IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්

(ආරියරත්න රණබාහු)

ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසීය.

මෙම අතුරු සම්මත ගිණුමක් අනුමත වීම හේතුවෙන් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන ඇති බවත්, මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් තනි පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ බවත් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

පැලවත්ත පක්ෂ මූලස්ථානයේ අද (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප‍්‍රචාරක ලේකම්වරයා මෙසේද කීවේය.

පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා.

නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා.

මේ නිසා ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන තිබෙනවා. මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට මුළු ජීවිතයටම වැය නොකරන මුදලක් මහජන ධනයෙන් තනි පුද්ගලයෙකුගේ දවසක වියදමට දරන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මීට අමතරව ජනාධිපතිවරයා විශ‍්‍රාම යනකොට වරප‍්‍රසාද පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත කරදී තිබෙනවා. නිල නිවාසයක්, ආරක්ෂක වාහන, පුද්ගලික වාහන, ඉන්ධන දීමනා වගේ දේවල්වලින් රුපියල් කෝටි 800ක පැකේජයක් අනුමත කරගෙන.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විශ‍්‍රාම යන අවස්ථාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර භාගයක ඉඩමක් වෙන්කර ගත්තා. දියවන්නාව මැද මාළිගයක් ඉදිකරන්න අත්තිවාරම් දැම්මා. කණු හිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ නාස්තිකාර වියදම්, ගොවි ණය කපාහරින්න, සහන මිලට පොහොර දෙන්න යොදවන්න බලකළා. ඒ වගේම 2007 මැයි මාසේ 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් විශ‍්‍රාම යන ජනාධිපතිවරයකුට ලබාදිය යුතු පහසුකම් ගැන නිර්දේශයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව වාසය කරන්න සුදුසු නිවාසයක් නැත්නම්, විශ‍්‍රාමිකයාට සරිලන මුදලක් වැයකරන නිවාසයක් ලබාදීම, පෞද්ගලික ලේකම්වරයෙකු පත්කර ගැනීම, කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබාදීම, කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් පස්දෙනෙකුට හයදෙනෙකුට ලබාදීම නිර්දේශ දී තිබෙනවා.

අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තිබෙන පැකේජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවටත් විරුද්ධව යාමක්. බලයට පත්වෙන විට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කිව්වේ විශ‍්‍රාම ගියාම පොළොන්නරු ගිහින් කුඹුරු කොටන බවයි. මෙතන තියෙන විශේෂත්වය සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් මේ නාස්තිකාර වියදම් අනුමතකර දීමයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවුරුදු 71ක් පුරා ජනතාව මත බදු පටවාගෙන ආ මේ පාලන ක‍්‍රමය වෙනස් කරන්න පෙළගැසෙන්න කියලා. ජනාධිපතිවරණ වේදිකාවේ සජිත් පේ‍්‍රමදාස ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා. අනිත් පැත්තෙන් මේ නාස්තිකාර වියදම්වලටත් අත උස්සනවා.

ගෝඨාභය රාජපක්ෂ, සජිත් පේ‍්‍රමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙනවා. අපේ ගැමියෝ යමක් අපේක්ෂාවෙන් භාරහාර වෙනකොට රූපයට රූපයක් දෙන බව කියනවා වගේ මේ දෙගොල්ලෝම පොරොන්දු දෙනවා රූපයට රූපයක් දෙනවා කියලා. පස්සේ පරණ තහඩු කෑල්ලක් දීලා භාර ඔප්පුකරනවා වගේ අද සජිත් පේ‍්‍රමදාසත් ගෝඨාභය රාජපක්ෂත් රූපයට රූපයක් දෙන බව කියමින් යනවා. නමුත් ජාතික ජන බලවේගය ප‍්‍රතිපත්තියක් සහිතව රටක් ගොඩනගන අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල බුද්ධිමතුන් වෘත්තීයවේදීන් එකතුවී අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය, කෘෂිකාර්මික, සංස්කෘතික කටයුතු ජාතික සමගිය වගේ ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත්කර තිබෙනවා. ජනතාව මේ සියල්ල දැන් බුද්ධිමය සංවාදයකට ලක්කරමින් ඉන්නවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - වත්මන් ජනාධිපතිවරයා තුන්කල් බලා කටයුතු කර තිබෙනවා නේද?

පිළිතුර - ඔහු රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා නොකළාට ඔහුගේ පෞද්ගලික අනාගතය ගැන තුන් කල් බලා කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය - රාවුෆ් හකීම් මහතා විශේෂ කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස හෙළා දකිකනවා. ඒ ගැන ඔබේ අදහස

පිළිතුර -  කාරක සභා වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඒක ප‍්‍රතික්ෂේප කරන්නේ රාවුෆ් හකීම් ඇමැතිවරයා එහි සිටියා කියලා. නමුත් ඔවුන් මුලින්ම මෙම කාරක සභාවෙන් ඉවත්ව ගියේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය මෙම කාරක සභාව මගින් විමර්ශනය කරන බව අගමැතිවරයා කළ ප‍්‍රකාශය නිසයි. මේ අය මෙම ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව බියවැද්දීමට එක එක විදියේ කතා  කියනවා. ජනතාව අතර කටකතා පතුරවලා නැති භීතියක් ඇති කරන්න හදනවා. මේ කටකතා පිටුපස පැහැදිලිවම බංකොළොත් දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වෙනවා. ඒ අයට  ඕන වෙලා තියෙන්නේ මළ මිනී මතින් ඡුන්දය අරගෙන බලයට ඒමටයි. අපි ඒ කි‍්‍රයාව පිළිකුළෙන් හෙළාදකිනවා.

ප‍්‍රශ්නය -  ඇතැම් පක්ෂවල සහ ජනාධිපති අපේක්ෂකයින් කියන කරන කතා නිසා ඡුන්ද දායකයින් අතරමංවී සිටින බවක් පෙනෙනවා නේද?

