IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘ජනපති අපේක්ෂකත්වයට සජිත්ව පත්නොකළොත් කොළඹ වටලනවා‘‘

(චන්ද්‍ර සේන ගමගේ)

ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (26) සවස තංගල්ලේ දී පැවසීය.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය මගින් පවත්වනු ලැබූ බහු දින ධීවර යාත්‍රා නියමු වැඩසටහනට සහභාගි වූවන් සඳහා සහතික පත්‍ර ලබාදීමේ උත්සවයේදී රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ධීවර රාජ්‍ය ඇමතිවරයා මෙසේද පැවැසීය.

      ‘‘ජනාධිපති මැතිවරණයේ එ.ජා.ප.යේ ජනාධිපති අපෙක්ෂකයා දින 10ක් තුළ නම් කරන ලෙසට අපි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් වැඩක් කළ හොරකම දූෂණය නැති සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අපේ ජනාධිපති අපේක්ෂකයා කරන ලෙසට මේ රටේ ආගමික නායකයින් , පාර්ලිමෙන්තුවේ ඉන්න එ.ජා.ප මන්ත්‍රීවරුන් සහ මේ රටේ පොදු මහජනතාව සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප යේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කියා ඉල්ලීමක් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා තිබෙනවා.

එවැනි ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන්නේ නැතිනම් රට පුරා ඉන්න එජාප පාක්ෂකියින්  කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂොණයකට අපි යනවා.

94 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පැරදුනාම කතරගම පැවති සම්මේලනයේදී එතුමා පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න සූදානම් වුණා.

නමුත් අපි එතුමාට එසේ නායකත්වයෙන් ඉවත් වෙන්න එපා කියා ඉල්ලීමක් කළා.එතැන් පටන් එතුමා විපක්ෂ නායකයා ලෙස මේ රටේ අවුරුදු 25 ක් හිටියා.

දැන් එ.ජා.ප.ට ජනාධිපතිවරයෙකු බිහි කර ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. එය ජයග්‍රහණය කරන්න පුළුවන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට දැම්මොත් පමණයි.

එම අවස්ථාව මග නොහරින ලෙසට මම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.‘‘

 

 



අදහස් (37)

‘‘ජනපති අපේක්ෂකත්වයට සජිත්ව පත්නොකළොත් කොළඹ වටලනවා‘‘

ගල්කටස් Monday, 26 August 2019 01:46 PM

සජිත් නෙමෙයි, කවුරු දැම්මත් මේ පාර ඔයාලා හබක් මහත්මයා..., එ් තරමට මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ...

:       1590       1526

විජිත් Monday, 26 August 2019 03:48 PM

ඔබ හරි ගල්කටස් මල්ලි. මේ පාර රට හදන්න උගතුන් රැසක් බිහිවෙන්නේ, අලුත්ම ව්‍යවස්ථාවකුත් සමගයි. රටට අවංකවම ආදරේ කරන සියලු දෙනාම ඒ අයට සහයෝගය දෙන්න.

:       5       429

පුරවැසියා Monday, 26 August 2019 09:35 PM

උගත් තරුණ පිරිස් සහ " undecided voters " පමණක් නොව දේශපාලනය එපාවී දේශපාලනයෙන් අත්වී සිටින දුෂණ විරෝදී පිරිස රටේ සිටින නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ඡන්දය මෙවර දිය යුත්තේ පරණ පුරුදු මඩ දේශපාලනය ඉදිරියට ගෙන නොයන අලුතින් සිතන අලුත් උගත් බුද්දිමත් අපේක්ෂකයකුට හෝ අපේක්ෂිකාවකට බව ඉතාම පැහැදිලිය. නොඑසේනම් මෙවර ජනදිපතිවරණයේදී පරණ පුරුදු ජනප්ප්රියත්වය මත අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත්, අපේක්ෂකයාගේ ජනප්‍රියත්වය මත රටේ අනාගතය බෝවීමට දිය නොහැකි බව දුෂණ විරෝදී උගත් බුද්දිමත් තරුණ පිරිස්වල මතය වේ. ලංකාවේ දේශපාලන පිටියේ වෙනසක් ඇතිවිය යුතුය.

:       1       66

විනිවිදMonday, 26 August 2019 04:27 PM

ඔය සද්දවලට බය නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නොමැත. අපට සජිත්ගෙන් ප්‍රශ්නයක් නොමැත. අපට ඇත්තේ සජිත්ගේ උගත්කම සහ බුද්ධිමත්කම පිළිබඳව තිබෙන ප්‍රශ්නයකි. සජිත් වටා ඔබ වැනි දේශපාලකයන් සිටීමෙන් එය ඉතාම පැහැදිලිය.

