IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න

(චමිල් රූපසිංහ)

රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති.

අද වන විට රට තුළ නොයෙක් ප්‍රදේශවල වල පොලිස් ඇදිරි නීතිය යොදා ඇති බවත් මේ ආකාරයට රට පැවතියහොත් මහා විනාශයකට රට පත් වන බවත් රජය ඒ නිසා විශේෂයෙන් අවධානය යොමු කර මේ ප්‍රශ්නය පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කළ යුතු බව මහානාහිමියෝ පැවැසූහ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ මෙසේද පැවැසුහ.

    ‘‘බොහෝ දෙනා අද කියන්නේ රටේ නායකයෙක් නෑ රජයක් නෑ රටේ ජනතාවට ආරක්ෂාවක් නෑ කියල ඒ බව රට දිහා බලන විටදී හා මේ ප්‍රශ්න දිහා බලන විට පේනව මේ බව වගකිව යුතු අයට නොයෙක් අවස්ථාවලදී දැනුවත් කළත් ඒ අය ගණන් නොගෙන නොඇසුන පරිදී හිටපු නිසා තමයි මේ තත්වයන් අද රට තුළ උදාවෙලා තියෙන්නෙ.

ඒ නිසා තව දුරටත් මේ තත්ත්වය උත්සන්න වුවහොත් විශාල හානියක් හා ජන හානියක් සිදුවෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙදීවත් අවධානයෙන් සැලකීමෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකතුව කටයුතු කරනවානම් මේ ව්‍යවසනය විපත්තිය නැති කර ගන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් මහාසංඝයා සඳහන් කර සිටින්නේ මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයක් යොමු කර මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට රජය කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පැවැසූහ.

 

 

 

 

 



අදහස් (29)

ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න

tania Monday, 13 May 2019 01:19 PM

අගමැතිතුමනි, දැන් රටේ නායකයා ඔබතුමායි. අප ඔබතුමා විශ්වාස කරමු. වහාම ජාතිය අමතන්න

:       5447       992

LIYANAGEMonday, 13 May 2019 04:30 PM

ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරනවා මෙන්ම ඔබවහන්සේලත් මල්වතු අස්ගිරි මහනායක අගරදගුරුතුමා මුණගැසී ජාතික ආගමික සංහිදියාව පිළිබද එකගත්වයකට පැමිණෙන්නේනම් මැනවි. මෙයට හේතුවනම් ලංකාවේ සිටින බොහෝ දේශපාලකයන් සෑමදෙනාම ඔබවහන්සේලා මුණගැසී මට නිතර පැමිණ උපදෙස් අනුශාසන ලබාගන්න නිසා මේ අවස්ථාවේදී ඔබ තුමන්ලාගේද සහයෝගය රටට උවමනා බව පෙනේ

:       0       151

ඇත්ත සත්‍යපාල Tuesday, 14 May 2019 12:57 AM

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පහුවදාම නිදහස් එලියට එන විට, පල්ලි වල කඩුතොග පිටින් අහුවෙන විට තණකොළ කපන්නට ගෙනාවා. ගැහැණු ළමයි ආරක්ෂා කරන්න තියාගෙන ඉන්නවා කියනකොට මිනිස්සු කුපිත වෙනවා. කිසිම වැඩකට නැති හිජාබය එපා කියද්දීත් කාර්යාලයට පාසලට ඇදගෙන එනකොට ඒවා නවත්වන්න කිසිවක් නොකර ඉන්නකොට මිනිස්සු කුපිත වෙනවා. හිස්බුල්ලලා, රිෂාඞ් බදුර්දීන්ලා අසාත් සාලිලා,මුජිබර් රහුමන්ලා අන්තවාදයට උඩගෙඩි දෙන බව දැන දැනම අඩුම තරමින් තාවකාලිකව ඔවුන් ඉවත් නොකරනකොට මිනිසුන් කෝප වෙනවා. මෙසේ මිනිසුන් කුපිත වන්නට ඉඩ හැර ජාතිවාදී ගැටුම් පැතිරයාමට ඉඩ සලසන්නේ පාලකයන්ගේ පැවැත්මට. මෙය සිදුවන්නේ රජය දැනුවත්ව. අරමුණ රජයට එරෙහිව ජනතාව පාරට බැසීම වළක්වාගෙන ආරක්ෂක හමුදා පාරට ගෙන තව දුරටත් බලය රැකගැනීමයි. කළහැකි එකම දෙයත් මේ සියලු පාලකයන් පන්නා දමා නව රජයක් පත්කර ගන්නට පාරට බැසීමයි. රිෂාඩ් බදුර්දීන්ලාගේ, හිස්බුල්ලලාගේ මුදලට යටවුණු අගමැතිටත් ජනාධිපතිටත් තීරණ ගැනීමට නොහැකි ලෙස උගුලකට අසුවී ඇති බව පැහැදිලිය.

