IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ඩුබායිහි ඇල්ලූ මත් ජාවාරම්කරුට උප්පැන්නේ දෙන්න බෝහෝ අය ඉන්නවා’

(ක.ග.කරුණාරත්න)
 
අපේ රටේ පාතාලයේ මත්කුඩු කාරයා අපරාධ කාරයා ඩුබායි වලදී අල්ල ගත්ත එකට උප්පැන්නේ දෙන්න බොහෝ පිරිසක් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (8) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

‘පාතාලේ කට්ටිය ඒ විදිහට ඇල්ලීම සඳහා දැල එලූවේ දැනට අවුරුදු ගණනකට පෙර යැයි ආණ්ඩුවේ එක්තරා ඇමතිවරයකු ප‍්‍රකාශ කළ බවත්’ පුවත්පතක පළවී තිබෙනු තමන් දුටු බවද ජනාධිපතිවරයා කීය.

ශ‍්‍රී ලංකාවේ විරුකියා ගැටලූවට ස්ථීරසාර විසඳුමක් පිරිනමමින් සියලූ රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශී කර දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙර දැරිව බිහි කෙරෙන ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේෂණ ආයතනයේ ප‍්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුව නවනගරයේ අද (8)  විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

අනුන් කරපු දේවල් වලින් සතුටු වනවාට වැඩිය අපි අප විසින් කරන දෙයින් සතුටු වෙන්නට  ඕනෑ. දැන් බලන්න මේ දවස්වල දැන් ඔය දවසක් දෙකක් තුනක් යනවා මාධ්‍යවල හෝ ගාලා අර ඩුබායිවල අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක පාතාලයේ මත්කුඩු කාරයෙක් දැන් ඒගොල්ලො අල්ල ගත්ත එකට උප්පැනනේ දෙන්න කොච්චර අය ඉන්නවාද ඒකට අයිති කාරයෝ දැන් කොච්චර ඉදිරිපත්වෙලා ඉන්නවාද මම දැක්ක අද පත්තරයක කියල තියෙනවා එක ඇමැතිවරයෙක් ආණ්ඩුවේ මේ එස්ටීඑෆ් එකට ගියපු කට්ටිය පාතාලයේ කට්ටිය ඔය විදිහට අල්ලන්න ඔය දැල එලූවෝ දැන් අවුරුදු ගානකට ඉස්සරලා කියල. තමන් වැඩක් කරල තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටු වීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්’ 

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය 

 

 



අදහස් (42)

‘ඩුබායිහි ඇල්ලූ මත් ජාවාරම්කරුට උප්පැන්නේ දෙන්න බෝහෝ අය ඉන්නවා’

රොශාන් Friday, 08 February 2019 05:10 PM

කවුරු ජනපති වුණත් පොලිසිය තිබිය යුත්තේ ජනපති යටතේයි. ඒක පහුගිය ටිකේ වුණු මත් කුඩු වැටලීම් වලින්ම තහවුරු වෙනවා. මන්ත්‍රී කෙනෙක් සල්ලිවලට ගන්න එක ජනපති සල්ලිවලට ගන්නවට වඩා ඉතා පහසුයි...

:       2009       1680

liyanage Friday, 08 February 2019 11:39 PM

මත් ජාවාරම්කරුවන් පමණක් නොව ඔවුන්ට, සහයෝගය, රැකවරණය, විදෙස්ගතකිරීම්, මංගල සාද, මැතිවරණ සඳහා පමණක් නොව කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, ආරක්ෂක අංශ වල පිරිස් සියලු දෙනාවම තරාතිරම නොබලා රටට හෙලිකලයුතුය. කුඩු දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටිනවා කියා කීමෙන් පමණක් නොනැවතී සියලු දෙනාම හෙළිදරව් කිරීම සහ දඬුවම් දීම රටට කරන මහගු සේවයකි.

:       1       133

Chanak los angelesSaturday, 09 February 2019 06:50 PM

ඔය පොලිසිය කොහොමත් යටත් කරගෙන ඉන්නේ බලයේ ඉන්න දේශපාලන බලවතා බව අමුතුවෙන් කියන්න ඕනෙද ?