පිළිතුර - අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප‍්‍රතිපත්ති වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි. ඒ වගේම ඔවුන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධයි. ඒ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ආවේ මිස්ටර් ක්ලීන් කියලා. නමුත් බලයට ඇවිත් මාසයක් යෑමට පෙර මහ බැංකුව බිඳලා එයාගේ ක්ලීන් බව පෙන්නුවා. දැන් සජිත් වටේ එකතුවෙලා ඉන්නෙත් ඒ කණ්ඩායමමයි. පිරිසුදු පාලනයක් බිහි කරන බව කියන්නේ පක්ෂය පාවා දී පැන ගිය තිස්ස අත්තනායක වගේ අය ළංකරගෙනයි. මේ අයට කවදාවත් රට ගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නැහැ. මේ නිසා අවංක පුද්ගලයන් අපගේ ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා.

ප‍්‍රශ්නය -  හැම පක්ෂයකම මේ සිද්ධ වෙන්නේ ඉතිහාසයේ සිදුවූ එකම කාරණය නේද?

පිළිතුර - මේ වෙලාවෙදී ඔබ ඒ ප‍්‍රශ්නය අහපු එක හොඳයි. මේ 26 වැනිදාට ඒ කියන්නේ හෙටට ඔක්තෝබර් කුමන්ත‍්‍රණයට වසරක් පිරෙනවා. ඒ කුමන්ත‍්‍රණයට මුල් වටයේදීම හවුල්වී එජාපයෙන් පළාගිය ආනන්ද අලූත්ගමගේ, දිනේෂ් ගංකන්ද වගේ පිරිසක් නිසා ඒ කුමන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් වුණා. සජිත් පේ‍්‍රමදාස ඒ පක්ෂයේ ප‍්‍රතිපත්ති පාවාදෙමින් සිටිනවා. එජාපය මරණීය දණ්ඩලයට විරුද්ධයි. නමුත් සජිත් කියනවා ඔහු බලයට ආවම එය කි‍්‍රයාත්මක කරනවා කියලා. මේ නිසා එජාප පාක්ෂිකයින්ගේ විශ්වාසය බිඳවැටිලා.

ප‍්‍රශ්නය -  මේ සියලූ දෙනාට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

පිළිතුර -  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගන්න ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න. යථාර්ථවාදී නැවුම් බලාපොරොත්තු සහිතව අප වටා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.



අදහස් (67)

ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්

sirimal Friday, 25 October 2019 02:43 PM

"සරල" ජනාධිපති කෙනෙකු බලාගන්න ඔච්චර වියදම් වෙනවා නම් සරල නැති කෙනෙකුට කොච්චර යයිද අප්පා...?

:       277       607

සෝමදාස Friday, 25 October 2019 03:00 PM

ජනාධිපති කාර්යාලය වැය ශීර්ෂය යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා නේද?. වැඩිපුර මුදලක් වෙන්කරලා ඇත්තේ ඒ නිසා වෙන්න පුළුවන්.

:       469       437

NissankaFriday, 25 October 2019 06:03 PM

71ක් වසරක් ප්‍රධාන පක්ෂ දෙක විසින් විනාශ කරන ලද අපේ මව්බිම මේ විනාශකාරී මාවතෙන් ගලවා ගැනීමට නම් මෙවර අනිවාර්යයෙන් තුන්වෙනි බලවේගයක් දිනවිය යුතුමයි.

:       290       1435

MaheeFriday, 25 October 2019 08:48 PM

ඔබ සමග මමත් එකඟයි. මම බලා හිටියේ නාගානන්ද එයි කියලා. ඔහු නැති නිසා දැන් ඉන්න 35 දෙනා අතරින් සුදුසුතම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක කියලා මමත් හිතනවා.

:       340       844

ලසන්තSaturday, 26 October 2019 03:52 AM

අපි නොදන්නවාට, කොළඹ 7 පොළොන්නරු කුරුඳුවත්තේ කුඹුරු කොටන්න ඒ තරම් ගානක් යනවා ඇති.

:       0       128

RanathungaSaturday, 26 October 2019 02:56 PM

බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆොර්මර් විනාශ කරපු , මිනි මරපු ඉතිහාසයක් ඇති බලවේගයක්ද ?

:       311       473

VajiraFriday, 25 October 2019 06:04 PM

1930 1940 දශකවල අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් පැරණි වමේ ව්‍යාපාරය හා එකතු වී සිටි ආකාරයෙන් අද අපේ රටේ සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරු උගතුන්, බුද්ධිමතුන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග එක්වී සිටීම ඉතාමත් සතුටට කරුණකි..

:       242       672

RanbandaraSaturday, 26 October 2019 06:59 AM

වසර 71ක් තුළ උගතුන් හා බුද්ධිමතුන් අන් උදවියට තීරු බදු සහනය රහිතවත් තමුන්ට තීරු බදු රහිතවත් සතුටුව වාහන ගත්තා. ඒවා පසුව විකුණා ලක්ෂ ගණනක් ලාභ ලැබුවා. දැන් බයිලා ගහනවා... සල්ලි තිබ්බට තත්වය මදි වෙලා.

:       6       110

RaveendraSaturday, 26 October 2019 07:22 AM

කව්රුන් හෝ මහජන බදු මුදල් අයථා ලෙස නැති නාස්ති කරනවා නම් එය අප කිසිවිට අගය නොකරන්නේ. අප එයට එකහෙලා විරුද්ධ වන්නෙමු. එසේ නැති නාස්ති කරන්නේ රතුද, කොළද, නිල්ද අදාලම නැත. වැරදි නම් "කවුරු" වුණත් වැරදිය. එමෙන්ම එය වැරදියි කීමට අප නම් කිසිවිට බිය නොවන්නෙමු. නමුත් ගැටලුව තියෙන්නේ මේ රතු මල්ලිලා මෙතෙක් කල් " හැලිවඳුරන් 225ටම අයත් වඳුරු රැලේ ඉඳලත් " මේ මොහොතේ හදිස්සියේම ලොක්කාගේ වියහියදම්" ගැන කතා කරන්නේ කුමක් හෝ ඡන්ද වාසියක් අවසාන මොහොතේ හෝ ලබා ගැනීමට කියා සරලව හෝ සිතීමට හැකි පුරවැසියකුට එම පැනය නොනැගෙන්නේ ද? කාරුණිකව මධ්‍යස්ථව අපගේ මෙම අදහස් තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. මේ රතුහැට්ටකාරයන් ටික මෙතෙක් කල් නියෝජනය කරේ ඉන්දියානු පාර්ලිමේන්තුවද?

