(මනෝප්රිය ගූණසේකර)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවකට කඩා වැදුණු එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම දේශනයට සහභාගී වෙමින් සිටි දෙවැනි වසරේ සිසුවකුට පහරදී ඇතැයිද ඔහු පහරකැමෙන් වළකාලීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනෙකුටද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදී ඇතැයිද වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලත් එක් සිසුවකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත රෝහලට ඇතුළත් කර ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා රත්මලානේ පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේදීම ප්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පරීක්ෂණ කටයුතු සිදුකරන හෙයින් වැඩිදුර තොරතුරු හෙළිවී නැතැයිද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තම විද්‍යා පීඨයට පිටතින් පැමිණෙන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට පහරදී ඇතැයි පැවසීය.
පහරදුන් සිසුන් පිරිස කවුරුන්ද යන්න මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව තම විනය මණ්ඩලය විසින් කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
පහරකෑමට ලක්වූ බව කියන සිසුවකුගේ දෙමාපියන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ පිළිබඳව මාධ්‍යයට වාර්තා වවහොත් කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ නමට කැළලක් වන බව පවසමින් පහරකෑමට ලක්වු සිසුන් රෝහල් ගතකොට ප්‍රතිකාර ලබාදීම පවා ප්‍රමාද කළ බව පැවසීය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමෙන් කොතලාවල සිසුන් තිදෙනෙකු රෝහලේ
Raveendra Monday, 11 February 2019 04:27 PM
අප රටේ තිබෙන බාලාංශ ඉස්කෝලවලින් මේ කියන ඉස්කෝලේ විතරයි මානසික ලෙඩ්ඩු නැතිව හිටියේ. දැන් බැලුවාම ඒකෙත් එහෙම ලෙඩ්ඩු ඉන්නවා. පිළිතුර හරිම සරලයි තම ජිවිත කාලෙට බාලාංශ ඉස්කෝලෙකට වද්ද ගන්නේ නැතිව පන්ති තහනම් කාර එලියට දාන එක.
Upali Tuesday, 12 February 2019 01:36 AM
දැන් ඒකටත් මැරයො ඇවිල්ලද?
Hasanka Tuesday, 12 February 2019 03:14 AM
ඔබ ඔය කියන විදිහෙ මානසික ලෙඩ්ඩු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නෑ. වෙනත් විශ්වවිද්‍යාල වල සිදුවන ආකාරයේ සංවිධානාත්මක ක්‍රියා කිසි දෙයක් මෙම විශ්වවිද්‍යාලයයේ සිදුවන්නෙ නෑ. මත ගැටුමක් පොඩි ගුටි කෙලියකට හැරුණ එක පමණයි මෙහි වුනේ. එහෙම දෙයක් ඕනම සමාජයක සිදුවන්න පුලුවන්. මේ විශ්වවිද්‍යාලයයේ නම් මේ සිදුවුනාමයි. ඔබ මේ දුන්න වගේ මෝඩ විසදුම් දීපු නිසා තමයි අනෙකුත් විශ්වවිද්‍යාල වලට මෙහෙම උනේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නම් ඒ ආකාරයේ මෝඩ විසදුම් අවශ්‍ය වෙන එකක් නෑ. ස්තූතියි.
රවින් Tuesday, 12 February 2019 03:37 AM
මෙම ස්ථානයේ විනය පිරිහිලාද? පිටතින් අයවලුන් පීටය ඇතුලට පැමිණියේ කොහොමද? ආරක්ෂක විදිවිධාන දුර්වලද? මෙම ස්ථානයෙන් ඉදිරියට සමාජ ගතවන අය ගැන පොදු සමාජ පිළිගැනීම කොම්බඳුද? දේශපාලු හයිය මෙම ස්ථානයටත් ඇතුළු වෙලාද? පාතාලය ඇතුලට රින්ගලාද? ප්‍රශ්න වැලක්. වහාම අත්‍යවශ්‍ය පියවර ගන්න. නැතිනම් ඉදිරි හමුදා නිලදරුවෝ පාතාලයෝ වෙයි.
Don Tuesday, 12 February 2019 04:50 AM
කොතලවලටත් කබල්- ජවිපෙ , පෙරටු - හොටුගාමි රිංගල එකත් නැතිකරන්න හදනවා. තක්කඩියෝ එලවන්න ඕන.
Pidithaya Tuesday, 12 February 2019 09:51 AM
අද වෙනකොට කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ ලංකාවේ අංක එකේ උපාධි කඩයක්.