IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජවීපෙ විරු සමරුමක් අනුරාධපුරයේදී

(දයාරත්න ඇඹෝගම)

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද 48 වන අප්‍රේල් විරු සමරුම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) අනුරාධපුර කුබිච්චන්කුලම පිහිටි සිසිල උද්‍යානයේදි පැවැත්වුණි.

උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (24)

ජවීපෙ විරු සමරුමක් අනුරාධපුරයේදී

sirimal Friday, 05 April 2019 09:35 PM

අන්තර් ජාලයේ දැන් විශාල කතා බහක් සංසරණය වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායමේ ආශීර්වාදයත් අනුමැතියත් සමඟ පොදුඅපෙක්ශකයාවී මතු යම් දවසක පැවැත්වෙන ජනාධිපති වරණයකට ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවට. දෙයියන්ටම පෙනීයන් කීවලු.

:       1       29

VajiraSunday, 07 April 2019 08:31 AM

ජවිපෙ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරලා තියෙන්නේ. එජාප කැමතිනම් ඒ අපේක්ෂකයාට උදව් කරපුදෙන්. මොකද එජාපයට තනිවම තරග කරලා දිනන්න බැහැ. 2010 දීත් එජාපය ජවිපෙ එකතු වෙලා තමයි ෆොන්සේකා ඉදිරිපත් කළේ. සිරිමල්ලට ජවිපෙ මහින්දට උදව් කරනකොට ශෝක්. මහින්දට විරුද්ධනම් අවුල්. අපිටනම් ඒ දෙගොල්ලන්ගේම වෙනසක් නැහැ.

:       1       109

sirimalSunday, 07 April 2019 09:05 AM

කවුද අප්පා ජවිපෙ මහින්දට එකතු වෙනකොට ෂෝක් කියල කිවේ? මම කිවේ අන්තර් ජාලයේ තියෙන කතාවක් ගැනයි. ඕකට ඔයහැටි ජුවල් යන්න ඕනයැ. කලින් කට්ටිය වගේ අර "පන්ති පහට" ගියේ නැති ගැම්මට ජවිපෙ වෙලා ඉන්න අලුත් කට්ටිය ඔහොමම තමා හැසිරෙන්නේ. අගමුල පටලවා ගන්නේ නැතුව කටයුතු කලොත් ජවිපෙට බලයට එන්න බැරි උනත් මොනයම් හෝ සුගතියක් තියෙයි. නැත්තන් ඉතින් කලින් වාරවලදී වගේම තමයි. ඡන්දෙන් පස්සේ හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නේ ඔන්න.

:       58       115

Chanak Los angeles Friday, 05 April 2019 10:05 PM

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයකට ආයුධ සන්නද්ධව පහර දී පෙරලා දමන්න ගිය එකට කොහොහොමද විරු සැමරුමක් පවත්වන්නේ ? එදා ආයුධ අතට දීලා අහිංසක ළමයින් බිල්ලට යවපු වික්ටර් අයිවන්ලා අද කෝටිපතියන් වෙලා මදිවාට එදා කලේ අනවශ්‍ය දෙයක් කියා එම මියගිය තරුණ තරුණියන් පාවලා දෙමින් පුවත් පතකට ප්‍රකාශයක් කර තිබෙනු දුටුවා . එම නිසා ඔවුන්ට මෙවෙනි උත්සව පැවැත්වීම තහනම් කල යුතුයි . කාලකන්නියන් විසින් උසිගන්වමින් මියගිය තරුණ තරුණියන්ට පින් පැමිණවීමක් කිරීම තමයි උචිත .

:       105       508

Sanath KandySunday, 07 April 2019 08:39 AM

මීට අවුරුදු 50කට 60කට කලින් ලෝකේ සන්නද්ධ අරගලවලින් තමා සමාජවාදයට ගියේ. කියුබාවේ වුනත් එහෙමයි. අදට ඒ ක්‍රමය ගැලපුනේ නැති වුනාට එදා ඒක තමයි ක්‍රමය... එදා අපේ රටේ අරගලය ජයග්‍රහණය කළානම් විජේවීර සහෝදරයාටත් ෆිදෙල් කස්ත්‍රෝට වගේ ලෝකේ ගෞරව කරයි.

:       6       116

sanath Friday, 05 April 2019 10:51 PM

කාටද ,මේ බොරු කරන්නේ, මේ කට්ටියගේ දැන් විරුවන් ඉන්නේ . කොහෙද ? දන්නවනේ!