:       0       1

ruwan Sunday, 10 February 2019 04:40 AM

එකේ පලම්වෑනියා ඔබතුමා ඈල්ලුවේ ලෝකයේ 20 අතර ඉන්න හොදම පොලිසියෙන් එකක් මදුෂ්ට විරුද්ධව නඩුවක් වත් ගොනු කරන්න බෑරි පොලිසිය ඉන්න අපේ රටේ...........

:       0       0

Raveendra Friday, 08 February 2019 05:29 PM

කොහොමත් යමක් සාර්ථක වූ සෑම අවස්ථාවකදීම උප්පැන්න දීමට, නවකතා ලිවීමට තුට්ටුදෙකේ වීරයෝ බෝක්කු ගානේ තොග ගණන් ඉන්නවනේ.

:       206       1138

nimalFriday, 08 February 2019 08:25 PM

ඔව් රවීන්ද්‍ර, මතකයිනේ, මේ ජනාධිපතිනේ යුද්ධයේ අන්තිම අදියර මෙහෙයවලා තිබුනෙත්...,

:       29       149

RaveendraSaturday, 09 February 2019 02:26 AM

අපගේ මතකය දිව යනවා 2015 ,2016 වගේ වකවානුවකට. අපගේ අදහස් අසත්‍ය නම් සමාවන්නෙමු. හිටපු හාදයා විදේශගතව සිටි නිසා මේ හාදය 2009 යුද්ධය අවසාන කොටසේ තීරණගත්තේ මමයි යන්න ප්‍රකාශ කළා. ඒ මගින් මොහු අදහස් කරේ එම කාලයේ උප්පැන්න සහතියක් ගැනීමටද මරණ සහතිකයක් යන්න ගැටලුවකි..

:       53       211

චන්දනSaturday, 09 February 2019 06:45 AM

ඇයි.. වෙන කෙනෙක් ලියපු පොතකට තවත් කෙනෙක් උප්පැන්න දුන්නේ...

:       4       3

sirimal Friday, 08 February 2019 05:37 PM

අගමැති තනතුරේ නෙයියාඩගමෙන් පසුව මෙතුමා පසුගිය සති කිහිපය තුළ සිදුකළ කතා මෙන්ම මේ කතාවත් හිතේ ඇති අමනාපය නිසා කියූ එකක් බව පෙනෙනවා. මධුෂ් වැනි කාලාන්තරයක් තිස්සේ බලවත් පුද්ගලයින් ඇතුලත්වුන දැවැන්ත සම්බන්ධතා ජාලයක් නිර්මාණය කර ගනිමින් ක්‍රියාත්මක වුන ධනවත් දාමරිකයෙකු ඇල්ලීම වගේ ක්‍රියා දාමයක් දවස් දෙක තුනක් ඇතුලත සැලසුම් කර ක්‍රියාවට නැංවූ දෙයක් ලෙස කවුරුන් හෝ හුවා දැක්වීමට උත්සාහ කරනවා නම් ඒක මෝඩ උත්සාහයක්. මෙය අඩුම වශයෙන් වසරක් තිස්සේ වත් ක්‍රියාත්මක කල සියුම් වැඩ පිළිවෙලක් විය යුතුමයි. ලංකාවේ මිනිස්සු ඔය හිතන තරම් මෝඩයෝ නෙවේ.

:       3683       3747

KrishSaturday, 09 February 2019 06:02 AM

ඔයාට වැරදිලා මේක ප්ලෑන් කරේ දැන් මාස කීපයකට කලින් අත් අඩංගුවට ගත්ත පාතාල සමජිකයෙක්ගෙන් පාපෝච්ඡාරණයෙන් එළියට ආපු තොරතරුවලින්... පාටියට යන අය පස්සෙන් ගිහින්...

:       122       51

anura Friday, 08 February 2019 05:38 PM

මේ ගොඩනැගිල්ල රෝහලක් තුල (මහා කොළඹ) හැදුවා නම් විශාල සේවයක් සිදුවෙනවා මේවායේ නාම පුවරු සේවකයන් පමණක් ඉතුරුවේවි...

:       1000       47

අනුරSaturday, 09 February 2019 02:23 AM

එයාට වැරදිලා. මේක වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ ප්‍රාදේශීය කාර්යාලයක්. ඒය මනෝ-සමාජීය උපදේශන කාර්යාලයක් නෙවෙයි.

