IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (57)

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්

jagath Saturday, 27 October 2018 08:35 AM

තෙරුවන් සරණයි ....!!!

:       0       0

rocky Saturday, 27 October 2018 08:43 AM

ජන මතයට පිටු පා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම ගැන ඔහුට දෝෂාභියෝගයක් ගෙනායුතුයි. මෙතෙක් ඔහු කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ රූකඩයක් ලෙස බව පැහැදිලියි.

:       0       0

sandy Saturday, 27 October 2018 09:00 AM

නියමයි...

:       1562       3013

menna Saturday, 27 October 2018 09:20 AM

ජනාධිපතිව පත් කරන්නේ ජනතාවනේ. ජනාධිපතිට මොකටද පාර්ලිමේන්තුවේ විශ්වාසයක්? ප්‍රජාතන්ත්‍රය කතා කරන අය විධායකය මොකක් කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ? ඔක්කොම පාර්ලිමේන්තුවට ඕනේ විදියට වෙන්න ගියොත් ප්‍රජාතන්ත්‍රය කියල කතා කරන්නේ මොකක්ද?

:       0       0

සෙනෙවි Saturday, 27 October 2018 10:08 AM

ඕකට මහින්ද කල්ලිය සහයෝගය දුන්නත් පුදුම වන්න එපා..

:       0       0

සතයපාල Saturday, 27 October 2018 10:30 AM

විශ්වාස භංගයක් ගෙනැල්ලා නොවෙයි පන්නන්න ඕනෑ. මඩු වලිගයෙන් ගහලා පන්නන්න ඕනෑ කරපු පහත් හා නින්දිත වැඩේට. මේ වගේ කෙනෙක්ව රටේ ජනාධිපති කරලා රටට වූ විනාශය කියලා නිම කරන්න බැරි තරම්...

:       3579       6153

Thilina Saturday, 27 October 2018 11:52 AM

දුකයි නේද? මේවාට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා.. එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ ජනාධිපති පත් වුන ගමන් ආසන 42 තිබ්බ පක්ෂයේ නායකයා අගමැති විදිහට පත් කරද්දී ඔහෙලා කොහෙද හිටියේ? කොහොමහරි රට යන්න තිබුණු අගාධයෙන් බේර ගත්තා. ඒ ඇති

:       4342       4683

සතයපාලSaturday, 27 October 2018 02:24 PM

දේශපාලන කුමන්ත්‍රණවලට දිට්ඨධම්ම වේදනිය කර්ම කියලා හිත රවටා ගන්න තමයි වෙන්නේ. 2015 අලුත් ජනවරමක් ලැබුනේ එදා තිබුණු රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධවයි. මහින්ද තමන්ට ලැබුණු ජනමතයට අකමැත්තෙන් හෝ අවනත වෙන්න වුනේ එදා තිබූ රාජ්‍ය යාන්ත්‍රණය තමන්ට අවසන් මෝහොතේ අවශ්‍ය විදියට හසුරුවා ගන්න බැරි වු නිසායි. නැත්නම් එදා කරන්න ගිය විනාශය ඉතිහාසය දන්න අයට අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය ඔහු සතු වුනත් එදා විධායක ජනපතිට පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැර ඡන්දයකට යාහැකි වුවත් සිරිසේන එසේ නොකෙරුවේ නිදහස් පක්ෂය සෝදාපාලුවීම වළක්වා ගැනීමටය. එදා පැවති භාරකාර ආණ්ඩුවට අභියෝග කිරිමේ හැකියාව තිබූණත් රාජපක්ෂ කල්ලිය එසේ නොකලේ තමන්ගේ පැවැත්ම ගැන හිතාය. එනම් ආණ්ඩුව විසුරුවා හැරිමේ අභියෝගය හා ඡන්දය ජය ගැනීමේ අසීරුතාවය නිසා මිසක දේශපාලන සදාචාරය හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැමැත්ත නිසා නොවේය. අවසනාවන්ත කාරණය වන්නේ එය නොදන්නා අය දේශපාලනය ගැන කතා කිරීමයි. රටක අගමැතිවරයා කුමන්ත්‍රණකාරී ලෙස කුස්සිය පැත්තෙන් පැමිණ දිවුරුම් දීම දුකට නොව ලැජ්ජාවට කාරණයකි.