:       0       0

කිම් Monday, 13 May 2019 01:42 PM

හමුදාවට බාරගන්න කිව්වොත් නරකද?

:       33       2148

sanishMonday, 13 May 2019 02:57 PM

දැන් එතකොට ජාතිය ඇමතුවම සේරම හරියයි. මේ මහත්තයා ලැජ්ජ නෑ වගෙයි තාම..

:       184       441

ranasinhe Monday, 13 May 2019 01:44 PM

පළමුව කල යුත්තේ වෛරය වපුරුවන රැස්වීම් ප්‍රකාශන නීතියෙන් තහනම් කිරීමයි.

:       461       667

janatha anura Monday, 13 May 2019 02:06 PM

මේ අනුව කොච්ච්චිකඩේ, මීගමුවේ ශ්‍රැංග්‍රීලාවේ අතන මෙතන මැරුණු අහිංසක ජනතාව මකා දමා මලගමද නීතියෙන් තහනම් කරන්නද මේ කියන්නේ

:       456       440

ranasigheMonday, 13 May 2019 04:32 PM

සමාවන්න සමහරුන් හට කිසිම දෙයක් කීවට තේරෙන් නැත.

:       459       419

sanjeeva Monday, 13 May 2019 02:12 PM

ඇයි අර හිට්ලර් කෙනෙක් ගැන එක කාලයක් කිව්වා නේද?

:       530       1841

KumaraMonday, 13 May 2019 03:27 PM

හිට්ලර් තමයි හොඳ මේ වෙලාවේ...

:       754       807

ගොන්ගාලේ ගොඩබණ්ඩාTuesday, 14 May 2019 01:45 AM

වෙස්සන්තර රජ්ජුරුවොයි, කැකිල්ලේ රජ්ජුරුවොයි රට කනකොට යම රජ්ජුරුවෝ ඕනෑ රට ගොඩ ගන්න. එහෙම නැත්නම් රටේ ඉන්න ගොඩක් ජූජක බමුණන් රටම දැන් දීලා නිවන් යන්න බලනවා.

:       0       0

saliya Monday, 13 May 2019 02:25 PM

ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂය තුට්ටුවකටවත් මායිම් නොකළහ. ඡන්දය දුන් 62 ලක්ෂයම ගර්හාවට ලක්කර ඇත බීරිඅලින්ට වීනා වාදනයෙන් ඵලක් නැත.

:       10       413

සුජීව Monday, 13 May 2019 03:04 PM

වගකීම බාරගන්න හරි, නොගන්න හරි එයා රටේ ඉන්න එපැයි...

:       3       334

Kriss Monday, 13 May 2019 03:06 PM

ඔබවහන්සේ වදාල අදහස් ගැන මාගේ ගෞරවණීය ප්‍රණාමය. ඒත් හාමුදුරුවනේ බලකාමයෙන් අන්ධවූවන්ට සත්‍යය අවබෝධ වෙයිද?

:       7       195

Bhanuka Monday, 13 May 2019 03:51 PM

ජාතිවාදයට උඩගෙඩි දෙනවා නේද?

:       295       138

Dana Monday, 13 May 2019 04:00 PM

උගත් අය සියළු දෙනාම මේ රට හැර යා යුතුයි. අනාගතය හොඳ නැත

:       213       243

කිත්සිරි Monday, 13 May 2019 05:02 PM

මහානායක හිමියනි අපි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා හිස මුදුනෙන් පිළිගන්නෙමු. එහෙත් පාලකයින් යැයි කියාගන්නා ඇත්තන්ගේ ඇස් අන්දය. කන් බිහිරිය. ඔවුන්ට පෙනෙන්නේ කතිරය විතරමය. ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ කුනු කන්දල් ඇවිස්සීම පමණකි.

:       1       162

මොනිකා රුවන් Monday, 13 May 2019 05:06 PM

ගරු අගමැතිතුමා දැන උගත් බුද්ධිමතෙකි. ජාතිය ඇමතිය යුතුයි.

:       1537       1026

parakkrama Monday, 13 May 2019 06:41 PM

මට තේරුම් ගිය හැටියට, මේකේ ඩිස්ලයික් දාලා තියෙන අය නම් තවම පාට කන්නාඩි තුලින් දකින ආකාරය මිස යථාර්තය හෝ නියම ප්‍රකෘති පාට දැකලා නැති මෙන්ම දකින්න කැමතිත් නැති ආකාරයකුයි. මම..... මම..... මම ...... වශයෙන් කෙටි කාලීනව , ඉක්මනින් ගොඩ වැඩි කැර ගැනීමේ ප්‍රයත්නයක් එක පාර්ශවයකට ඇති බවක් නම් පෙන්නුම් කැරේ. එම යටි අරමුණැති න්‍යාය පත්‍රයෙන් බැහැර වන තුරු , ගරුතර අතිපූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේ ඉල්ලා සිටින අයුරින් ප්‍රධානීන් දෙදෙනා එක්ව කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය.

