IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල්ව බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අද (30) පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා (විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා) වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සර් හියුගෝ ස්වයර් මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හියුගෝ ස්වයර් මහතා මෙසේ ද කීය.

    “ විදේශ ලේකම්වරයා මේ සතියේ ශ්‍රී ලංකා ජනාධිපති අමතනවා. ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවත් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් මගේ මිත්‍රයා ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දෙන්නේ දැයි මා විමසා සිටිනවා”.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදෙන බව ඊට පිළිත-ුරු දෙමින් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් පැවැසීය.
ඔහු එහිදි මෙසේ ද කීය.

       “මම ජනාධිපති සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදීමට බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළුව බොහෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපි සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා”.

කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා සඳහන් කර තිබිණි.

එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.

 



අදහස් (32)

ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල්ව බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි

rasika Tuesday, 30 October 2018 04:44 PM

මිනිස්සුන්ව තලාපෙලා, වහලුන් සේ වැඩ ගත් ඒ යටත් විජිත යුගය කියලද තාම හිතන්නේ..

:       10804       14093

tommyTuesday, 30 October 2018 11:10 PM

අපි තවමත් අපට අවශ්‍ය විදේශ විනිමය උපාය ගැනීම සඳහා අපේ භාණ්ඩ විකුණා ගන්නේ ඔය කියන බටහිර රටවල වෙළෙඳ පොලටයි. එමනිසා අපි නිදහස් යයි කියා ගත්තාට, යථාර්තය නම් අපි තවමත් ජීවත්වන්නේ අන් අයගේ ධනයෙන් යැපෙන වහල් යුගයකයි...

:       0       0

lionWednesday, 31 October 2018 12:01 AM

රසික සත්‍ය තිත්තයි. ඒත් එය පිළිගන්න ඕනෑ...

:       0       0

LalWednesday, 31 October 2018 01:35 AM

යටත විජිත කාලේ හම්බ වුණු දේවල් තමයි තාම අපි කන්නෙ බොන්නෙ.. ගමන් බිමන් යන්නෙ අඳින්නෙ පළදින්නේ... රට ආණඩු කරන්නේ... නැත්නම් අපි තාම දකුණු ඉන්දියාවෙන් ආපු රජෙකුට වහල්ලු වෙලා.

:       0       0

SenakaWednesday, 31 October 2018 03:10 AM

ඒ යුගය මීට වැඩිය හොඳයි. දැන් අපේ රට ජරා දේශපාලකයන්ගේ යටත් විජිතයක් වෙලා. දේශපාලකයින් එකතුවෙලා රටේ සම්පත්, මහජන මුදල් කොල්ලකනවා. සුද්දා යටතේ තිබුණා නම් අපි මේ වෙනකොට මීට වැඩිය ගොඩක් දියුණු වෙලා...

:       0       0

NuwanWednesday, 31 October 2018 03:41 AM

එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.

:       260       279

සඳු Wednesday, 31 October 2018 12:28 PM

ඔය එන්නේ ඉංග්‍රිරිසි සුද්දෝ නොවෙයි , එහෙ ඉන්න ඉන්දියන් සහ පකිස්තානුවන්. උන් ලංකාවට ඇවිලා ඉන්නේ ලොජ් වල . කන්නේ තෝසේ. ඊට පස්සේ පාර්ට් ටයම් ජොබ් හොයාගන්නවා.කොන්ඩේ කපන්න රුපියල් 10 යි.ඊයේ පෙරේදා එකෙක් ආවා උදේම වත්ත සුද්ද කරන්න - රුපියල් 100යි. පොල් කඩන්න. ගහකට රුපියල් 5යි. මුන් ලංකාවට විදේශ විනිමය ගෙනෙන්නේ නැහැ.උන් අපෙන් ඩොලර් අරන් යනවා.

:       0       0

gallage Tuesday, 30 October 2018 09:08 PM

අනේ අපොයි කීකරු කුක්කා හැපිහැපී අඬනවා.. මොනවා හරි කියමු සනසන්න..

:       0       0

Rukshan Tuesday, 30 October 2018 10:38 PM

බ්‍රිතාන්‍යට අවශ්‍යනම් රනිල්ට බ්‍රිතානයේ අගමැති කම ලබාදීමට පුළුවන් නමුත් ශ්‍රී ලංකාවේ අගමැති තීරණය කරන්නනේ ශ්‍රී ලංකික ජනතාව මිස මහ රැජින නොවන බව මේ ආණ්ඩුව බ්‍රිතාන්‍යට මතක් කර දීම වැදගත්.