:       0       0

V.warnakulasuriyaSaturday, 27 October 2018 02:28 PM

අපිටත් දුකයි. ඒ වගේම පුදුමයි. එදත් හැකියාවක් තිබුණානේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ඒ කාලේ තිලිණ මහතා කොහේද හිටියේ? කොහොම හරි අලුත් හොර කල්ලිය ඉවත්කර පරණ හොරකල්ලියට රාජ්‍යබලය පැවරීමට එරෙහි වන වහල්ලු නොවන ජනතාවක්ද රටේ සිටිති. ඒ ජනතාව ගැන සිතා ජනාධිපතිවරයා කටයුතු කළේ නම් එතුමාට මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැත. රට වෙනුවෙන් නිවැරදි දෙය වෙත ළඟා වෙනවාට වඩා පැවැත්ම ගැන සිතන ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉදිරියේ අපි අද අනාථයන් වී සිටින්නෙමු.

:       0       0

කමල් Saturday, 27 October 2018 04:23 PM

එහෙම නොකර කරන්න තිබ්බේ එක දෙයයි. ඒක තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම... දැනුත් කරන්න ඕනේ එ්කයි. එහෙම කළානම් දෙවතාවේම විපක්ෂය නියෝජනය කරමින් ඡන්දෙට යන අය උඩින්ම දිනුම්... අගමැති ඉතා බලවත් වෙනවා. දැන් තව අවුරුද්දක් මේ කට්ටිය ආණ්ඩුව ඇද්දොත් මේ කට්ටියගේ වැරදිත් පේන්න ගන්නවා. අගමැති බලය අඩුවීම හොඳයි.. ජනාධිපතිටයි පුංචි පක්ෂ වලටයි තම මතය තහවුරු කරන්න..

:       0       0

Ajith NissankaSunday, 28 October 2018 12:17 AM

ආසන 42 තිබ්බ පක්ෂයේ නායකයා අගමැති විදිහට පත් කරද්දී ඔහෙලා කොහෙද හිටියේ? කියල අහන්නේ! දේසපාලුවන් නොවෙන අපි නම් හිටියේ ගෙවල් වල! ඕක අහන්න ඕන මහින්ද මහත්තය සමග මරාගෙන මැරෙන්න බලාගෙන හිටපු එයාගේ මන්ත්‍රී ගොල්ලන්ගෙන් නොවැ!

:       6       35

sandySunday, 28 October 2018 06:16 AM

එදා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල පැහැදිලි ප්‍රකාශයක් කළා තමන් ජනාධිපති වුනාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන බවට. එහෙම නොවුනානම් මෛත්‍රීපාල හීනෙන්වත් ජනාධිපති වෙන්නේ නැහැ. ඒ මදිවට සැවොම දැනන් හිටයා එය වෙන බව. ඒ බව දැන ගෙන තමා ජනතාව ඡන්දය භාවිතා කලේ. ඒ නිසා ඒ තර්කය මෙයට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. මෙතන වුණේ පැහැදිලිවම බල ලෝභී දේශපාලන වංචාවක්. අවශ්‍යනම් පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍ය දේවල් දැන් තියාම ක්‍රියා කරන්න තිබුණා. එතකොට හැමෝම දන්නවා සහ ජනතාවගේ පුර්ණ ආශීර්වාදය ගන්න තිබුණා.

