IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති-අගමැති වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිති

(ඩයනා උදයංගනී)

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ රජය පෙනී සිටින බව  කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රටේ නිලධාරීන් ජාතිය ගැන සිතා නීතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක කරන්නේ නම් රජය එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

මීගමුව කලපුව ආශි‍්‍රතව ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට තරම් හේතුවක් නොමැති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවාදයක යෙදුණා මිස වරදකාරී අයුරින් හැසිරී නොමැති බවද කැබිනට් ප‍්‍රකාශකවරයා කීවේය.



අදහස් (57)

ජනපති-අගමැති වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිති

MD Thursday, 13 February 2020 08:36 AM

එය එසේම විය යුතුයි... ජයවේවා!!!

:       12       383

WijebahuThursday, 13 February 2020 09:25 AM

ඔව් මිනිස්සුන්ගේ විරෝධය නිසා ඡන්ද ගරාගන්න මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි.

:       1634       1734

athuraThursday, 13 February 2020 11:14 AM

දැන් ඔය ඇමති ආණ්ඩුවේ කෙනෙක් නෙමෙයිද කොන්දපන තියන ජනාධිපතිට පුළුවන්නේ මෙයාව ඇමතිකමෙන් අයින් කරන්න.

:       4       251

ඒකනායක Thursday, 13 February 2020 11:14 AM

ඔබතුමිය රජයේ නිලධාරිනියක් අපව පත් කරලා තිබෙන්නේ රටට සේවය කරන්න කොහොම හරි මේක කරන්න ඕනා. නිතිය නොනැවී නොකැඩි බේරුණු විරල අවස්ථාවක්. කිසිම අධ්‍යාපනයක් නොමැති දේශපාලකයන්ට රාජ්‍ය සේවකයන් කෙසේවත් යටත් නොවිය යුතුවේ

:       0       400

සඳුන්Thursday, 13 February 2020 01:13 PM

ලංකා ඉතිහාසයේ මුල් වතාවට රැවුලයි, කැඳයි දෙකම ඕනැලු... ඇයි ලඟ ලඟ ඡන්දයක් එනවනේ... හූ... අපි නොදන්න ලයිව්...!!

:       1       346

abaranFriday, 14 February 2020 01:10 AM

එක එක්කෙනා පෙනී හිටින්ට මේක නඩුවක්ද ? පෙනී හිටිනවානම් පෙනී හිටින්ට කොච්චර දේවල් තියෙනවද?

:       0       13

විජිත් Thursday, 13 February 2020 08:51 AM

ඔය කියන ඇමතිවරයා පාසලේ 5 ශ්‍රේණියටවත් නොගිය රස්තියාදු කාරයෙක් බව ඔහුගේ ප්‍රක්ෂයෙන්ම පෙනෙනවා. ඊටත් හපන් ඔහු වටේ සිටි වහල් අඳබාලයින් ටික... මේ නිලධාරිනිය පරිසරය පිළිබඳව බොහෝ උගත්, බුද්ධිමත් එමෙන්ම කිසිකෙනෙකුට නොනැමෙන සුළු අවංක කෙනෙකි. මෙවැනි නිලධාරීන් 1000ක් අපේ රටේ සිටියා නම් අපිට මෙහෙම ලෝකෙට ණයවී නිවටයන් වන්නට, සිදු නොවන්නට තිබුණා.

:       32       1067

RohanaThursday, 13 February 2020 09:23 AM

සම්පූර්ණ ඇත්ත. අපිත් ඔබගේ මතයට එකඟ වෙමු.

:       0       6

deewarayaThursday, 13 February 2020 09:46 AM

මොහු නිසා ධීවර ජනතාවත් හැල්ලුවට පත්වෙනවා වහාම මොහු පිලිබදව තීරණයක් ගන්න.

