IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක්

(ශාන්ත ප්‍රදීප් කුලරත්න)

පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් මේ දිනවල විකාශනය වන ගී තරු තේරීමේ තරඟාවලියක පැවැති තරඟයෙන් ඉවත් වූ තරඟකරුවකුගේ ආධාර කරුවන් පිරිසක් රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ වාහනයට පහරදීමක් සිදු කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

පහරදීමෙන් රූකාන්ත ගුණතිලක මහතාට සහ මෝටර් රථයට බරපතල හානී සිදුව නැතැයි පොලිසිය කියයි.

බොරලැස්ගමුව රත්තනපිටියේ පිහිටි ස්ථානයකදී මෙම තරඟය පවත්වා ඇති අතර එය අවසානයේ දී මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ.

200 ක පමණ පිරිසක් තමන්ට විරෝධය පළකර තමාට සහ තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බව පවසමින් රූකාන්ත ගුණතිලක මහතා පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැලීම් දක්නට ලැබුණු බවද පොලිසිය පැවැසීය.



අදහස් (47)

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක්

පිටිගල මිලානෝ Sunday, 24 February 2019 10:09 AM

ඇත්තටම පහර කන්න ඕනෑ ගායකයා ඩුබායිවල බ්ලොක් වෙලා....

:       16       324

kanchana ThudugalaThursday, 28 February 2019 11:00 AM

මතකද දන්නේ නැහැ අර මත්තෙගොඩදී ගෙදරට ඇවිත් ලාම්පුතෙල් වක්කරලා චෞර රැජින මරන්න හදපු හැටි... දැන් ඒ රැජිනගේ කොලු පැටියාගේ පක්ෂෙට අල්ලන්න තරම් බංකොලොත් පොරක්... ගුටිකන එක සාධාරණයි.

:       0       0

Bamunuarachchi Sunday, 24 February 2019 10:12 AM

මෙයා කන්නේ තව ඉස්සරහට...

:       1403       1214

ranilSunday, 24 February 2019 11:47 AM

ඔව් ඉතින් ඔයාගේ පැත්තට පැන්නා නම්, මල් දාලා පිලිගන්නෙ නේ. අන්න සෙට් එකක බුරුවා ගහලා මාට්ටු..ඔයත් හිටියද? අනේ මේ අන්කල්ට අඩුම ගානෙ පාවිච්චි කරපු සාටකයක් වත් අරන් දෙන්න ප්ලීස්....

:       690       1131

BamunuarachchiSunday, 24 February 2019 01:39 PM

කොයි පැත්තට ගියත් මේ ගොල්ලන්ගෙන් දේශපාලනික වශයෙන් රටට වැඩක් තිබෙනවද? සංගීතයට වැඩක් වුනා තවත් කාගේවත් පවුලක් කඩා කප්පල් වුනා. රනිල්ට ඡන්දෙ දිනාගන්න මිනිස්සු නැතිනිසා මේ ගොල්ලන්ව ඉදිරියට දානවා. රනිල්ලා දන්නවා රටේ සිංහල බුද්ධිමත් ජනතාව මේවගේ ගොයියන්ට ඡන්දය දෙනබව. මට කණගාටු මොවුන්ටත් අපේ බදු මුදලින් පැන්ෂන් එකක් දෙන්න වෙන එකයි.

:       599       487

nihal c kSunday, 24 February 2019 03:54 PM

ඒ ඉතින් දියවන්නාව තරණය කළොත්නේ...

:       8       60

Rata PerataMonday, 25 February 2019 07:09 AM

හරියට හරි රනිල්. සමහර උන්ට වශී බෝලේ අයිතිකාරයටත් වැඩිය හොඳට වැදිලා. එක හරි නායකයෙක් ඉන්නවද රටේ?

:       2       0

Chanak los angelesMonday, 25 February 2019 04:33 AM

හොර අගමැති පුටුවට පස්ස දොරෙන් රිංගලා එහි වාඩිවෙන්නටත් පෙරම උසාවියෙන් කාපු කැවිල්ලක් වගේ එකක්ද ?

:       47       184

BamunuarachchiMonday, 25 February 2019 06:45 AM

නැහැ නැහැ මෙයා කන්නේ අමුතුම කෑමක්... මතකනේ චන්ද්‍රිකාගේ කාලේ කාපු කෑම. ඔබේ කතාව හරියට දැන් ඉන්න අගමැති කෙලින්ම අගමැති කමට ඔලුව දැම්මා වගේ. මෙයා ආවෙත් මුට්ටිය දාලා බලලා. හැබැයි මේ සැරේත් හැරී කියලා ඔලුව දැම්මොත් බෙල්ල ලඟින්ම යනවා...