:       9       91

mohanMonday, 29 October 2018 04:30 AM

මොකා දැනන් හිටියත් ඉවත් කරන විදිහක් තියනවා. එදා විදිහටම තමයි මේ පාරත් ඉවත් කලේ. ඒ නිසා ඒ තර්කය මෙතනට සම්පුර්ණයෙන්ම අදාළයි. අදහස් දාන්න කලින් ගිහින් නීතිය ඉගෙන ගෙන එන්න.

:       1       47

Rishada Dubai Saturday, 27 October 2018 12:09 PM

ලැජ්ජයි... අයියෝ සිරිසේන. ඡන්දෙ දීපු අපිට ගහගන්න ඕනේ ඊට කලින්..

:       0       0

samankSunday, 28 October 2018 04:26 AM

තමන්ටම "ලයික්" දාගන්නවා හැරෙන්න වෙන වැඩක් නැතිව ඇති නේද?

:       70       221

DarshanaSunday, 28 October 2018 05:28 AM

ඇත්ත වැටහිලා නෑ තාම .. තවමත් කඩේ යනවා........

:       0       37

perera Saturday, 27 October 2018 11:06 AM

මට නිකන් හිතෙනවා මෛත්‍රීපාලට මානසික ලෙඩක් කියලා. පේන විදියට සිසොෆ්රෙනියා...

:       0       0

ananda Saturday, 27 October 2018 11:54 AM

දැං මඩු වලිගෙන් ගහන්ඩ ඕනේ තමුන්ට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව අස්සෙ හැංගිලා මේ රට අගාධයකට ඇදලා දාපු අයට නේද?

:       266       1356

sandy Saturday, 27 October 2018 12:14 PM

ඒ එක්කම මේ පනින රිලව් ගැන බලා ගන්න.

:       0       0

saliya Saturday, 27 October 2018 12:17 PM

අපූරුවට පොරොන්දු ඉටු කරලා සාධාරණ සමාජයක් හැදු යුග පුරුෂයා, එලවන්න නම් එපෝ..!!!

:       0       0

chathuri Saturday, 27 October 2018 12:21 PM

කැතම ගතිගුණ තිබෙන්නේ.. හැම පත්වීමක්ම කෙරුවේ හොර රහසේ. ගෙවල් ගානෙ ගියේ ඕකට වෙන්න ඇති. අරගන ගිහින් කුඹුරේ හිටෙව්වත් වැඩක් නැහැ. එක කුරුල්ලෙක් බය නැහැ. ජනතාව නැවත යම රජ්ජුරුවන්ගේ පාලනයට දෙන්නේ නැහැ කිව්වා. මෙයත් අඩි 6ක් යටට යයි කිව්වා. දැන් ලොකුම හොරාට දුන්නා. අගමැතිකම ජනතාව ගැන හිතුවා නම් මෙහෙම කරයිද? විශ්වාස භංග අවශ්‍ය නැහැ. ඉල්ලා අස්වෙන්න මෙයාව... තියන් හිටියොත් පාකිස්ථානයට මුළු රටම ලියල දීලා. හොර රහසේ පොළොන්නරුවට ගිහින් හැංගිලා ඉඳියි..

:       0       0

Saman Saturday, 27 October 2018 12:23 PM

ගමරාලටත් ජනාධිපති උණ වැලඳුනා වගෙයි..

:       0       0

sathya liyanage Saturday, 27 October 2018 12:32 PM

වසර 40ක පමණ දේශපාලන ඉතිහාසයක් පමණක්ම තිබෙන ව්‍යවස්ථාවෙන් තමන්ට කළහැකි නොහැකි දෙයවත් හරිහැටි නොදන්නා, ප්‍රතිපත්තියක් නොමැති රටක අනාගතයක් ගැන නොසිතන ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද කියා නොදන්නා, ජාත්‍යන්තර සමුළුවලදී පමණක් මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණත් කතාකරන බම්බු දේශපාලකයන් රටක නායකත්වය හොබවනවිට රටක් දියුණු කරන්නේ කෙසේද? රාජ්‍ය නායකයකුට අත්‍යාවශ්‍යෙයන්ම තිබිය යුතු උගත්කමක් බුද්ධියක් සහ දුර දක්නා නුවණත් තිබෙන දූෂකයින් සමග කුමන්ත්‍රණ නොකරන ශක්තිමත් ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට හොඳින් දැනෙමින් තිබේ. එම මහඟු අවස්ථාව අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ දොරටුවට පැමිණ තිබේ.