:       3       167

Jehaan Monday, 13 May 2019 07:59 PM

අපේ මුළු ජීවිතේම ගෙවුනේ රටේ මිනිස්සුන්ගේ අසමගියේ භයානක ප්‍රතිපල මැදින්. ආයෙත් ඒ ටික කරලා අපේ ළමයින්ටත් ඒ නරක ඉරණම අත් වෙන්නයි යන්නේ. 83 දී පාසල් සිසුවෙකුව සිටි මට ඒ අඳුරු දවසේ පාසලෙන් මාව එලියට ගත් මගේ මාමා , නගරයේ කෝලාහල මැදින් මාව ගෙදර අරන් ගිය හැටි තවම මතකයි. නැවත මගේ ජීවිත කාලයේ එවැනි අත් දැකීම් දරා ගන්න හැකි වෙන එකක් නැහැ.

:       0       256

Sajee Tuesday, 14 May 2019 12:43 AM

සිංහලයෙක් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකළොත් ජාතිවාදය.. වෙන ආගමිකයෙක් කතා කළොත් එයාලගේ අයිතිය. අනේ මන්දා භානුක මහත්මයාලා වගේ අයත් ඉන්නවනේ ජාතිය ගැන හැඟීමක් නැති.

:       0       0

නාමල් Tuesday, 14 May 2019 03:11 AM

ජනපති - අගමැති අසමගියක් ඇති කළ නායකයා? SLFP සහ UNP සමගිය බිඳ SLFP සහ SLPP සමගිය ඇති කරන කට්ටිය, සහ කුමන්ත්‍රණය සිදු කල දිනය? උපාලි සිටින්නේ කොහෙද? ආගමික නායකයින් අාදර්ශ නොවුනහොත් රට විනාශ වේ. හිට්ලර් ඉල්ලීමේ ප්‍රතිඵල තමයි.

:       0       0

lalithm Tuesday, 14 May 2019 03:27 AM

1983 කළු ජූලිය දැක්කට පස්සේ ආයෙත් ඒ වගේ දෙයක් දකින්න අපි ආසා නැහැ. කරුණාකර ජාතිවාදයත්, ආගම්වාදයත් මම තමා කෙරුමා කියන අයත් පිටුදකිමු. නැතිනම් මුළු රටේම ඉන්න උගත්, තරුණ පරපුරම රට අත්ඇරලා යනවා. කම්කරුවන්, රියදුරන් සහ මහල්ලන් විතරක් ඉන්න රටක් ඉතුරුවෙලා තිබුණාම හොඳද? අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා අනිත් ආගම් නායකයෝත් එකතු කරගෙන නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට බල කරන්න. සමහර ස්වාමීන්වහන්සේලා මේ වෙලාවේ දේශපාලනය කරන්න පටන්ගෙන...

:       0       0

shan Tuesday, 14 May 2019 04:43 AM

අපේ හාමුදුරුවනේ කුඩුවේ ඉන්න හිර කාරයට එලිය ඉන්න පොලිස් කාරයාගේ වැඩේ කරන්න බැහැනේ සියලු අවස්ථා බලතල වසාදමා ජනපති මේ විනාශයට ඉඩ හැර රටින් පැන්නා අදත් එය එසේම කලා මෙහි වරද හදන ඕනේ ඔහුයි අගමැති කියන්නේ කුඩු කල සිර කරුවෙක් වගෙයි ඔහුට කිසිම බලයක් නැහැ අද ඇතිවෙලා තියන තත්වයට පොලිසියෙන් කියනවා අත්අඩංගුවට ගත් අයව වසර 10 හිරේ යවනවා කියල එතකොට දයාසිරි සහ ජොන්ස්ටන් පොලිසියට බලපෑම් කරලා අරන් ගියා එහෙම කරන්න ඔවුන්ට කොහෙන්ද බලය එකෙන් වැටහෙන්නේ ඔවුන් මේ වරදකරුවන් මේ සදහා යොදවල තියන බවයි මේ කාගේ මිනිස්සුද ඒ සේරම ජනපතිගේ මිනිස්සු මේ සියලු කලබල ඇති කරන්නේ ජනපතිගේ උවමනාවට හා ඔහුගේ අනුදැනුම ඇතිව රටේ නීතිය එක එකට එක එක විදිහට කරන එකයි වරද?

