IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනපති කාර්ය මණ්ඩල: නිලරථ සීමාවෙයි

(නාලක සංජීව දහනායක)

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හා නිල රථ සීමා කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලය බොහෝ දුරට පනහට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩල හා අමාත්‍ය නිල රථද සීමා කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමෙන් වියදම හා නාස්තිය අධික වන බැවින් මුදල් ඉතිරිකර ගැනීමේ පියවරක් වශයෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට නියමිතය.

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත්, මහාමාර්ගවල අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනාධිපතිවරයා පෙරේදා උපදෙස් දුන් අතර ඒ අනුව මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතනවල  රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර ඇත.



අදහස් (27)

ජනපති කාර්ය මණ්ඩල: නිලරථ සීමාවෙයි

Bandara Wednesday, 20 November 2019 06:36 AM

නියමයි.

:       28       498

Tharindu PereraWednesday, 20 November 2019 09:05 AM

අවසානය ‌වෙනකම් ‌මේ විදිහට වැඩකළොත් නියමෙටම නියමයි!

:       0       38

upali Wednesday, 20 November 2019 06:47 AM

සිදු කරන වෙනස්කම් ඉතා හොදයි.. මෙය දිගටම රැකගැනීමේ අභියෝගට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ලැබේවා.

:       0       409

ලයනල් ගුණපාල Wednesday, 20 November 2019 06:49 AM

අපගේ රට ගොඩනැගීමට කලයුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතී. සියලු රට වැසියාගේ අවංක අශිර්වාදය හා සහයෝගය හිමිවිය යුතුය.

:       46       159

නිශාන් Wednesday, 20 November 2019 06:51 AM

අපේ හිටපු සරල ජනාධිපතිතුමත් වැඩ පටන් ගත්තේ රුපියල් දහයේ බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා. ඔහොම යමු...

:       319       202

Hemantha Wednesday, 20 November 2019 06:58 AM

මම ඔබතුමාට ඡන්දය දුන්නේ නැහැ. නමුත් මේ කරන වෙනස්කම් වලට හරි කැමති. ඉදිරියටත් මේවගේ රටට හිතැති තීරණ ගැනීමට ශක්තිය ලැබේවා.!

:       0       128

Uditha - London Wednesday, 20 November 2019 06:58 AM

රට නන්නත්තාර වෙලා තිබුනේ... මට නම් දරුවෙකුට තාත්තා කෙනෙක් නැති වෙලා අපහු තාත්තා හම්බ උන වගේ හැගීමක් තියනවා... ඔබ තුමා රටට සේවය කරන්න. ඔබ තුමා අපේ සේවකයෙක්. මහා ජනතාව ඔබ තුමාව ඔතනට උස්සල තිබ්බේ. විශේෂයෙන් සිංහල ජනතාව ඔබතුමාව උස්සලා ගෙනාවේ... රට ගොඩ ගන්න.. හොරු ලන් කර ගන්න නම් එපා.. ඔබට සුබ පැතුම්!!!

:       81       300

dinesh Wednesday, 20 November 2019 06:59 AM

ඉතාම හොඳ වැඩක්.

:       0       40

dinesh Wednesday, 20 November 2019 06:59 AM

ඉතාම හොඳ වැඩක්

:       1       17

Bul Wednesday, 20 November 2019 07:01 AM

අනිකුත් රාජ්‍ය ආයතන වලද මෙය පටන් ගන්න.. සමහර නිලධාරීන් වාහන 2 , 3 තියාගෙන ඉන්නවා... බිරින්දෑවරුන්ට වෙනම තියෙනවා.

:       0       35

sharm warn Wednesday, 20 November 2019 07:01 AM

අනේ දෙයියනේ ... දැන්වත් අපේ බදු මුදල් වලින් හරි ප්‍රයෝජනයක් රට ට ලැබෙන්න කියලා පතනවා... තව තියෙනවා සුද්ධ කරන්න ගොඩක් කුණු.