:       1069       2103

Thilina Saturday, 27 October 2018 02:38 PM

අම්මේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් නොවැ තිබ්බේ... නිකන් බයිලා නොගහ ඉන්න මහත්තයෝ.. ඡන්ද නොතියා ආණ්ඩුව පැත්තෙන්ම විපක්ෂයත් හදාගෙන තමන්ට එරෙහි අයට නීතිය නව නව කරපු හරිය මදැයි .. තස්ත්‍රවාදීන්ට එක නීතියක්, හමුදාවේ අයට තව එකක්.. බදු පිට බදු ගහලා මිනිස්සුන්ව තලද්දී ඔහෙලා කොහෙද හැංගිලා හිටියේ..?

:       0       0

V.warnakulasuriyaSaturday, 27 October 2018 02:51 PM

අගමැතිකම දීලා මහබැංකුව හොරා කෑවා. ජනාධිපතිකම දුන්නොත් කොච්චරක්ද?

:       1223       1635

janatha anura Saturday, 27 October 2018 04:11 PM

බැංකු බැඳුම්කර පිළිබඳව හසල දැනුමක් ඇති, ගුවන්යානා නිපැයුම් සැපයුම් නවතා දමා නැවත වන්දි ගෙවීම් පිළිබඳ සහ වරාය විකුණුම් පිළිබඳව හසල දැනුමක් ඇති රනිල් මහතා ජනපති කිරීමට එකම සුදුස්සා බව එජාප ජනතාව හොඳින් එය දනී.. දෙපක්ෂයේම අයට ජයවේවා..!!!

:       0       0

ලක්සිරි Saturday, 27 October 2018 01:06 PM

ඉතාමත්ම වැදගත් යෝජනාවක්... එසේ නොමැති වුවහොත් මෙවැනිම දෙයක් අනාගතයේදීත් සිදුවෙයි. සර්පයා හඳුනාගෙන කටයුතු කිරීම කා හටත් යහපතක්.

:       85       461

Nimal Saturday, 27 October 2018 01:19 PM

මඩුවලිගෙන් ගහන්න ඕනේ අපිට. මහජනතාවට. මේ වගේ මී හරක් 226 කට ඡන්දෙ දුන්නාට. කොච්චර කිව්වත් ඊළඟ ඡන්දෙටත් එන්නේ මේ මී හරක් වර්ගයම තමයි. අනේ අපේ රටට ගිය කලක්. ලංකාව නම් කවදා හැදෙයි ද මන්දා.

:       12       804

Ruwan Saturday, 27 October 2018 01:46 PM

මුලින්ම කියන්න ජනාධිපති කෙනෙක්ට විරුද්ධව විශ්වාසභංගයක් නෙවෙයි දෝෂාභියෝගයක් ගේන්න කියලා... දෝෂාභියෝගයක් යනු දේශපාලන වංකගිරියකි. එ්නිසා එමගින් ජනාධිපති ඉවත්කිරීම සිහිනයක් පමණි.

:       0       95

සනත්Sunday, 28 October 2018 02:59 AM

එයාගෙ අයින්කරන්න දෙයක් නැහැ කොහොමටත් තව අවුරුද්දකින් එයා ගෙදර යනවා.

:       0       20

d.upulSunday, 28 October 2018 01:00 PM

මහින්ද විසින්මයි එයාව ගෙදර යවන්නේ....

