IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේ සාකච්ඡාව කල් දමයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
 
රොයිටර් පුවත් සේවය කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය නිසා සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කර ඇත. 
 
රොයිටර් පුවත් සේවය එම විමසීම කර ඇත්තේ අඟහරුවාදා (20) දිනයේදීය. 
 
ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය මඟහරිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ගමන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම අනුමත කරන ලදි. ඒ අනුව මේ දක්වා කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට එම ණය මුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියනකට වැඩි මුදලක් මුදා හැර ඇත. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීමත් ඉන් පසු ඇති වූ සිදුවීම් දාමයත් නිසා වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ විචාරකයෝ පෙන්වාදෙති.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල පිළිබඳ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සිදු කළ අතර එම කරුණු ඔක්තෝබර් මාසයේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරවාරයේදී සාකච්ඡාවකට ලක්විය. 
 
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඔක්තෝබර් මස 26 වැනිදා සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන වැඩසටහනකට එකඟ වීමට හැකි වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය. 
 
එම එකඟතාවයෙන් පසු ව ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය මුදලේ අවසන් වාරිකය ලබාදීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාව නොවැම්බර් මස මැදදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දෙසැම්බර් මස පළමු සතිය දක්වා කල් ගොස් ඇතැයි ද අධිපතිවරයා මූල්‍ය ප්‍රතිපත්ති දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. 



අදහස් (24)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේ සාකච්ඡාව කල් දමයි

Akila Wednesday, 21 November 2018 05:34 AM

මෙලෙස ණය ලබා දීම මගින් ජාතන්තර ප්‍රජාව ලංකවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීම හෙළා දකිමු.....

:       815       420

Udara Wednesday, 21 November 2018 06:04 AM

ණයට අරන් කාල ඉන්න ජාතියක් නොවී පැලයක් හිටවලා වවලා කන ජාතියක් බවට පත් වෙන්න දැන් කාලේ හරි. ඕව අරන් ටික දවසක් ජොලියේ ඉන්න පුළුවන්.

:       16       125

rocky Wednesday, 21 November 2018 06:37 AM

අකිල මහත්තයෝ, බන කතා කරනවද? දැන් විදේශ ණය ගැහිල්ල තමයි අපේ රටට තියන ප්‍රධාන ආදායම් මාර්ගය. තව ටික දවසකින් අපේ එකම ආදායම් මාර්ගෙත් ණය ගැහිල්ල වෙන්න පුළුවනි. වසර දෙදාස් පන්සීයක උජාරු ඉතිහාසයක් තියන සිංහයා ලකුණ දරන සුපිරි බෞද්ධ ජනතාවක් හැටියට වැජඹෙන අපිට සොච්චමක් හරි හම්බවෙන්නේ කෙල්ලෝ ටිකක් ඇඟලුම් කරුමාන්තෙටත් තව ගැහැණු ටිකක් මැද පෙරදිග වහල් කරුමාන්තෙටත් කැප වෙලා හින්දා. ඒවගෙන් ලැබෙන ආදායම දේශපාලුවන්ට සුර සැප විඳින්නත් මදි.

:       0       30

Chathura Wednesday, 21 November 2018 06:42 AM

ජාත්‍යන්තර අරමුදලේ ණය මොකට ද? ඇයි මහා ආර්ථික ඔස්තාර් 2500 මහත්තයා කිව්වේ, ඩොලර් එවන්න කියලා ලංකාවට .

:       0       103

Hafeel Wednesday, 21 November 2018 07:08 AM

නොදී ඉන්නෙක වඩා හොඳයි. ඕකත් ගෙවන්නෙත් මහජනයාමයි.