:       0       56

Pradeep Wednesday, 20 November 2019 07:05 AM

මෙයයි අප පැතූ වෙනස. විශිෂ්ටයි ජනපතිදුනි..

:       28       174

ජි අජිත් Wednesday, 20 November 2019 07:31 AM

ඉතා හොද ආදර්ශයක් ජනපතිතුමනි, දැන් ඉතින් මැති ඇමතිවරැන්ටත් මේ වගේ රට ගැන හිතල තීරණ ගන්න වෙනවා.

:       0       26

sathsara fernando Wednesday, 20 November 2019 07:36 AM

වැදගත් තීරණයක්. ජය වේවා !

:       0       39

Raveendra Wednesday, 20 November 2019 07:39 AM

ඇත්තෙන්ම අනවශ්‍යය කාර්ය මණ්ඩලය අඩුකිරීම බොහොම හොදයි. අප විශ්වාස කරනවා අපගේ නවතම මුල් පුරවැසියාට සියලුම අංශවල අනවශ්‍ය වියහියදම් අඩුකිරීමට හැකිවේවා කියා. එමෙන්ම ඔය එක එක මුල් ගල් තැබීම, විවෘත කිරීම් වලට යන අති විශාල මුදල් සම්බාරයත් ඉතිරිකර ගැනුමට " එවන් බොළද මෝඩ වැඩ " මුළුමනින්ම නවතා තැබිය යුතුය.

:       0       29

Akanaj Wednesday, 20 November 2019 07:57 AM

ඔව් හිටපු මැතිතුමාත් පටන්ගත්තේ ඔහොම තමයි. ඉවර උන හැටි හැමෝම දන්නවනේ .ඔබතුමාගේ ඔය වටිනා තීරණ එන මහා ජන්දයෙන් පස්සෙත් පාලන කාලය අවසන් වෙනකම් තිබුනොත් නිසැකයෙන්ම ඊලග ජනපතිත් ඔබයි.

:       4       58

RaveendraWednesday, 20 November 2019 09:42 AM

Akanaj මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. හිටපු මුල් පුරවැසිය පටන්ගත්තේ මෙහෙම තමා එය නිවැරදියි. නමුත් එහෙම පටන්ගෙන අවසානය සැමටම දුකක් වූබව නොරහසකි. එය නවතම මුල්පුරවසියා නොදන්නවා යයි අප සිතනවා නම් ඒ පිලිබදව අප සියල්ලෝටම දෙවරක් නොවේ කීපවරක්ම සිතිය යුතුය. අප විස්වාස කරනවා මොහුට ඒ ගැන හොද අවබෝදයක් තියෙයි කියා.

:       0       100

අරා Wednesday, 20 November 2019 08:02 AM

ආරම්භය පමණි........

:       59       41

chris Wednesday, 20 November 2019 08:24 AM

සරලකමත් අවංකකමත් උඩින් පටන්ගත්තොත් පහළටත් ගලාබසීවී ලාංකීය ජනතාව දැන් වෙනදාටත් වඩා දේශපාලකයන් ගැන අවධානයෙන් ඉන්නා බව මෙවර මැතිවරණයේ ප්‍රතිපලවලින් පැහැදිලියි බලය ලබගත් අය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බැදී ඇත.

:       0       12

සංජීව Wednesday, 20 November 2019 08:28 AM

එතුමාට මේ වැඩ දිගටම කරගෙන යන්න නම් නාස්තිය පිටු දකින අවංක කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. නැත්නම් ඒ අය බලය පාවිචි කරලා එතුමාව අයින් කරන්න බලයි. විස්වාසභංග එහෙම ගෙනත්....

