IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනපතිවරණයේ සහය කාටදැයි ටීඑන්ඒ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(08) පැවැසීය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොරව අවසන් වූ බවත්  මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.
 
අද පෙරවරු 11.00 සිට පැය දෙකකට අධික කාලයක් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳ සකච්ඡා කළත් එහිදි එකඟවිය නොහැකි කරුණු කිහිපයක් මතු වූ බවත් ඔහු කියා සිටියේය.
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ලබන සතියේදී යළි රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා වැඩිදුරටත්  පැවැසීය.



අදහස් (10)

ජනපතිවරණයේ සහය කාටදැයි ටීඑන්ඒ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

saliya Tuesday, 08 October 2019 11:36 AM

මෙයාලගේ සහයෝගේ කව්රුගත්තත් ඒ අයට අපේ චන්දෙ නැහැ . ගුරුකන්දේ හමුදුර්වන්ට කරපුදේට සහගහනවා

:       0       0

saman Tuesday, 08 October 2019 11:57 AM

ඔබතුමන්ලාගේ ඔය රඟපෑම අපි මිට කලින්ද කීපවරක්ම දැක තිබේ. දෙමල ජනතාව රැවටීමට බොරුවට ඔවැනි රංගනයන් ඉදිරිපත් කර අවසානයේ එජාපය සමග සන්ධාන ගතවන බව මොලේ කලඳක් හෝ තිබෙන ශ්‍රී ලාංකිකයන් සියල්ල සක්සුදක් සේ දනී

:       0       0

kalhaari Tuesday, 08 October 2019 12:02 PM

මෙයාලගේ සහය කවුරුත් නොගෙන හිටියමං තමයි රටට ඉතා හොද බලයට එන්න දගලන මල පෙරේතයෝ කවුද කියා අපි බලමු

:       0       0

isuru Tuesday, 08 October 2019 12:03 PM

මෙයාලව කවුරුත් ගන්න එපා එයාලව තනිකරන්න

:       0       0

හිස්බුල්ලා Tuesday, 08 October 2019 12:39 PM

අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම... ගෝඨාභය විරෝධී ඡන්ද වල්මත් කිරීම සඳහා 2005දී මෙන් මෙවර සල්ලි දී ප්‍රභාකරන් මස්සිනා වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි. දෙමළ ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය, මුස්ලිම් අන්තවාදය, ෂරියා විශ්වවිද්‍යාලය, වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රඟ දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ. ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජුවම ඇමෙරිකාවේ රූකඩයක් පඹයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලියි.

:       0       0

ගල්කටස් Tuesday, 08 October 2019 01:18 PM

මෙයාලා ශ්‍රී.ල.නි.ප වැනි දේශපාලන පක්ෂ අැල්පිටියේ ඡන්දෙ වැටෙන හැටි බලන් ඉන්නවා. ශ්‍රී.ල.නි.ප යට දිනන පැත්තට යන්නත් මෙයාලට සජිත්ට සහාය දීමට හෝ කිසිවකුට සහාය නොදී සිටිමට... මේ දෙගොල්ලන්ටම තරු විසිවෙන්න අැල්පිටියේ ජනතාව දෙයි උත්තරය රිදෙන්නම...

:       0       0

ආන්ජලෝ නුගාරා Tuesday, 08 October 2019 03:11 PM

ටි න් එ එකේ තීරනය තාම නැති වුනත් ඒ තීරනය ගැන හැබැයි මුලු රටම දන්නවා.

:       0       0

kamal Tuesday, 08 October 2019 03:43 PM

මෙයාලගේ ඒවා කවුරුත් ගන්න එපෝ...

:       0       0

Bandara Wednesday, 09 October 2019 01:19 AM

අනිවාර්යෙන්ම යුඑන්පි යට

:       0       2

samanwimalWednesday, 09 October 2019 06:38 AM

නමුත් යුඑන්පි අපේක්ෂකයා නිසැකවම පරදින බව ඔවුන් දන්නා නිසාත් ජයගන්න පිල ඔවුන්ව ප්‍රතික්ෂේප කරන නිසාත් ජෙවිපියට කරන උදව්වක් පල රහිත නිසාත් ඔවුන් අවුලක ඉන්නේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1002 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2391 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1034 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 187 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 824 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 413 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site