:       0       0

shan Tuesday, 14 May 2019 04:43 AM

අපේ හාමුදුරුවනේ, කුඩුවේ ඉන්න හිර කාරයාට එළියේ ඉන්න පොලිස් කාරයාගේ වැඩේ කරන්න බැහැනේ... සියලු අවස්ථා බලතල වසාදමා ජනපති මේ විනාශයට ඉඩ හැර රටින් පැන්නා අදත් එය එසේම කළා.. මෙහි වරද හදන්න ඕනේ ඔහුයි. අගමැති කියන්නේ කුඩු කල සිර කරුවෙක් වගෙයි ඔහුට කිසිම බලයක් නැහැ. අද ඇතිවෙලා තියන තත්වයට පොලිසියෙන් කියනවා අත්අඩංගුවට ගත් අයව වසර 10ක් හිරේ යවනවා කියලා... එතකොට දයාසිරි සහ ජොන්ස්ටන් පොලිසියට බලපෑම් කරලා අරන් ගියා.. එහෙම කරන්න ඔවුන්ට කොහෙන්ද බලය? එ්කෙන් වැටහෙන්නේ ඔවුන් මේ වරදකරුවන් මේ සඳහා යොදවලා තියන බවයි... මේ කාගේ මිනිස්සුද? ඒ සේරම ජනපතිගේ මිනිස්සු මේ සියලු කලබල ඇති කරන්නේ ජනපතිගේ වුවමනාවන් හා ඔහුගේ අනුදැනුම ඇතිව රටේ නීතිය එකඑකට එකඑක විදිහට කරන එකයි වරද...

:       0       0

Chanak los angeles Tuesday, 14 May 2019 04:44 AM

ජනපති, අගමැති මොනවා වුනත් ඕනෑම රටක ජනතාව විසින් පිළිපැදිය යුතු යටත් විය යුතු සිවිල් නීතියක් ස්ථාපිත වී තිබෙනවා. ඊට අවනත නොවී ක්‍රියා කරන ඕනෙම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන දඬුවම් කළ හැකියි.. ජාතීන් සමූහයක් වෙසෙන මේ රටේ කිසිවෙකුට රටේ ස්ථාපිත නීතියට පිටින් යන්න කිසිඳු අවස්ථාවක ලැබෙන්නේ නැහැ. කිසිවෙකුත් එහෙම පෙළඹෙන්නෙත් නැහැ.. මේ රටවල් එහෙම නොවෙන තැනට ජනයාව නීතිය මගින් ඇද බැඳ දමා තිබෙනවා.. අපේ රටේ සමහර පුද්ගලයන් නීතිය අතට ගෙන දඟලන විදිය ආරක්ෂක අංශ සමග වාද විවාද වෙන හැටි දුටුවාම පුදුම හිතෙනවා. දැන්වත් මේ තත්වය වෙනස් කර විශේෂයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් කරන ස්ථානයකට එයට අනවශ්‍ය කිසිදු පුද්ගලයෙකුට පැමිණීමට තියා ඒ දිහා බලා සිටීමටවත් ඉඩ දෙන්න එපා..

:       0       0

Rata Perata Tuesday, 14 May 2019 06:23 AM

තොරතුරු ලැබිලත් ඒවා ක්‍රියාත්මක කරපු නැති සිරිසේන නේද ඉස්සරවෙලාම ගෙදර යවන්න ඕනේ? ගහනකොටත් රටවල් වල, ඊට පස්සේ පුතාගේ මගුල්, දැන් අායෙත් 27ක් එක්ක රට ගිහින්. මේ වගේ නායකයෙන් අපිට වැඩක් තියෙනවද? දෝෂාභියෝගයක් ගෙනැල්ලා සිරිසේන අයින් කරන එක තමයි ඉස්සරවෙලාම කරන්න ඕනෑ. ඊට පස්සේ භාරකාර රජයක් පත් කරලා, සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂාව භාර දෙන්න ඕනෑ. මේවා කරන්නේ නැතුව මොවුන් ටික ජොලියේ ඉන්න... අහිංසක මිනිස්සු මැරෙනවා..

:       0       0

Demuni de silva Tuesday, 14 May 2019 11:38 AM

මෛත්‍රී දේශපාලන විශාරදෙයක් නොවේ... ඔහු සතුව දේශපාලන න්‍යායපත්‍ර තියෙනවා.

:       0       0

rohana Wednesday, 15 May 2019 06:29 PM

මේ අවස්ථාවේදී කාදිනල් තුමා හැර අනිකුත් සියලුම දේශපාලුවන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගන්න තමයි දඟලන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1981 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3627 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3036 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11659 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7965 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site