IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණයට ඉස්සරින් පළාත් සභා මැතිවරණය තියනවා - ජනපති

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුවක් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී අද පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ බවද පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පු`ථල් වැඩපිළිවෙළකට මේ වන විට තමන් උර දී සිටින බවයි. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත්  රටක් ලෙස ගොඩනැගීමේ පු`ථල් බලවේගයක් ලෙස බවයි. අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනඟිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සඳහන් කළ සිරිසේන මහතා කවුරුන් කුමක් කිව්ව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත් පැවසීය.
 
බණ්ඩාරනායක මහතාගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමන් බව ද කී සිරිසේන මහතා මහ බැංකු මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම  2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට තමන් විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, ඉසුර දේවප්‍රිය, ගාමිණි තිලකසිරි, පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් රැසක් සහ ක්‍රියාකාරිහු විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද (09) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් කෝටි 150 ක වියදමින් මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින් සමන්විතය.

මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්, සංකල්පය යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්  සියලු පහසුකම්වලින් සමන්විත ආකර්ෂණීය නිවාස සංකිර්ණයක් ලෙස මෙම රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණය ඉදි කෙරේ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතු`ථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ බෙදාදීමේ වැඩසටහනක් ද  අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නව නගරයේ වාරි මාර්ග ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

පාසල් සිසුන් වෙත ලක්දරු දිරිය ශිෂ්‍යත්ව, නිවාස, ජීවනෝපාය මාර්ග සංවර්ධනය යටතේ උපකරණ, අඩක් ඉදිකර ඇති හා අලුත්වැඩියා කළයුතු නිවාස සඳහා සෙවිලි තහඩු ඇතු`ථ අමුද්‍රව්‍ය ඇතු`ථව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අද දින ප්‍රදානය කරන ලද විවිධ ද්‍රව්‍ය සහ ආධාරවල සමස්ත වටිනාකම රුපියල් කෝටි දොළහමාරකට ආසන්නය.

 



අදහස් (25)

ජනපතිවරණයට ඉස්සරින් පළාත් සභා මැතිවරණය තියනවා - ජනපති

Don Saturday, 09 February 2019 02:36 PM

මෙයාගේ ගෝල මුස්තාපා ලවා පළාත් සභා මැතිවරණ නොතියා මගහැරලා දැන් අමුතු වුවමනාවක් ඇතිවෙලා. ජනාධිපතිවරණයක් තමයි පොදුමහජනතාව බලාපොරොත්තු වෙන්නේ... ඒකට ලෑස්තිවෙමු.

:       312       423

Sapumal.Saturday, 09 February 2019 04:04 PM

දොන් මහතා, ඔබතුමා නිවැරදියි. වඩා නිවැරදි දෙය නම්, ඉක්මනින්ම ජනපතිවරණය තැබීමයි. මේ රටේ සිටින්නේ ව්‍යවස්ථාව හා නීතිය උල්ලංඝනය කල ජනපතිවරයෙක්. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි. අපගේ නොවේ.

:       175       272

Amila Saturday, 09 February 2019 05:39 PM

අනිවාර්යයෙන්ම.