:       38       0

smn Sunday, 24 February 2019 10:34 AM

අඩමානයක් නැහැ… ජඩ දේශපාලනයේ පුනරාගමනයක සමාරම්භයයි.!

:       202       658

ගල්කටස් Sunday, 24 February 2019 10:55 AM

ඕනෑම මැට්ටෙකුට තේරෙනවා මෙයාගේ විනිශ්චය මේ දවස්වල නම් හරි නැති බව... කොකේන්වත් ගහලා රියැලියට එනවද දන්නේ නැහැ.. කෙසේවෙතත් ගහපු එක නම් අනුමත කළ නොහැක. දැන් එ් රූපවාහිනියේ වැඩසටහනට දාන්න වෙන්නේ බලු ස්ටාර් කියලා...

:       304       288

senaSunday, 24 February 2019 01:09 PM

යකෝ විනිශ්චය මොකක් වුණත් ඒ මනුස්සයට ගහලා හරි යනවද...?

:       16       414

Sanath KandyMonday, 25 February 2019 06:09 AM

නදීක ගුරුගේ ගෙන් ඉගෙන ගන්න. ඔහුගේ විනිශ්චය, ඉතා අපක්ෂපාතියි, භාෂා විලාෂය අති විශිෂ්ටයි.

:       4       106

de silva Sunday, 24 February 2019 11:37 AM

දැන් කාලේ ප්‍රසිද්ධ ගායකයෙක් නම් අර අමල් පෙරේරා වගේ පාතාලේ ශක්තියකුත් තිබෙන්න ඕනේ... නැත්නම් වෙන්නේ රූකාන්ත වගේ ගුටි කන්න. අනේ ලංකාවට ගිය කලක්...

:       0       176

ලුම්බිණි Sunday, 24 February 2019 11:54 AM

අමන මිනිසුන්ට තරඟයක ප්‍රතිඵල විඳගන්නවත් හැකියාවක් නැහැ. ලංකාවේ මිනිසුන්ගේ හැටි දෙවැනි පාරටවත් රූකාන්ත තේරුම් ගත යුතුයි.

:       10       374

Sunil Sunday, 24 February 2019 12:01 PM

ඉතාමත් නින්දිත ක්‍රියාවකි. මෙම තරඟකරුට මින් ඉදිරියට කිසිම තරඟයකට ඉදිරිපත් වීම තහනම් කළ යුතුයි.

:       16       269

janis Sunday, 24 February 2019 12:39 PM

බමුණෝ, ප්‍රතිචාරේ අන්තිම කැතයි.

:       113       335

BamunuarachchiSunday, 24 February 2019 02:11 PM

නමුත් ඇත්තයි.. මතකනේ චන්ද්‍රිකාගේ කාලේ මොකද වුනේ කියලා...?

:       279       208

බද්රානි Sunday, 24 February 2019 01:07 PM

රූකාන්ත ගුණතිලක මහත්තයව ඒ බල්ලෝ හපා කාලද? පිස්සු බල්ලෝ ඔහොම්මයි.

:       73       102

BamunuarachchiMonday, 25 February 2019 02:13 AM

බලු වැඩ කොරන්න ගිහිල්ලා

:       186       0

ප්‍රියන්ත Monday, 25 February 2019 06:13 AM

ඇමරිකාවේ අය හොඳ වැඩත් කරනවා!, අනේ රුකාන්ත සාටකේ එල්ලුනා නම් හොඳ බබා !!

:       0       1

nihal c k Sunday, 24 February 2019 02:17 PM

මෙයාට විතරක් නෙවෙයි කාටවුනත් ගහන්න කිසිකෙනෙකුට අයිතියක් නෑ. ඒ වගේම ඒ රියලිටි වැඩ සටහනේදී ඔහුගේ කතා විලාශය ආධුනික ගායකයන්ට ඇමතීම අන්තිමයි. තවත් විද්‍යුත් නාලිකා කිහිපයක්ම රියලිටි වැඩ සටහන් යනවා ඒවා බලලවත් ඉගෙන ගන්න පුළුවන්..

:       13       201

perera Sunday, 24 February 2019 05:21 PM

ගාන්ධර්වයා කියල හිතන් ඉන්නේ.. පහරදීම නුසුදුසු වුවද, ගුටි පූජාවක් දෙන්න ඇත්තේ මම හිතන්නේ එම තරගකරු පැරදුණු හින්දම නෙවෙයි. මොකක් හරි හිත රිදෙන ගොන් කතාවක් කියන්න ඇති. නිකන් ගායකයෙක් වෙලා මෙහෙම නම් තව මන්ත්‍රී කෙනෙක් වුනොත් කොහොමද? රනිල්ට වෙන සෞම්‍ය මිනිහෙක් හිටියෙම නැද්ද සංවිධායක කරන්න?