:       0       0

savanth Tuesday, 30 October 2018 10:46 PM

1847 ටොරින්ටන් ආණ්ඩුකාරයා මතක් වෙනවා.

:       0       0

Shanaka Tuesday, 30 October 2018 11:22 PM

එහෙමද ආස?

:       0       0

rocky Wednesday, 31 October 2018 12:23 AM

රසික ළමයෝ! මේක යටත් විජිත යුගයට වඩා නරක යුගයක්... අද අපි සිංහයා ලකුණ දරන ජාතියක් වුණත් ලෝකේ පුරා හිඟමනේ යනවා. ණයකාරයන් හැටියට නෝක්කාඩු අහන්න සිදුවෙනවා. අපිට දෙපා මත කෙලින් ඉන්න පුළුවන්කමක් නැහැ! නිකන් වංසෙ කබල් ගානවා විතරයි!

:       0       0

don Wednesday, 31 October 2018 12:36 AM

ඩයස්පෝරා කීයක් දුන්නද? ලංකාව අවුරුදු 30ක යුද්ධයක් කළ ඔබලා ඒ කාලයේ නිදි... දැන් එනවා අපිට කරන්න කියලා දෙන්න.

:       0       0

MP Wednesday, 31 October 2018 01:23 AM

මේ ලංකාව බවත් වැඩ සිද්ධ විය යුත්තේ මේ රටේ බහුතරයේ කැමැත්ත සහ යහපත වෙනුවෙන් බවත් හොඳින් මතක තියා ගත්තොත් හොඳයි..

:       0       0

Samwil Wednesday, 31 October 2018 01:45 AM

ඔවුන්ගේ මෙහෙකරු බේරාගැනීම යුතුකමක් කියලා ස්වාමියා හිතුවා..

:       0       0

Bandara Wednesday, 31 October 2018 02:11 AM

ලංකාවට සම්බාධක පැනවීම දක්වා රටවල් දැඩි පියවර ගත යුතුයි.

:       0       0

Ajith Nissanka Wednesday, 31 October 2018 03:00 AM

මිනිස්සුන්ව තලාපෙලා, වහලුන් සේ වැඩ ගත් ඒ යටත් විජිත යුගය අපිට මතක නැහැ! හැබැයී සුදු වෑන් යුගය නම් හොදට මතකයී! ඒ යටත් විජිත යුගයට කලින් තිබුනේ එවැනිම කුරිරු රදල වැඩවසම් යුගයක් කියලත් අමතක කරන්න එපා!

:       0       0

දිලුම් Wednesday, 31 October 2018 03:16 AM

එහෙනම් පිළිඅරන් ඔහාට ගෙන්න ගන්න.. ඒක ලොකු දෙයක්. අපේ රටවල් තවමත් සූරාගෙන කන්නයි කල්පනාව...

:       0       0

ranga Wednesday, 31 October 2018 03:19 AM

මේ ගැන කතාකරන්න කිසිවක් නැහැ. කාරණාව ඉතා පැහැදිලියි..

:       0       0

ajith Wednesday, 31 October 2018 03:20 AM

ලංකාවේ මිනිස්සු පිළිගන්නේ නැති එකනේ ප්‍රශ්නේ...

:       0       0

Sathya Wednesday, 31 October 2018 03:41 AM

2015 බළලුන් ලවා කොස් ඇට බාවපු අය දැන් ටික ටික එලියට එනවා නේද? ඔච්චර ලංකාවට ආදරෙයිනම් මේ ආර්ථික ප්‍රශ්න විසදගන්න උදවු කරන්නකෝ රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇත පොවන්නේ නැතිව.

:       21       399

Buddi Wednesday, 31 October 2018 03:52 AM

බ්‍රිතාන්‍යය වගේ දුප්පත් රටක අය කියන දේවල් ගැන බලවත් රටක් වන ශ්‍රී ලංකාව කලබල විය යුතු නෑ.

:       136       333

malli Wednesday, 31 October 2018 04:36 AM

රසික යටත්විජිත යුගය වඩා හොඳයි දැනට වැඩිය ... ලජ්ජා නැතිව සුද්දා හදාපු කම්පියුටර් එක පාවිච්චි කරලා, සුද්දාගේ කලිසම් ඇදලා ලජ්ජා නැතිව සුද්දටම බනිනවා. මේ වගේ ඉන්නකන් "මරා"'ට වාසී.