:       574       814

සිරිබිරිස්Tuesday, 27 August 2019 12:11 AM

පක්ෂ නායකයා බියවද්දා කටයුතු කිරීමට සූදානම්වීමෙන් නුඹ කිසිම විනයක් නැති සෙල්ලම් පිස්තෝලයා මෙන් කටයුතු කරන නූගතෙක්බව පැහැදිලි වෙනවා.

:       1       247

sirimal Monday, 26 August 2019 01:59 PM

මේ මහත්තයා එහෙම කියනවා. ඒ අතරේ අනික් මහත්තයා " සජිත්ට අපේක්ෂකත්වය ලබාදීමට බල කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන" බව කියනවා. එ් මහත්තයා කියන්නේ " මේ වැඩේ කෙරුනේ නැත්නම් තමන්ගේ කීර්ති නාමයට කැළලක් වෙන නිසා බණ්ඩාරගම ආසනයෙන් දහදහසකට අධික එජාප සාමාජිකයින් පිරිසක් පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටට ගෙන්වා එහි වේදිකාවක් ඉදිකර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද මාරාන්තික උපවාසය ආරම්භ කරන" බවයි. කාටද දන්නේ නැහැ පිස්සු. පක්ෂයක තීරණයක් මේ අන්දමට "තගදමා" වෙනස් කරවා ගන්න හදන මේ මහත්තුරු මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කරනු නොඅනුමානයි. මෙතෙක් කාලයක් පක්ෂයේ ආසන මට්ටමේ ශාඛා සමිති පිහිටුවා පාක්ෂිකයින් බඳවා ගැනීම් වැනි කිසිම කටයුත්තකට සහභාගී නොවුන අර දින 52 කාලයේ අහලකවත් පෙනෙන්නට නොසිටි කෙනෙක් කොහොමද එකම සුදුස්සා වෙන්නේ...? අගමැතිවරයා කියන්නේ ඔය අටවන්න යන සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර අවසන් වූ පසුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවයි. ඔහු කියන්නේ " ප්‍රතිපත්තියක් නැතුව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් වැඩක් වෙන්නේ නැති" බවයි. ඔය අවුල නිර්මාණය කළ අරයට නම් හිනා ඇති...

:       305       662

Lion Monday, 26 August 2019 02:04 PM

අම්මට සිරි සජිත් ඔය ගොල්ලන්ගේ දෙයියන්ද?

:       64       370

කපිල Monday, 26 August 2019 02:42 PM

කොළඹ නෙවෙයි සිරිකොත වටලන්න...

:       14       262

kolam boss Monday, 26 August 2019 03:00 PM

150 අධිබල හෝර්ස් පවර් පෙට්‍රල් එන්ජින් දෙකක්ම දාලා කැබින් එකත් ඒසී කරලා. ටිකට් එකක් කීයද...? මේවා හොඳයි රුපියල් 1000ක් විතර දීල‍ා බේරේ වැවේ ඩ්‍රින්ක් එකක් දාන්න. නැතුව හදිස්සියට කොටුවේ ඉඳලා යූනියන් ප්ලේස් වලට මේකේ නිකන් කෙනෙක් ගියොත් විකිණෙනවා. බස් එකේ මිලට ගෙනිච්චොත් එහෙම ශ්‍රී ලංකන් එකේ පාඩු පියවනවා වගේ මේකේ නොයන උන්ගෙනුත් අය කරයි. ඡන්ද ගුණ්ඩු තමයි. දැන් ඉතින් කියන්න පුළුවන්නේ අපි ජාල මාර්ග වලිනුත් ගමනාගමනය පටන් ගන්න යන්නේ කියලා...

:       165       300

chandima Monday, 26 August 2019 03:05 PM

කට්ටියම එපා වෙලා නිසා දෙකට බෙදිලා පොරකනවා වගේ පෙන්නලා ආයෙත් මිනිස්සුන්ගේ කැමැත්ත දිනාගෙන අන්තිමේ දෙන්නම කැමැත්තෙන් එකතු වුනා කියල අර රවට්ටගත්තු මිනිස්සු ටික දැලේ දාගන්න නේද හදන්නේ? මෙව්වට අහුවෙන අයට මොන සංවර්ධනයක්ද.