:       108       359

leel gunawarena Sunday, 24 February 2019 02:41 PM

තරඟයෙන් ඉවත් වන්නට සිදු වුනානම් එය බාරගන්නේ නැතිව තව කෙනෙකුට පහර දෙන මෙයා ගැන මොන සංගීතයක් කතා කරන්නද ?

:       0       106

Sk Sunday, 24 February 2019 03:11 PM

ඉස්සරහට කොහොමත් ගුටි කන්න පුරුදු වෙන්න වෙනවා.

:       0       60

Amila Sunday, 24 February 2019 03:42 PM

ඉස්සරහට ඡන්දවලට පෙරහුරුවෙක් වගේ. ඉස්සර කොන්ඩේ කපා ගත්තා.

:       0       40

leel gunawardena Sunday, 24 February 2019 03:49 PM

එහෙම නම් සංගීතය ඉගෙන ගන්නට කලින් ගුටිකෑමේ සහතිකය ලබාගන්න වෙනවා...

:       1       24

Shan Sunday, 24 February 2019 06:58 PM

යන තැන ගුටි කනවා.

:       4       67

Sarasi Sunday, 24 February 2019 07:16 PM

සින්දු කියලා පරිණත වුණු පමණින් තරඟ විනිශ්චයකට සුදුසු නැහැ. ඒ පිලිබඳ යම් කිසි උගත්කමක් දක්ෂබවක් මෙන්ම විචාර බුද්ධියක් තිබිය යුතුයි. පසුගිය කාලේ අපි දැක්ක තරුණ කලාකාරිනියක්, ළමා ගායනා තරඟයක් විනිශ්චය කරනවාට වඩා විලාසිතා ප්‍රදර්ශනය කරමින් නිතරම තමන්ගේ කඩා දැමු කොණ්ඩය අතගාමින් විනිසුරු මඩුල්ලේ හිටියා. අඩුගානේ සමාජ ඇවතුම් පැවතුම් ප්‍රසිද්ධ සභාවක තැනක හැසිරිම්වත් තමන් උගත් යයි කියාගත් ඒ තරුණිය දැන සිටියේ නැහැ. මම මේ ද්වේශ සහගතව කියනවා නෙවෙයි නමුත් ඇයට වඩා එම කාර්යය මනා සංයමයකින් පරිපුර්ණව කල හැකි උදවිය සිටියා. කොහොම නමුත් මෙතන සිදු වුන පහරදීම නම් අපි අනුමත කරන්නේ නැහැ.

:       1       32

BamunuarachchiMonday, 25 February 2019 12:46 AM

අපි "අමරිකාස් ගොට් ටැලන්ට්" වැඩසටහන බලනවා එහි විනිසුරු සයිමන් සහ අනික් අයගේ තත්වයට මේගොල්ලෝ එන්න සහ ඒ වැඩ සටහනේ තත්වයට අපේ වැඩසටහන් ගෙනෙන්න කල්පයක් යාවි.

:       315       1

Prabha Sunday, 24 February 2019 08:07 PM

රූකාන්ත කියන්නේ ගායකයෙක් විතරක් නෙවෙයි..... ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ ගෝලයෙක්.... මේ ගැන ඔබ සමහර විට නොදාන්නවා ඇත...

:       0       1

BamunuarachchiMonday, 25 February 2019 11:52 AM

දැනගත්තයි කියා ඇති වෙනස මොකක්ද?

:       0       0

කරුණාපාල Sunday, 24 February 2019 09:02 PM

රූකාන්ත ගුණතිලක කියන්නේ, ලංකාවේ සංගීතයේ එක හැරවුම් ලක්ෂයක් කිව්වොත් එය නිවැරදියි. එතුමාගේ ගායන හැකියාව සහ ශිල්පීය ඥානය පිළිබද කිසිදු ගැටළුවක් නැහැ. එතුමාගේ සුවිශේෂවූ හැකියාවන්ගෙන් ඔබ්බට ගොස් තවත් සංගීත ශිල්පීන් රැසක් මෙරටට දායාද කල විශිෂ්ඨ කළා කරුවෙක්. දේශපාලනයෙන් උම්මන්තකවූ පාදඩ අමන, අශිෂ්ඨයින්ට තුමා හතුරෙක් ලෙස පෙනුනත් අපට නම් ඔහු අදටත් මේ රටේ වටිනා සම්පතක්.

:       0       9

BamunuarachchiMonday, 25 February 2019 07:01 AM

ඒ ගැන තර්කයක් නැහැ. නමුත් එයාගේ සංගීත දැනුම හැම ක්ෂේත්‍රයකටම හරි යන තයිලයක් නොවෙයි. විශේෂයෙන් දේශපාලනයට. ෆොන්සේකා දේශපාලනයට හරිගියාද?