:       115       210

tdSaturday, 09 February 2019 07:28 PM

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරතිබේ. ජනාධිපතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ පාට වලින් තොර සියලු ප්‍රතිපත්තිගරුක සහ නීති ගරුක සෑම දේශපාලන නායකයන්හට සැබෑ වුවමනාවක් තිබේනම් දේශපාලනයේ වෙනසක් කිරීමට නියම අවස්ථාවක් උදාවිතිබේ. එනම් කුඩුවලට සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ දැනට හෙළිවෙමින් තිබෙන සියලු දේශපාලකයන් ඉවත්කර ප්‍රධාන පක්ෂ දෙකම එක්වී සියලු බලවේගයන් සමග ජාතික ආණ්ඩුවක් සෑදීමට හැකිව තිබේ. සියලුම පක්ෂවල සිටින මත්ද්‍රව්‍ය මාෆියාව සමග සම්බන්දකම් පවත්වනලද දේශපාලකයන් හෙළිකර ඔවුන් දේශපාලනයෙන් ඉවත්කරන්නේ නම් ඉදිරියේදී උගත් බුද්ධිමත් පිරිසක් දේශපාලනයට පැමිණීම වැලැක්විය නොහැක. සුදුස්සාට සුදුසු තැන දීමට සහ උගත් බුද්දිමත් නවකයන් දේශපාලනයට පැමිණීමට සුදුසු දේශපාලන පරිසරයක් සැදීමට ප්‍රතිපත්තිගරුක සහ නීති ගරුක සෑම දේශපාලන නායකයන්ගේ සැබෑ වගකීමකි. කුඩු මුදලාලිලාගේ කෝටිගණන් මුදල් මැතිවරණවලදී වියදම් කොට පාර්ලිමේන්තුවට පත්වන නුගත් දේශපාලකයන්ගෙන් රටට සේවයක් සහ අනාගතයක් නැත

:       0       0

Hafeel Saturday, 09 February 2019 02:53 PM

ලැජ්ජයි ජනාධිපතිතුමා, එතකොට ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහමනං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව පිහිටුවෙන්න නැහැ. සාධකය පමණයි. පක්ෂ නායකයෙක් හැටියට ලැජ්ජයි...

:       202       240

sirimal Saturday, 09 February 2019 03:32 PM

මාකඳුරේ මදුෂ් සහ අමල් පෙරේරා විසින් සේනා දළඹුවන් මුළුමනින්ම මර්ධනය කරන ලදී. දැන් ඉතින් ඕනෑම මැතිවරණයක් හනික සුදානම් කරන්න. අපි සුදානම්.

:       0       123

බණ්ඩාර Saturday, 09 February 2019 05:01 PM

අපරාධකාරයෙක් එල්ලුම්ග ස් යවන කල් ජන්දෙ දෙන්නෑ. දෙන්න යන කෙනෙක්ටත් කියනවා දෙන්න එපා කියලා

:       0       63

Amila Saturday, 09 February 2019 05:44 PM

ඡන්දේ පහු කරපු කෙනාම දැන් කියනවා ඉක්මනට ඡන්දය ඕනලු. දැන් ඔය පළාත් සභා නෑ කියලා රටට කිසිම පාඩුවක් වුනේ නැති එකේ ඕක ඔහොමම අහෝසි කරලා ඕවයේ බලතල ප්‍රාදේශීය සභා සහ මධ්‍යම රජයට ගත්තානන් වැඩේ හරි.

:       180       228

චමින්දSunday, 10 February 2019 01:22 AM

පළාත්සභා කල්දැම්මේ 2018.10.26ට පෙරසිටි ඔබේ හිතවත් ඇමතිනේ... ඇයි දැන් හදිසිවෙලා? පළාත්සභා ඇතිකළ 1987 දී කලා වගේ පළාත් සභාවලට විරුද්ධ වෙන්නකෝ...?

:       0       12

ranjith Saturday, 09 February 2019 09:05 PM

මත්ද්‍රව්‍ය ගැන කතා කරනවා මත් දේවල් වලට හුරුවෙන්නේ අරක්කු නිසා අද අරක්කු බිස්නස් එක දේශපාලඥයොයි ආණ්ඩුවයි බදු එකතු කරගන්න කරන වියාපාරයක් අහිංසක මිනිස්සු තමා තැබෑරුම් වල ගොඩ ගෙහිල අරක්කු ගන්නේ මේ ඔක්කොම බිල අරක්කු ඇත අරින්නෙත් නෑ.

