IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනපති ප්‍රකාශයේ කරුණු ගැන අල්ලස් කොමිසම පරීක්ෂණයක් කළ යුතුයි’


 
 
(ඩයනා උදයංගනී)

            
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා මිල නියම කිරීම පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් ඉරිදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම වහාම පියවරක් ගත යුතු යැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.


එම ප‍්‍රකාශයෙහි සඳහන් පරිදි මන්ත‍්‍රීවරුන්ට අල්ලස් ලබාදෙන පුද්ගලයින් හා අල්ලස් ලබාගන්නා මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව එම ආයතනය සඳහන් කරයි.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට අල්ලසක් ලබාදීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් තම ආයතනය ද පසුගිය සතියේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර මහතා පැවසීය.


අල්ලස් පනතේ 14 වැනි වගන්තිය අනුව මන්ත‍්‍රීවරුන්ට අල්ලස් ලබාදීම මෙන්ම මන්ත‍්‍රීවරුන් විසින් අල්ලස් ලබාගැනීම ද වසර 7ක බරපතල වැඩ සහිත වරදක් බව ඔහු සඳහන් කළේය.


මෙලෙස අල්ලස් ලබාදීමට විවිධ පාර්ශව තැත්කර ඇති බව ජනාධිපතිතුමා ද ප‍්‍රකාශ කර ඇති නිසාත්, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු සාක්‍ෂි ද එළිදැක්වී ඇති නිසාත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව අල්ලස් කොමිසම ජනතාව දැනුම්වත් කළ යුතු බව ද ඔහු කීවේය.
 



අදහස් (4)

‘ජනපති ප්‍රකාශයේ කරුණු ගැන අල්ලස් කොමිසම පරීක්ෂණයක් කළ යුතුයි’

Damith Tuesday, 13 November 2018 03:10 PM

අන්න හරි , මැති, මන්ත්‍රී කියල බැහැ. රටේ ජනාධිපතිම කැබිනට්ටුවේ අල්ලස් දීම සිදුවන බව ප්‍රත්‍යක්ෂකලා නම් එතුමා දන්නවා ඇතිනේ විස්තර... වහාම අපක්ෂපාති පරීක්ෂණයක් කරලා නීතියේ සාධාරණ යුක්තිගරුක බව තහවුරු කරන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:37 PM

රනිල් සමග වැඩකිරීමට නොහැකියි කී ජනාධිපතිගේ ඒ කතාවටත් ඔබලාගේ අවධානය යොමුකරන්න සහ ජනතාවගේ අවදානය යොමුකරවන්න.

:       0       0

මාරයා Tuesday, 13 November 2018 04:41 PM

අනිවාර්යයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි....

:       0       0

milano Tuesday, 13 November 2018 06:16 PM

අදහස නම් බොහොම හොඳයි. කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙයිද කියලා බලමුකෝ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 821 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 108 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 324 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 755 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 247 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 308 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site