(හේමලතා ඩී. හේවගේ)
පන්නල - මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
මෙම සුළං තත්වයෙන් කොම්පෝස්ට් අංගනයේ සේවකයන් 4 දෙනෙකු තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී තිබිණි.
කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50 ක පමණ හානියක් සහ සතිපොළ භූමියට ලක්ෂ 30 ක පමණ හානියක් සිදුව ඇතිබව පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා පැවසීය.
මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවද පන්නල ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි
Kumar Monday, 16 September 2019 05:07 PM
ටොනේඩෝ කියන්නේ සුළි සුළඟකටයි. සුලන් කැරකී වැහිබිඳු අහසේ ඉහළට ගොස් මිදී ආපසු වැටෙනවා. ඒ වැස්ස අයිස් කැට වශයෙන් වැටෙනවා. ඉන්පසුව සුළිසුළඟ එන්නේ. තද සුළඟක්ද, සුළි සුළඟක්ද හැමුවේ...?