:       11       545

kamalThursday, 13 February 2020 10:36 AM

"පාසලේ 5 ශ්‍රේණියටවත් නොගිය කෙනෙක්ව" රට පාලනය කරන පාලකයෙක් කලේ මොන මෝඩයින්ද?

:       8       596

Hemantha Thursday, 13 February 2020 08:52 AM

ජනපතිතුමනි, දැන්වත් සුදුස්සන් ඇමතිකම්වලට දමන්න. මේ වගේ ඉස්කෝලේ නොගිය හැලපයෝ ඇමතිලා කරහම ඔබතුමාත් සවුත්තු වෙනවා.

:       41       741

sonaliThursday, 13 February 2020 09:54 AM

ජනපතිතුමනි, දැන්වත් මෙවැනි අය ඇමති දුරවලින් පලවා හරින්න. එවිට ඔබගේ අවංක වුවමනාව හා කියාවලියවල ප්‍රතිපල ලබාගත හැක.

:       0       324

hudsonThursday, 13 February 2020 10:01 AM

එ් ගොල්ලන්ගේ ඇමතිවරුන් 90%ක්ම ඔය වගේ තමයි. මේ ගොල්ලන් එක්ක මොන සිස්ටම් වෙනසක්ද?

:       61       325

Warnakulasuriya Thursday, 13 February 2020 10:29 AM

පාර්ලිමේන්තු එවන්නෙත් බහුතර වැඩකට නැති අය නොවන්නේද? වලව්වකට දර දිය අදිමින් වහල්කමේ යෙදුනා නම් එය එකම දේශපාලන සුදුසු කමයි.

:       3       319

wideshikayaThursday, 13 February 2020 10:34 AM

ඇමැතිකමට නොවෙයි මන්ත්‍රීකමටත් සුදුස්සන් දමන්න. මොලේ නැති සත්තු තනතුරුවලට දාපුවම ඔය දේ වෙනවා. ක්‍රීඩා කරන්න ඉස්සර වෙලා පණ රැකගෙන ඉන්න ඕනෑ බව සත්තුන්ට තේරෙන්නේ නැහැ.

:       0       436

Gamage Thursday, 13 February 2020 09:07 AM

එහෙම වෙන්න ඕනේ... මහජනතාවගේ කැමැත්තට ඔය කියන ජනපතිටවත්, අගමැතිටවත් යන්න බැහැ.

:       131       325

eresh S kumara Thursday, 13 February 2020 09:20 AM

නමුත් ඇමතිතුමා කිව්වේ ව්‍යාපෘතිය නවත්තන්නේ නෑ කියලා. කවුරු උනත් නීතියට අනුව වැඩ කරනවා නම් වඩා හොදයි.

:       0       1

kithsiri Thursday, 13 February 2020 09:21 AM

මහ ඡන්දේ තියෙනකල් විතරයි පස්සේ මේ නිලධාරිනිය හොයන්නත් බැරිවේවී. අපි නොදන්නා කට්ටිය.

:       0       15

sumith Thursday, 13 February 2020 09:22 AM

ඔය කිව්වට ලොකු පුටු දෙකේ දෙබෑයෝ කියාවිද දන්නේ නැහැ ඒක බන්දුලගේ පුද්ගලික අදහස අපේ අදහස නොවේ කියලා. කොහොම උනත් බියවිය නොවී ඉන්න දරුවෝ. මර්වින් ඇමතිතුමා නැහැනේ ඔය ළමයා ගස් බදින්න.

:       0       1

tharindi Thursday, 13 February 2020 09:23 AM

මහ ඡන්දෙට කලින් සුවිස් පනින්න හිටියෙත් අබසරණයි.

:       19       38

හේරත් Thursday, 13 February 2020 09:26 AM

මෙතුමිය වෙනුවෙන් ජනපති, අගමැති අමුතුවෙන් පෙනි සිටිමට අවශ්‍ය නැත! - කළ යුතුව ඇත්තේ එතුමියට ඇයගේ රාජකාරිය ඒ ආකාරයට කරගෙන යාමට අවශ්‍ය නිදහස ආරක්ෂා කරදීමයි. ජනපති, අගමැතිගේ කාර්යය විය යුත්තේ අර වගේ මන්ද බුද්ධිකයින් රටේ ආණ්ඩුවෙන්, දේශපාලනයෙන් ඈත්කර තැබීමයි...