:       0       233

Nihal Monday, 26 August 2019 03:23 PM

කොළඹ තියනවා “බේරේ” කියලා වැවක්... මේ මිනිස්සු අවසාන වෙන්න ඕනේ එතැනයි...

:       13       234

ධනා Monday, 26 August 2019 03:27 PM

පක්ෂය ඇතුලේ ප්‍රශ්න විසඳාගන්න බැරිනම් සිරිකොතට වටලන්න. බොරුවට පාරවල් ගානේ මිනිසුන්ට වදයක් නොවේ..

:       34       243

Kumar Monday, 26 August 2019 04:06 PM

පෘතුගාලය, කොළඹ අල්ලා ඉන්න කාලේ තමා සීතාවක රජ්ජුරුවෝ කොළඹ වැටලුවේ. අන්තිමට හිස් අතින් අාපසු යන්න වුණානේ... ඔය කතාව කිව්ව මහත්මයා සීතාවක පැත්තෙන්ද?

:       33       173

Amila Monday, 26 August 2019 04:09 PM

හාමු මහත්තයා ඕක පක්ශේ කාටවත් දෙන්නේ නෑ. මහින්ද වගේ වෙනම බලවේගයක් හදාගෙන යන එක තමයි වෙන්න ඕනේ... ඔය පරණ පක්ෂ අතුගෑවිලා යන තරමට රටට හොඳයි..

:       31       261

vidya Monday, 26 August 2019 04:31 PM

අනුර දිසානායක, නාගනන්ද, පල්ලෙවත්තේ වගේ බුද්ධිමත් අදහස් දරන පිරිසක් අද කියන්නේ මේ වගේ කතා කියන, පාරවල් වල උපවාස කරන විප්ලවකාරීන්ගෙන් ගැලවිලා, අලුත් ක්‍රමවේදයක් පිලිබඳව හිතන්න තරුණ තරුණයිනි. ඉදිරියට එන මැතිවරණය ඉතාම වැදගත්. ඔබලාගේ අනාගතය තීරණය වන්නේ එදාට. පරණ සෙට් එකම අවලංගු කල යුතුයි.

:       11       301

samTuesday, 27 August 2019 05:43 AM

ජේවීපී එකේ අසු ගණන්වලදී කරා වගේ උපවාස කරනවාට වඩා හොඳඳ?

:       1       1

නොකවුට් Monday, 26 August 2019 05:22 PM

කොළඹ වටලන්න. හරියට මෙයාලගේ බූදලයක් වගේ කොළඹ

:       1       232

kavantissa Monday, 26 August 2019 05:31 PM

චන්ඩිකමින් ඡන්දය ගන්න හදන පක්ෂය බවට එජාප ය පත් වූ බවයි මෙයින් පෙනී යන්නේ. තව දිනුවොත් කොහොමද?

:       611       333

chandima Monday, 26 August 2019 07:40 PM

එන්නකෝ බලන්න කොළොඹට...

:       1       8

sarath R Monday, 26 August 2019 09:30 PM

රනිල්ගේ අදහස අනුරට යුඇන්පී සහය දීල අයෙමත් විපක්ෂ නායක වෙන්න වගේ.

:       0       1

DD Tuesday, 27 August 2019 01:01 AM

දැන් ඔහොම නම් දිනුවොත් මොනවා වටලයිද. ජනතා බලාපොරොත්තු ඕව නොවේ.

:       0       0

Ruwan Tuesday, 27 August 2019 01:26 AM

එච්චර ම බංකොලොත් වෙලාද....? අනික සජිත් එන්නෙ ඔක්කොම නිකං දෙන්න ....එහෙම දෙන්න මහ භාන්ඩාගාරෙට සල්ලි උනනවද කොහෙන්හරි...? ලගදි දැක්ක ඩිජිටල් යුගය ක් කරනව කියල කියනව.... ඒත්.. මුඩුක්කු වගේ ගෙවල් හදනවා .... ඒව අදට නොගැලපෙන්නක් ගමකට ගෙවල් ඇයි බැරි පොඩි ඉඩක අපාට්මන්ට් හදල ඉතිරි අනික් ඉඩම් වල කෑමට වගා කරගන්න කියල ඒ අයටම දෙන්න

:       1       14

Wimal Ratnayaka Tuesday, 27 August 2019 02:19 AM

මේ වගේ මොලේ විකල් අයද ජනතාවගේ නියෝජිතයෝ වෙන්න බල්ලනේ?