:       0       35

KALPA Saturday, 27 October 2018 02:12 PM

බුදු හිමියන් බුද්ධත්වයට පත්වී දෙවන සතියේම තමන්වහන්සේට බුදුවීමට සෙවනදුන් බෝධීන් වහන්සේට සතියක් පුරා ඇසිපිය නොහෙලා අනිමිස ලෝචන පූජාව කළා. අපේ ජනාධිපතිට 2015 දී ජනාධිපති වීමට උදව්දුන් එ.ජා.ප නායකයා එලවා දැම්මා. බුදුදහම ප්‍රධාන ආගම වන අප රටේ (කළගුණ සැලකීම) බුදු දහම පිරිහීයාම කොහොමද?

:       0       0

de silva Saturday, 27 October 2018 02:12 PM

කිසිම පෞරුෂයක් නැති කෙනෙක් රජකරවීමේ විපාක විඳින්න වෙලා..

:       0       0

Amila Saturday, 27 October 2018 02:13 PM

තමන්ගේ ආණ්ඩුව ගලවලා විසි කරනකන් බලන් හිටපු ඒජාපයට ඕකත් කරගන්න බැරිවෙනවා. ඇත්තටම හරි හමන් බුද්ධි අංශයක් නැති රනිල් වගේ හිටපු අගමැති කෙනක්‍ රටට අති භයානකයි. මොකද පිට රටකින් හරි රට අල්ලගත්තොත් නිකන් බයිලා ගහගහ ඉඳීවි.

:       0       0

sandy Saturday, 27 October 2018 02:13 PM

දින 100 දන්නේ නැහැ කියපු කෙනානේ...

:       0       0

Sanath Kandy Saturday, 27 October 2018 02:32 PM

ජනාධිපතිට විරුද්ධව ගේන්න ඕනෑ දෝෂාභියෝගයක් මිස විශ්වාසභංගයක් නොවෙයි...

:       0       0

angelo nugara Saturday, 27 October 2018 02:37 PM

එතකොට මහින්ද මහතා නිකන්ම ජනාධිපති. රනිල් මහතා එ්කට මොකද කරන්නේ?

:       0       0

බද්රානි Saturday, 27 October 2018 03:08 PM

විශ්වාසය මත පදනම්ව, ඡන්දය ලබාදුන් ජනතාවට හෙළුව පෙන්වා සමච්චල් කරන යුගයක, කාපු පතේ පැහැරීම ප්‍රජාතන්ත්‍රවාදය වූ රටක, තම බලය, තම විරුද්ධවාදියාවම බලයට ගෙන ඒම උදෙසා, වෙනසක් සිදු කරන අවධියක, මේ සිදුවෙන ජන්මයෙන් ලද හැකියාවෙන් කරන විප්ලවයට, "හූවක්" කියා එකතුවීම හැර වෙන මොනවා කරන්නද? ජයවේවා!!

:       0       9

Susil Saturday, 27 October 2018 03:40 PM

උඩරට ගිවිසුමට පස්සේ ඇතිවුණු මහා පාවාදීම...

:       0       0

Perera Saturday, 27 October 2018 06:42 PM

විශ්වාස භංගය එජාපෙන් ගෙනාවිට එයට මහින්දගේ කණ්ඩායමත් ඡන්දය දී සම්මත කරගත්විට වර්තමාන ජනාධිපති තනතුරෙන් විසිවෙනවා. එවිට ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා ජනාධිපති වෙනවා. දැන් පෙනේද යන්නේ කොහාටද කියලා?

:       0       3

nimal Saturday, 27 October 2018 09:05 PM

ඔය ගන්නා ක්‍රියාමාර්ගය..... කරවල කෑල්ලක් අරන් දුවන බල්ලෙකුට උම්බලකඩ පොල්ලකින්ග් ගැහැව්වා ව‍ගේ වැඩක් ..

:       0       0

Samapth Saturday, 27 October 2018 09:15 PM

හිත් වේදනාවට කියන කතා, බහුතරය පෙන්විය නොහැකි එජාපය, 2/3 බලයක් පෙන්වන්නේ කොහමද?

