IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති නියමකළ නාමයෝජනා බාරගැනීමේ දිනය ඔහුටවත් වෙනස් කරන්න බෑ

(***රංජන් කටුගම්පොළ සහ ***තිළිණි ද සිල්වා)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා නියම කළ නාමයෝජනා බාරගැනීමේ දින ජනාධිපතිවරයාටවත් ආපසු කැඳවීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ පීරිස් මලල්ගොඩ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කෝවිඩ් උපදේශ මාලාවට අනුව කටයුතු පිළියෙල කිරීම මැතිවරණ කොමිසම අවසන් කරමින් සිටින බවයි.

ඉන් අනතුරුව මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු පෙත්සම්කරුවන් 8 දෙනාගේ පෙත්සම් වෙනුවෙන් යළි කරුණු දැක්වීම අරඹමින් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

පෙත්සම්කරුවන් අතශවශ්‍ය පාර්ශවකරුවන් ලෙස නම් නොකිරීම පිළිබඳව මේ අවස්ථාවේදී චෝදනා එල්ල වුණා. වරුණ කරුණාතිලක එදිරිව දිසානායක නඩු තීන්දුව අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් නම් කිරීම අනිවාර්ය නැහැ. මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යොමු කිරීම පමණක් ප්‍රමාණවත් ඒ අනුව වගඋත්තරකරුවන්ගේ තර්කය බිඳ වැටෙනවා.

තවද ප්‍රේමචන්ද්‍රට එදිරිව මොන්ටේගු ජයවික්‍රම නඩුව අනුව ව්‍යස්ථාව උත්තරීතර නීතියයි. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඉන්පසුව පවත්වන මැතිවරණයත් නීතියට පටහැනි බව එම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වනවා.
ඊළඟට මම නිවාඩු දිනයක නාමයෝජනා පත්‍ර බාරදීමේ ගැටලුව පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. මෙතැන තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නය නිවාඩු දින පිළිබඳ පත්‍රයේ සිංහල හෝ දෙමළ පිටපතක් නැහැ. වසර 100 ත් පැනලා. තවමත් පරිවර්තනයක් නැහැ.

Public Holiday කිව්වාම ප්‍රසිද්ධ නිවාඩුද රජයේ නිවාඩු යන්න ප්‍රශ්න ගතයි. මේ පිළිබඳ පනතේ සිංහල හෝ දෙමළ පිටපතක් නැති නිසා ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වනවා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තියේ සඳහන් වන්නේ රජයේ නිවාඩු යන්නයි. සාමාන්‍යයෙන් ඉරිදා දින කිසිම දිනක නාමයොජනා බාරදී නැහැ.

අනෙක් අතට 8 වැනි පාර්ලිමේන්තුව මැරිලා කියලා තර්කයක් ගේනවා. පාර්ලිමේන්තුව කවදාවත් මැරෙන්නේ නැහැ. එය හරියට ෆීනික්ස් පක්ෂියා වාගේ අළු ගසා දා යළි නැගිටිනවා.

හරි, පාර්ලිමේන්තුව මැරිලා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) වගන්තිය අනුව හදිසි අවස්ථාවකදී කැඳවන්නේ කොහොමද?
අගවිනිසුරු- පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුව කල් තැබිය හැකිනේද?
ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා- ස්ථාවර නියෝග 7 (1) යටතේ කල්තැබිය හැකිය.
ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා- පාර්ලිමේන්තුව මාස 2 කට කල් තැබිය හැකිය.
අපි හිතමු පාර්ලිමේන්තුව මාස 2 කට කල් තබා මාස 2 ඉක්මවූ පසුවත් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ කියලා එතකොට පාර්ලිමේන්තුව කල් තැබූ නියෝගය ඉබේම අවලංගු වනවා. එවිට පාර්ලිමේන්තුවට යළි රැස්විය හැකියි.

මේ අවස්ථාවේදීත් වෙන්නේ ඒකයි. පාර්ලිමේන්තුව විසුරුවා මාස 3 ක් ගතවී අහවරයි. එම නියෝගය ඉබේට අවලංගු වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැඳවිය හැකියි.

අගවිනිසුරු- පාර්ලිමේන්තුව විසුරුවා නාමයෝජනා දින නියම කළාම ඒක ජනාධිපතිටවත් ආපසු කැඳවන්න සහ වෙනස් කරන්න බලයක් නැහැ.
ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා-
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යය කරුණක් බව ඔබතුමන්ලාගේ අධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුවක් ලබා දී තිබෙනවා. එපමණක් නොවෙයි ඉන්දියාවේ ගුජරාටි නඩුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙය අනුමත කර තිබෙනවා. මීට පෙර කරුණු දැක්වූ ආචාර්ය ලක්සිරි මෙන්ඩිස් මහතාත් මේ පිළිබඳව කරුණු දැක්වූහ.

ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතාගේ කරුණු දැක්වීම ඉන් අවසන් විය.