:       0       1020

ravinThursday, 13 February 2020 03:51 PM

රටේ ඡන්ද දායකයෝ මේ වගේ අයට ඡන්දෙ නොදී සිටීමට තදින්ම සිතා ගන්න.

:       0       0

Mann Thursday, 13 February 2020 09:38 AM

රාජ්‍ය ප්‍රතිපත්ති වෙනූවෙන් පෙනීසිටීම රාජ්‍ය ඇමැති කළ යුතුබව නොදන්නා විට තනතුර ඉවත් කර පුනරුත්ථාපනය සදහා යොමු කිරීම වැදගත්.

:       0       221

janith Thursday, 13 February 2020 09:42 AM

පවු මේ අහිංසක කාන්තාව.

:       0       310

tharaka Thursday, 13 February 2020 09:44 AM

මහ ඡන්දෙ ලඟයි ඉක්මනට සුවිස් යන්න

:       1       65

iraan Thursday, 13 February 2020 09:47 AM

ඒ කාලේ මෙයාලට විරුද්ධ වූණු අයට මොකද වූනේ කියලා ඔයා දුටුවා නේද ප්‍රවේසමින්...

:       4       163

kosala Thursday, 13 February 2020 09:48 AM

පව් අහිංසක නිලධාරිනිය.

:       2       104

kanthi Thursday, 13 February 2020 09:49 AM

බුදු සරණයි මේ නිලධාරිනියට.

:       1       175

pradeep Thursday, 13 February 2020 09:54 AM

එතකොට අර ඇමති වරයා ආණ්ඩුවේ නොවේද?

:       0       164

chinthaka Thursday, 13 February 2020 09:55 AM

එතකොට අර විල්පත්තුව කපද්දී මෙයා කොහෙද දන්නේ නැහැ?

:       512       3

upali Thursday, 13 February 2020 10:16 AM

ඇයට අපහස වන අයුරින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම වරදක් නොවේද..?

:       3       147

Jaysinghe Thursday, 13 February 2020 10:26 AM

ඔබ තුමන්ලා දෙපලට ස්තුතියි. මෙවැනි රජයේ නිලධාරීන් ආරක්ෂා කලයුතුවා මෙන්ම දුෂිත නිලධාරීන්ට දඩුවම් කලයුතුයි. සමහර රජයේ ආයතනවල නිලධාරීන් හැසිරෙන්නේ තමන්ට ඉහලින් කිසිවෙක් නොමැති ආකාරයටයි. උදාහරණ වශයෙන් විශ්‍රාම වැටුප් දෙපාරතමේන්තුවේ නිලධාරීන් විශ්‍රාමිකයින්ට සලකන්නේ ඔවුන් කවරදාකවත් විශ්‍රාම යන්නේ නැතිව ලෙසයි. එහෙත් මෙම නිලධාරිනිය කටයුතු කර ඇත්තේ හදවතින්ම රටට හා පරිසරයට ආදරය ඇතිවයි. තම දැනුම රට වෙනුවෙන් යොදවන මේ නිලධාරිනියට උපහාර කර ඇයගේ රාජකාරිය සදහා උපරිම පහසුකම් දියයුතුයි. රටකට අවශ්‍ය මේ වැනි නිලධාරීන් බව අමතක නොකළ යුතුයි. ඇයට දිරිය දෙමු.

:       0       115

De Thursday, 13 February 2020 12:28 PM

හත්පොලේ ගාගත්තා කියලා තේරිලා ඔබ දෙපලගේ මැදිහත් වීම හොඳයි. නැත්නම් 2/3 ගන්නවා බොරු ඈ...

