IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය වසා දමයි

 

 
ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද (29) නිවේදනය කළේය.
 
ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යමින් සිටින බවත් ආණ්ඩුව එවැනි සංවිධානවලට එරෙහිව පියවර ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය චෝදනා කළේය.
 
රාජ්‍ය නොවන සංවිධාන කාලයක් තිස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී පරිපාලනයෙන් බැට කන බවත් වදහිංසාවලට ලක්වන බවත් එම සංවිධානය පෙන්වාදෙයි. ඉන්දීය පරිපාලනයට අයත් කාශ්මීරයේ සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුළු අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම හා ඒවා පෙන්වාදීම ඊට හේතුව යැයි ද එම සංවිධාන සඳහන් කළේය.
 
ඉන්දීය රජය සිය බැංකු ගිණුම් රාජසන්තක කර ඇති බව දැනගන්නට ලැබුණේ සැප්තැම්බර් 10 වැනිදා බවත් ඒ හේතුවෙන් සිය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙතෙක් කරගෙන පැමිණි සියලු ප්‍රචාරණ සහ පර්යේෂණ කටයුතු සියල්ල නැවැත්වීමට සිදුව ඇති බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේය.
 
‘‘ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යනවා. එම සංවිධානවලට ඔප්පු නොකළ සහ අසත්‍ය චෝදනා එල්ල කරනවා. එහි අලුත්ම ගොදුර තමයි මෙය’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
‘‘මානව හිමිකම් ආරක්ෂා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අපරාධ සංවිධාන ලෙස සැලකීමත් කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම ඉන්දියාව තුළ බිය නිර්මාණය කිරීමට ගන්න උත්සාහයක්. ඒ වගේම විවේචකයන් නිහඬ කරන්න ගන්න උත්සහායක්’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ අවිනාශ් කුමාර් පැවැසීය.

ඒ.එෆ්.පී.

(055)



අදහස් (6)

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය වසා දමයි

අතුල සවුදි Tuesday, 29 September 2020 11:33 AM

මේ මානව හිමිකම් යැයි කියාගන්නා සංවිධානවල නිර්මාතෘවරුන් තමයි මේ ලෝකයේ වැඩියෙන්ම මානව හිමිකම් කඩලා තියෙන්නේ...

:       5       18

විජිත් Tuesday, 29 September 2020 12:32 PM

ඉබ්බා දියේ දැම්මා වගේ... මේක දැනගත්තාම අපේ කට්ටියත් මෙහෙ මොනවා කරයිද දන්නේ නැහැ. මානව හිමිකම් කියන මාතෘකාව අපේ රටේ මිනිසුන් අතරේ පැලපදියම් කරලා තියෙන්නේ.. මහා විනාශකාරී දෙයක් විදිහට. මානව හිමිකම් ප්‍රඥප්තිය ගැන මේ රටේ පාසල් වල දරුවන්ට ඉගැන්විය යුතුයි. අපේ මිනිස්සු දන්නේ නැහැ ඒ ගොල්ලන්ට කොයිතරම් අයිතිවාසිකම් ප්‍රමාණයක් නීතියෙන් නොමිලේම ලැබී තියෙනවද කියලා. දියුණු රටවල මේ පිළිබඳව කුඩා දරුවන්ට පාසල්වල උගන්වනවා. ඒ ළමයි දැනුවත් කරනවා. අපේ රටේ අන්ත දුෂිත හොර දේශපාලුවන් කැමති නැහැ රටේ මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනගන්නවට. ඒ කිසිවක් නිසා නොව, මිනිසුන් දැනුවත් වුවහොත් ඔවුන්ව පාලනය කිරීමට අපහසු නිසයි. මානව හිමිකම් සංවිධානවලට පහර ගසන මහින්ද රාජපක්ෂ 89 - 90 කාලයේ ප්‍රේමදාස පාලනයට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගිවෙන්න ගියත් ඔහුට ඊට සහභාගි වෙන්න ලැබුනේ ජර්මනියේ හිටපු හෙන්නායක නම් මානව හිමිකම් NGO කරුගේ ID එකට පින්සිදු වන්නටයි. එ්ත් අද මහින්දට ඕවා අමතකයි. බයියන්ට, මානව හිමිකම් නයාට අඳුකොළ වගෙයි.

:       27       7

PrabhaTuesday, 29 September 2020 06:33 PM

ඔබට මට මතක තියෙන ඒ අතීතය ගොඩක් අය දන්නේ නැහැ. මතකද රට හොරෙන් හොරෙන් බීබීසී සිංහල සේවා ඇසුව කාලේ...?

:       0       1

chandima Tuesday, 29 September 2020 06:39 PM

මේ අය මානව හිමිකම් ලේබල් ගහගෙන ආවට වෙන රටවල්වල වුවමනාවට ඔත්තු බලන්න සහ දුප්පත් රටවල් අස්ථාවර කරන්න එන අය.. අර ඇමෙරිකාවේ බෙල්ල පාගලා මරද්දි කෝ මේ අය කට ඇරියා..? බැංකු ගිණුම් නවත්තලා මදි. ඇඳුනුත් ගලවලා පන්නන්න ඕනෑ..

:       1       0

lanka Tuesday, 29 September 2020 11:53 PM

මහින්ද ඒ කාලයේ පැවති රජයට විරුද්ධව ජිනීවා ගියේ ඩොලර් වලට නෙවෙයි. පාරවල් ගානේ මරාදාපු අය වෙනුවෙන්. ඒ දේවල් අපි ඇස්දෙකෙන්ම දැක්කනේ... දැන් කාලයේ කට්ටිය යන්නේ බොහෝවිට මඩිය පුරවාගන්න​. බොහොම දෙනෙක් නටන්නේ කොටි පදයට​... අනික ඔය කියන විදිහට හැම බටහිර රටම මානව හිමිකම් පිළිපදිනවා නම් ලංකාවට විරුද්ධව උඩින්ම ක්‍රියාකරන ඇමරිකාවේ කලු ජාතිකයින්ට ඔච්චර ප්‍රශ්නේ මොකක්ද​?

:       1       0

ලුම්බිණි Wednesday, 30 September 2020 12:59 AM

ඉන්දියාව කරපු වැඩේ ඉතාම නරක ආදර්ශයක් දීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 13 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 125 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 120 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 510 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 867 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 291 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site