:       733       77

RanabahuSaturday, 26 October 2019 11:06 AM

රවීන්ද්‍රගේ දේශපාලන කැමැත්තට ජ.වී.පෙ ගැලපෙන්නේ නැති වුණාට ඇත්ත බොරුව කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බැරි බව දන දතයුතුයි, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හොරකම නාස්තිය දුෂණය හා මහාජන දේපොළ අයථා පරිහරණයට විරුද්ධව ජ.වී.පෙ තරම් වෙන කරුවත් හඩනගා නැති බව ඔවුන්ගේ විරුද්ධවාදීන් පවා පිළිගන්න සත්‍යක්‌. එවන් කණ්ඩායමකට මෙසේ බොරු අවලාද නගන්නේ තමන්ගේ පාර්ශ්වය රැක ගන්න දරන බොලඳ උත්සාහයක් ලෙස විය යුතුය.

:       31       616

RaveendraSaturday, 26 October 2019 11:53 PM

රණබාහු මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව කිව යුත්තේ අපට නම් දියවන්නඔයේ ඉන්න අය 225 ටම ( ඔබ වන්දනාමාන කරන අය ඇතුළුව ) අපගේ දේශපාලන කැමැත්තක් නැති බවයි. මක්නිසාදයත් ඔබට ද හිතට එකඟව ඔබගේ දේවතාවන් වන රතු හැට්ටකරයන්ද බොරදියේ මාළු බානවද නැද්ද යන්න වටහ ගැනීමට නොහැකි නම් ඔබගේ දේශපාලන දැනුම් සම්භාරය පිලිබඳව ඔබම නැවත සිතා බැලීමවැදගත් වෙනු නොවනු මානය. මෙතෙක් කල් එකට දියවන්නා ඔයේ මඩවගුරේ මිහරකුන් 225 ම ලැග ඉදල මහ මිහාරකගේ වියහියදම් ගැන මේ හදිස්සියේ කෑමොර දෙන්නේ කුමක් අරභයාද යන්න ඕනෑම පුරවරසියකුට නොතේරෙන්නේද ?? එමගින් සුළුවෙන් හෝ දේශපාලන වාසියක් ලබා ගැනීමට "තටමනවා "නොවේද ??ඔබගේ අදස් වලින් ඉතාහොදින්පැහැදිලි වෙන කාරණය නම් ඔබ රතුහැට්ටකාරයන්ගේ ළඟම ගොට්ටෙක් බව නොවේද ? හොදයි "අන්තරේ ඉන්නා ඔහෙලගෙ අතකොලු බුරුවන් ගැන ඔබගේ කියවීම ද දන ගැනීමට කැමැත්තෙමු. කරුණාකර අප අපට අවංක වෙමු. කොහෙවත් යන එක එක බුරුවන්ගේ ගැත්තන් නොවෙමු.හොද දෙය රතු හැට්ටකාරයන් කළත් ගොන් අලියන් කළත් නිල් බුරුවන් කළත් එය අගය කරමු.වැරදිනම් එය වැරදි ලෙස දකිමු.

:       162       210

RaveendraSunday, 27 October 2019 12:44 AM

ඔබගේ නමින් එහෙ මෙහ හැඟුණු චරිතය 88/89 යේ..// දුන්නා හමුදාව ඇඩ්රස් නැතිවෙන්නම මතකයේ හැටියට..// කෙසේවෙතත් හොද දෙයහොඳ ලෙස දැකුමට ,පිලිගනුමට ..// පාට, පක්ෂ අවශ්‍ය වන්නේ පොල් බුරුවන්ට බව අමතකද ..//

:       8       14

RaveendraSunday, 27 October 2019 12:50 AM

කව්රු කළත් හොඳ දෙය අපි හොඳලෙස දකිමු..// රතු, කොළ, නිල් බුරුවන්ද නැත වැදගත් වන්නේ.// රණබාහු රතු පක්කලියකු බවනම් පැහැදිලිය..// මධ්‍යස්ථව සිතුමට බැරි ඇයි ඔතරම් බය මොකද..//

:       8       3

sasithMonday, 28 October 2019 10:16 AM

යකුනේ, නුඹලා හරක් වගේ රණ්ඩු වෙන්න එපා. ඔය එකෙක්වත් රටට ආදරේ නෑ. අපිට ආදරෙත් නෑ. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඕක තමයි. මොලේ කල්පනාකරලා වැඩකරපල්ලා...

:       0       304

harindu Friday, 25 October 2019 03:32 PM

මේ අය කියන්නේ ඔක්කොම ඇත්ත... ඒ අයගේ ප්‍රතිපත්ති මහජනයාට බොහෝ හිතකර ඒවා... (8 පාස් අයවත්, හොර නීති උපාධි තියෙන අයවත් මෙහෙ නැහැ) උගතුන් රාශියක් මේ පක්ෂය වටා එක්වෙලා තියෙන්නේ...

:       293       855

Amila Friday, 25 October 2019 03:40 PM

කවුරු දින්නත් ඔච්චර තමයි ඉස්සරහටත් වෙන්නේ.. මොකද හැම පාලකයින්ම දන්නවා සල්ලි නැතිවුණාට බයවෙන්න දෙයක් නෑ. ණය ඕනෑතරම් ගන්න පුලුවන් කියලා.. මොකද මෝඩ මිනිස්සුන් තමයි ගෙවන්නේ කියලා..

:       20       201

විකල්ප Friday, 25 October 2019 06:09 PM

අවුරුදු 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දෙදී වත් හිතට ගමු. අපේ ආදරණීය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්... සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති නායකයකු තෝරාගනිමු.

:       118       446

වජිර Friday, 25 October 2019 06:31 PM

අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිධුරය දැරූ අවුරුද්දේ ඇමතිවරයාගේ පෞද්ගලික වියදම් සඳහා අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදල් ඉතිරිකර සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ දෙකක් මිලදී ගෙන තිබුණා. අපේ රටට දැන් අවශ්‍ය රටට ආදරය කරන මහජන මුදල් නාස්ති නොකරන නායකයෙක්...

:       254       590

විමුක්ති Friday, 25 October 2019 06:34 PM

සිස්ටම් එකේ වෙනසක් කරමු නේද එහෙනම්...?