:       0       2

Sapumal. Sunday, 10 February 2019 02:29 AM

වර්තමානයේ මේ පවතින සීතල දේශපාලන ගැටුමේ හොඳ පැත්තකුත් තියෙනවා. ජනපති, රනිල් ඇතුළු යූ.එන්.පී.. ය පරදා ජනතා ප්‍රසාදය ගන්න සංවර්ධන වැඩ කරනවා. එයින් රටට වෙන්නේ සෙතක්... ඒත් දුරදිග නොසිතා කරන ප්‍රකාශ නිසා ජනතා විවේචනයට ලක්වෙනවා. අගමැති තම පක්ෂයට ජනතා ප්‍රසාදය ලබාගැනීමට සංවර්ධන කටයුතු වල යෙදෙනවා. ඒත් ඒ ගැන ප්‍රසිද්ධියක් ලබාදී එය ජනතාව වෙත නිසිලෙස සන්නිවේදනය කරවීමට ඔහුට හෝ උපදේශකයන්ට නොහැකිව පවතිනවා. ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ප්‍රතිවාදීන් කෙසේ හෝ වනසා තම බලය දිනීමේ වැඩක නිරත වෙනවා. එය ඔවුන්ගේ දේශපාලන අයිතියක්... ඒ අතර පොලීසියේ දක්ෂකමෙන් කළදේටත් සමහරු ලකුණු දාගන්න හදනවා. මිනිසුන් පක්ෂවලට බෙදිලා විරසක වුණත්, මහින්ද තම බලවත්ම දේශපාලන පසමිතුරාට මගුල් ගෙදරට ආරාධනා කරනවා. අපේ දේශපාලකයන් කෙසේ වටහා ගනිමුද?

:       0       106

මම සපුමල්Sunday, 10 February 2019 02:18 PM

මොහු කඩේ යන්නෙකි. මම නොවෙමි...

:       274       431

Bangomunu.Sunday, 10 February 2019 05:10 PM

මේ සපුමලයා, එක නමින් ඕනෑතරම් කට්ටිය රටේ සිටිනවා. නිකං පිස්සු කෙලින්නේ නැතිව ඉන්න. අනුන්ගේ වැඩ ගැන නොසොයා තමන් මොනවා හරි කරානම් නේද හොඳ? සපුමල් කඩේ නොයන කෙනෙක් බව දන්නෝ දනිති.

:       0       18

ajith Sunday, 10 February 2019 06:58 AM

ඔයා අපේකමයි, දේශීයත්වයයි මුල් කරගන්න ගිහින් තමයි 30ක් අවුරුදු යුද්ධෙන් අපේ රටේ ජනතාවත් වීරෝදාර රණවිරුවොත් දිවි පිදුවේ...

:       0       2

Bamunuarachchi Sunday, 10 February 2019 09:53 AM

මොන මගුලක් හරි කමක් නැහැ කරලා එජාපයින්ට මේ රටේ පාලනය නැවත නොදෙන බව පෙන්වන්න. එජාපයෝ බලයට එනවා කියන්නේ රටේ සිංහලයාට ලැබිය යුතු තැන වෙනත් පිරිසකට හිමිවීමයි. පුළුටක් නොතිබුන අපේ ගම්වලට ඒ අය සංක්‍රමණය වෙනවා.

:       29       34

BamunuarachchiSunday, 10 February 2019 12:18 PM

එජාපයෝ බලයට එනවා කියන්නේ සිංහලයාට හිමිවිය යුතු තැන සුලුජනවර්ගිකයාට හිමිවීමයි. මුසල්මානු පුළුටක් නොසිටි අප පළාතේ රනිල් ගෙවල් දීම නිසා සුළු ජනවාර්ගික ආක්‍රමණයක් සිදුවෙනවා. රනිල් නම් තවටික දවසකින් මක බෑවිලා යාවි... නමුත් සිංහල අපේ පළාත්වලට සිදුකරපු අපරාධය මැරෙන්නේ නැත.

:       7       29

Chanak los angelesSunday, 10 February 2019 04:51 PM

ඔය කියන මුසල්මානුවෝ අහසින් වැටුණු මනුස්සයෝ නම් ඔහොම හිතෙන්න පුළුවනි.. යම් කෙනෙක් ලාංකික ලෙස ඉපදුනාද ඔවුන් සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝය... සත්ව ලෝකයේ බුද්ධිමත්ම සත්වයා ලෙස මිනිසා විසින් තවත් පුද්ගලයෙක්ට අවමන් කිරීම හා කොන්කිරීමේ හේතුව ඔහුගේ අවිද්‍යාවයි. නැති සැකයක් ඇඟ ඇතුලට දමාගෙන විඳවන්නේ මොන කරුමෙකටද?