:       0       11

මම1 Wednesday, 20 November 2019 08:45 AM

ඔබගේ ප්‍රතිවාදී අපේක්ෂකයා යෝජනා කල තීරු බදු රහිත වාහන පර්මිට් නවතා දැමීමත් කියාත්මක කල යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඔවුන්ට කඩේ යන හිමි වරුන්ටත් වාහන් පර්මිට් දුන්නා. කරුණාකර සියළුම වාහන පර්මිට් නවතා මැදපෙරදිග වහල් සේවයෙන් ලැබෙනා විදේශ විනිමය ඉතීරිකරන්න.

:       0       89

de silva Wednesday, 20 November 2019 09:20 AM

පුලුවන්නම් ඔය වැඩකට නැති පළාත් සභාත් අහෝසි කරලා දමන්න. එතකොට තව විශාල මුදලක් ඉතුරු වෙනවා. අර ඇමතිවරු පාවිච්චි කරන v8 වෙන්දේසි කරලා දමන්න. ඔවුන්ට කියන්න මන්ත්‍රීකමට ඔවුන්ට දුන්න තීරුබදු රහිත වාහනය භාවිතා කරන්න කියලා. මෙවැනි දේවල් කළොත් අපට ගෙවන්න තිබෙන ණය කන්දේ පොළියෙන් 25% ක් විතර ශේප් කරගන්න පුළුවන්. නැතිනම් සිදු වෙන්නේ ණය පොලිය ගෙවන්න අලුත් ණය ගැනීමෙන් ණය කන්ද ලොකුවෙලා, බදු වැඩිවෙලා ජිවන බර ඉහළ ගොස් එල්ලෙන්න වැලක්වත් නැති වෙන එකයි. එහෙම වුනොත් අපට සිදුවෙන්නේ තව අවරුදු 10-15 ක් පිට රටකට ගිහින් පදිංචි වෙන්න.

:       0       37

sampath Wednesday, 20 November 2019 09:36 AM

සමහර කාර්ය මණ්ඩලය බාදාවක් කිසි කෙනෙක්ට කිසිම අවශ්‍යතාවයකට අදාල තැනට එන්න බැහැ එහෙම එන්න පුළුවන් ඉන්න නිළධාරීන්ට පඬුරු පාක්කුඩම් අල්ලස් සපයන අයට විතරයි.

:       0       1

sampath Wednesday, 20 November 2019 09:39 AM

ලංකාවේ වාහන කී දාහක් නාස්ති වෙනවද? සුලු අලුත් වැඩියාවකින් හදන්න පුළුවන්. ඒවා දිරන්න දීලා අලුත් ඒවා ගෙන්නනවා. කාටවත් දෙන්නෙත් නැහැ. විකුණලා දාන්නෙත් නැහැ. ඔහේ දිරමින් නාස්තිවෙන වාහන හොයලා බැලුවොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා.

:       0       1

wimal Wednesday, 20 November 2019 09:42 AM

ජයවේවා අති ගරු ජනාධිපති තුමනි. ඔබ කරන වෙනස්කම් හරියට හරි , මුළු ලෝකයම බලන් ඉන්නේ ඔබ තුමාගේ හැකියාව. ටික දවසකින් සියලු ජනයා ඔබ සමගයි. අපි හිත් වලට තදින් වැදිලා ඉවරයි ඔබේ හැකියාව. ඇත්තටම ගොඩක් අය දැනුවත් නැහැ ඔබ තුමා ගැන. මේ අපේ රට ටික කාලයකින් සම්පුර්ණ වෙනසක් වෙයි කියලා හිතනවා. සුබ දවසක්.

:       0       1

Yashika Wednesday, 20 November 2019 10:09 AM

අවසානය ‌වෙනකම් ‌මේ විදිහට වැඩකළොත් නියමෙටම නියමයි...!

:       0       0

M G Bernard Wednesday, 20 November 2019 10:21 AM

මෙය ඉතාමත් ප්‍රශංසනීයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1134 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2707 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1117 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 195 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 902 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 426 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1629 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site