IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව අවසන් වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (16) පස්වරුවේ පැවැසීය.

ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උපරිම ආරක්ෂාව දුන් බවත් ඡන්ද පොළ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පමණක් පොලිස් නිලධාරීන් 25,700කට වැඩි පිරිසක් යෙදවූ බවත් ගුණසේකර මහතා කීවේය. බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව ද ඔහු කීය.

ඊට අමතරව 3,000කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ජංගම සංචාරවල යෙදුණු බව ද හෙතෙම කීවේය.

ඡන්ද පෙට්ටිවලට මුද්‍රා තැබීම මේ වනවිට සිදුවන බවත් ඒ සඳහාත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව ද මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ද ආරක්ෂාව දෙන බව ද ගුණසේකර මහතා කීය. ඡන්දය ගණන කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු හෝ පොලිස් අධිකාරිවරයකු හෝ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක් යොදවා ඇතැයි ද ඔහු පැවැසීය.

ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇති බවත් කැරැලි මර්දන ඒකක ද සීරුවෙන් තබා ඇති බවත් ගුණසේකර මහතා කීය.

පශ්චාත් මැතිවරණ කාල සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇතැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් කීවේය. 

 



අදහස් (1)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීයි

Bandara Saturday, 16 November 2019 04:54 PM

පුතාණෝගේ පියාණෝ මතක් වුනා. ඒ කාලෙත් මේකමයි කිව්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1158 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 375 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 442 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 360 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 33 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site