IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජයග්‍රහණයෙන් මිස කිසි විටක සටන පාවා දෙන්නේ නෑ

 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)


පාර්ලිමේන්තුව පැත්තකට දමා ජනාධිපතිවරයාට විධායක බලය අතට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යුක්තියේ ජනහඬ උද්ඝෝෂණය අමතමින් අද (30) පැවසීය. 


අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය බවට පත්කර පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගත් සැනින් ආණ්ඩුවක් ලෙස රට ඉදිරියට ගෙන යන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. 


ජනවරමට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු යන්නෙන් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණය කොල්ලූපිටිය ලිබර්ටි වටරවුමේදී අද (30) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දස දහස් සංඛ්‍යාත ජනකායක් මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අතර එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන නායකයෝ ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික නායකයෝද උද්ඝෝෂණ ජනරැලිය ඇමතීමට එක්වූහ. 

 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. 


ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවල සියලූ ජනතාවගෙන් අවසරයි,


ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම ඉතා කැත වැඩක් බව කිව යුතුයි. ඒ කැත වැඩේ කරන්න අප ඉඩ දෙන්නේ නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මෙම වේදිකාවේ විවිධ මත දරන විවිධ ජාති සහ ආගම්වලට අයත් නායකයින් සිටිනවා. කොල්ලූපිටියේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා විශාල සෙනගක් පිරී ඉතිරි සිටිනවා. අප සියලූම දෙනා ඒකරාශී වූයේ එක්සත් ජාතික පෙරමුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එක්වී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට සංවර්ධන යුගයක් උදාකරලීමටයි. ඉන් පසුව සංහිදියාව සමඟ අත්වැල් බැදගත් ගමනක් ආරම්භ කිරීමටයි. 


එදා විපක්ෂයේ සිටි ප්‍රධාන පක්ෂ 03ක් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඒකරාශි වී ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා යොදා ගත්තා. එහිදී පොදු අපේක්ෂකයෙක් පත් කරන්නට තීරණය කෙරුණා. එවකට මහින්ද රාජපක්ෂ රජයේ සිටි අමාත්‍යවරුන් ගණනාවක් මෙන්ම සංවිධාන ගණනාවක් අප සමඟ එකතු වුණා. අවසානයේ චන්ඬිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේත්, ජනතා විමුක්ති පෙරමුණේත් යෝජනාව සැලකීමට ගෙන මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීමට තීරණය කළා. ඒ සම්බන්ධ යෝජනාව මා විසින් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කළා. අප සියලූම දෙනා එහිදී කැපවී කටයුතු කළා. 


ප්‍රජතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට සිරගත වන්නට සිදුවුණා. ජීවිත පූජා කරන්නට සිදුවුණා. අපේ කඳුලින් දහඩියෙන් සටන් කළා. 2015 ජනවාරි 08 වෙනිදා පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළා. ඒ අනුව මා අග්‍රාමාත්‍ය ලෙස පත්වුණා. මේ අපට පුද්ගලයන් ලෙස ලැබුණු වරමක් නොවේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කොට තහවුරු කිරීමට ලැබුණු වරමක් ලෙස  හැදින්විය හැකියි.

ඒ වරම ආරක්ෂා කිරීම සඳහා අප 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. සාමකාමි මැතිවරණ 02ක් පැවැත්වූවා. මාධ්‍ය නිදහස තහවුරු කළා. ජනතාවට බියක් සැකක් නැතිව ජීවත්වීම සඳහාත්, ආණ්ඩුව විවේචනය කිරීම සඳහත් පසුබිම සකස් කළා. 


ඒ අනුව අප ප්‍රමුඛත්වය ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා වරම සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහායි. ඒ වරම ගෙන අප ඉදිරියට ගියා. මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය එක සේ බුක්ති විදින්නේ පාර්ලිමේන්තුව නිසයි.

අප ඉදිරියට ගියේ ඒ අයිතිවාසිකම ආරක්ෂා කිරීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස අප නොසිතු මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරම කඩා බිද දමා පාර්ලිමේන්තුව පැත්තකට දමා යලිත් ජනාධිපති අතට විධායක බලය ගැනීමට තැත් කරනවා. ඒ කාර්යය සඳහා අප විරුද්ධයි. ඒ සඳහා අප ඉඩ දෙන්නේත් නැහැ.   මෙරට ජනතාව අද බලාපොරොත්තු වන්නේ තමන් කැපවූ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමටයි. 