:       0       8

රවින් Wednesday, 21 November 2018 07:12 AM

ණයට අරගෙන පිස්සු නටන්න ගියාම ණය දෙන ආයතන කට ඇරගෙන බලා ඉන්නේ නැතිවිත්තිය ණය ගත්තු ත්‍රි රෝද රථ රියදුරෝ, ගොවි මහතුන් , සුළු ව්‍යාපාරිකයින් වගේ අයවලුත් හොඳින් දන්නා කරුණකි. තව තව ණය ඉල්ලන්නනම් වාරිකයන් නියමිත කලට ගෙවන්න ඕනේ. එහෙම ආපහු ගෙවන්න බැරිවිත්තිය දැන දැන ණයට දෙන්න තරම් මෝඩ ආයතන ලෝකයේ කොහෙවත් නැති විත්තිය නොදන්නා ලෙස තම කල්ක්‍රියාවන් අදුර දර්ශි ලෙස කිරීමේ ප්‍රතිපල.

:       0       31

sandy123 Wednesday, 21 November 2018 07:46 AM

අකිල - ඔබේ හිතට එකගව කියන්න ඔබ කාටවත් ණය නැති වග. අඩුම ගානේ ඔබ බැංකු ලෝන් එකක්, එහෙම නැතිනම් අත මාරුවකට මුදලක් කාගෙන් හරි අරන් නැත්ද? අහල පහල කඩයකින් බඩුවක් දෙකක් ණයට අරන් නැත්ද? අඩුම ගන්නේ ඔබ ක්‍රෙඩිට් කාර්ඩ් පතක්වත් භාවිතා කරන්නේ නැතිද? ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඒ අනුව මම පැහැදිලි කර දෙන්නම්.

:       0       26

thusitha Wednesday, 21 November 2018 07:52 AM

මේ ඔක්කොම රනිල් මහත්තයා හින්දා තමයි.

:       178       123

wasantha Wednesday, 21 November 2018 07:53 AM

අපිට ණය එපා.!

:       33       44

Perakum Wednesday, 21 November 2018 07:54 AM

Akila, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා දීමේදී ජාත්‍යන්තර ප්‍රජාව ලංකවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

:       44       38

Bamunuarachchi Wednesday, 21 November 2018 07:56 AM

මෙච්චර කල් කීවේ මහින්දලා ගත්ත ණය ගැන නේද? ඒ ගොල්ලෝ ණය ගත්තේ යුද්දේ කොරන්නයි රට සංවර්ධනයකටයි. මේ අවුරුදු 4 ට මේගොල්ලෝ කරපු සංවර්ධනයක් නැත එහෙනම් මොකටද ණය ගන්නේ. හාල් පිටරටින් ගෙනෙන්නයි වැඩිකර ගත් තමන්ගේ දීමනා ලබාගන්නයි නේද. එජාපෙට වහල් කම් කරන කෙනෙක් ගෙන් පිළිතුරු ලැබුනොත් හොඳයි. මහින්ද මේගොල්ල තරම් බදු ගැසුවානම් සත 5 ණය නොගෙන රට සංවර්ධනය කරාවි.

:       430       317

ranilWednesday, 21 November 2018 09:51 AM

මාර කඩේ යෑමක් නෙ. රටේ ආර්ථිකේ කියන්නෙ ගේ ලග කඩේ වගේ නෙමෙයි.

:       2       117

BamunuarachchiWednesday, 21 November 2018 10:48 AM

ඔන්න එජාපෙට කඩේ යන කෙනෙක් එලි බැස්සා. කඩේ යාමක් කතා කරන්න එපා මම කියන කරුණු වැරදී කියා ඔප්පු කරනවා. යහපාලකයෝ ණය අරන් කෙරුවේ මොනවාද ණය ඉල්ලුවේ මොනවා කරන්නද කියා පෙන්වන්න. මන්ත්‍රිවරු වැටුප් වැඩි කර ගත්තා මදිවට පාර්ලිමේන්තු එනවාට මාසෙකට රුපියල් ලක්ෂක දීමනාවක් දෙනවා. ඔයාලා එජාප මන්ත්‍රීලා තේරුවේ ගෙදර ඉඳන් පඩිගන්නද? අපිට බදු ගහලා ජනතාවට දීපු සහන මොනවාද?

:       80       0

parakkramaWednesday, 21 November 2018 12:04 PM

අම්මට හුඩු!!! ඒ කඩේ බඩු හරි ලාබයි මචං! බමුණා හරි සාධාරණයිලු බං! අරය ටොයිලට් යනකොට වතුර බාල්දිය ගෙනිහින් දෙන්නෙත් මෙයාලු මචං..!