:       0       16

raheem Thursday, 13 February 2020 12:29 PM

ඉස්සර නිලධාරින් ගස් බඳින ඇමතිවරු හිටියා. දැන්නම් නැහැ. ඒ ගැන සතුටුයි...

:       1       62

rooja Friday, 14 February 2020 03:29 AM

නිලධාරීන් සියල්ල කරන ක්‍රියාවල් අනුමත කල නොහැක

:       0       79

chandana Thursday, 13 February 2020 12:40 PM

අපිට ඡන්දෙ දෙන්න පුළුවන් නාම ලැයිස්තුවේ ඉන්න කට්ටියට විතරයිනේ. ඉතින් නාම ලැයිස්තුව හරකුන්ගෙන් පිරෙව්වම ඡන්දේ දෙන්න වෙන්නේ හරකුන්ටනේ. ඒකට ජනතාවට බැනලා හරියනවද?

:       0       36

Sriyal Thursday, 13 February 2020 12:55 PM

ඔය රඟපෑම්... ඡන්දෙ නිසා. රජය මෙහෙම වැඩ කරනවා නම් රට දියුණු වෙලා. ඔය නිලධාරිනියව මොනවා හරි වැරැද්දක් පටලයි. නැතිනම් ප්‍රමෝෂන් දීලා යවයි. පක්ෂ, විපක්ෂ කවුරුත් එකතුවෙලා ලස්සනට වැඩේ කරයි.

:       0       65

chandima Thursday, 13 February 2020 01:16 PM

වරදකාරී ලෙස නම් හැසිරිලා නැහැ. ඒ වුණත් ගොනෙක් වගේ නම් හැසිරිලා තිබෙනවා. දැන් මෙයටත් අවුරුදු 5කින් ජනතා මුදලින් විශ්‍රාම වැටුප් දෙනවද?

:       0       110

දෙනෙත් Thursday, 13 February 2020 01:25 PM

වීඩියෝ එක සමාජ මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණ නිසයි ඔය. නැත්නම් බලාගන්න තිබ්බා කරන දේ...

:       0       155

බද්රානි Thursday, 13 February 2020 01:55 PM

රාජ්‍ය නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ, මේ නිලධාරිනියට බැනවදිමින් එම ස්ථානයේ නොමනා ලෙස හැසිරුණු, රාජ්‍ය ඇමතිගේ අමන ගෝලයින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමයි. අන්න එහෙම කරලා පෙන්නුවා නම්, ඉබේටම රටේ පාලකයින්ට ලකුණු වැටෙයි.

:       0       310

පර්සි රාජපස්ස Thursday, 13 February 2020 06:59 PM

...එක නම් කරන්න බැහැ බද්රානි නෝනේ. මොකද ළඟ එන ඡන්දෙට ඒ වගේ අය අපිට ඕනා වෙනවා.

:       0       9

de silva Thursday, 13 February 2020 02:19 PM

ජනපතිතුමනි, කරුණාකර ලබන ඡන්දෙදී පොහොට්ටුවෙන් උගත්, වැදගත්, අවංක මිනිස්සු කිහිපදෙනෙකු හෝ ඉදිරිපත් කරන්න. මිනිස්සු රස්තියාදුකාර නූගතුන්ට කතිර ගහන්නේ වෙන කෙනෙක් නැති නිසා... හොඳ මිනිස්සු ටිකක් පත්කර ගන්න. එතකොට ඔබතුමාට පාර්ලිමේන්තුවේ වැඩකරගෙන රට දියුණු කරන්න ලේසියි. රස්තියාදුකාර හොරු පත්කරගතහොත් ඒ අය කරන වැරදි වැඩ සියල්ල බර වෙන්නෙත් ඔබතුමාගේ ගිණුමට... ඔවුන්ව ආරක්ෂා කිරීම හැර රටට දෙයක් කිරීමට ඔබතුමාට කාලයක් නොමැති වේවි...

