(රංජන් කස්තුරි)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් ඇතුළත් ජනාධිපතිවරණ දැන්වීමක් පුවත්පතක පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මීට අමතරව එම ප්‍රචාරක දැන්වීමට අදාළ ජනාධිපති අපේක්ෂකයා අයත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාටද, අවවාදාත්මක දැනුම්දීමක් කළ බවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එන නීතිවිරෝධී පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කළ යුතුව තිබුණද මෙතෙක් එය ඉටුව නැතැයිද ඒ මහතා කීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපතිවරණ දැන්වීමක් ගැන කරුණු පහදන්නැයි මැතිවරණ කොමිසම කියයි
Cisco Wednesday, 16 October 2019 09:10 AM
කාටත් මතකයි 2015 මහා මැතිවරණයට දින 2කට කලින් ජනධිපතිතුමාගේ කතාවක් දාලා ලංකාදීපයේ මුල්පිටුවේ දැන්වීමක් දැම්මා කියලා. එකේදී ජනාධිපති එ්කට මොකුත්ම කිව්වේ නැහැනේ... පරීක්ෂණ තිබ්බෙත් නැහැනේ...
Perera Wednesday, 16 October 2019 09:51 AM
ජනාධිපති යනු ඡන්දයෙන් තෝරාගත් දේශපාලන චරිතයකි. ඔහුට ඕනෙම දේශපාලන ප්‍රකාශයක් කළ හැකිය. යුද හමුදාපති හෝ රජයේ කාර්යාලයක කාර්යාල කාර්ය සහයක යනු රජයේ සේවකයෙක් වන අතර ඔහුගේ තනතුර දේශපාලනයට යොදා ගත නොහැක. නොදන්නා මගුල් නොකියා ඉන්න හලෝ.
CiscoWednesday, 16 October 2019 10:19 AM
තමුන් තේරී පත් වූ පසු ඔහු ජනතා බදු වලින් පඩි ගන්නා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් ක්‍රියා කරනවා යැයි කියන සේවකයෙකි.
suddaWednesday, 16 October 2019 11:06 AM
සරත් ෆොන්සේකාද තමන්ගේ හමුදා ඇඳුමේ ඉන්න ගමන් දේශපාලනය කළ කෙනෙකි.
saaliWednesday, 16 October 2019 11:31 AM
ඡන්දෙන් පස්සේ සරත් පොන්සේකාට දඬුවම් කරන්න ඔය චෝදනාවත් ගෙනාවා. එතුමාව කූඩුවේ දැම්මා.
saliya Wednesday, 16 October 2019 10:34 AM
මේ චෝදනා ඉදිරිපත්වන දෙගොල්ලන්ටම පොදු නීතිය අදාළ නොවන බව රටේ වැඩි කොටසක් පිළිගන්නා බැවින්ද, ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර මතය බැවින්ද, මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින්ද, ඔය චෝදනා නිදොස් කර නිෂ්ප්‍රභා වනු ඇත.