:       687       1042

AmilaSaturday, 26 October 2019 01:08 AM

හැමෝම එකයි යාලුවා. එයාලා ගෙනාපු ආණ්ඩු සහ ජනපතිවරු තමයි මහින්දලා, සිරිසේනලා වගේම මේ ආණ්ඩුවත්.. අනික එයාලගේ සමිතිත් මේ රටේ මේ විනාශයට වගකියන්න ඕනෑ.. දන්නේ දියව් කියන්න විතරයි. මතකද එක මහල්ලෙක් ආවා අරක කරනවා, මේක කරනවා කියලා .. අන්තිමට මිනිහා සල්ලිත් අරන් මාරුවුණා. ජනාධිපතිවරණයට ඉල්ලන්නේත් නැතුව.. ඒක නිසා ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් දේශපාලන වශයෙන් පලපුරුදු මිනිහාට දෙන එක මිසක් වෙන විකල්පයක් නෑ.. පුරුදු නැති මිනිහෙක් ආවොත් තව මේක අනනවා.

:       1058       149

deshapriyaSaturday, 26 October 2019 04:18 AM

ජවිපෙට තනියම දිනන්න අවස්ථාව තිබුණා නම් කවදාවත් වෙනඅයට උදව් කරකර ඉන්නේ නැහැ. පුරුදුකාරයන් ඇවිත් මේක අනලා තියෙන තරම මදිද? ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලා හොඳයි. තව ඔය කියන හොර අපේක්ෂකයන්ට වැඩිය..

:       0       396

ධනුෂ්කSaturday, 26 October 2019 02:45 PM

අමිල ඔබ හරිම පසුගාමියි. මේ ලෝකේ මිනිස්සු ඔක්කොම ඔබ හිතන විදියට හිතුවා නම් මිනිස්සු තාමත් ගල් යුගයේ. ලෝකේ තැටියක් කියලා සමහර විට ගලක් අරගෙන සතෙක් පස්සේ එලවනවා. නමුත් වෙලාවට එහෙම වුණේ නෑ. බහුතරයක් මිනිස්සු හැමදාම හිතුවා අපි එකම විදියට ඉන්න බෑ. වෙනස් විය යුතුයි. අලුත් දේ අත්හදා බැලිය යුතුයි. දියුණු විය යුතුයි.යල්පැන ගිය දේ අතහැර ඉදිරියට යා යුතුයි. නමුත් ඔබ.? ඔබ බැරි වෙලාවත් ගුරුවරයෙක් වුනානම් ඔබගේ පසුගාමි චින්තනය ඔබෙන් ඉගෙන ගන්න දරුවන්ටද උරුම වෙනවා. එහෙම නම් නොවේවා.

:       2       23

AmilaSaturday, 26 October 2019 06:05 PM

මේ අවස්ථාවේ වඩාත් සුදුසු දෙයයි මා කිව්වේ. අනික විකල්ප ලෙස මතුවී තිබෙන කණ්ඩායම් නරකම නෑ.. පවුලක් කේන්ද්‍ර කරගත් අපේක්ෂකයා එක්ක බලද්දී.. ඒත් ඔවුන්ට පලපුරුද්දක් නෑ වගේම ලක්ෂ කීපයකින් එහා කිසිම විකල්පයකට මේ වෙලාවේ ඡන්ද වැටෙන්නේ නෑ.. අනික නාගා කියන මනුස්සයා කරපු වැඩෙන් සිහියක් බුද්ධියක් තියෙන මනුස්සයෙක් ආයෙත් ඔය අනිත් විකල්පත් විශ්වාස කරන්නේ නෑ.. ජවිපෙ තවමත් පසුගාමී අදහස් ඇති කණ්ඩායමක්.. ඔවුන් එයින් ගැලවෙන්න උත්ස‍ාහ කරත් මෝඩ සමිතිකාරයෝ ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒක නිසා ඔවුන්ටත් ලොකු ඉදිරිගමනක් නෑ.

:       7       65

Purawasiya Friday, 25 October 2019 04:06 PM

දැන් සජිත්ගේ කට්ටිය ඊමේල් එවන්න පටන් අරගෙන.... හරිම වදයක් මේක...

:       8       111

Akila Friday, 25 October 2019 04:40 PM

රජයේ අපේක්ෂා රෝහලේ මොලයේ පිළිකා මඩින්න යන්ත්‍ර 2ක් ගන්න ලක්ෂ 100ක් ඕනේ කියලා සාමාන්‍ය මිනිස්සු එකතුවෙලා මහන්සියෙන් එ්කට සල්ලි හොයනවා. ඒවා එහෙම මේ තක්කඩි දේශපාලුවන්ට පේන්නේ නැත්ද දන්නේ නැහැ...

:       0       204

Revan Friday, 25 October 2019 04:58 PM

මෙය තරමක් වැරදි සහගත ප්‍රකාශයකි. මෙහි සඳහන් සියළුම වියදම් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික වියදම් සඳහා පමණක් නොව ජනාධිපති අරමුදලද ඇතුළුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාලනය වන ඒකක විස්සකට වඩා අධික සංඛ්‍යාවක වැය ශීර්ෂයන්ද මෙම මුදලට අයත් වේ. කවුරුන් ජනාධිපති වුවද මේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හැරීමට නොහැකිය.

:       434       146

Tharindu PereraFriday, 25 October 2019 06:28 PM

නොහැකි වීමට කිසිඳු සාධාරණ ‌හේතුවක් ‌නොමැත. ජනාධිපතිවරයාට ‌වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් 90%ක් ම නාස්තිකාරී වියදම් වන අතර නාස්තිය මැඩපැවැත්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා පක්ෂයකට එය කිසිවිටෙකත් කළ ‌නොහැකි ‌දෙයක් ‌නොවේ. ප්‍රතිපාදනවලින් විශාල ප්‍රමාණයක් අත්‍යාවශ්‍ය ඒවා යැයි අපට හඟවා ඇති අතර නාස්තිය අවම කිරීමට සැබෑ ක්‍රියාමාර්ග ගන්නේ නම් එම අතිවිශාල මුදල් ප්‍රමාණය රටේ අධ්‍යාපනයට හා ‌සෞඛ්‍යයට ‌වෙන් කළ හැකිය. ඔබ ‌ගෙනෙන තර්කයට අනුව බලන විට අපේ රටේ ආර්ථික මට්ටමට අනුව අපගේ පාලකයාට එතරම් මුදලක් ‌වෙන් කිරීම සාධාරණ නම් ජපානය, ජර්මනිය හා බ්‍රිතාන්‍යය වැනි රටවල ආර්ථික මට්ටම අනුව ගත් කළ එම රටවල පාලකයින් බිලියනපතියන් ‌සේ සුර සැප විඳිය යුතුයි. එ්නිසා අප රටේ පාලකයින්ගේ වියදම් රටාවන් කිසිවිටෙකත් සාධාරණීකරණය ‌නොකරන්න. ඔවුන් මහජන ‌සේවකයන්ය. ඔවුන් වියදම් කරන්නේ අපට ‌සේවා සලසා ගැනීමට ඇති අපේ බදු මුදල්ය. ඒවා ඇත්තේ එකෙකාට සුර සැප විඳීමට ‌නොවේ. අපේ යහපතට ‌යොදා ගැනීමටයි. එබැවින් දැන්වත් වහල් මානසිකත්වයෙන් මිදී පුරවැසියෙකු ‌සේ සිතීමට පුරුදුවන්න...