ඔවුන් බලාපොරොත්තු වූයේ සිකුරාදා සවස මේ ක්‍රියාව කර සඳුදා දිනය වනවිට අප සිරකරුවන් සේ කරගන්නට දෙයක් නොමැතිව සිටිනු දැකීමයි. මෙවැනි කුමන්ත්‍රණවලට ඉඩ නොදෙන බවට අප තීරණය කළා. එම නිසා ජනතාව එක්රැස්වී ජනතාව සංවිධානය වනතුරු අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය බවට පත් කළා.  මෙහි පැමිණ අපට සහයෝගය දුන් සෑම දෙනාටම අප ස්තුතිය පළ කරනවා. 


වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ මෙන්ම සෙසු පක්ෂ ද එක හඩින් ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව කැදවනවා වෙනුවට කළේ පාර්ලිමේන්තුව කල් දැමීමයි. මේ ප්‍රශ්නයෙන් පැන යන්නට ඔවුන් උත්සාහ කළා. අප ඊට ඉඩ දෙන්නේ නැහැ. එක් අතකින් අද මේ රටේ ජනතාවගේ විශ්වාසය කඩවී තිබෙනවා. වෙන්නේ කුමක්දැයි අසනවා. කරන්නේ කුමක්දැයි අසනවා. ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා. 


එක් පැත්තකින් ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලයත්, පාර්ලිමේන්තුවත් පාගා දමා පැත්තකට දමන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ප්‍රශ්නය ඇත්තේ මහජනතාවගේ වරම පිළිගන්නවා ද, මහජනතා වරම ඉවත් කරනවාද යන කාරණයයි. අරලියගහ මැදුරෙන් පටන් ගත් සංකේතය දැන් රට වටේම ගොස් තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට දේශපාලන පක්ෂ විරුද්ධයි. වෘත්තීය සමිති විරුද්ධයි. ආගමික සංවිධාන විරුද්ධයි. සමස්ත ලාංකික ප්‍රජාවම විරුද්ධයි. 


මේ සටන මෙතනින් ඔබ්බට රට ඇතුලට ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුවට මේ සටන ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි අප ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස කතානායකවරයාට දන්වා තිබෙනවා. අප සමඟ සිටින සියලුම දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එක්ව මේ ප්‍රශ්නය රට වටේ ගෙන යාමට කටයුතු කරනවා. ජනතාව අතරට ප්‍රශ්නය ගෙන යාමට කටයුතු කරනවා. ඒ සටනින් අප ජයග්‍රහණය කරනවා. අප මේ සටන කිසි විටෙක පාවා දෙන්නේ නැහැ. 


ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගැනීමට සූදානම් බව මෙහිදී මා සඳහන් කරනවා. අප පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත් පසුව ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව රට ඉදිරියට ගෙන යනවා. 


මෙහි පැමිණි මහා සංඝ රත්නය ඇතුළු ආගමික පූජකවරුන්ටත්, මහජනතාවටත් ස්තුතියි. ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු.

 



අදහස් (11)

ජයග්‍රහණයෙන් මිස කිසි විටක සටන පාවා දෙන්නේ නෑ

කර්තිනි Tuesday, 30 October 2018 10:24 AM

නවීන් සහ සජිත්ට පක්ෂය බාර දෙන්න!

:       0       0

Somasiri Tuesday, 30 October 2018 10:26 AM

ජයවේවා !!!

:       0       0

sandun Tuesday, 30 October 2018 10:34 AM

අදහස ඉතාමත් අගය කරමි. තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුව විසුරුවාම සටන පටන් ගන්න.

:       69       202

ජයන්ත මිලානෝ Tuesday, 30 October 2018 10:35 AM

දවල්ද? බලය අතේ තියෙද්දි කෙකරබබා හිටියා .දන් නන් දොඩවනව.