ඉන්පසු සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද සුමන්තිරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කළහ.
ඉන්පසු මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යළි කරුණු දක්වමින් මෙසේ පැවසීය.
මැතිවරණය කල් දැමුවේ ජනතාවගේත් ඡන්ද නිලධාරින්ගේත් ආරක්ෂාව ලබා දෙන්නයි. වසංගත තත්ත්වයකදී එසේ කිරීමට කොමිසමට බලය තියෙනවා. හිතාමතාම ඡන්දය කල් දැමූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය යළි කරුණු නොදැක්වූහ.

ඉන්පසු පාර්ශ්වකරුවන් ඇමතූ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගත්නවාද ඉවත දමනවාද යන්න පිළිබඳ තීන්දුව අද දින ප.ව. 3.00ට ප්‍රකාශ කරන බවයි.

නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.

ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට  මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.

එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.

එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



අදහස් (5)

ජනපති නියමකළ නාමයෝජනා බාරගැනීමේ දිනය ඔහුටවත් වෙනස් කරන්න බෑ

Champa Tuesday, 02 June 2020 10:52 AM

පළවෙනි ඡේදයෙන් පෙන්වන්නේ 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල මොනතරම් සූක්ෂම විදිහට කපා හැරලද කියන එක... ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරෙව්වට නැවත කැඳවන්න බලයක් ජනාධිපතිට නැහැ. මේ වගේම එකක් 2018ත් වුණානේ. අගමැතිව පත්කළාට ජනාධිපතිට අගමැතිව ඉවත් කරන්න බැහැ. එහෙම කරන්න නම් විශ්වාස භංග යෝජනාවකින් 2/3 න් සම්මත වෙන්න ඕනේ. මතකය හැටියට ඒ නඩුව දිගට ගියේ නැහැ. අනිත් අතට නාම යෝජනා දිනය වෙනස් කරනවා වගේ සුළු දෙයක්වත් කරන්න බලයක් ජනාධිපතිට නැහැ. එහෙනම් බලය තියෙන්නේ කාටද? මැතිවරණ කොමිසමටද? කොහොමද වැඩේ. මේක ශ්‍රේෂ්ඨාධිකරණයම කිව්වා හින්දා පිළිගන්නම වෙනවා...

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 02:17 PM

ගරු විනිසුරුතුමන්ලාට නීතියේ රාමුවට පිටින් කිසිසේත්, තීන්දු දිය නොහැකියි. එය නීතිය දන්නා අය දන්නා කරුණක්. පැමිණිල්ල විසින් විත්තියේ වරද නිසි පරිදි අදාළ කරුණු කාරණා සාක්ෂි සහිතව ඔප්පුකල යුතුයි. එය එසේ සිදුනොවූ බව තමයි ගරු විනිසුරු තුමන්ලාගේ තීන්දුවෙන් පේන්නේ.... මා අපේ රටේ සමහර දෙනාගේ අඩුපාඩුවක් දකිනවා. ඔවුන් නීතිය හරිහැටි නොදැන යම් යම් අවිචාරමත් ප්‍රකාශ කරනවා. සමහර දෙනාට අවශ්‍ය තමා කැමති තීන්දුවක්... එසේ නොවන විට දෝෂදර්ශනයට ලක්කරනවා.මොනම හෝ පැත්තකට බරව නොවෙයි මෙය කියන්නේ... සිරිසේන ජනපති නීතිවිරෝධී බව තීන්දු කළේ මේ රටේ අධිකරණය. ඔහුගේ හිතුමතයට පත්කළ රජයට ගෙදර යන්න උණේත් අධිකරණ තීන්දුව. මෙහිදීත්, අපට සිතිය හැකි වන්නේ පැමිණිල්ල හරි හැටි කරුණු කාරණා හා සාක්ෂි ඉදිරිපත් කිරීමේ ගැටළු පැවති බවයි... නීතියේ රාමුව තුළ සිට යුක්තිය පසිඳලන ගරු විනිසුරු තුමන්ලා තම තීන්දුව තම හර්දය සාක්ෂියට එකඟව දුන් බවයි පෙනී යන්නේ. පැමිණිළි පාර්ශවය මේ සම්බන්ධව ගරු අධිකරණයේ තීන්දුවට හිසනමන බවද සිතන්නට පුළුවන්... ඒ කෙසේ වෙතත්, මේ අප කළ විග්‍රහය රජයට කඩේ යාමක් හෝ පැමිණිළි පාර්ශවයට පහර ගැසීමක් හෝ නොවන බව පැවසීමට කැමැත්තෙමු.

:       0       46

isuru Tuesday, 02 June 2020 07:43 PM

අම්මා මුතුන් කාලේ වත් අහපුවද මේවා ළමයිනේ...?

:       0       0

kamal Tuesday, 02 June 2020 07:45 PM

සියල්ල වෙනස් වෙන මේ ලෝක ධාතුවේ මෙන්න නොවෙනස් වෙන හැටි...

:       0       0

jinasena Wednesday, 03 June 2020 03:58 PM

සියල්ල වෙනස් වෙනවා කියා ... මේ කරන්නේ පුදුම වැඩක්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1003 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 332 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 407 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 335 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 514 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4328 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site