IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් ලබන මැයි 13 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය.

අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තහනම් කර තිබෙන ප්‍රදේශයක අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීම හේතුවෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර පෙත්සම මෙදින කල් තැබිණි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා   ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.

තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් විය. උන්වහන්සේගේ දේහය මෙම ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ.මෙම තත්ත්වය තුළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ.ප්‍රදේශයේ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරයා වශයෙන් පෙත්සම්කරුද ඊට සහභාගී විය.

කෙසේ නමුත්  මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය අපවත් වූ හිමියන් ගේ දේහය ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ අපවත් වූ හිමියන්ගේ දේහය තහනම් කළ ප්‍රදේශයට රැගෙන පැමිණියහ.ඉන්පසු එම ස්ථානයේදී අපවත්වූ හිමියන්ගේ මෘත ශරීරය ආදාහනය කළහ.

මේ ක්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත.මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6  ක සිර දඬුවම් නියම කෙරිණි.පසුව ජනාධිපති සමාව ප්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.

එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 280 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 226 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 151 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 134 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 237 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 430 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site