග, වාහන අංගන සහ පිරිසිදු වැසිකිලි ආදී පහසුකම් සකස් කරදී ඒ සඳහා සාධාරණ මුදලක් අයකිරීමේ වරදක් නැත. කිසි පහසුකමක් සලසානොදී මුදල් ගරා ගැනීම නම් අනුමත කල හැක්කක් නොවේ.

:       1       466

Lankaputha Sunday, 03 March 2019 02:46 PM

ප්‍රාදේශීය සභාව ඔහොම නම් කොහොමද පළාත් සභාවට බලතල දුන්නම...?

:       2       365

Sriyal Sunday, 03 March 2019 04:58 PM

නීතිමය තත්ත්වය සලකා බලමු..

:       0       2

raajun Sunday, 03 March 2019 10:17 PM

ලංකාවේ වැසිකිලි අමාත්‍යංශයක් පිහිටුවල හොඳ ඇමති වරයෙකුට වැසිකිලි අමාත්‍ය ධුරය පවරලා රටේ වැසිකිලි පහසුකම් හරියට ස්ථාපනය කරන්න කියන්න. සංචාරකයෝ නැව් ගණන් එයි.

:       1       612

Chandima Monday, 04 March 2019 01:54 AM

ඔය වැඩේ මාතරත් වෙන්න ගීයා. සති පොලට එළවලු ගන්න ඇවිත් බොහොම අමාරුවෙන් තැනක් හොයාගෙන වාහනේ නතර කලහම ඔන්න මිනිහෙක් ටිකට් පොතක් උස්සන් ඇවිත් රුපියල් 50 ක් ඉල්ලනවා. ඒක ඉල්ලන්නෙත් මහා දාමරික කප්පන්කාරයෙක් වගේ මිනිහෙක් දම්මලා. පස්සේ මිනිස්සු වෙළෙන්දෝ මේකට විරුද්ධව ඇද්ද නිසා නතර වුණා. මෙහෙමයි ඕක වෙන්නේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඡන්දෙදි උදවු කරපු අයට හම්බකර ගන්නත් තමන්ට ගතමනාවක් හොයා ගන්නත් එක්කයි ඔය වැඩේ ටෙන්ඩර් දාලා දෙන්නේ. ඉස්සර හිටපු රථවාහන පාලිකාවන් දැන් නැහැ. කාටද ඕව කියන්නේ. රටේ නායකයෝ ඕව දන්නේ නැහැ.

:       0       176

Sunil Monday, 04 March 2019 02:09 AM

හැම තැනම කරන්නේ විදේශිකයින් ගසා කෑම.

:       0       190

Chamith Monday, 04 March 2019 02:31 AM

150,000/365 = 411/-

:       1       58

Buddika Monday, 04 March 2019 03:41 AM

සම්පුර්ණ ඇත්ත. ගිය සිකුරාදා ගමනක් යන අතර තේකොළ පැකට් එකක් ගන්න කාර් එක නවත්තල ටී සෙන්ටර් එකට ගියා. විනාඩි 5ක් යන්න පෙර ඇවිත් කාර් එකට නගිද්දී රු.50/- ටිකට් එකක් ගන්න වුණා. මම දියඇල්ල බැලුවෙත් නැ. මම ඇහුවා වැසිකිලියක් තියේද කියල. නැ කිව්වා. මොනවද දීලා තියෙන පහසුකම් ඇහුව මුකුත් නැතිලු. සල්ලි ගන්නවා විතරයි. මේක ලංකාවේ බොහෝ තැන්වල කරනවා. පහසුකම් නැ ටිකට් දෙනවා.

:       0       154

Buddika Monday, 04 March 2019 03:47 AM

රම්බොඩ ඇල්ල බලන්න ප්‍රාදේශීය සභාවෙන් රු.20 ක් ගන්නවා. එත් කිසිම පහසුකමක් දීලා නැහැ. දැන් අපේ රටේ තේ කොළ හදනවා, එත් තේ කර්මාන්තශාලාවක් බලන්න අපට දෙන්නේ නැ. එතන ටී සෙන්ටර් එකෙන් ප්ලේන් ටී එකක් රු.50 අපේ රටේ අපිව සුරගෙන කනවා නේද?

:       0       148

Amara Monday, 04 March 2019 03:57 AM

මේවා තමයි ෆෙඩරල් ලක්ෂණ කියන්නේ. උතුරේ නමෙන් මේ දකුණත් දැන් ෆෙඩරල්

:       3       133

චතුරංග Monday, 04 March 2019 04:19 AM

මිනිසුන් සොබාදහමෙ අසිරිය විදින්නෙ හිතට නිදහසක් සුවයක් විදින්න. ඒකටත් ටිකට් පොතක් උස්සගෙන එනකොට හරිම සුවයක් දැනෙනව ඇත්තෙ.

:       0       135

Chandima Monday, 04 March 2019 04:41 AM

රට පුරා සිදුකරන මේ ටිකට් පොත් ක්‍රමයට මුදල් ගසා කෑම නීතියට එකඟ නැහැ කියලයි මම හිතන්නේ. ඒක ජනතාවට කරන හිරිහැරයක්. මේ අය කිසිම පහසුකමක් සලසන්නේ නැහැ. අනික මේක නීතිය වැරදියට යොදාගෙන කරන කප්පම් ගැනීමක් වගේ. ඒ නිසා ඊට එරෙහිව මුළු රටේම ජනතාව දැනුවත් වෙලා සාමුහිකව පොදු ප්‍රසිද්ධ තීරණයකට එන්න ඕනි ඕවට සල්ලි දෙන්න බැහැ කියන්න. මොකෝ එතකොට උදුරා ගන්නැය.

:       0       2

Sara Monday, 04 March 2019 05:59 AM

සීගිරියට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.

:       0       0

Bandula. Monday, 04 March 2019 06:11 AM

ඇත්තටම අපේ රටේ ස්වභාවික සම්පත් නරඹන්න අපිට හැකිනේ මොකක්ද මේ කරන අපරාධය

:       0       2

himal Monday, 04 March 2019 07:45 AM

මෙතන බදුකරුට බැනලා වැඩක් නෑ. ඔහු ටිකට් නිකුත් කරන්නේ අවසර ඇතිව. ඒකත් වාහන ගාල් කිරීමකට මිස දිය ඇල්ලක් බැලීමකට නොවෙයි. බස් එකක 50ක් ආවත්, වෑන් එකක එක් කෙනෙක් ආවත් දෙන්නේ වාහනයකට එක ටිකට් එකක් නම් වැරදියි කියන්න බෑ. නමුත් ප්‍රාදේශීය සභාව පොදු පහසුකම් දීම කළ යුත්තක්.

:       0       0

dias Monday, 04 March 2019 01:38 PM

පහසුකම් නොදී මුදල් අය කරනවා නම් කළ යුත්තේ, මුදල් නොදී සිටීම හෝ කප්පම්කරුට තඩිබා එලවා දැමීමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 43 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 364 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 277 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 644 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 378 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 279 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site