:       38       713

JemaSaturday, 26 October 2019 09:52 AM

ඔබගේ අදහස සත්‍ය විය හැක. එහෙත් අප සැලකිය යුත්තේ මෙතරම් වියදම් දරා නඩත්තු කරන ජනාධිපතිවරයා සහ එම ආයතන මගින් රටෙහි ආර්ථිකයට වන දායකත්වය ඉතා අවම බවයි. එ් නිසා මේවා නාස්තිකාරී වියදම්ය.

:       0       206

RAHEEM Friday, 25 October 2019 05:45 PM

මේ සරල ජනාධිපතිලාට යන වියදම් කතා අහනකොට මහජනයා පරල වෙනවා.

:       6       112

Fernando Friday, 25 October 2019 06:06 PM

විද්වතුන්ගේ අදහස් යෝජනා මත රට ගොඩනගන සැබෑ යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් අවුරුදු 71ක් තිස්සේ රට ගමන් කළ විනාශකාරී ගමන්මග වෙනස්කර නව යුගයක් කරා ගෙන යා යුතුය.

:       56       268

Sanath Kandy Friday, 25 October 2019 06:11 PM

පවතින මජර දේශපාලනය වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සංවිධානාත්මක දැනුවත් ජනතා බලවේගයක් අවශ්‍ය වේ. එවැනි ජනතා බලයක් සහිත සංවිධානාත්මක විකල්ප බලවේගයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සතුව පවතී.

:       83       454

AbilinSaturday, 26 October 2019 01:08 AM

පවතින මජර දේශපාලන ක්‍රමය ඉවත් කිරීමට මෙවර අනුරට නොහැකි බව දැනට දක්නට ලැබේ. තිබෙන පාලනය අනිවාර්යෙන්ම වෙනස් කළයුතු නිසා පොහොට්ටුව හැර විකල්ප මෙවර නැත.

:       1168       37

ජානක Saturday, 26 October 2019 04:23 AM

අබිලින්, ඒ දෙගොල්ලම එන්නේ පවතින ක්‍රමය ආරක්ෂා කිරීමට මිසක් වෙනස් කිරීමට නොවේ. වෙනස් කරන්න පුළුවන් අනුරට විතරයි...

:       92       629

JemaSaturday, 26 October 2019 09:57 AM

ඔබ දිනාවි යැයි සිතන අපේක්ෂකයාට මනාපය ලබා දෙන්න.

:       106       1

AbilinSaturday, 26 October 2019 02:50 AM

අවාසනාවකට අනුරට ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා ළඟටවත් එන්ට ලැබෙන්නේ නැහැ. කොහොමත් මෙවර මේ තියෙන බහුබූත ආණ්ඩුව වෙනස් කර යුතුයි..! එමනිසා තරගයක් දෙන්ට පුළුවන් විකල්පය ජනතාවට තොරාගන්ට වෙනවා. ඔබ කියන සංවිධානාත්මක දැනුවත් කිරීම 16 වෙනිදා සිටම පටන් ගත්තොත් 2024 අනුරට එන්ට පුළුවන්.

:       481       79

චින්තන Friday, 25 October 2019 06:24 PM

මේ මුදල සම්මත කරේ අලුතෙන් පත් වෙන ජනාධිපති වෙනුවෙන්. හොර නඩ දෙකම එකතු වෙලා සම්මත කරගෙන තියෙන්නේ. හිතාගෙන ඉන්නේ එයාලගේ අපේක්ෂකයා දිනයි කියලා. එ්ත් මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.

:       331       708

CHANDIMA Friday, 25 October 2019 06:39 PM

ඔය ගණන් හිලව් දන්නා නිසානේ ඔහෙලා වුණත් ඔය පණ කඩාගෙන රෑ දවල් නැතුව ජනාධිපති තරඟෙට දඟලන්නේ..

:       809       382

WasudewaSaturday, 26 October 2019 02:01 AM

ඔබතුමාගේ කතාව සහතික ඇත්ත.එත් ඈත ගම්දනව් වල ඉන්න දුප්පත් මිනිහට ගෙයක් දීල දුප්පතා වෙනුවෙන් විශාල සේවයක් කරපු සජිත් කියනවා ...එයා ජනාදිපති වුනොත් පඩි නොගෙන, සැප කාර් බලපත්ත්‍ර නවත්තල, ජනාධිපති මන්දිර සියල්ලම රජයට පවරලා,කෝටි ගනන් විශාල මුදලක් ඉතුරු කරලා ජනතා සේවයට දෙනවා කියල.මේක රටට නායකයෙක් දෙන විශාල ආදර්ශයක්.අපිට මතකයි පරණ රෙජීමයේ පවුල් වාදයෙන් රටේ කෝටි ගනන්සල්ලි පිල්ලි ගහපු හැටි.ඉතින් අපි වෙනසක් බලාපොරොත්තුවෙමු.සජිත්ට ජයෙන් ජය.

:       110       504

chandimaSunday, 27 October 2019 06:21 AM

එයට මොකටද ආණ්ඩුවේ පඩි...? ගෙදර ඇතිවෙන්න සල්ලි අච්චු ගහනවනේ...

:       35       33

hasan Friday, 25 October 2019 07:37 PM

මේක හෙන ගහන අපරාධයක්... මාසයකට කෝටි 60ක්...