:       16       2

chandima Friday, 08 February 2019 06:47 PM

ඒ කියන කතාව ඇත්තනේ ජනාධිපතිතුමා. අපේ පොලිසිය මේ කුඩු කාරයෝ අතරට ඔත්තුකාරයෝ යවන්න බොහොම කලින් නේ ඒගොල්ලෝ ලේකම්වරු යැව්වේ. එ්කයි එහෙම කියන්නේ...

:       0       972

Sapumal.Saturday, 09 February 2019 02:02 AM

චන්දිම මහතා ඔබතුමා හරි. මේ ගැන කාලයක සිට උත්සාහයක් තිබුණා. නැතිව එකවර කොහොමද මෙවැනි වැටලීමක් සාර්ථකව කරන්නේ? ඒකවත් තේරෙන්නේ නැහැ. සමහරවිට මෙතුමාට නොකියන්න ඇති. මොකද අර හෙලිකොප්ටරෙන් ගොස් කුඩුකාරයා බේරගත්ත කෙනාට, වරායට ලියුම දුන්නු අයට රහස ගියොත්... ඒ වගේම මරණ දඬුවමේ වැඩේ වගේ කියව කියවා හිටියොත් වැටලීම කෙසේ කරන්නද?

:       0       285

ChamalSaturday, 09 February 2019 03:21 AM

සමහරු කියනවා අර මහබැංකුවේ බැඳුම්කර විකුණලා ගත්තු සල්ලිත් ආයෝජනය කරලා තියෙන්නේ ඔය කුඩු ව්‍යාපාරයේ කියලා...

:       164       72

Bangomunu.Saturday, 09 February 2019 05:32 AM

චමල්, කටකතා පස්සේ දුවන්නේ නැතිව කියනදේ සත්‍ය දැයි සොයා බලා එය සත්‍ය නම්..., අදාළ නඩුවට සාක්ෂියක් දෙන්න. එහෙම රටේ සල්ලිවලින් කව්රු වැරදි විදිහට යෙදුවත් එය වැරදියි. හොරකම කව්රු කරත් හොරකම... ඒත් අපේ සමහරක් දෙනාට තමන්ගේ හෙළුව පේන්නේ නැහැ. අනුන්ගේ හෙළුව විතරයි පේන්නේ.

:       4       233

කරුණාපාල Friday, 08 February 2019 08:02 PM

ඩුබායි රජයට පින් සිද්ධ වෙන්න ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගත්තාම, ලංකාවේ ඉන්න පිම්පියොත් ලකුණු දමාගන්න ට්‍රයි කරනවා. අනේ යං මහත්තයෝ යන්න. අපි ඔයාලගේ කෙරුවාව නොදන්නවා කියලා හිතාගෙන වෙන්න ඇති මේ වගේ පොර ටෝක් දෙන්නේ?

:       13       256

සෙනෙවි Friday, 08 February 2019 08:13 PM

මේ හාදයා නිදහස් කලොත් ඒක බාරගන්නේ කවුද?

:       0       39

සෙනෙවි Friday, 08 February 2019 08:13 PM

ඔබතුමාත් මේකට උප්පැන්න දෙන්න යන්න එපා..

:       1       281

Nandalal DE SILVA - France Friday, 08 February 2019 10:19 PM

අපි නම් දැනටම "ඩුබායිහි ඇල්ලූ මත් ජාවාරම්කරුට" උප්පැන්නේ හදලා ඉවරයි! ජනාධිපති තාත්තාගේ නිපැයුමක් නිසා "පුතා" කියා එයාට උප්පැන්නේ හදා නම්කර එයට අපි ගරු කරනවා...

:       5       164

canada dissa Friday, 08 February 2019 10:22 PM

අයියෝ දැන් බයිලා කියනවා. වැඩේ කරන්න ඕනෑ ශ්‍රේෂ්ට මිනිසුන් වැඩේ කරලා අද රටෙනුත් ගියා, වැඩේ ඉවර වෙනකම් කව්රුත් දන්නේ නැහැනේ, එන්ට බැහැ වගේ වැඩක් දුන්නේ...

