IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ගැන තීන්දුව මාස දෙකහමාරකින්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට පනවා ඇති ෆේස්බුක් තහනම සම්බන්ධ ස්ථිර තීරණයක් ගැනීම සඳහා මාස දෙක හමාරක් පමණ ගතවිය හැකි බව ෆේස්බුක් අධීක්ෂණ කමිටුවේ සම සභාපතිවරයකු වන හිටපු ඩෙන්මාර්ක අගමැති හෙලේ තෝර්නිං - ෂ්මිට් මහත්මිය පවසයි. 
 
ඇය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ගිණුම් ස්ථිරවම තහනම් කළ යුතුද යන්න මේ අනුව තීරණය වනු ඇති බවයි.
 
තම තහනම අවලංගු කරන ලෙස අධීක්ෂණ මණ්ඩලයට ට්‍රම්ප් මහතා විසින් සෘජුවම ආයාචනා කර තිබිණි.
 
අධීක්ෂණ මණ්ඩලය 20 දෙනකුගෙන් සමන්විත වන අතර එහි සම සභාපතීත්වය දරන්නේ තෝනිං-ෂ්මීට් සහ ගාඩියන් පුවත්පත් හිටපු ප්‍රධාන කතෘ ඇලන් රුස්බ්‍රිජර් විසිනි. අනෙක් සාමාජිකයින් අතර නීති විශාරදයින්, මානව හිමිකම් විශෙෂඥයින් සහ මාධ්‍යවේදීන් සිටිති.
 
ට්‍රම්ප්ගේ සිද්ධිය සම්බන්දව මණ්ඩලය මේ වනවිට සොයාබලමින් සිටින බව හෙලේ මහත්මිය ඇමරිකාවේ චැනල් ෆෝ ප්‍රවෘත්ති සේවයට පැවසීය. ඇය එහිදී පවසා සිටියේ, ක්‍රියාපටිපාටිය මදක් වේගවත් කිරීමට උත්සාහ කළද මණ්ඩලයේ තීරණය ලැබීමට මාස දෙකහමාරක් ගතවනු ඇති බවයි.
 
"අප තීරණය කළා මේ සිද්ධිය විභාගයට ගන්නවා කියා, එය ඉතා ඉහල මට්ටමේ නඩුවක්, මේ සම්බන්දව මහජන අදහස් විමසීමට ද ආරාධනා කර තිබෙනවා. දැනටමත් දස දහස් ගනනින් මහජන අදහස් ලැබී තිබෙනවා.
 
පසුගිය ජනවාරි 06 වන දින ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ මාරාන්තික කෝලාහල හේතුවෙන් ට්‍රම්ප්ගේ ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් අත්හිටුවා තිබේ.
 
කොලාහලයෙන් පසුව ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ද ඉවත් කළ අතර ඔවුන් දැනටමත් පවසා ඇත්තේ ට්‍රම්ප් එහි වේදිකාවෙන් ස්ථිරවම තහනම් කර ඇති බවයි.
 
හිටපු නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වන ෆේස්බුක් හි ගෝලීය කටයුතු පිළිබඳ උප සභාපති නික් ක්ලෙග් මහතා පැවසූයේ ට්‍රම්ප් තහනම් කිරීමේ තීරණය "අවශ්‍ය හා නිවැරදි " යැයි තමා විශ්වාස කරන බවයි. 
 
"ඔහු ඇමරිකාවේ ජනාධිපති වූ නිසා එය මතභේදාත්මක තීරණයක් වුවත් එය සංකීර්ණ කාරණයක් නොවේ. අප එම තීරණය ගත් තත්ත්වය හා පවතින ප්‍රතිපත්ති දෙස බලන ඕනෑම සාධාරණ පුද්ගලයෙක් එම තීරණය හා එකඟ වනු ඇතැයි මට විශ්වාසයි." යනුවෙන් ක්ලෙග් පැවසීය.
 
(ඩේලි මේල් ඇසුරිණි - 085)
 



අදහස් (1)

ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ගැන තීන්දුව මාස දෙකහමාරකින්

Bamunuarachchi Wednesday, 24 February 2021 12:41 PM

ඕක මොකක්ද ට්‍රම්ප් මහත්තයෝ? මගේ සුමානයක් ලිව්වොත් දවස් 30 ෆේස් බුක් තහනම්... මොකද ඒ අයගේ කොමියුනිටි ස්ටෑන්ඩඩ් උල්ලංඝනය කරනවා කියලා. මෙ සැරේ තහනම් කියන මැසේජ් එක ආවාට තාම තහනම් වුණේ නැහැ. ඒ නිසා මුස්ලිම් කාරයින්ව වෙන නම්වලින් හඳුන්වනවා...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 33 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1320 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3155 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1274 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 214 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site