IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති - සර්ව පාක්ෂික නියෝජිතයින් එකඟතාවයකට

(අංජුල මහික වීරරත්න)

බලය බෙදා හැරීම සම්බන්ධයෙන් සියලු පක්ෂ වල යම් එකඟතාවයක් ඇතිවී තිබෙන හෙයින් ඒ පිළිබඳව වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ සර්ව පාක්ෂික නියෝජිතයින් අද (28) එකඟතාවයකට පැමිණ තිබේ.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුව සිදුවී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ , ලක්ෂ්මන් කිරිඇල්ල , රාජිත සේනාරත්න, රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී දිගම්බරම් යන අමාත්‍යවරුද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්,එච් සුමන්තිරන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,ඩිලාන් පෙරේරා යන මහත්වරු ඊට සහභාගි වූහ.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේදී විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව වාද විවාද ඇති හෙයින් කළ හැකි දේ මේ අවස්ථාවේදී කළයුතු බව සියලුම පක්ෂ නියෝජිතයන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව බලය බෙදීම පිළිබඳව වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට තීරණය වී ඇත.

පළාත් සභා වල බලය බෙදීම පිළිබඳව ඉල්ලා ඇත්තේ උතුරේ මහ ඇමැතිවරුන් පමණක් නොවන බවත් දකුණේ මහ ඇමැතිවරුන්ද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් ඉහත හමුවේදී සාකච්ඡාවට ලක් වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවැසීය.

මත ගැටුම් ඇති කරුණු පසුවට කල් තබා දැනට යම් එකඟතාවයකට පැමිණ ඇති බලය බෙදීම යන කාරනා පිළිබඳව සාකච්ඡා ඉදිරියට ගෙනයාමට තීරණය වූ බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.



අදහස් (12)

ජනපති - සර්ව පාක්ෂික නියෝජිතයින් එකඟතාවයකට

Mahee Thursday, 28 February 2019 05:24 PM

පුවතේ පෙනෙන හැටියට නම් කට්ටිය බලය බෙදීම යන්නේ අදහස් කරන්නේ 'එක එක දේශපාලන තනතුරුවලට බලය බෙදා ගැනීම' මිසක් ජනතාව අතට බලය ලැබෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. පක්ෂ නායකයින්ට ඕනත් එච්චරයි, මහ ඇමතිවරුන්ට ඕනත් එච්චරයි. අමුතු බලය බෙදිල්ලක් නැතුව, දැන් ඔය තියෙන බලය හරියට පාවිච්චි කරනවා නම් රට ගොඩ ගන්න එක කොච්චර ලේසිද කියල විගණකාධිපති, නාගානන්ද වැනි අය ඊයේ පෙරේදත් පැහැදිලි කළා.

:       0       6

chandra Thursday, 28 February 2019 06:07 PM

බලය බෙදිල්ල ඕනේ පාලකයින්ට මහා රජාල වගේ සැප විදින්න,ප්‍රශ්න විසදන්න ඕනේ කමක් තියෙන අය 225 ඉන්නේ අතලොස්සයි.

:       5       4

rohan Friday, 01 March 2019 12:15 AM

මොනවද මේ විහිලු. චන්දය ලගයිනේ

:       0       8

Bamunuarachchi Friday, 01 March 2019 12:33 AM

අපේ පුංචි රට කෑලි කෑලි වලට කඩලා දමන්නයි මේ සුදානම. එහෙනම් දෙමලුන්ගේ උවමනාව ඉෂ්ට වෙනවා අනේ අපේ රටට වෙන්නයන දේ? තව ටික දවසකින් මෙරට බල්ලෝ කාපු පොල්මුඩ්ඩ වගේ සිටීවි. අපි මේ මහා යුද්දයක් කලේ රටට මේදේ කරගන්නද? මහින්ද මහතානනී 10% දෙමල්ලු වෙනුවෙන් මෙරට පාවාදෙන්න එපා. අපි සිංහලයෝ.

:       91       75

Bamunuarachchi Friday, 01 March 2019 01:41 AM

අනේ රටට මේදේ වෙනවා දකින්න අපි ඉතුරු උනානේ. හමුදා දරුවනී නුඹලා ජීවිත් දුන්නේ අබ්බගාතයෝ උනේ මුන්ගේ පැවැත්මටද? සර්ව පාක්ෂිකයෝ කියා ගන්න කීප දෙනෙකුගේ මේ වැඩට රටේ ජනතාව කැමතිද.? අනේ 62 නුඹලා රටට කරපු නස්පැත්තිය.

:       81       72

athuraFriday, 01 March 2019 08:07 AM

ඉතින් අංකල් එල්ලිලා හරි වහටිකක් බිල හරි ඕක කරන්න කලින් මලා නම් ඉවරයිනෙ.

:       5       12

BamunuarachchiFriday, 01 March 2019 09:43 AM

මේ අයවත් අරගෙනම යන්න ඕනේ

:       1       0

Bamunuarachchi Friday, 01 March 2019 01:44 AM

මේක කියෙවුආම මට කලන්තය වගේ උනා. අනේ අපේ රටට වෙච්ච දී. එහෙනම් දෙමල්ලු දිනුවා සිංහල අපි පරාදයි. රට ෆෙඩරල් වෙනවා දකින්න කලින් මිය පරලොව යා යුතුයි

:       57       55

jayaratnaFriday, 01 March 2019 11:48 AM

මොන වර්ගයේ පෙට්ටියක්ද අවසාන කටයුතුවලට අවශ්‍ය?

:       0       0

BamunuarachchiFriday, 01 March 2019 02:17 PM

දැන් මිනීපෙට්ටි බිස්නස් එකද කරන්නේ? එම්බාම් කරන වැඩේ අත්‍ හැරියාද? මට සිංහලයෙක් පෙට්ටි හැදුවාට ඔහෙලාට පෙට්ටි හදන්නේ දෙමල්ලු. උන් ඔහෙලව දමන්නේ සන්ලයිට් පෙට්ටිවල... එ්ක මතක තියාගන්න. අපි කතා කරන්නේ ජාතිය ගැන හිතලා පුද්ගලික වාසියට නොවෙයි.

:       0       0

Gune Friday, 01 March 2019 07:42 AM

මං මේකෙ හෙඩිම වෙනස් කරන්නද? "මංකොල්ල කාරයෝ එකතු වී හොරකම් කරන්නේ කෙසේදැයි එකඟතාවයකට පැමිණේ"...

:       2       1

ranjith Friday, 01 March 2019 01:10 PM

මේ ඔක්කොම ඡන්ද කෑදරකමට රට උන්ට පවාදෙන්න කැමැතියි කියන එකද මේ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 29 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 98 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 518 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 36 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 193 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 175 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site