IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළා‘‘

(විනීතා එම් ගමගේ)

ජනාධිපවරණය නිදහස් හා සාධාරණව පැවැති අතර සමස්ත ක්‍රියාවලිය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළ බව පැෆරල් සංවිධානය කියයි.

2010 – 2014 ජනාධිපතිවරණ සසදා බලද්දි මෙම ජනාධිපතිවරණය ඉතාම සාධනිය ලක්ෂණ පෙන්වා ඇතැයි ද පැෆරල් සංවිධානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මාධ්‍ය ආගමික නායකයන්ගේ යම් යම් සිදුවීම් මෙන්ම නිහඬ කාල සීමාවේදී සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම වැනි කරණු කිහිපයක් සලකා බැලීමේදී ඉදිරියේ යම් යම් නීති පැනවීමේ අවශ්‍යතාවය පවතින බවද හෙතෙම වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

මැතිවරණ දිනයේ සිද්ධීන් 158 ක් පමණ වාර්තා වූ බවත් මන්නාරමේ සිට පුත්තලම දක්වා ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධීය,නූරි වත්තේ සිදුවූ පහරදීමත් එම සිද්ධීන් අතර වෙතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඡන්ද පත්‍රිකාව සළකුණු කර සාක්කුවේ දමාගෙන වෙනත් පත්‍රිකාවක් පෙට්ටියට දැමූ අයෙක් ඡන්ද පත්‍රිකා සළකුණු කළ පසු ඒවායේ ඡායාරූප ගත කළ පුද්ලයින් තිදෙනෙක්ද ඇතුළුව 5 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පැවසීය.



අදහස් (4)

‘‘ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළා‘‘

Chathuri Saturday, 16 November 2019 03:41 PM

මිනිමරුවෝ නැති තරමට ඕනෑම රටක් සාමකාමියි. 2015 වගේ නෙමේ. නැවත අලුගෝසුවෙක් මෙවරත් දිනුවොත් නැවත මේ රටේ මිනිසුන් තිරිසන් සතුන් වගේ ජිවත් වෙන්න ගන්නවා. ඒ කාලේ මිනිසුන්ගේ හිත්වල තිබුන වෛරය, ක්‍රෝදය, ඉල්ලීම් පිටකරගන්න බැරිව හිටියේ. ඒ නිදහස දැන් තියෙනවා. ඒ නිසා තමයි මිනිසුන් සාමකාමිව හැසිරුනේ. දුප්පතාට ආදරය ඇති නායකයා බිහි වුනොත් ඊළගවර මිට වැඩිය මිනිසුන් සාමකාමී වෙනවා.

:       18       2

විනිවිද WASHINGTON DC Saturday, 16 November 2019 06:23 PM

ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කිරීමට වර්තමාන රජය බලයට පත්වූ පසු දේශපාලනීකරණය සහ අකර්මන්‍යකර තිබු සියලු කොමිසම් සියලු ආයතන දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට අවස්ථවන් සලසා ඇත. මෙයට හොදම උදහරණයනම් මෙවර මැතිවරණයේදී මැතිවරණ කොමිස සහ කොමසාරිස්වරයා ඍජුව ක්‍රියාකරන ආකාරය බැලුවිට මෙවැනි බලයක් ඔවුනට තිබේද කියා රටේ ජනතව පවා දැනසිටියේ නැත. එයට හේතුව වුයේ 2015 ට පෙර පැවතී රාජ්‍යයන් විසින් මැතිවරණ කොමිස ඡන්ද පත්‍රිකාව සකස් කිරීමට සහ ප්‍රතිඵල කීමට පමණක් නාමිකව පවත්වාගෙන ගිය ආයතනයක් බවට පත්කර තිබීමය. එම ආයතන සදහා මධ්‍යස්ත නිලධාරීන් පත් කලද ඔවුනට නිවැරදිව රාජකාරිය කිරීමට නීතියෙන් ලබාදී තිබෙන බලය දේශපාලන හස්තයන් විසින් අකර්මන්‍යකර නීතියේ කොන්ද කඩා නොතිබූ නිසාය. මෙවර ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කිරීමට මුලිකම හේතුව දේශපාලකයන් බලය අතට ගෙන ක්‍රියා නොකිරීමය. දියුණු රටවල මෙන් ඉදිරි මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂකයන් සීමිත කොට හෝ නොමැතිව මැතිවරණය කිරීමට වගබලා ගැනීමටත් විශ්වාසයක් ජනතව තුල ඇතිකළ යුතුය.

:       24       6

සෙනෙවිරත්න Sunday, 17 November 2019 05:23 AM

යහපාලනය කළ මෙවන් යහපත් කටයුතු අපේ රටේ දේශපාලන සාක්ෂරතාවයෙන් දුර්වල අයට කිසිදා නොවැටහේ. සැවොම දකින්නේ යහපාලනයේ දුර්වලතා පමණි. යහපාලනයේ හවුල්කරුවෝ පවා මෙය නොදනී. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය දැනෙනුයේ එය අහිමිවූ කලය. නව පාලනය මගින් භූමියෙන් නොවුනද මානසිකව රට බෙදුනා නොවේද?

:       19       5

Mahee Sunday, 17 November 2019 07:50 AM

19 වැනි ව්‍යවස්ථාවෙන් බලගන්වන ලද ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නොතිබෙන්නට අපට බලන්න තිබුණා සාමකාමීකම කොහොමද කියලා... මොන වැරදි කළත් ජනාධිපති සිරිසේන මධ්‍යස්ථව හිටපු එකත් ඊට හේතු වුණා. සතියක් පොලිසියට නිවාඩු දීපු කාලේ එහෙම අපට මතකයිනේ. 18 වැනි සංශෝධනය තිබුණා නම් කොහොම වෙයිද කියලා හිතන්නත් බයයි. 18 ඉවත්කර 19 වැනි ව්‍යවස්ථාව ගෙන ආ එක මේ රජයෙන් කළ ලොකුම ජනතා සේවය විය හැකියි. ගෞරවය ලැබිය යුත්තාට ගෞරවය දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 120 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 258 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1099 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 146 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 317 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site