:       36       21

BamunuarachchiMonday, 11 February 2019 10:28 AM

ඔබ අහලා තිබෙනවාද අරාබිකරයේ කාන්තාරේ කූඩාරමක සිටි මිනිසා, ඔටුවාට ඔලුව විතරක් කූඩාරමට දා ගැනීමට ඉඩදීමෙන් මිනිසා එළියට තල්ලුවී ඔටුවා කූඩාරම අයිතිකර ගත්හැටි. අද ලංකාවේ ධර්ගානගරය වැනි සමහර නගර සිංහලයින් නැති මුසල්මානු නගරවී ඇත්තේ ඔබ වගේ සිතන සිංහලයින් නිසායි.

:       53       59

BamunuarachchiMonday, 11 February 2019 10:33 AM

ඔබ තව ඉගෙනගත යුතු දේ බොහොමයි. මම මුසල්මානු කඩයකටවත් ගොඩ නොවෙමි...

:       0       23

මම සපුමල්Monday, 11 February 2019 11:47 AM

යල් පැනගිය ජාතිවාදී, ආගම්වාදී, බුද්ධි හීන අනාථයන් බොහෝවිට තම පැවැත්ම උදෙසා යොදාගන්නේ ජාතිවාදයයි. එහෙත් දියුණු, තර්කානුකූල මිනිසුන් අවබෝධයෙන් එය යොදාගන්නේ ජාතික දියුණුවටයි. තමන් වැනි මිනිසුන් ඉන්න රටකට අත්වන ඉරනම ගැන කුමන කතාද?

:       11       0

Chanak los angelesMonday, 11 February 2019 03:21 PM

ඔටුවන්ගේ කතා පිළිගන්නේ ඔබ වගේ මෝඩ ඔටුවන්ම පමණයි. සියලු දේ අනිත්‍ය බව පිළිගන්න බුද්ධිමතා සියලු දෙයම වෙනස් වෙන බව දන්නවා.. එහෙනම් එම නියාය මත සුළු ජාතියක් වුනත් රටක් පාලනය කලොත් එහි ඇති වරද කුමක්ද?

:       11       1

Chanak los angelesMonday, 11 February 2019 03:27 PM

ඔබේ මී මුත්තාගේ අත්තා මොන ජාතිකයෙක්ද කියා දන්නවාද? සමහර විට ඔහු මුසල්මානුවෙක් නම්?

:       24       1

smn Sunday, 10 February 2019 11:58 AM

අපිට පළාත් සභා ඡන්දයක හදිසියක් නැහැ. ඔය සුදු අලියා අපිට අවශ්‍යයත් නැහැ.

:       0       14

මම සපුමල් Monday, 11 February 2019 04:30 AM

මේ පුද්ගලයා සත පහක්වත් ජනාධිපති වීමට වියදම් නොකර, අනුන්ගේ පිහිටෙන් බලයට පැමිණ, පසුව නැග්ග ඉනිමගට පයින් ගසා, ජනතාවට සහ මහාසංඝ රත්නයටද බොරු පොරොන්දු දී නිගරු කළා මදිවට දැන් බල තණ්හාවෙන් විවිධ දේ කියනු පෙනේ. අප විසින් බලයට ගෙන ඒමට එදා දර දිය ඇද්ද නමුත් , නැවත වතාවක් එසේ නොකරන බවත්, ඔය කුමන මැතිවරණයක තිබුණත් අසුචි කන්දරාවක් නෑවා හා සමානව පරාජය වන බවත්, තවදුරටත් තමුන්ට මේ රටේ දේශපාලන අනාගතයක් නැතිබවත් අවබෝධ කර ගැනීම වටින්නේය.

:       0       2

Sunil Monday, 11 February 2019 06:20 AM

ජනාධිපතිවරණයට කලින් ජනමතය විමසන්න එපාය? එත් අපි නම් දන්නවා ඡන්ද දෙකෙන්ම මොකද වෙන්නේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 354 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 367 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 106 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1236 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 327 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 372 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site