:       1       5

Nuwan fernando Friday, 08 February 2019 11:15 PM

කුමන්ත්‍රණ ගැන පාතාලයාගෙන් විමසූ දින කාගෙ කාගේත් පටි රෝල් වනු ඇත...

:       0       13

lanka Friday, 08 February 2019 11:35 PM

මා සිතන්නේ මේ පාතාලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්වූවාට පසුවයි. මීටපෙර මෙවැනි දේ සිදුනොවූයේ පොලිසියේ වරදින් නොව, දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් නිසයි.

:       608       378

LalSaturday, 09 February 2019 07:12 AM

lanka සමග මා එකඟයි.. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ යම්යම් දුර්වල අඩුපාඩුකම් තිබුණත් පාතාලය, මත්ද්‍රව්‍ය සම්බන්ධව මහා පරිමාන මෙහෙයුම් සාර්ථක ලෙස ඉටුකරගැනීමට හැකියාව ලැබුනේ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්වූවාට පසුවයි. එලොවටත් මෙලොවටත් නැති එජාපක්ෂයේ සමහර දියාරුවෙච්ච දේශපාලකයෝ මේ මොහොතේ ලකුණුදාගන්න උත්සාහ කළත් සත්‍යය අප දනිමු.

:       378       114

diasSunday, 10 February 2019 12:16 PM

මේ අදහසට ගොඩක් ඩිස්ලයික් දාලා තියෙන්නේ රටේ ඉතුරුවෙලා ඉන්න අනිත් පාතාලයෝ ටික වෙන්ට ඇති...

:       0       1

de silva berlin Saturday, 09 February 2019 12:35 AM

කටමැත දෙඩවීමෙන් පලක් නැත. ඉදිරියට තිබෙන මාස කිහිපයේදී වත් ජනපති බලතල පාවිච්චි කරලා කුමක් හෝ යහපත් දෙයක් දෙයක් රටට කරන්න.

:       1       107

Chandana Saturday, 09 February 2019 02:12 AM

අපොයි ඔව්... !!! සම්පූර්ණ ඇත්ත. දැන් ඔය තමුන්නාන්සේ නේද? යද්ධයේ අන්තිම සති දෙකේ යුද්ධයට අණ දුන්නේ.. මෙහෙය වූයේ... එතකොට තමුන්නාන්සේ ජනාධිපති පුටුවට පත්කළා කියලා තීදෙනෙක් උප්පැන්න දෙනවද? ....නේද? හැබැයි පත්කළාද මතකත් නැහැ...

:       6       133

smn Saturday, 09 February 2019 02:12 AM

ඔය අපරාධකාරයන් ටික තවම ඉන්නේ ඩුබායිවල... නඩු කතාකරල දඬුවම් ලබයිද? නිදහස් වෙයිද කියලා තවම අපිට කියන්න බැහැ. වැරදිලාවත් කට්ටියම නැත්නම් කීප දෙනෙක් ආපහු ලංකාවට එන්න බැරි නැහැ. අන්න ඊට පස්සෙ අපේ ලොක්කො කරන කියන දේවලින්, හැසිරෙන විලාශයෙන් පස්සේ බලමු කවුද වැඩකාරයෝ කියලා. අනික, අංගොඩ ලොක්ක තාම එළියේ....

:       0       109

Amila Saturday, 09 February 2019 04:07 AM

මේක කාලයක් තිස්සේ කරපු මෙහෙයුමක ප්‍රතිඵලයක්... ආරංචි වල හැටියට දැන් මාට්ටු වෙන්නේ ශ්‍රී ලනිපයට සම්බන්ධ දේශපාලකයින්නේ. මාතර තාත්තා පුතා ජෝඩුව, හම්බන්තොට ජාතික නායකයා යැයි කියා ගන්න හිටපු බස් කොන්දොස්තර, රටම දන්න බුකී කාරයා, ක්ලුබ් කුඩු කරපු චන්ඩි පුතා ඉන් කීපදෙනෙක්. මෙයාලට තමයි ඕන කොහොම හරි අරයව ලංකාවට ගේන්න ඕනේවෙලා තියෙන්නේ.. නැත්තම් ඉතින් ඔක්කොම මාට්ටු වෙනවානේ. ගෙනාපු ගමන්ම මරන්න බලයි තව දේවල් මාට්ටු වෙන නිසා...