:       0       117

sunil milano Friday, 25 October 2019 07:41 PM

අනුර ඔයතරම් මහජන මුදල් නාස්ති කරන්නේ නැතිනම්... පුතාගේ වෙඩිමට ලක්ෂ 70ක් වියදම් කළේ ඇයි? ඒ මුදල් කොහෙන්ද?

:       810       102

ලපයාSunday, 27 October 2019 04:18 AM

ඒවා පුංචි අම්මගේ සල්ලි... ඉතුරු හරිය කට හොල්ලලා හොයාගත්ත ඒවා.

:       16       21

ranjith Friday, 25 October 2019 11:51 PM

දුප්පත් රටවල මහජන මුදල් කාබාසීනියා කරන වැඩ...

:       0       20

Bamunuarachchi Friday, 25 October 2019 11:58 PM

පිස්සු කෙලින්න එපා හලෝ... කොක්කෙන් හරි, කෙක්කෙන් හරි මේ පාදඩ ආණ්ඩුව පෙරලගන්න අවස්ථාව පැමිණි වෙලාවේ රනිල්ට පන්දම් අල්ලලා ආණ්ඩුව ඔවුන්ට බේරලා දීලා දැන් එනවා අනික් අයගේ සහයෝගය ඉල්ලගෙන...

:       878       73

ලුම්බිණි Saturday, 26 October 2019 12:37 AM

ජනාධිපති තනතුර නැති කරන එකට හැමෝම විරුද්ධ මොකද කියලා හිතාගන්න පුළුවන්...

:       0       21

Praba Saturday, 26 October 2019 01:00 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිඳු ගෙවීමක් නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය නියෝග කරලා තියෙන පසුබිමකයි මේ දේවල් වෙන්නේ...

:       0       67

Chanakya Saturday, 26 October 2019 04:31 AM

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ලබාදිය හැකි පහසුකම් මොනවාදැයි තීරණයකළ පනතක් තියනවා. මේ පනතට පටහැනිව නිවසක් ගත්තේ යැයි අපේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබුණා. මේකත් ඒ වගේද? තවත් එකක්... නාස්තිය, දුෂණය, පොදුදේපල විනාශය ගැන 71,88,89 කාලය ගැනත් සිහිපත් ක‍රගන්න. රජයේ දේපල, ජනතාවගේ දේපල, තරුණ ජීවිත විනාශ කිරීමට මග පෑදුවේ කවුද? මේවා ගැනත් විමර්ශනය කරන්න.

:       483       0

Palitha Saturday, 26 October 2019 05:20 AM

එක්සත් ජාතික පක්ෂයේ කුලී කරුවන් කියන කතා දැන් ජනතාව පිලි ගන්නේ නැත. මාලිමාව භංගවේවා...!!!

:       459       105

Dayan Hamine Saturday, 26 October 2019 05:33 AM

ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද මිනිසුන්නේ? ඒ පැත්ත මේ පැත්ත හරව හරවා දෙන්න මෙහෙම ඉන්නම.. ටිකක් හිතපල්ලා.... එක වතාවක් හරි වෙනසක් කරන්න මොලගෙඩි වලින් හිතපල්ලා... යකුනේ, පිටරටක හිටියත් අපේ රට ගැන අපිට දුකයි.

:       48       227

RanbandaSaturday, 26 October 2019 07:12 AM

වෙනසක් කරන්න නායකයකු සිටිය යුතුයි. ජෝකර්ලාට, කුහකයින්ට කට ඇති මුත් වැඩ බැරි පණ්ඩිතයින්ට බලය දීමෙන් රටට විපතක් මිස සැපතක් නොවේ.

:       431       49

BamunuarachchiSaturday, 26 October 2019 07:30 AM

වෙනස් කරන්නේ කොහොමද? සමතැන් කතාකරන ජෙප්පෝ හම්බයින්ට සිංහලයාගේ තැන දෙන්න හදන කොට... මෙරටට කරුන්කා, එනසාල් හොයාගෙන ආවා. හම්බයන් දැන් සිංහලයාගේ ඉඩම් අක්කර දහස් ගණනින් අයිති කරගෙන. සමතැන් ලැබුණොත් ඔවුන්ට ෂරියා නීතියත් දෙන්න වෙනවා. දැනටමත් දෙපාර්තමේන්තුවල මේ අය පිරිලා. අපි කොහොමද මර නින්දේ ඉන්න සිංහලයා අවදි කරන්නේ...? ගෙදරට ඡන්දෙ ඉල්ලාගෙන ආව ජෙප්පන් මම දැනුවත් කරලා යැව්වා...

:       615       20

de silva berlin Saturday, 26 October 2019 07:33 AM

කොළඹින් නිල නිවසක් දුන්නට පස්සේ කීවොත් මම සරල ගමරාල කෙනක්.... මට කුඹුරු කරන කාලෙට, කුඹුරු කොටන්න, පැල හිටවන්න, කුඹුරේ වතුර බඳින්න උදේට, හවසට පොළොන්නරු යන්න තෙල්ගහලා හෙලිකොප්ටරයකුත් දෙන්න කියලා වෙන්නේ... හිටපු රජතුමාම තියාගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. එතකොට අපට නඩත්තු කරන්න වෙන්නේ එක රජපවුලක් පමණි. දැන් පවුල් තුනක් නඩත්තු කරන්න වෙනවා. රැජිනගේ පවුල, හිටපු රජතුමාගේ පවුල, දැන් ඉන්න රජතුමාගේ පවුල, ඉදිරියට පත්වෙන රජතුමාගේ පවුල නඩත්තු කරන්න දිනකට කෝටි 10ක් වත් මදි වගේ මට හිතෙන්නේ... අපි බ්‍රිතානයේ රැජිණට යටත් වෙලා හිටියා නම් මීට වැඩිය හොඳයි.