:       98       9

kule Friday, 05 April 2019 11:43 PM

1971 කැරැල්ලේදී මියගියේ ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් අරගලයක යෙදුනු තරුනයනුයි. නමුත් එදා කැරැල්ල ආරම්බවෙන අවස්ථාවේදී සංවිධානයේ නායකයින් සිරගෙවල්වල සහ රජයට බාරවීමෙන් ඔවුන්ගේ ජීවිත බෙරගතා එදා ප්‍රදාන පෙලේ නායකයින් කිසි කෙනෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් පෙරමුණට ගොස් ජීවිත පරිත්‍යාග කලේ නෑ ආරක්ෂාව මැද ඉන්න නායකයින්ගේ කීමට ජල ප්‍රහාර කදුළු ගෑස් බටන්පොලු ප්‍රහාරවලට මුහුණදෙන වර්තමාන තරුණ පරම්පරාවට 1971 අරගලය ආදර්ශයක් වේවා.

:       0       113

Ratnamalala Saturday, 06 April 2019 01:15 AM

නන්දන මාරසිංහ සහෝදරයවත් සමරන්න ඇති.

:       0       1

VajiraSaturday, 06 April 2019 06:22 AM

මේ සමරන්නේ 1971 දිවි පිදූ අප්‍රේල් විරුවන්.

:       3       66

keppetipola Saturday, 06 April 2019 05:30 AM

අර ඉස්සරහින් වාඩිවෙලා ඉන්නේ බුද්ධ පුත්‍රයෝද, නැත්නම් රතු මැරයින්ගේ මාර පුත්‍රයෝද? බුදු දහම වනසන මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වා දැන් වත් නායක හාමුදුරුවරුන් මොවුන්ව ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි...

:       277       408

මාවිල්මඩ වජිර හිමි Saturday, 06 April 2019 09:28 AM

එහෙනම් රටේ මහජන දේපළ බිලියන ගණන් මංකොල්ල කාපු එවුන්ගේ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ආරක්ෂා කරපු අයගේ රැස්වීම්වලට යන හාමුදුරුවරුද බුද්ධ පුත්‍රයෝ? මේ ඉන්නේ කුඩාපොළ හාමුදුරුවන්ගේ පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා.

:       347       274

ධනුෂ්කSaturday, 06 April 2019 12:40 PM

එතකොට පාහරයන්ගේ රැස්වීම් වලට යන, ඔවුන්ගේ අතේ පිරිත් නූල් බඳින, තාන්න මාන්න සැප සම්පත් යාන වාහන වෙනුවෙන් පාහරයන්ට කඩේ යන අයට මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේලා මේවට එන්නේ අඩුගානේ ගිලන්පසවත් බලාගෙන නෙමෙයි. රට ගැන තව දුරටත් යම් බලාපොරොත්තුවක් තියාගෙනයි. අඩුගානේ දවල් දානේවත් ලැබුනේ නැතුව අැති.

:       3       120

d.upul Saturday, 06 April 2019 08:03 AM

මෙයාල කළ එක වීරවැඩක් කියනවද?

:       122       386

kuleSaturday, 06 April 2019 09:04 AM

ඇයි බස් ලංගම බස් ගිනිතියලා රාජ්‍ය දේපළ විනාශකරලා අහිංසක පොලිස් නිලධාරීන් හමුදා සෙබළුන් මරා දාපු එක..

:       38       115

samiraSaturday, 06 April 2019 09:51 AM

හංගගෙන හිටපු බැඳුම්කර වංචාව එළියට ගෙනාවේ මේ ගොල්ලෝ...

:       53       126

ධනුෂ්කSaturday, 06 April 2019 12:30 PM

01. කැරලි දෙකක් ගැසීම නිසා තරුණ හා පොදු ජනතාව ගැන යම් තරමින් සිතා බැලීමට පාලකයින්ගේ අැස් අැරවීම. 02. අගමැති මහින්ද ගෙන අා කොටින්ටත් බලතල හිමිවන සුනාමි සහන මණ්ඩලය පරාද කිරීම. 03. එ.ජා.ප අාණ්ඩුව උතුරට ලබාදීමට සැකසූ කොටින්ට බලතල හිමි අන්තර්වාර පාලනය පරාජය කීරීම. 04. 2005 මහින්ද මහතා ජනාධිපති ලෙස පත් කර යුද්ධය නිමා කිරීමට ප්‍රබල සහායක් ලබා දීම 05. 17 වන සංශෝධනය ගෙන එ්ම හරහා යම් තරමක් ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා කිරීම. තව ගොඩක් තියනවා එ් ගැන ලිපියක් ලංකාදීපයේම අැති කියවලා බලන්න...