:       43       15

පිටිගල මිලානෝ Saturday, 27 October 2018 09:44 PM

ගුණමකුවන් ගැන කවි ගී ලියවුනා මඳි....!

:       5       10

Abdul Rahman Saturday, 27 October 2018 09:58 PM

රනිල් එපා මහින්ද එපා මෛත්‍රී කොහෙත්ම එපා. අලුත් නායකයෙක් රටට අවශ්‍යව ඇත. පක්ෂ පාට ජාති නොබලා අලුත් නායකයෙක් පත් කරමු

:       0       19

sam Sunday, 28 October 2018 12:31 AM

මං හිතන්නේ එජාපයේ උදවිය මේකට කරදර වෙන්න ඕනෑ නැහැ. මහින්ද මහතා අගමැති වී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ සැනින් ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව මට නම් විශ්වාසයි.

:       7       5

ROCKY Sunday, 28 October 2018 01:05 AM

සර්පයා තන්ගේම වලිගය ගිල්න්න පටන් ගත්තොත් .. ඌට ආයේ බඩ ගාන්නවත් කෙලින් වෙන්න වත් බැහැ .. වමාරන්නේ නැතුව. රට හොරුන්ගෙත් හොරුන්ට යනවා. අපි කබලෙන් ලිපට. ඕන එකෙකුට ජය වේවා!

:       0       27

Kumar Sunday, 28 October 2018 01:20 AM

ලංකාව අවුල් තත්වයට පත්කළ ජනාධිපති ගෙදර යවන එක තමා හොඳ... මොනම ව්‍යවස්ථාවකවත් මෙවැනි වගන්තියක් ඇතුලත්වී ඇත්නම් එය වෙනස්කරන්න. හරියට අලිමදිවට හරක් එකතුවුනා වගේ.

:       0       4

Chandima Sunday, 28 October 2018 01:28 AM

අපේ ඡන්දෙන් ජනාධිපති වුණේ... අපි එජාපෙ මිනිස්සු ඡන්දෙ දුන්නේ පල්හොරුන්ට විරුද්ධව, නිදහස වෙනුවෙන්.. අද බලය වෙනුවෙන් ඒ පල්හොරු රැළ එක්කම එක්වෙලා... මින් පස්සේ රටේ නීතියක් නැහැ. ජනාධිපතිත් රාපක්ෂලාට ඕනෙ ලෙස වැනෙන පතෝල කරලකි. මිනිස්සු ඡන්දෙ දුන්නේ පල්හොරු එක්ක එකතුවෙන්නද? නැවත ඡන්දයක් එනකම් අපි බලා ඉන්නවා ඔබට සලකන්න. පොළොන්නරුවෙන් මොහු ගෙදරම තමයි. ප්‍රාදේශීය සභාවකටවත් වද්දගන්න එපා. සෝභිත හිමියන්ගේ ආදාහනය දවසේ මොකක්ද කිව්වේ? දෝෂාභියෝග ගැන එපා... ඒවා ප්‍රායෝගික නැති දේවල්...

:       0       20

rohana Sunday, 28 October 2018 04:02 AM

මෙයත් විමල් 8 පාස් වගේ එවැනි කෙනෙකු ගෙන් අපිට මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ වැඩේ කියන්නේ මෙයා දැනට මාස දෙකකට කලින් කිව්වේ මොනවද කියල ආපස්සට හැරිලා බැලුවොත් . මෙයා වගේ ජනාධිපති කෙනෙක් ලංකාවේ ඉඳල නැහැ ඉන්න එකකුත් නැහැ............

:       5       39

Jehaan Sunday, 28 October 2018 04:37 AM

දෝෂාභියෝගයක් ගෙන්න ඕන හරි හමත් සිහියක් නැතිව කතිරය ගහපු අපිටමයි.

