(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (18) ආරම්භ විය.
මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ 22 වැනි වරට වන අතර එය ලබන 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ සමාරම්භක උත්සවය ජාතික උරුම, ප්‍රසංග කලාල හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා සංකීර්ණයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (18) පෙරවරුවේ පැවැත්විණි.
පොත් ප්‍රදර්ශන සහ අලෙවි කුටි 400කට ආසන්න සංඛ්‍යාවක් මෙවර පොත් ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත. විදෙස් ප්‍රකාශකයන් නියෝජනය කරමින් ඔවුන්ගේ මෙරට නියෝජිත ආයතන මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටියි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී 100% ක්‍රියාත්මක කරන බව බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා කීය.
පොත් ප්‍රදර්ශන භූමිය තුළ ද අත්සේදීමේ පහසුකම් සලසා ඇති බව වනිගසූරිය මහතා කීවේය.
පාඨකයන්ට අවශ්‍ය පොත් සොයාගැනීම පහසුකරලීම සඳහා මෙවර විශේෂ දුරකතන යෙදවුමක් (ඇප්) හඳුන්වාදීමට, පිවිසුම් දොරටුවේදී ප්‍රදර්ශන කුටි ඇතුළත් ස්ථාන සහිත සිතියමක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. එමෙන්ම මෙවර ද පොලීතීන් භාවිතය අවම කරමින් ප්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති බැවින් පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග් රැගෙන එන්නැයි ද සංවිධායක මණ්ඩලය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ලංකාදීප පුවත්පත ප්රමුඛ විජය පුවත්පත් සමාගම මෙවර පොත් ප්‍රදර්ශනයට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහාය දක්වයි.
(ඡායාරූප - ගයාන් අමරසේකර )
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ
දිමුත් Friday, 18 September 2020 10:52 AM
ඕකෙ ගිහිල්ලා කොරෝනා හදාගන්නයි වෙන්නේ...
දීප්ති Friday, 18 September 2020 02:15 PM
මෙම පොත් ප්‍රදර්ශනය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සංවිධායකන් කටයුතු කර තිබෙන අයුරු පෞද්ගලිකව අත්වින්දෙමි. උදෑසන 9 සිට පැය 5ක කාලයක් පුරා විවිධ වෙළඳකුටිවලට යමින්, පොත් මිලදී ගනිමින් එහි කාලය ගත කළෙමි. පාඨකයන්, කතුවරුන් සහ පොත් ප්‍රකාශකයන් එක සේ පෙරුම් පුරමින් බලා සිටින මෙම වාර්ෂික සංස්කෘතික උත්සවය සාර්ථක කරගැනීමට, වගකීමෙන් හැසිරෙමු. කෝවිඩ් -19 අතරතුර මහා මැතිවරණයක් සාර්ථකව පැවැත්වූ දේශයකට මෙම පොත් ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමේ අභියෝගය ජයගත හැකියි. සහභාගිවන්නන්ට සුබ පතමි.
SenaSaturday, 19 September 2020 08:48 AM
බොරු කියන්න එපා.. ඔය උඩ තියෙන පින්තූර බලන්නකෝ.. කොච්චර සෞඛ්‍යාරක්ෂිතව ලොක්කෝ ටික ඉන්නවද කියලා...
බද්රානි Friday, 18 September 2020 03:49 PM
දිනපතාම "පොත් පෙරලන" සංදර්ශන නරඹමින් ඉන්න අපට, ආයේ ඉතින් අමුතුවෙන් මොන පොත් ප්‍රදර්ශනවල මොනවා බලන්නද මහත්තයෝ?