:       0       12

ලුම්බිණි Tuesday, 27 August 2019 03:05 AM

සහතික පත්‍ර ලබාදීමේ උත්සවයේදී මේ වගේ කතාවල් කරන්න තරම් අද ඉන්න ඇමතිලා බුද්ධිමත් වෙලා.

:       0       12

suddaTuesday, 27 August 2019 07:56 AM

ඔව් මේත් පොදු දේපල අවභාවිතාවක් තමයි. රාජ්‍ය උත්සවයකදී පුද්ගලික පක්ෂ ප්‍රශ්න ඇදගෙන ඒ මදිවට බලහත්කාරයෙන් බලය ඇල්ලීමක් ගැන තර්ජනයක් කරන්නේ...

:       0       0

menna Tuesday, 27 August 2019 03:51 AM

ඇමති සජිත්ව අමාරුවේ දාන්න වගේ හදන්නේ. අඩු ගානේ ඇමති සජිත් වගේ උඩ රැවුල කපලවත් කිව්වනම් හදවතින්මයි කියන්නේ කියල හිතා ගන්න පුළුවන්.

:       0       13

sujiwa nanayakkara Tuesday, 27 August 2019 04:30 AM

පිස්සුද මේ සිගිති මන්ත්‍රිලට.

:       0       0

isurandi Tuesday, 27 August 2019 04:50 AM

පක්ෂ පාට වලින් ඇත්වෙලා බුද්ධිමත්ව ඉදිරිය ගැන සිතන්න.මේ සදහා අලුත් බලවේගයක් ක්‍රියාත්මක වේ.

:       0       41

sharm warn Tuesday, 27 August 2019 04:53 AM

කොළඹ වටලන්න ? අඩු ගානේ කොළඹ සිතියම වත් දැකලා තියෙනවද? වටලන්න තියා හදිස්සියකට කිලෝ මීටරයක් යන්න බැහැ පැය බාගෙයක් වැය නොකර.. වටලන්න කතාව. ලංකාවේ ඉන්නවා පරණ මී හරක්. මොන පක්ෂෙන් කිව්වත් බත් මුලයි ගල් බාගෙයි දුන්නම ට්‍රුම්ප් වෙනුවෙන් හරි පෙළපාලි යන්න.

:       0       1

Sugath Premalal Tuesday, 27 August 2019 05:16 AM

මොන උපවාසය කලත්, මොන වැටලීම් කලත් ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ . ජනතාව හොදටම හෙම්බත් වෙලා ඉන්නේ . සුරඟන කතා වලට ජනතාව රැවටෙන්නේ නැහැ .

:       0       0

Rata Perata Tuesday, 27 August 2019 06:15 AM

මේ වගේ අදහස් තියෙන මිනිස්සුන්ට ඡන්දෙ දුන්න මිනිස්සුන්ටයි ගහන්න ඕන.

:       0       1

Ajith Tuesday, 27 August 2019 07:26 AM

අපි කොහොමත් සජිත් මහතා එක්කයි.

:       191       2

Amara Tuesday, 27 August 2019 07:43 AM

වටලලා ගෙන්න තරම් දෙයක් නෑ..... ණයට අරන් ගෙවල් හදල කන්න දුන්නු යුගය දැන් ඉවරයි. විදිමත් පිළිගත හැකි වැඩ පිළිවෙලක් දැක්මක් නැතුව නිකන් වන්දීය පූජනීය අර්යාවෝ එක්ක කරන්ඩ පුළුවන් දෙයක් නමේ මේක. වද නොදී ඉන්ට අනේ.

:       0       24

Ananda Tuesday, 27 August 2019 07:43 AM

ඔය පක්ෂයේ ඔය වගේම නුගත් පිරිසක් තවත් ගොඩක් ඉන්නව මුළු සිරිකොතම මෙහෙම තමයි.

