IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති ගෝඨාභයට නිල ධජයක්

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිල ධජයක් නිර්මාණය කර තිබේ.

පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව ලෙස උපයෝගිකරගෙන නිර්මාණය කර තිබෙන මෙම ධජයේ දක්නට ඇති සුදු නෙළුම් මලෙන්  පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිඹිඹු කරයි. නෙළුමේ නාභියෙහි ඇති කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් කීර්තිය සහ යසස සෑම අතරම පැතිරීයන අයුරු නිරූපනය වේ.
නෙළුම් මල වටා ඇති කහපාට රවුමෙන් ප්‍රඥාව ද සුදු පාට රවුමෙන් සත්‍යවාදී බවද නිරූපනය කෙරේ.

සිව් කොණ පිහිටි බෝපත් සතරින් බෞද්ධ දර්ශනයෙන් ජාතියට ලැබී ඇති අභාෂය වන උට්ඨාන සම්පදා ,ආරක්ඛ සම්පදා , කළ්‍යාණ මිත්තතා සහ සම ජීවිතා යන සතුටින් සිටීමට අවශ්‍ය කරුණු සතර නිරූපනය වේ.

සිව් කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය නිරූපනය කෙරේ. නාමලේ මැද පිහිටි රේණු පැහැයෙන් දෙමළ ජනතාවද හරිත වර්ණයෙන් මුස්ලිම් ජනතාව නිරූපනය කෙරේ.

එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය නිරූපනය වේ.

කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැය නිරූපනය වේ. ඉන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැවත එම කෘෂිකාර්මික පදනම මුල්කරගත් ජනමූල පාරම්පරික නායකත්වය සංකේතවත් වේ.

එක සමාන පළලකින් යුත් සුදු පටිය මගින් සියලු අතින් සළසන ආරක්ෂාව නිරූපනය වේ.

එක සමාන පළලකින් යුත් කහ පටිය මගින් ජනාධිපති කොඩියේ සියලු කොටස් එකට බැඳී පවතී.සියලු ජාතීන් අතර එකමුතුව සාමය සහ අන්නෝන්‍ය අවබෝධය කහ පාටින් ඒ සෑම තුළ පවත්නා ජීවගුණයත් නිරූපනය වේ.



අදහස් (20)

ජනපති ගෝඨාභයට නිල ධජයක්

Kalu Monday, 18 November 2019 07:09 PM

ගෝඨාභයට තම ඡන්දය ලබාදුන් සියලුම දෙනා සතුටු විය යුතුයි. ආඩම්බර වියයුතුයි.

:       173       641

ranjith Monday, 18 November 2019 09:10 PM

අර්ථවත් නිර්මාණයක්

:       42       162

චන්නTuesday, 19 November 2019 03:47 AM

උතුමානෙනි, ජනතාවට පිලිලයක් වූ දවස් හතේම තිබුනු වර්ජන සහ පිකටින් නවතා දෙන ලෙස ඉල්ලා සිටිමු.

:       0       181

Chanak los angeles Monday, 18 November 2019 09:33 PM

ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනේ නම් වෙනත් පොරොන්දු

:       604       143

සේනක Tuesday, 19 November 2019 07:36 AM

වහල්ලුන්ට කඩේ ගියාට මෙයා තාමත් ඉන්නවද කොහෙද? අනිත් ඒවත් වෙලාවට කෙරෙයි කලබල වෙන්නෙ නැතුව ඉන්න.

:       0       16

Chathuri Monday, 18 November 2019 11:12 PM

අදහස් ටික නම් පැහැදිලියි වැඩ කෙසේ වෙතත්, මහරජාණෙනි සින්දුවත් නැවත ප්‍රචාරය කරනවද. මේ සේරටම වැඩිය වටින්නේ, උගතුන් සමග එකතුවී වැඩ කෙරුවොත් පමණයි හොර දූෂිතයින් ඉවත් කොට උපාධිදාරින් පුහුණු කොට රජයේ ආයතන භාරදීම. ලාංඡනයට වැඩිය වටිනවා දූෂිතයින් අයින්කෙරුවම

:       247       73

යාපාTuesday, 19 November 2019 06:41 AM

මෙතෙක් කල් එජාප වහල්කම් කළ කෙනෙක් නේද ඔබ ? හොද දේ හොද විදියට දකින්න බැරි වහල්කමින් මිදීමට දැන්වත් නුවණ පහල වේවා !

:       3       342

Sampath Monday, 18 November 2019 11:20 PM

අපේ අලුත් ජාතික කොඩිය

:       16       373

Nandalal DE SILVA - France Tuesday, 19 November 2019 12:22 AM

ජනපති ගෝඨාභයගේ නිල ධජයේ නිර්මාතෘවරයාගේ කුසලතාව ගැන අප ඉතාම සතුටු විය යුතු වෙනවා ! ඉතාම ක්‍රමානුකුල විදියට සිතාබලා, කල්පනා කර කිසිම අඩුපාඩුවක් නොවන අන්දමට, හැම දෙනාටම පිළිගතහැකි විදියට ධජය සැලසුම් කර තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ දක්ෂකම මොනවට පිළිබිඹු කර තිබේ. නව ජනාධිපතිවරයාගේ වැදගත් එමෙන්ම තිබිය යුතු සියලු ගුණාංග මෙම කොඩි විස්තර වාර්තාවේ මුල් පේලි කිහිපයෙන් කදිමට පැහැදිලි කර දී තිබෙනවා. ඒ සියලු අරුත්බර කරුණු කාරණා එතුමාගේ මුළු පාලන කාලය තුලම පාට, පක්ෂ, ජාති, ආගම් භේද වලින් තොරව සමස්ත රටටත්, රටවැසියන්ටත් ලැබේවායි මතමු! කෙසේ උනත් ජනාධිපතිවරණය නිමවී දින දෙකක් තුළ මෙවැනි ධජයක් නිර්මාණය කිරීම ඉතාමත්ම අසීරු කරුණක් හෙයින් එතුමා නාම යෝජනා භාරදුන් දිනවල පටන්ම ආරම්භ කල කටයුත්තක වටිනා ප්‍රතිපලයක් බව මේ කොඩියෙන් මොනවට පැහැදිලි වෙනවා......

