IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිලාන්ගේ පියාගේ අවමඟුල නිරෝධායන නීතිවලට අනුව

(පාලිත ආරියවංශ)

සබරගමුව , දකුණ සහ ඌව පළාත් වල හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ  මාෂල් පෙර්රා මහතාගේ අවමංගල්‍ය කටයුතු නිරෝධායන නීතිවලට අනුව සිදුකරන බව සිය පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය පහසුකම්  සිය නිවසේ සූදානම් කර ඇති බව සඳහන් කළ  ඩිලාන් පෙරේරා මහතා  සෞඛ්‍ය  උපදෙස් පිළිපදින ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

කොළඹ පුද්ගලික රෝහලදී ඉකුත් 30 වනදා කළුරිය කළ මාෂල් පෙරේරා මහතාගේ දේහය කොළඹ මල් ශාලාවක සිට බදුල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි සිය නිවස වෙත (01) දා  රාත්‍රී රැගෙන එනු ලැබීය.

අවසන් කටයුතු හෙට (3) දා  බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

 මාෂල් පෙරේරා මහතා වසර 65 ක කාලයක් නීතිවේදියකු ලෙස කටයුතු කළ  බදුල්ල අධිකරණ සංකීර්ණයටද දේහය රැගෙන ගොස් ගෞරව දැක්වීමට කටයුතු යොදා ඇතැයි  බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය.



අදහස් (6)

ඩිලාන්ගේ පියාගේ අවමඟුල නිරෝධායන නීතිවලට අනුව

Appachci Tuesday, 02 June 2020 09:26 AM

අනේ මේ මිනිස්සු මේ රටට මොනවද කරලා තියෙන්නේ?

:       0       12

siri Tuesday, 02 June 2020 10:31 AM

මේ මහත්තයාගේ ඡන්ද පදනමනේ අවුල. නැත්නම් අවමංගල පෙරහැරවල් එහෙම හොඳට කෙරෙයි...

:       0       1

Dayan Tuesday, 02 June 2020 10:38 AM

කෙනෙක් මැරුණම හැමතැනටම ගෙනියන්නේ මොකද? පණ එයි කියලද? කෙනෙක් මැරුණා නම් එයා ඉවරයි. පැය 24ක් තුළ අවසාන කටයුතු කළයුතුයි.

:       1       58

BamunuarachchiTuesday, 02 June 2020 12:28 PM

ඔබ කතා කරන්නේ ඊයේ ඉපදුණු කෙනෙක් හැටියට. පැය 24ක් අතුළත කරන්නේ මුස්ලිම් මිනිස්සු.

:       0       0

Kamal Koyrala Tuesday, 02 June 2020 12:56 PM

ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය, පොහොට්ටුවට පැන්නත් තොන්ඩමන් ගේ අඩුව මේකෙන් වහන්න බැහැ.. ආසනෙත් පරාද වුණු කෙනෙක්ගෙන් මොනවා ගන්නද?

:       0       0

Wasantha jayasingha Tuesday, 02 June 2020 07:18 PM

මෙතුමා ගරුකළ යුත්තෙක්... එතුමා හොඳ සේයක් කළා. එතුමාගේ ඡන්ද අඩුවන්නේ වටේ සිටින අය නිසයි... නැතිනම් මේ පිය පුතු දෙදෙනාම ඒ වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 15 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 43 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 143 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2575 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 206 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 266 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site