IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘ජනපති අගමැති නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් මැතිවරණයට එනවා’



 
 
(ඩයනා උදයංගනී)
          
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.


මහින්ද රාජපක්‍ෂ මහතා එම සන්ධානයේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා බව කී මහලේකම්වරයා එහි ඡන්ද ලකුණ කුමක් ද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයි ද කීවේය.


එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරාට මුහුණ දීම සඳහා ප‍්‍රගතශීලී, වාමවාදී, දේශප්‍රේමී හා ජාතිකවාදී සියලූම බලවේග එක්කර ගනිමින් දැවැන්තම සන්ධානය ගොඩනගන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.


රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතීතයේ සිටම ජාතික මැතිවරණවලට ඉදිරිපත් වූයේ පුළුල් සන්ධානයක් යටතේ බව කී මහලේකම්වරයා මෙවරද එවැනි සන්ධානයක් වෙනුවෙන් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කීවේය.


මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


අතීතයේ පටන් මෙවන් අවස්ථාවල පක්‍ෂයේ ලකුණ වන ‘අත’ ලකුණ වෙනුවට ‘රෝදය’, ‘පුටුව’, ‘බුලත්කොලය’ ආදී ලකුණුවලින් තරග කර තිබෙන බව කී මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මෙවර ද සියලූ දෙනා එකඟ වන ඡන්ද ලකුණක් තෝරාගන්නා බව සඳහන් කළේය.
           
මේ අවස්ථාවේ සිතිය යුතු වැදගත්ම දෙය වන්නේ පොදු සතුරාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න බව කී මහාචාර්යවරයා අන් සියලූ කරුණු සළකන්නේ දෙවැනි කොට බව ද කීවේය.
           



අදහස් (8)

‘ජනපති අගමැති නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් මැතිවරණයට එනවා’

sirimal Monday, 12 November 2018 11:01 AM

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් පක්ෂයෙන් කඩාගෙන ගිය කණ්ඩායමකට ඕනෑ ආකාරයට නැටවෙන බව නේද මේකෙන් පෙනෙන්නේ...? නාම යෝජනා බෙදා ගනිද්දී චෝදනා තියෙන අය නැවතත් තෝරා ගත්තොත් වැඩේ හරියන එකක් නැහැ. "එහෙම කොහොමද කරන්නේ උඩින්ම ඉන්න කෙනාටනේ චෝදනා වැඩි" කියලා කියන්න නම් එපා ඔන්න...

:       349       355

sam Monday, 12 November 2018 11:09 AM

මිණී ඔළුවයි, ඇට කටු දෙකයි නම් පක්ෂ ලාංඡනය හැටියට නියමෙට ගැලපෙනවා...

:       72       305

isurandi Monday, 12 November 2018 11:28 AM

සතුරාට පහරදෙන්න නම් ටයර් සෑයේ ලකුණින් ඉදිරිපත් වෙන්න.

:       0       46

mf Monday, 12 November 2018 11:48 AM

කවුරුත් පොරකන්නේ බලයට... රට ගැන හිතලා වැඩකරපු කවුරුත් නැහැ.

:       0       70

sandy123 Monday, 12 November 2018 01:23 PM

කාට කියන්නද මේ දුක...? දෙවියනි ඔබ හැර.

:       0       58

ධනුෂ්ක Monday, 12 November 2018 03:10 PM

ඔබතුමා අපට 2010දී ජනසන්නිවේදනය ඉගැන්නුවා මතකයි. එතකොට ඔබතුමා අංශාධිපති. ඔහොම යමු ඊළඟ උපකුලපති වෙන්න පුලුවන්....

:       0       0

duminda Monday, 12 November 2018 03:20 PM

ජනතා ඡන්දෙකින් දිනන්න පුළුවන් පක්ෂයක් ව්‍යවස්ථා විරෝධීව බලය ගන්නෙත් නැහැ.

:       0       0

Hafeel Tuesday, 13 November 2018 07:50 AM

කොහේදෝ ඉඳල අද පිනට මහ ලේකම් වෙලා. අර එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරා නිසා තමයි, මෛත්‍රී ජනාධිපති වෙලා ඔබව මෙතන්ට පත් කළේ. ඔබ කොවුද කියලත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දන්නෙවත් නැතුවඇති. ඔබත් ලොක්කා වගේ කලගුන දන්නා නැති මිනිහක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 108 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 657 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1042 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 925 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 154 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2589 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site