:       1       17

menna Saturday, 26 October 2019 08:10 AM

රටකට නායකයකු අවශ්‍යයි. එංගලන්තය, ජපානය වැනි රටවල් වල රජවරයෙක් ඉන්නවා. රජු දේශපාලන තීරණ ගන්න රටවල්ද ජපානය වැනි එසේ නොවන රටවල්ද තිබේ. මොනවා වුණත් ඒ රටවල් වල ඉන්නේ එක නායකයෙක් සහ ඔවුන්ව නඩත්තු කරන්න යන වියදම් ලංකාවට වඩා විශාලයි. 21වෙනි සියවසේ වුවද ඔවුන්ව නඩත්තු කිරීමටයි මිනිස්සුත් වෙහෙසෙන්නේ... එය පෙරද.. අදද.. හෙටද.. එසේ වෙතැයි සිතමි. රජ, ජනාධිපති මේ හැමෝම නියෝජනය කරන්නේ මිනිසුන්ගේ නායකත්වය කියන ස්වභාවයයි. එය උරුමයෙන්ද, ඡන්දයෙන්ද කියන එක රටින් රටට වෙනස්... ලංකාව වගේ යටත් විජිතයක් වුණු රටක නායකයෙකුට ලෝකයේ බලවත් රටවල් දෙවැනි වීමට කැමති වෙතැයි නොසිතමි... ලංකාවේ විශාලත්වයට අනුව ආර්ථික, යුදමය අතින් අනෙකුත් රටවල් සමග තරඟ කිරීමට නොහැකි වුවත් රටේ ස්වෛරීභාවය රැකගත හැක්කේ නායකයාගේ පෞරුෂත්වය මතය. ජනාධිපතිට යන වියදම ගණනය කිරීමට වඩා ගණනය කළයුතු වෙනත් දෑ තිබේ යැයි මට හැඟේ...

:       195       6

menna Saturday, 26 October 2019 08:20 AM

ජනාධිපතිට යන වියදම ගැන සෙවීමෙන් සහ කීමෙන් තේරෙන්නේ ඡන්දයෙන් වුවද පත්වෙන තම නායකයා පිළාබඳ ඊර්ෂ්‍යාවයි. වෙනත් වචනවලින් කිව්වොත් තමාතුළ සිටින තමාගේම නායකත්ව ස්වභාවයට ඊර්ෂ්‍යා කිරීමයි. සරලව කිව්වොත් ද්වේශයෙන් සහ වෛරයෙන් කටයුතු කිරීමට නොදැනුවත්වම අපි සැවොම පුරුදු වී සිටීමයි. සැමදා යටත් විජිතයක වහලුන්සේ ජීවත් වීමට පුරුදු වූ ලංකා වැසියන්ට අබසරණයි.

:       240       11

අප්පුහාමි Saturday, 26 October 2019 10:04 AM

මම රැකියා විරහිතව සිටි කාලේ විවිධ අවස්ථාවල සම්මුඛ පරීක්ෂණවලට කොළඹ කාර්යාලවලට ගියා. එහිදී නොයෙක්වර මම දැක්කා එම කාර්යාලවල සෑම තැනම ළඟ ළඟින් ටියුබ්ලයිට් දාලා ෆෑන් සවිකරලා තියෙනවා. මම හිතුවා මෙහෙම නාස්තියක් කරන්නේ ඇයි කියලා. එහෙම හිතා සිටිය මටත් ටික කලකින් රජයේ කාර්යාලයක රැකියාවක් ලැබුණා. එහි වැඩකරනකොට තමයි තේරුනේ ලයිට් හා ෆෑන්වල අවශ්‍යතාවය කුමක්ද කියලා. මම හිතනවා මෙතුමා කියන්නේත් එදා මට හිතුණා වගේ දෙයක්ද කියලා..

:       3       19

menna Saturday, 26 October 2019 10:55 AM

අනික ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක් කියලා කියන්නේ සේවක සේවිකාවන්ගේ වැටුප්ද මේවට ඇතුළත් වෙන්නේ? මේ කෝටි 2 ජනාධිපති තනිව භුක්ති විඳිනවද? කතා කළයුත්තේ කෝටි 2 කට හරියන්න රාජ්‍ය සේවයේ කර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කොහොමද කියන එක නොවේද? එතකොට නියම ගුණාත්මයෙන් යුත් ජනාධිපති කෙනක් ඇතිවෙයි කියලා හිතනවා... ජනාධිපතිගේ වියදම කෝටි 2 ක් කියලා රාජ්‍ය සේවයේ අයත් ජනාධිපතිලා වෙන්න ගියොත් මේවගේ වියදම් ගැන හොයහොයා වැරදි විතරක් හොයමින් ඉඳියි. ජනතා විමුක්ති පක්ෂය වගේ ජනාධිපතිටත් සහෝදරයා කියන්න ගියොත් ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙලා මේ වගේ කතා හැමදාම අසමින් ඉන්න පුළුවන්.

:       168       0

Chathuri Saturday, 26 October 2019 11:55 AM

සේරම කට්ටියට අමතකයි නේද? අප්පච්චි, රජකෙනෙක් වගේ ඉන්නකොට ඒ දවස්වල වියදම රජ පැටවුන්ගේ වියදමයි සේරම... මේ වගේ දහ ගුණයක්, ඒ සේරම කපා හැරලා රජ සැප.., මේ තියෙන්නේ සාමාන්‍ය බිලක්, කට්ටියට නැවත තරු පේන්නේ...මහරජුයි, රාජ පුත්‍රයයි නැවත පත් වුනොත් වෙන්නේ මේ වගේ බිලක් නොවෙන වගයි. හිල්ටන් එකෙන් කාලා ,හෙලිකොප්ටරයෙන් ගොඩබැහැලා, දියබුම් ගහනකොට තටාකයේ.. මතකද කට්ටියට? මේ බිල හදලා තියෙන්නේ, ගෙදර උයන බත් ටික කෙහෙල් කොලේ ඔතන් කාළා. මොන ආණ්ඩුවද හොඳ...

:       54       8

ලෙබ්බේSunday, 27 October 2019 04:14 AM

ඕවා මුකුත් ඕනේ නැහැ. එක පාරකට මහ බැංකුවට ගේම දුන්නාම, ආයිත් දවස ගානේ වියදම් ගැන මොන කතාද?

:       1       11

de silva Saturday, 26 October 2019 01:07 PM

රජයේ රෝහල්වල හෘද සැත්කම් කරගන්න පොරොත්තු ලේඛනයේ 4000 විතර ඉන්නවා දිනකට සැත්කම් 7-8කට වැඩිය කෙරෙන්නේ නැහැ. දිනකට තව 10-15ක් අලුතෙන් එකතුවෙනවා. අවුරුද්දට ලේඛනේ ඉන්න 100ක් 200ක් විතර මැරෙනවා. මේවා පුද්ගලික රෝහල්වල කරනවා නම් ලක්ෂ 10-15ක් විතර යනවා. පොරොත්තු ලේඛන නැහැ. දවස් කීපයකින් වැඩේ කරගන්න පුළුවන්... ජනපති නඩත්තු කරන්න දිනකට කෝටි 2ක්? ජීවිත කීයක් බේරාගන්න පුලුවන්ද? මේ පළාත් සභා විධායක ජනපතික්‍රමය වැනි දේවල් අහෝසි කරලා දමලා, 77ට පෙර තිබුණු අගමැති මූලික පාර්ලිමේන්තු ක්‍රමයට ගියොත් විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් නේද?