:       0       92

Darshana Sunday, 28 October 2018 05:24 AM

අගමැතිකම අරගෙන ඉස්සෙල්ලම මහා බැංකුව හොරකාවනම් ජනාධිපතිකම ලැබුණ නම් ........

:       28       62

faiq Sunday, 28 October 2018 07:04 AM

අහිංසක යෝජනාවක්...........

:       2       1

chamuditha jayathilaka Sunday, 28 October 2018 07:06 AM

අපේ ඡන්ද බලය යනු කිසිම තේරුමක් නැති දෙයක් බව තේරුම් ගන්න මේක හොද අවස්ථාවක් . අපි මහා ලොකුවට හිතුවට ජනතා පරමාධිපත්‍ය කියල දෙයක් ලංකාවේ නෑ. බල අරගලයක් සහ නාට්‍ය රගදක්වීමක් පමණි

:       14       3

sandy Sunday, 28 October 2018 07:41 AM

ජනාධිපති බය වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුව කල් තැබුවේ එකට තමා. අපි තවමත් පිලි ගන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කියලා. දේශපාලන විවේචන තිබුනට පිළිගත් සම්ප්‍රධායක් තියෙනවා. ජනතාවගේ ඡන්දය මොකටද මෙවෙන් දේවල් කරනවානම්. මුලින් පැරදුන අපේක්ෂකයෝ මන්ත්‍රීධූර වලට දානවා. දැන් තව එකක්. මේ වලට මොවුන් විතරක් වන්දි ගෙව්වට කමක් නැහැ. අපිවත් ඒ නාරා වලට ඇදලා දානවා.

:       25       101

josapin Sunday, 28 October 2018 09:43 PM

මු වගේ අයෙක්ට බුවල්ලෙන් තැලීම බු වල්ලටත් කරන අපහාසයක්.

:       0       1

Vajira Monday, 29 October 2018 02:38 AM

ශ්‍රී ලංකාවේ වර්තමාන සියලු දේශපාලකයෝ දූෂිත බව ජනතාව හොඳින් දන්නා කරුණකි. සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ දුෂිත නොවන හොරකන් නොකරපු දේශපාලකයෙක් පෙන්වන්නයි ජනතාවට අභියෝග කරන්නේ ලැජ්ජාවක් නොමැතිවය. එහෙම දේශපාලනයක් තියෙන මේ රටේ හොරුන් අතරින් කාලයට හා තමාගේ ඉදිරියට ගැලපෙන හොඳම හොරා තෝරා ගැනීම තමයි සිරිසේන කරලා තියෙන්නේ. සිරිසේන මුහුණ දීලා හිටියේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැනි තත්වයකට. මේ අවස්ථාවේ මහින්ද හැර වෙන කිසිවෙක්ව අගමැති කළා නම් මහින්ද සහ රනිල් එකතු වී සිරිසේනව කන එක ඒකාන්තයි. ඒ නිසා විසෙන් විස නසී යන්න අනුව යමින් මහින්දව අගමැති කිරීම හැර සිරිසේන ට වෙන විකල්පයක් නැත.එහෙත් මෙම පත් කිරීම අනාගතයේ දී කොටි වල්ගය අල්ල ගත්තා වගේ වීමට ඉඩ ප්‍රස්ථා තිබෙන බව සිරිසේන නොදන්නවා නොවිය හැක.

:       0       3

chathuri Thursday, 01 November 2018 01:49 AM

පොළොන්නරුවේ පොඩි විජයගේ මයිලක් තරම් වටින්නේ නැහැ. ගමට එන්න දෙන්නේ නැහැ. අද හිටියා නම් ගම කෑවා කියලා මහින්ද කලින් කරන්න ගිය දඬුවම දෙයි මල්ලි. නැති වුනෙත් පාවාදෙන්න ගිහින් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 3464 1

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7389 5

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3734 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3076 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11771 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8033 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site