(නිමන්ති රණසිංහ)
වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ සාක්කි විභාගය ලබන දෙසැම්බර් 4 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී චුදිත වූ හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප‍්‍රනාන්දු මහතා ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම අල්ලස් නඩුවට අදාළව අල්ලස් කොමිසම මගින් චුදිතට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඉකුත් 2017 වර්ෂයේ නොවැම්බර් මස 27 වැනිදාය. ඒ අනුව ඉකුත් 2017 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා අධිකරණයෙන් නිකුත් කළ නොතිසියකට අනුව හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර, එහිදී රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.
1975 අංක 1 වගන්තිය ප‍්‍රකාරව වත්කම් බැරකම් ප‍්‍රකාශ පනතට 2014 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික ප‍්‍රකශය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් එම ප‍්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝණය කර ඇතැයි අල්ලස් කොමිසම චූදිතට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත.
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජොන්ස්ටන්ගේ නඩුවේ සාක්කි විභාගය කල්යයි