IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කොළඹදී අද(13) පැවැසීය.
 
ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයාමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළ යුතු බවත් පැවසූ තේනුවර මහතා  ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙන් ජනතාවට සුදු වෑන් එකෙන් අවසන් ගමන් යාමට සිදුවනු ඇති බවත්  සඳහන් කළේය.
 
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීය.
 
 “පසුගිය 9 වනදා නව නගර ශාලාවේදී මම කළ ප‍්‍රකාශයකට වැරදි  අර්ථකතන ලබා දෙමින් විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා. රණවිරුවන්ට මා කෙරෙහි වෛරයක්  ඇති වන ලෙසට එය ප‍්‍රචාරය කර තිබුණා. මේ තරම් මාධ්‍ය නිදහසක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්  තිබෙන රටක  මාධ්‍ය තමන්ගේ වගකීම වැරදි ලෙස පාවිච්චි කිරීම ගැන මම කනගාටු වෙනවා.
 
මාධ්‍යවේදීන් මේ කටයුත්ත කළ බව මම විශ්වාස කරන්නේ නැහැ. යම් කිසි දේශපාලන උවමනාවක් මත  මගේ කතාව විකෘති කර ඇති බව මගේ හැඟීමයි.  මගේ කතාව විකෘති නොකර  නිවැරදි හඬපඨය ප‍්‍රචාරය කරන ලෙට එම මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටිනවා.

රණවිරුගාය කියන  වචනය උපයෝගී කරගනිමින් මෙලෙස මගේ හඬපට නිකුත් කලා.  මම මේ ප‍්‍රකාශය කළේ රණවිරුවන්  ඉලක්ක කරමින් නොවෙයි. රණවිරුවන්  පාවිච්චි කළ, දඩයම් කළ අය අද රණවිරුගායකින් පෙළෙන බවයි මම ප‍්‍රකාශ කළේ. දේශපාලන  වාසි ලබා ගැනීමට  ඊනියා රණවිරු පේ‍්‍රමයක් දක්වන අයට තමයි මේ රණවිරුගාය වැළඳිලා තියෙන්නේ.
 
සැබෑ රණවිරුවන්ට අපේ ප‍්‍රණාමය තියෙනවා.  ඒ නිසා තමයි අපි ඔවුන්ව කාණු සුද්ධ කරන්න දැම්මේ නැත්තේ, මන්දිර වල වැඩට යෙදෙව්වේ නැත්තේ. මේ රජය යටතේ සැබෑ රණවිරුවන්ට නියම ගෞරවය ලබා  දීලා තියෙනවා. අද ඔවුන් ආත්ම අභිමානයෙන් තමන්ගේ  වෘත්තියේ  නියැලෙනවා.
 
ජනතාවට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා. මේ අපේක්ෂකයන් දිහා බලපුවහම ජීවිතයද මරනයද  කියන තීරණය ගන්න අද ජනතාවට සිදුවෙලා තියෙනවා.  ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයන්නනම්  සජිත් පේ‍්‍රමදාස මහතාත් සමග  තමයි යන්න වෙන්නේ. මරණය නම් සුදු වෑන් එකේ යන්න පුලුවන් කම තියෙනවා.
 
රාජපක්ෂ යුගයේදී  දඩයම් කළේ මාධ්‍යයි. ලසන්තට වෙච්ච දේ, ප‍්‍රගීත් එක්නැලිගොඩට වෙච්ච දේ නැවත වෙන්න ඉඩ තියන්න බැහැ. මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට  නැවත ඇමරිකාවට ගොස් විවේක සුවය ගත කරන්න අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’

ඔබේ අදහස් එවන්න

දියත

සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 2 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 54 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 539 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 933 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 772 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1045 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site