:       1       21

chandima Thursday, 13 February 2020 03:59 PM

කවුරුවත් මේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන නැහැ.

:       0       0

SUDHEERA HALAWATHA Thursday, 13 February 2020 04:31 PM

මෙයාගේ අතීත තොරතුරු දන්නවද?

:       0       0

Rihan Thursday, 13 February 2020 04:37 PM

මෙවැනි පතෝල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ පහල වී නොමැත .

:       0       0

ලංකාතිලක මිය Thursday, 13 February 2020 05:06 PM

ලොකුවට ඉගෙන ගත්තා කියනවා - ඔක්සිජන් කන්නද අනේ?

:       0       0

THILAK Thursday, 13 February 2020 05:26 PM

තව ටික දවසකින් ඔය නෝනා මාරුකරේ හරි නැත්නම් ගෙට ගල් ගහයි. කරණාකර පරිස්සම් වෙන්න. අර කෑ ගහපු හිවල්ලු පළිගන්නට බලයි.

:       0       0

Ajith g Thursday, 13 February 2020 05:41 PM

ගරු ජනාධිපතිතුමනි, නැවතත් මේ රට ගුරුවරු දන ගස්සවපු යුගයක් වගේ යුගයකට නැවත ගෙනියන්න ඉඩදෙන්න එපා.

:       0       0

Nalaka Thursday, 13 February 2020 05:59 PM

එතකොට මේවා ක්‍රියාත්මක කලේ වෙන ලෝකෙක ආන්ඩුවකින්ද ? සංදර්ශන මඩ සේදිම ඡන්දෙ වෙනකම් විතරයි. ඊට පස්සේ බලන්න කපන කැපිල්ල.

:       0       0

ranjith Thursday, 13 February 2020 09:23 PM

මෙවන් තනතුරු වලට නිලධාරීන් පත්කර ඇත්තේ සුදුසුකම මත රජය විසින් ඒ නිසා මෙවන් නිලධාරීන්ගේ අදහස් වලට සවන් දීමට උගත් පුත්ගලයන් ඇමතිකම් වලට පත්කළ යුතුය.

:       0       2

Jude Friday, 14 February 2020 12:33 AM

Chinthaka, නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් පළාතක් තියෙනවා. මේ වගේ නිලධාරීන්ට මල් මාලා දාන්න ඕන.

:       0       2

niroja Friday, 14 February 2020 03:17 AM

" මම නිසා නිලධාරිනිය බේරුනා " කියමින් තවත් බේගලයක් ඇදබාන සනත් නිශාන්ත වැනි කී දෙනෙක් පාර්ලිමේන්තුවේ 225 අතර සිටීද ? තීරණය මහජනයා සතුය.

:       0       75

niroja Friday, 14 February 2020 03:24 AM

රුපියල් 2500/= කින් ජීවත් විය හැකි රටක මජනතාවට ඔක්සිජන් ඕනේ නෑ තමා. මොකද? මරණය සුබ නිසා. ජනතාවගේ තත්වය තේරුම් ගත් එකම නායකයා බන්දුල හා සනත් නිශාන්ත.

:       0       56

jeeviya Friday, 14 February 2020 05:04 AM

කෑම එපා, ඔක්සිජන් එපා, මොලේ එපා, මේක තමයි " ජීවත් වෙන්න රටක " පැතුම වෙන්නට ඕනේ.

:       0       80

booruwa Friday, 14 February 2020 05:07 AM

අවසර දුන්නේ මෙවන් අය රජකළ සමයකදීය.

:       0       12

neela Friday, 14 February 2020 07:41 AM

අවසර දුන්නේ මෙවන් අය රජකළ සමයකදීය.

:       0       0

jinasiri Friday, 14 February 2020 11:51 AM

රුපියල් 2500කින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුළුවන් රටක් මේ මුතු ඇටේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1159 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1108 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 632 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1639 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2707 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site