:       55       146

Darshana Saturday, 09 February 2019 04:14 AM

ඒක ඇත්ත, දැන් සමහරක් ලකුණු දාගන්න පොලිසියට ස්තුති කරලා ලියුමුත් යවනවා...

:       20       51

Hafeel Saturday, 09 February 2019 05:15 AM

ඒ වගේම යුද්ධය දිනන අවසන් මොහොතේත් යුද්ධය මෙහෙව්වයි කියලා කව්දෝ උප්පැන්නක් දුන්නා නේද? එවකට හිටපු ජනාධිපති, හමුදාපති, ආරක්ෂක ලේකම් බය නිසා රටින් පැන්නයි කියමින්... ඒ කව්ද?

:       0       138

[email protected] Saturday, 09 February 2019 06:28 AM

රැවටෙන්න එපා... කුඩු අල්ලලා එල්ලුම් ගහේ යවලා මෙයා තව අවුරුදු 5ක් ගන්න යන්නේ...

:       1       79

Rata Perata Saturday, 09 February 2019 08:25 AM

දැන් ඉතින් මේක ඇති මෙයාට අවුරුදු 2ක් විතර කතා කර කර ඉන්න.

:       103       44

Nihal Saturday, 09 February 2019 02:41 PM

පළමුවෙන් කුඩු විකුණන ගැහැණු ටික එල්ලන්න ඕනේ මේ අය නිසා දරුවෙක් එක්ක පාරේ බැහැල යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ

:       0       0

KumarSaturday, 09 February 2019 04:03 PM

මේ මහතා නම් ගැනු එක්ක අමනාපයෙන් වගේයි. කුඩු මුදලාලිලාට තමා පළමුව දඬුවම් කරන්න ඕනේ. ඒ අයගේ සියලුම දේපොළ රාජසන්තක කලේ නැතිනම් කවම දිනයකවත් කුඩු වෙළෙඳාම නවතින්නේ නැත.

:       0       0

Don Saturday, 09 February 2019 02:50 PM

ලඟදී මහින්දගේ උප්පැන්න වෙනස්කරන්න ගිහින් මෙයා රෙද්ද ඉරාගත්තා.

:       0       110

Chandra Saturday, 09 February 2019 03:44 PM

කතාව ඇත්ත... ලංකාවේ, දින්න යුද්ධයට කී දෙනෙක් උප්පැන්න දුන්නද? මේක නම් පුදුම ශ්‍රී ලංකාවක් තමයි...

:       0       262

de silva Saturday, 09 February 2019 04:35 PM

ලංකාවේ මරණ දඩුවම් නියම වෙලා ඉන්න කුඩු කාරයෝ ටික එල්ලලා දමන්න ඔබතුමාගේ අත්සන යොදන්න. අරාබියේ ඉන්න කුඩුකාරයන් ගැන පසුවට කතාකරමු

:       0       154

සත්තය Sunday, 10 February 2019 04:10 AM

මේ වෙලාව අර පරණ නඩු ෆයිල් ටික යට ගහපුවා අමතක වෙන්න, මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගනීවි . ඒක තමයි කපටි දේශපාලකයින්ගේ සෙල්ලම් .

:       0       409

Dr Kanishka Sunday, 10 February 2019 05:58 AM

කරුණාකර මධුෂ් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන එන්න ඉඩ දෙන්න එපා. කරුණාකර එයට විරෝධය දක්වන්න!!!

:       0       0

Bamunuarachchi Sunday, 10 February 2019 12:24 PM

ඔය මොන පම්පෝරි කතාද හලෝ? කේපී අල්ලා ලංකාවට ගෙනෙනතුරු කවුරුත් දැන හිටියාද? කවුරුත් පම්පෝරි ගසුවාද? නැත... ඕවා බොරු බයිලා හලෝ. වැඩකාරයෝ එල්.ටී.ටී.ය ට කරන්න ඕනේ දේ කළා. ඒ ගොල්ලන්ට මදුෂ්ක අල්ලන්න ඉඩ ලැබුණා නම් ඔය බොරු බයිලා නැතිව වැඩේ කරනවා..

:       313       0

jagath Tuesday, 12 February 2019 08:14 AM

ප්‍රධානියා තමයි ඔයා .......!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 743 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 949 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 539 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1458 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site