:       0       73

Kumar Saturday, 26 October 2019 02:30 PM

සැම දෙයටම ආශ්‍රිත වියදමක් තිබෙනවා. රටට ජනධිපති කෙනක් ඉන්නවා නම් ඒ ජනාධිපතිගෙ ආරක්ෂාවට සහ කාර්යාලීය වැඩ කරන්න යන වියදම් තිබෙනවා. ඒ ගැන චරු චුරු ගෑමෙන් වැඩක් තියෙනවද.

:       127       1

sunil Saturday, 26 October 2019 03:14 PM

මේක බොරුවක්. ජනාධිපති කාර්යාලය යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය කියවන්නේ ඔය ආයතන සිල්ලේම එක දවසක වියදම ගැනයි.

:       57       1

de silva berlin Saturday, 26 October 2019 04:17 PM

සංවර්ධිත ධනවත් රටක් වෙලත් ජර්මනියේ චාන්සලර් වරියටත් අයිසිස්, තලෙයිබාන් ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන තිබිලත් එතුමියට ලංකාවේ ජනාධිපතිට සිටින අරක්ෂකයන්ගෙන් භාගයක්වත් නැහැ. ලංකාවේ ජනපතිට තිබෙන වෙඩි නොවදින රථ ප්‍රමාණයෙන් භාගයක්වත් නැහැ. මෙහෙ තිබෙන පෙරගමන් රථ වලින් 1/4 එකක්වත් නැහැ. එතුමිය විශ්‍රාම ගියාම ඕනේ නම් ආරක්ෂකයන් 4-5 දෙනෙක් ආණ්ඩුවෙන් දේවි.. විශ්‍රාම ගිය චාන්සලර්වරුන්ට සහ වරියන්ට අගනුවරින් නිල නිවාස දෙන සිරිතක් මෙහෙ නැහැ. ලංකාවේ තිබෙන්නේ බොරු මවාපෑමක්. විශ්‍රාම යන රාජ්‍ය නායකයෙකුට ඉන්න ගෙයක් නැතිනම් ඉන්න තැනක් දෙන එක වෙනම දෙයක්... නමුත් ඔහුට හිමි පුද්ගලික නිවාසයක් කොළඹ සහ පොළොන්නරුවේ තිබිලත්, මම සරල මනුෂ්‍යයෙක් කියලා ඇවිත් කිසිම හිරිකිතයක් නැතුව පොදු දේපල අසාධාරණ ලෙස භුක්ති විදින එක ගැන මොහු ලැජ්ජවෙන්න ඕනේ, මෙහෙම කරන හිටපු ජනාධිපතිවරු ලැජ්ජා වෙන්න ඕනේ..., මේ ගොල්ලෝ දේශප්‍රේමියෝද? හරිම කැතයි, ජයවර්ධන ජනපති නම් මෙහෙම කලේ නැහැ.

:       0       83

sharm warnMonday, 28 October 2019 05:56 AM

ලංකාවේ තියෙන්නේ වෙනස් දේශපාලනයක්. තමන් කැමති කෙනා මොන වැරැද්ද කලත් ඒක හරියි කියලා පිලි ගන්න අකමැති කෙනා හිටගෙන හිටියත් එකෙත් වැරද්දක් හොයන , මහා දවල් ඇස ඉස්සරහ හොරකම් කරද්දී මිනි මරද්දී තමන්ගේම ඉන ඉහ අතගාගෙන යද්දී " අනේ ඉතින් කමක් නැහැ .. ඔයානේ " කියලා කියා කියා එක කට්ටියක් ගේ වැරදි විතරක් ජීවිත කාලෙටම පට්ට ගහන , දේශපාලුවන්ව දේවාල වල තියලා මල් පහන් පුදලා දුම් අල්ලන , උන්ට සද වහල් සේවයට කැප වෙච්ච තමන්ගේ ජීවිතේට ලෝකෙම තියෙන අසාධාරණ සහගහන අපරාධ කරද්දීත් " අනේ ඒ වුනාට මෙහෙම කලාට අරෙහෙම කලේ නැහැනේ " කියලා උන්ව සාධාරණිකරණය කරණ ඔලමොට්ටල ඡන්ද දායකයෝ බහුතරයකින් මීට වඩා මොකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?

:       0       0

ධම්ම Saturday, 26 October 2019 05:14 PM

අප මෙතෙක් කල් කලේ ඔය 226ට සැප දෙන එකයි. දැන්වත් ඔය රාමුවෙන් පිට හිතමු.

:       0       22

AmilaSaturday, 26 October 2019 06:07 PM

එහෙම කරන්න හිතන් අර නාගා කියලා මනුස්සයෙක් පස්සේ ගිහින් අන්තිමට ඒ මිනිස්සුන්ට දැන් වහ කන්න වෙලා තියෙන්නේ..

:       1       10

de silva Saturday, 26 October 2019 07:21 PM

ධම්ම මහත්මයා ඔබ හරි , ලබන පාර්ලිමේන්තු මැතිවරණේදී කුමන පක්ෂෙක හෝ අපේක්ෂකයකුට මම මනාපේ ගහන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු තීරුබදු රහිත සුකොපභෝගී රථ ප්‍රතික්ෂේප කරනවා කියල තිබෙනවා නම් පමණි , එහෙම කෙනෙක් නැතිනම් මම ඡන්දෙ කටුගල දානවා

:       0       20

sudemi Saturday, 26 October 2019 08:59 PM

ආරක්ෂක ලේකම් වෙලා ඉන්නේත්දී වතුර ඉල්ලපු අහිංසක සිංහල රතු පස්වල ජනයට උණ්ඩවලින් පහර දී සිංහල මිනිස් ජීවිත බිලි ගත් මැරයෙක් දෙමල ළමුන්ට විශ්ව විද්‍යාල හදනවලු .

:       80       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 86 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 197 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 905 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site