:       1       13

thilakasiri Tuesday, 27 August 2019 09:30 AM

ජනාධිපත්වරණය දිනන්නේ කවුද කියලා ඡන්න්දය තිබ්බට පහුවෙනිදා කටත් දැනගන්න පුළුවන්. රනිල් ගැන ඇහැව්වොත් කව්රුත් කියන්නේ ටලිෆොන් කෝල් එකකින් ලෝකේ ඕනෑම රාජ්‍ය නායකයෙක් මෙහෙයවියැහැකි ජාත්‍යන්තර කිර්තිය දිනු, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයෙහි සාමාජිකයෙකු වූ,1970 දී කැළණි ප්‍රධාන සංවිධායක 1977 දී බියගම ප්‍රධාන සංවිධායක 1977 සිට විදේශ කටයුතු රැකියා හා තරුණ කටයුතු අධ්‍යාපන කර්මාන්ත යන ඇමතිකම් ද 1994 දී පක්ෂ නායක1993-1994 2001-2004 2015 - 2018 ඔක්තොබෙර් හා 2018 ඔක්තොබෙර් සිට මේ දක්වා 4-වරක් අගමැති පදවිය දැරූ විරුද්ධ පක්ෂ නායක කම දැරූ දේශපාලනය පිළබඳ පලපුරුද්දෙන්ම ලැබූ හසල බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික ඥානයක් ඇති ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් හමුවේ ගැඹුරු මහා සයුර සේ නොසැලී තීන්දු තීරණ ගන්නා අයෙකු බවය. සජිත් ගැන ඇහැව්වොත් කවුරුත් කියන්නේ රනිල්ගේ නායකත්වය යටතේ 2001-2004 සෞඛ්‍ය උප ඇමති කම හා 2015 සිට නිවාස හා ඉදිකිරීම් ඇමති කම ද 2015 ජනපතිවරණයට පෙර රනිල් එලවා පක්ෂ නායකයා වෙන්න පිරිසක් සමග ගල් මුල් පහර එල්ලකර රනිල් විරෝධී මතවාදීන්ට සහය දී මෛත්‍රී ජනපති වීමෙන් පසු බලෙන් ජනපති වෙන්න හදන බවය

:       0       0

තර්ස්තයා Tuesday, 27 August 2019 11:23 AM

අනේ අපොයි , දෙයියන්ගේ නාමෙට කොළොඹ වටලන්න ඉස්සෙල්ල , නගර සභාවට දන්වල වැසිකිලි පහසුකම් සලස්සන්න . මීට ඉස්සෙල්ල එක කට්ටියක් කොළබ වටලන්න ගිහින් මුළු ප්‍රධාන නගරයම ගද ගැස්සෙව්වනේ. මොකද එක්කගෙන එන්නේ එතනෝල් කාරයෝ ටිකනේ සල්ලි වලට . මුළු ලෝකෙටම අපේ දේශපාලනේ දැන් ගද ගහලයි තියෙන්නේ . මහත්මා ගතිගුණ ඇත්තෙක් සොයන්න කොහොමත් අමාරුයි.

:       0       1

thilakasiri Wednesday, 28 August 2019 09:11 AM

මේ දවස්වල සජිත් ගහේ නග්ගන්න හදන මහින්ද හා මෛත්‍රිවටා ඉන්න පිරිස තමයි සජිත්ගේ පෙළපාලි හා රැස්වීම්වල සජිත්ව ඕනේ කියලා කෑගහමින් වැඩිපුර ඉන්නේ... එජාප පාක්ෂිකයෝ බහුතරය පක්ෂ විනය කඩකර ඒකාධිපති මන්ද බුද්ධික මැරවරයෙකු සේ පක්ෂ නායකයා බිය ගන්වා ජනපති වෙන්න හදන නිසා පක්ෂය හෑල්ලුවෙනවා කියලා දැන් සජිත් එක්ක තරහින් ඉන්නේ. සජිත් කියන කරන ඒවා කරලා විවිධ ජාති, ආගම් දේශපාලන මතවාද ලෝක බලපෑම් පාලනය කර නවීන තාක්ෂණික ලෝකයෙහි වත්මන් ආර්ථික රටාව සමග පෑහී ණය නැතිව ජිවත්විය හැකි රටක් බවට මේ රට පත්කරන්න කෙසේවත් බැරිය. ඒ සඳහා ඒ ඒ විෂය ඥානය සමග පලපුරුද්ද නිසිපරිදි ඇති පුද්ගලයින්ගෙන් සැදුම්ලත් අැමැති මණ්ඩලයක් සහිත රජයක් අවශ්‍ය වන්නේය. තනි මතයට කිසිවෙකුට කළ නොහැකි මේ පාලනය තමන් කරන බව කියන හැමකෙනාම මහාබොරු කාරයින්ය. ඉදිරි ජනපතිවරණයෙන් දිනන කිසිවෙකුට තනිමතයට ක්‍රියාකිරීමේ නීත්‍යානුකූල බලයක් නැති අතර පාර්ලිමේන්තුව සමග සාමූහිකව ක්‍රියාකරමින් සමාජ මෙහෙවර කළයුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 90 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 381 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 125 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 151 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 386 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2849 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site