:       0       110

ranilWednesday, 21 November 2018 12:29 PM

වයසක අන්කල්ලාට මේ රට පේන්නේ රතු, නිල්, කොල පාටින් විතරයි. ඒ අය ඡන්දෙ දීපු අය මේ රටට කරපු වින්නැහිය මේ අයට තාම පේන්නේ නෑ.

:       0       11

BamunuarachchiWednesday, 21 November 2018 05:09 PM

ඊයේ පෙරේදා ඉපදිච්ච තරුණයෝ දේශපාලනය ගැන මොනා දැනගෙනද කතා කරන්නේ?

:       8       0

ranilThursday, 22 November 2018 04:39 AM

අවුරුදු 70ක ඉතිහාසය දන්න කස්ටිය මොනාද කරල තියෙන්නෙ? රටේ කෑරලි 3 ක් ඈති උනා. තරුණයො ලක්ෂ ගණන් නැති උනා. ඔයා වගේ නාකි අය ඉතිරි උනා. තාමත් පාර අවහිර කරනවා. අන්කල්ල කරපු දේවල් සාර්ථක නම්, අද මේ දේවල් වෙයිද? දැන්වත් විශ්‍රාම ගන්න දේශපාලනයෙන්...

:       0       12

ThisalWednesday, 21 November 2018 04:17 PM

ඒක තමයි. දැන් බලන්න ත්‍රිවීල් එකක් ගත්තත් අවුරුද්දෙන් ගෙවලා ඉවරයිනේ. ගෙයක් හදන්න ණයක් ගත්තොත් වැඩිම වුනොත් අවුරුදු තුනයි. ඉතින් මහින්ද මහත්තයා හදවපු වරායවල්, ගුවන් තොටවල්, මල් කුළුණු, ප්‍රතිමා, හම්බන්තොට-අධිවේගී මාර්ගය වගේ ඒවත් දැන් ගෙවලා ඉවරයි. මොකටද මේ එජාප ආණ්ඩුව මෙච්චර ණය ගත්තේ? දැන් ඉතින් මිනිස්සු බඩගින්නේ.

:       10       2

Kamal Wednesday, 21 November 2018 08:19 AM

සල්ලි අච්චු ගහලා පඩි ගෙවන්න. අපිට පිටරට ණය එපා.

:       80       0

kuma Wednesday, 21 November 2018 08:22 AM

හිගමනේ ගියාට කටේ සද්දේ අඩුවක් නැහැ.

:       4       80

Nandalal DE SILVA - France Wednesday, 21 November 2018 09:15 AM

හුටා! නත්තල් උත්සවයට ලැබෙයි කියලා හිතාගෙන හිටපු බෝනස් එක වතුරේ තමයි. අතේ සල්ලි නැතුව කොහොමද බන්දුල ආචාරිය‍ා ජනවාරි මාසේ ඩොලර් මිලියන් 1000ක විදේශ ණය ගෙවන්න පුළුවන් කියන්නේ? ඒකත් රුපියල් 2500කින් මාසයක් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කිව්වාවගේ වැදි බණක් වගේ ඇති !!!

:       19       5

wasanths Wednesday, 21 November 2018 11:25 AM

අපිට හරි ජොලි මහින්ද මහත්තයා මෙදා පාර 10000ක බඩු මල්ලක් දෙයි...

:       0       10

Feminism de silva Wednesday, 21 November 2018 01:02 PM

ළිඳේ ඉන්න ගෙම්බො දන්නේ නැහැ රටේ ඇත්ත තත්වය. මේක පටන් ගත්තේ 1956 ඉඳලා...

:       0       13

nishan Wednesday, 21 November 2018 09:18 PM

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිදු දේශීය නිෂ්පාදනයක් ආරම්භ කර නැති තත්වයක් තුළ එවැනි තත්වයකට යාම සිහිනයක් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 79 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 24 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1175 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2655 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3095 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1500 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site