(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නිකුත් කර තිබූ සිතාසිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජනවාරි 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කෙරිණි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව ජනාධිපතිවරයාට මෙම සිතාසිය නිකුත් කර තිබිණි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ වෙනත් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය ලබා දෙන ලදී.
අදාළ හෙබයාස්කෝපූස් පෙත්සම ආරුමුගම් වීරාරාජ් විසින් ගොනු කර තිබූ අතර එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ , එවකට හිටපු හමුදාපති ජගත් ජයසූරිය, එවකට අච්චුවේලි පොලිස් ස්ථානාධිපති ,හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් නැමැත්තන් අතුරුදන් වීමය අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවට මෙම මස 27 වැනි දින පෙනී සිටීමට සිතාසි ලැබී ඇත.
පෙත්සම්කරු එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කළ සමයේදී ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කළ ඒ සමයේදී සියලු යුද කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ පෙත්සම්කරුය.ඒ අනුව පෙත්සම්කරු ත්රස්තවාදීන්ගේ මූලික ඉලක්කයකි.
ඊට අමතරව 2006 වසරේදී ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉලක්කයකි.ඒ අනුව පෙත්සම්කරු මරණ තර්ජන වලට ලක් වූවෙකි.
එබැවින් වගඋත්තරකරුට නොතීසි නිකුත් කරන ලෙසද , තමන්ට එරෙහිව නිකුත් කර ඇති සිතාසි යළි කැඳවීමට නියෝග කරන ලෙසද , මෙම 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නිකුක් කර ඇති සිතාසිය මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , අදාළ නඩුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන හැර වෙනත් ප්‍රදේශයක විභාගයට ගැනීමට නියෝගය කරන ලෙසද පෙත්සම් කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුගත් කල්දේරා සහ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපතිවරයාට එරෙහි පෙත්සමකට නිකුත් කර තිබූ අතුරු නියෝගයක් දීර්ඝ කෙරේ
Mahee Tuesday, 03 December 2019 02:10 PM
එංගලන්තේ අභියාචනාධිකරණය 1924 දී දුන් නඩු තීන්දුවකදී කිව්වා "යුක්තිය ඉෂ්ට කළාට පමණක් මදි. ඉෂ්ඨ කළ බව පෙනෙන්නටත් තිබිය යුතුය කියල. එක අපේ අධිකරණයත් පිළිගන්නා සිද්ධාන්තයක්. අපේ සමහර නඩු තීන්දු දිහා බලනකොට ඔය දෙකෙන් එකක් නැහැ වගේ පෙනෙනවා.