:       67       5

kule Saturday, 06 April 2019 02:41 PM

දනුෂ්ක මහත්තයෝ යුද්දයේ උච්චම අවස්ථාවේදී අනුර බණ්ඩාරනායකවත් ගොනාට අන්දලා එදා මහින්දගේ අයවැය පද්දන්න ගියේ ඔබතුමා කියන දේශප්‍රේමීන් නමුත් කරු ඇතුළු ඒ ජා ප 18 ආණ්ඩුවට සහයෝගය නොදෙන්න අද ලංකාව තවත් ගසා තීරයක් කියා සිතන්න.

:       31       94

Sanath KandySaturday, 06 April 2019 05:46 PM

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම ජවිපෙ මේ රටට දිනා දුන් ලොකුම ජයග්‍රහණයක්.

:       0       113

hesaSaturday, 06 April 2019 07:23 PM

71 කලේ වීර ක්‍රියාවක් තමයි. එකනේ තම විඳවන්නේ. ටිකක්වත් හිත හැදෙන විදියට කතා කරන්නෙත් නැහැනේ. ඒ පරණ පුරුද්ද නැතිව සාමකාමිව කතා කරනවා නම් , මට හිතෙන්නේ තව අසන ලැබෙයි. කොහෙද බනින එකනේ . පොත් මිටියක් උස්සන් යනවා හැමතැනකම. අය වැය ගණන් බල බල අනික් අයගේ මගුල් ගෙවල් වල වියදම් ගැන. පාර්ලිමේන්තුවේ පාළුව යන්න එයාලව තියන් ඉන්නවා ඇති.

:       22       44

Anura Saturday, 06 April 2019 10:59 AM

මේ සමරන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ?

:       0       2

Don Saturday, 06 April 2019 11:40 AM

මේ සමරන්නේ මිනීමරුවෝ සහ රට අගාධයට ඇද දාපු උන් තමයි...

:       203       301

ධනුෂ්කSunday, 07 April 2019 01:47 AM

නිකන් මිනීමරුවෝ නමේ අසාධාරනය,අයුක්තියට මර්ධනයට එරෙහිව පාහරයන්ට එරෙහිව යුධ වැදනු අය.කොහොමත් දිනන පැත්තට තමයි කීර්තිමත් ඉතිහාසය ලියවෙන්නේ. අනික් පැත්තට අපකීර්තිය. අරගලය දිනුවනම් අවලාද නගන අයත් මෙතනට මල් අරගන ඒවි.ලෝක ඉතිහාසය තුලත් එහෙමයි. කියවලා බලන්න ටිකක්. රටේ මිනිස්සු අයුධ අරගෙන රටේ පාදඩ පාලකයෝ පන්නලා තියනවා. රුසියාව සහ චීනය ගොඩ ආවේ එහෙම.අපේ රටේ මිනිස්සු තාමත් පාදඩයෝ හුරතල් කරනවා.ඔබගේ දැක්ම අනූව කුමන මිනිසෙක් මැරුවත් මිනීමැරුමක් තමයි. හැබැයි එතකොට කොටි කියන්නෙත් මිනිස් කොටසක්.ඔබ එතකොට රනවිරුවන්ටත් අමත්න්නේ එසේද.කොටි වගේම මේ පාලකයොත් රටට කල විනාශය අපමනයි. සමහර විට වැඩියි.අනාගතයේ මිනිසුන් ඒක තේරුම්ගත් දවසට පිලිතුරු දේවී නියමාකරයාන්

:       121       83

keppetipola Sunday, 07 April 2019 12:42 AM

ලැජ්ජා නැතිව මේ මාර පුත්‍රයෝ කුඩාපොළ හාමුදුරුවන්ටත් අවමන් කරන හැටි. 88/89 ත්‍රස්ත වාදී ක්‍රියා කරන කාලෙත් මේ අයම අපේ පැරණි රජවරුන්ට විරුවන්ට නිගා කරමින් රණබාහු වැනි නම් පෝස්ටර් වල බොරුවට දාගෙන මිනි මරපු හැටි කටත් මතකයි.හොඳයි නේද . මට කියන්න කවදද ජවිපෙ නායකයෝ පන්සල් ගියේ? මොනවද ජවිපෙ බුද්ධාගමට කරලා තියෙන්නේ?

:       126       312

sujeewa Monday, 08 April 2019 10:03 AM

අද දවසේ රටේ කුණු ගොඩ පවා මංකොල්ල කන... ඒක ජනතාවගේ ඔලුව උඩට වටෙනකම්ම එ්කෙන් ගසාගෙන කන, යුද්දේ ඉවර වුනාට පස්සේ ඒක ආශීර්වාදයක් කරගෙන බිලියන ගණනින් ගසාකාපු මහබැංකුව මංකොල්ලකාපු පසු ළමයින්ගේ නිල ඇඳුමෙනුත් ගසාකන මේ පාලකයෝ ජවිපෙට වැඩ හොඳ වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 73 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 13 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 31 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 572 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 192 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 259 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1690 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site