:       19       208

de silva Tuesday, 19 November 2019 02:20 AM

ඝෝටභය මහත්මයාණෙනි දැන් අපට අවශ්‍ය කොඩි, ධජ සහ ප්‍රශස්ති ගී නොවේ දැනට රටේ සිටින පාතාල කප්පම් , කුඩු මුදලාලිලා මර්ධනය කර , අලුත් කණ්ඩායම් වලට හිස එසවෙන්න නොදී , තංගල්ලේ සභාපති , ජුලම්පිටියේ අමරේ වැනි අපරධ කාරයෝ නිදහස් නොකර , එස් බි වැනි බොරු කාරයන් ගෙන් ඈත්වෙලා, වීරවංශ වැනි කෙවට්ටයන්ගේ මහරජාට ඇන්දවීම් වලට හසු නොවී, රටේ දුෂණය, වංචාව වැනි දේවල් තුරන් කරලා, රටේ නීතියේ අධිපත්‍යය තහවුරු කරලා රට පාලනය කරන එක, මේ සඳහා අවශ්‍ය දැනුම, පලපුරුද සහ බලය ඔබට තිබේ.

:       0       566

MaheeTuesday, 19 November 2019 04:04 AM

ඔබේ ප්‍රර්ථනා ප්‍රමාණය බොහොම වැඩියි නොවැ. හැබැයි, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කලොත් අනික් සියල්ලම එයින් ඉටු වෙනවා. ඒ හින්ද නීතියේ ආධිපත්‍යය සැබෑවටම රට තුල ස්ථාපිත කලොත් මම ගෝඨාභය වෙනුවෙන් ඉතාම කැමැත්තෙන් කඩේ යනවා.

:       0       24

nirmal Tuesday, 19 November 2019 03:10 AM

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහිමි වන බවයි.

:       7       208

jayath Tuesday, 19 November 2019 04:06 AM

ඡන්දෙට කලින් පොරවල් වෙලා ගෝඨව අසාධාරණ විදියට පතුරු ගහපු අය කොහෙද ? නින්ද ගිහින්ද මන්දා. ඡන්දෙ දවසේ නිදි මරලා සමහර එන්.ජී.ඕ කාරයෝ ටිකක් නම් ඉන්නවා තමයි පිට රටට වෙලා බක බක ගාන. මේ රටේ ලක්ෂ 69 ක් ජන තාව ඒ අය ගණන් ගන්නේ නැහැ.

:       45       286

අනේ ඉතින් Tuesday, 19 November 2019 04:39 AM

කව්රුහරි පේන්න කඩේ යනවා නේ? ඕක අකුලාගෙන ගෙදර තියාගන්න. මොකද නව ජනපතිට ඔය අද්භූත වැඩ අල්ලන්නේ නැහැ. ඔහුට ඒවා අවශ්‍යත් නැහැ.

:       0       29

bul Tuesday, 19 November 2019 04:40 AM

නව ජනාධිපතිතුමනි, ඔබට සුභ පතන අතර ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට සුදුස්සාට පමණක් සුදුසු තැන දෙන්න.

:       0       79

Akila Tuesday, 19 November 2019 04:43 AM

ජනදිපතිට විතරක් වෙනම නිල ධජයක් මොකටද ? ඇයි ජාතික කොඩිය හරි නැත්ද ? මොනවද මේ විකාර වැඩ ? උමතු පාලකයෝව හදන්නේ මිනිස්සුන්ම තමයි

:       128       57

උදුම්බරා Tuesday, 19 November 2019 06:00 AM

ඕකද රටට තියෙන ලොකුම් ප්‍රශ ? අනේ රටේ අද තියෙන බරපතල ප්‍රශ්න විසදන්න බලන්නකෝ.

:       312       30

Daham Tuesday, 19 November 2019 06:44 AM

මේ තරම් ඉක්මනට මේවා සාදන්නේ දිනන්නට පෙරම කළ වැඩද ?

:       0       5

jayantha Tuesday, 19 November 2019 08:10 AM

ගරු ජනාදධිපතිතුමනි, දේශපාලකයෝ නම් ඕන තරම් ඉන්නවා. අපිට නැත්තේ නායකයෙක්. ඒ නිසා හොරු කණ්ඩායම ඉවත් කරලා අලුත් පිරිසක් සමග රට දියුණු ක‍රන්න බලන්න. ඔබතුමාට ජය ගෙනදුන් කිසිම කෙනෙක් ඔය වටේ ඉන්න හිටපු හොරු රැළට කැමති නැහැ. ඒ තමා නීරස ඇත්ත.

:       0       19

සනත් ඉතාලිය Tuesday, 19 November 2019 08:30 AM

අමතක කරන්න එපා. මෙතුමා වියත්මග වැඩසටහන පටන්ගත්තේ මීට වසර ගණනකට කලින්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1605 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 788 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 657 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 572 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 529 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site