:       1       0

kamani Sunday, 24 February 2019 09:22 PM

මෙයා නිකම් ප්‍රශ්නයක් දමාගත්තේ. එක සැරයක් චන්ද්‍රිකාගේ කාලේ කට්ටියක් ඇවිත් මේ ජෝඩුවගේ කොන්ඩේ කපලා , ඔළුවට පැට්‍රොල් දාලා ගිනි තියන්න ලැහැස්තිවුනා.අනුනමයෙන් පනබෙරාගත්තේ.

:       9       0

chandima Monday, 25 February 2019 12:43 AM

මහා චන්දෙට කලින් පෙරහුරුවක් ලැබෙන්නේ කලාතුරකින්. එක නිසා මේක භාග්‍යයක්. එත් චන්ද ප්‍රතිපල එද්දිම හිස දන්දී පලායන්න කොන්තරාත්තුව අත්සන් කරලා තියෙන නිසා දෙන ගානත් අරන් මාරුවෙන්න පුළුවන් වෙයි. ගුටි නොකා, සමහර විට...

:       0       6

kap Monday, 25 February 2019 04:27 AM

මෙතන කොමෙන්ට් දාල තියෙන ගොඩක් අය සින්හල බෞද්ධ..ඈයි එහෙනම් මෙච්චර ක්‍රෝදෙන්, වෛයිරයෙන් මිනිහෙක් ගුටි කෑවම කොමෙන්ට් දාන්නෙ? තමන්ට ඒ දේ වුනොත් මොනවද හිතෙන්නෙ? කියන්නෙ නම්, සින්හල බෞද්ධ කම රෑක ගන්න එන්න කියල. හෑබෑයි ඒ අයම තමන්ගෙ කෙනෙක්ට විපතක් වුනාම ඒ මිනිහව පාච්චල් කරල දානව. මේ වගේ කුහකයො ඉන්නෙ මේ රටේ විතරයි ....එකෙක් ඈමේරිකාවෙ ටෑලන්ට් ශෝ බලනවලු. අපිට සයිමගෙ තත්වෙට එන්න කල් යයිලු. බමුනා හෑබෑයි අනික් වෙලාවලදි ඈමේරිකන් විරෝදි..නාකි හිවල්ලු

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 06:54 AM

රෝමන් දේශපාලනඥයෙක් සහ නීතිඥයෙක් සිසෙරෝ නැමැත්තා කියනවා "ප්‍රතිවාදියාට උත්තර දෙන්න තරම් පදනම් සහිත තර්කයක් නැති වුණාම ප්‍රතිවාදියාට බනින එකයි කරන්නේ කියලා" මට නාකියා කීවට ඔබ මම තරම් කාලය ජීවත් වෙයිද කියලා ෂුවර්ද? ඔබ අනතුරකින් මිය ගියා කියා අසන්නට නොලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ විවාදයක් කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් නොවෙයි.

:       0       0

kapMonday, 25 February 2019 07:43 AM

මම අද මලත් මැරෙන්නේ හිත හොදින්, යන්නේ දිවය ලෝකේ. හැමදාම මැරී මැරී ඉන්නවා හිතේ ක්‍රෝදෙන්

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 08:25 AM

දිව්‍යලෝකේ යන එක තමන්ම තීරණය කරන පල් මෝඩයෙක් එක්කනේ මම මේ කතා කරලා තිබෙන්නේ...

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 08:30 AM

දිව්‍යලෝකේ තිබෙන්නේත්, අපාය තිබෙන්නේත් මේ ලෝකෙම තමයි. දැන් ඉන්නේ අපායේ...

:       0       0

Prasad Gunasekara Monday, 25 February 2019 04:52 AM

මේක ප්ලෑන් කරලා කරපු වෙඩක්. මිනිස්සුන්ගේ අනුකම්පාව ගත්ත්තම චන්දෙ දිනන්න පුළුවන්නේ.

:       1       0

kapMonday, 25 February 2019 05:46 AM

ඔයත් අනුකම්පාව ගන්න ඕනේ උනාම පාරේ ගුටි කලා ගෙදර එනවද ?

:       1       0

BamunuarachchiMonday, 25 February 2019 07:23 AM

ඒ වගේ දේවල් අහලා නැද්ද? ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා කියවන්න. තමන් වෙඩි තියාගෙන තරහ කාරයෙක් වෙඩි තිබ්බා කියන කතා අහන්න.

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 09:40 AM

ඒ විතරක්ද? සයිටම් සිද්ධියේ පරිපාලකයෙක් තමන්ට වෙන කෙනෙක් ලවා වෙඩිතියා ගත්ත කතාවක් ගියේ. අහලා කියවලා නැද්ද?

:       0       0

kap Monday, 25 February 2019 10:29 AM

රජාට වඩා බමුණට පිස්සු...

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 02:54 PM

එහෙමවත් කියලා සැනසෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1236 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 169 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site