:       112       551

donkal Tuesday, 30 October 2018 10:46 AM

ජයග්‍රහණය කරන්න ඔයාට කොහෙන්ද මිනිස්සු, අපි දැක්කනේ ගලපු ජනගඟ අද උදේ....වෙලිලාගිය ඇලක් වගේ. ඔයාව ඔතනින් එලවන්න ළඟදීම ජනගඟක් ගලයි, එතකොට දුවන්න බලාගෙන ඉන්න.

:       1025       1682

Bamunuarachchi Tuesday, 30 October 2018 10:46 AM

කනෙන් ඇදලා දොට්ට දමන්න. එජාපෙට කොහෙන්ද ජනබලයක්. ඒක නැතිවෙලා බොහොම කල්. ජොබ් නැතිවෙන නිසා මන්ත්‍රී බලය තාවකාලිකව තියේවි.

:       405       602

Mahee Tuesday, 30 October 2018 11:10 AM

අපි ඔය ගොල්ලන්ව පත්කර ගත්තේ, ඡන්දෙ දුන්නේ හොරු එලවනවා කියපු හින්ද. බලයට ඇවිල්ල මොකද කලේ? හිටු කියල දුන්න නේද ගේම? එහෙම නොකර හොරු එලෙව්වා නම් අද බැබලෙනවා නේද? අන්න එහෙම කළා නම් නම් ඔය කියන ජන බලය නිසැකවම ලැබෙනවා. කුජීත වුනාට පස්සේ මොන ජන බලයද? අපිත් කැමති නැහැ සිද්ධවුණු දේට. අලුත් හොරෙක් ඕනෑ කියල හිත හදාගන්නම්.

:       2       227

Thilina Tuesday, 30 October 2018 11:12 AM

මේ පක්ෂයේ මොලයක් තියෙන කිසිම කෙනෙක් නැද්ද කියන්න ප්‍රශ්නයක් තියෙනවනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාන්න කියන්න. බොරුවට මිනිස්සු කුපිත කලට වැඩක් නැහැ ඔහේලව රටටම එපා වෙලා තිබ්බේ..මහින්දලා හොඳ ම්නිස්සු නොවෙයි. නමුත් තමුන්ලා කරපු විනාසේ නිසා තමයි මේ ඉරණම අත් වුනේ.

:       110       554

Nimala Tuesday, 30 October 2018 11:16 AM

දවසක් දොස්තර මහත්තයෙක් ගියාලු පිස්සන් කොටුවට පිස්සෙක්ට බෙහෙත් කරන්න. බෙහෙත් කරන්න යද්දී එයා කිව්වලු මම තමයි දැන් දොස්තර කියලා. කොච්චර පැරදුණත් මෙයාගේ කතාවත් හරියට පිස්සගේ කතාව වගේම තමයි.

:       0       0

සමන්ත Tuesday, 30 October 2018 11:25 AM

එ.ජා.පක්‍ෂයට ඉබේම ලැබුණු මේ ආශීර්වාදයෙන් උපරීම ප්‍රයෝජනය ගැනීම බුද්ධිමත් නායකත්වයක වගකීමයි. මා එය කුමක්දැයි ඔබට කිවයුතු නොවේ. අප දැනටමත් ඔබ ඉහළට ඔසවා තබා ඇත.

:       0       0

Keppetipola Tuesday, 30 October 2018 11:27 AM

ජනතාවගේ විශ්වාසය ජනතාවගේ වරම අමුඅමුවේ පාවා දුන්නේ මෙයාද? මහබැංකුව හොරකම් කරලා, හොර සිංගප්පූරු ගිවිසුම් අත්සන් කරලා, රටේ සම්පත් විදේශිකයන්ට විකුණලා, පළාත් සභා ඡන්දෙ කල් දාලා, ටේලර් කෙනෙක්ව මුදල් ඇමති කරලා ආර්ථිකය තවත් විනාශ කරපු රනිල් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ? පළාත් ඡන්දය නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදීද? තවත් පව් නොදී එජාපය විනාශ කරන්නේ නැතිව පක්ෂයෙන් ඉවත්වෙලා, රටිනුත් චුත වෙලා ගියොත් අපේරටේ ද්‍රෝහීන් අඩු වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 34 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 104 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 549 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 39 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 201 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 183 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site