IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ටෙන්ඩර් පමාවෙන් ඖෂධ හිඟයක් එන්න පුළුවන්

විනීතා එම් ගමගේ

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ ගෙන්වීම සදහා ටෙන්ඩර් කැඳෙව්වත් මාස පහකට ආසන්න කාලයක් තිස්සේ එකී ටෙන්ඩර් ප‍්‍රදානය නොකිරීම නිසා ඉදිරියේ දී ඖෂධ හිඟයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ඖෂධ ආනයනකරුවෝ පවසති.

මේ වනවිට ඩොලරයේ වටිනාකම ද ඉහළ යමින් පවතින බැවින් තමන් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් සදහා ඖෂධ නොගෙන්වීමට කටයුතු කරන බවට හා කලින් ගිවිසගත් මිල ගණන්වලට ඖෂධ ලබා දීමට නොහැකි  බවට අමාත්‍යංශය වෙත ලිපි භාර දීමට ද සමහර ඖෂධ ආනයන කරුවන් සූදානමින් සිටින බව ඖෂධ ආනයනකරුවෝ කියති.

මේ වනවිටත් තරමක හිඟයක් පවතින ඉන්සියුලින් වැනි බහුලව අවශ්‍ය වන ඖෂධ මෙන්ම පිළිකා රෝග සදහා වන ඖෂධ ද ජීවිතාරක්ෂක ඖෂධ ද මෙවැනි තත්ත්වයක් යටතේ හිඟයක් ඇති වන බවත් සෞධ්‍ය අමාත්‍යංශයේ ක්‍ෂණික අවධානය මේ කාරණය වෙත යොමුවිය යුතු බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා කැදවූ ඖෂධ ටෙන්ඩර් ප‍්‍රදාන කටයුතු ඉක්මන් නොකල හොත් මෙසේ ඖෂධ හිඟවීම නොවැලැක්විය හැකි වනු ඇතැයි ද ඔවුහු පවසති.



අදහස් (6)

ටෙන්ඩර් පමාවෙන් ඖෂධ හිඟයක් එන්න පුළුවන්

Sriyal Monday, 06 April 2020 01:42 PM

ඉක්මන් අවදානය යොමුවිය යුතුයි...

:       0       0

jayath Monday, 06 April 2020 01:53 PM

මේක ඉතින් ආයේ අමුතු දෙයක්යැ... මෙහෙම ඕනෑකමින්ම පරක්කු කරලා රෝහල් වල බෙහෙත් හිඟ වෙනකොට "ඊනියා හදිසි මිලදී ගැනීම් " යටතේ බෙහෙත් ගේනවා අදාළ උදවියගේ කරල පැහෙනවා . විදුලියේත් වෙන්නේ මේකම නොවැ... සැලැස්මවල් වල කකුලෙන් අදිනවා කරන්නේ නැහැ. සූර්ය බල සැලැස්මවල් දිහා බලන්නේවත් නැහැ විදුලි අර්බුදයක් ආවම (නියග කාල වලදී විශේෂයෙන්) පුද්ගලික අංශයෙන් කළු කඩ ගණනට තාප විදුලිය ගන්නවා වෛද්‍ය සංගම් තියනවා විදුලි ඉංජිනේරු සංගම් තියනවා හ්ම් නැහැ අනේ මෙහෙම රටක්...

:       0       0

upali Monday, 06 April 2020 02:21 PM

පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් ගැන සැලකිල්ලට ගත්විට ..., අපගේ ජනයා නිතිපතා ගන්නා බෙහෙත් වර්ග අපේ රටේ නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගත්තනම් හොදයි .. උදාහරණ වශයෙන් ඉන්සියුලින් , ත්‍ය්රෝක්සින් , අධික රුධිර පීඩන බෙහෙත් , දියවැඩියාව සඳහා දෙන බෙහෙත් යනාදිය ...

:       0       0

gamage Monday, 06 April 2020 02:49 PM

දැනටම විශාල ප්‍රශ්නයක් තියෙන්නෙ. බෙහෙත් කොහෙවත් නැහැ. කිසිම pharmacy එකක් phone එකට answer කරන්නෙ නැහැ. metphomine වගේ සුලබව භාවිතා වම බෙහෙත් පවා හිගයි.

:       3       1

වාසනා මුතුහෙට්ටි Monday, 06 April 2020 08:41 PM

රටම වහලා දාලා. ආර්ථිකයක් නැහැයි වගේ හිතලා කටයුතු කරනවා. ඩොලරය කීයට නගීද?

:       0       0

jayath Tuesday, 07 April 2020 09:48 AM

ගමගේ මොනම ෆාමසියක්වත් මේ වෙලාවේ පෝන් ආන්ස්වර් කරන්නේ නැහැ. පැහැදිලි හේතු හින්දා ඔයා කියන විදියට metphomine නෙමේ. metformine කියන්නේ ආකාර දෙකේම දියවැඩියා පාලනයට ගන්න මාහැඟි බෙහෙතක් ඔයාට ඒවා කොච්චර ඕනද ? metformine හිඟයක් දැනට ලංකාවේ නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 11 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 86 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2514 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 187 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 248 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 344 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site