:       1255       1273

dissanayake Wednesday, 31 October 2018 04:41 AM

අපි මෙයාව පිළිගන්නෙත් නැහැ...........

:       36       215

Deepal Nirosh Wednesday, 31 October 2018 04:42 AM

එදා රටේ ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රභාකරන් බේරාගන්න මැදිහත් වුණා වගේ අද ජනාධිපත්වරයාට එරෙහිව රනිල් බේරගන්න දඟලනවා. තාම හිතාන ඉන්නෙ ලංකාව එයාලගෙ යටත් විජිතයක් කියල.

:       256       534

MP Wednesday, 31 October 2018 05:28 AM

එහෙනම් මහ බැංකු කොල්ලය පියවන්නේ බ්‍රිතාන්‍යයෙන්ද?

:       123       403

sampath pathirana Wednesday, 31 October 2018 05:38 AM

අපේ ප්‍රශ්න අපි බලාගන්නම්... ඔයාලගේ ඇගිලි ගැසීම් ඕනි නෑ....

:       217       471

smith Wednesday, 31 October 2018 05:59 AM

දැන් පේනවනේ කවුද ලංකාවේ ඉන්න සුද්දන්ගේ ඇම්බැට්ටයා කියලා..............

:       203       516

Nuwan Wednesday, 31 October 2018 06:24 AM

ඔව් අපි තවමත් යටත් විජිත යුගයේද මෙයාලට බයවෙන්න.. අපේ නිමි ඇදුම්, මාළු, තේ, රබර් මිලදී ගත්තට කමක් නැහැ. අපෙන් අල්පෙනිත්තක්වත් ගන්නේ නැති... හැබැයි ණයට දීලා රටවල් වල දේශපාලනය අස්ථාවර කරලා පාලනය අල්ලන (පාකිස්තානයේ, නේපාලය, බංගලිදේශය, කුඩා අප්‍රිකානු රටවල්, ටිබෙටය, ලාඕ, මාලදිවයින, මොන්ගෝලියාව , කර්ගිස්ථානය..) කපටි නව ලෝක බලවතා චීනය කියන දේ විතරයි අහන්නේ...

:       0       0

ගයාන් ලක්සිරි බණ්ඩාර Wednesday, 31 October 2018 07:06 AM

මේක අපේ රටේ ප්‍රශ්නයක්... ඇයි මේ අය කලබල වෙලා තියෙන්නේ..? ඒ කියන්නේ එයාලට අමතක වෙලාද දන්නේ නෑ.. 1948.02.04 වෙනිදා එයාලා මේ රට පාලනය කරන එක අතැරියා කියලා. අපේ රටේ ප්‍රශ්න අපිට විසඳගන්න ඉඩ ඇරලා එයාලට පාඩුවෙන් ඉන්න කියන්න.. මේ හැමෝටම තියෙන රුදාව තමයි ඒ අය කියන කියන පදේට මහින්ද නටන්නේ නැති එක... ඔවුන්ට ඕනේ කියන කියන එකට එහෙයි කියන පාලකයෙක්...

:       0       0

Shan Wednesday, 31 October 2018 07:09 AM

අපේ මිනිස්සුන්ගේ තියෙන උද්දච්ච කම් සමහර අදහස් වලින් පේනවා. කියන්නේ කවුද කියන එක නෙමෙයි වැදගත් කියන දේ හරිද කියන හරිද වැරදිද කියන එකයි. මෝඩ කමට බෙහෙත් නෑනේ. නැත්නම් ඕන මෝඩයෙකුට තේරෙනවා සිරිසේන කල වැඩේ නීතියට, සදාචාරයට පටහැනියි කියලා. දේශපාලකයින්ගේ පස්සේ යන්නේ නැතිව රට ගැන හිතලා ප්‍රශ්න ගැන බලන්න. මහින්දද, රනිල්ද නෙමෙයි ප්‍රශ්නේ සිරිසේන කරපු විදියයි ප්‍රශ්නේ.

:       0       0

ගල්කටස් Wednesday, 31 October 2018 08:33 AM

ඔයා කවුද ....? යන්න යන්න අපි එන්නේ නැහැනේ ඔයාලගේ එව්වට ඇඟිලි ගහන්න. තාමත් ඉතිං මේ රනිල්ට සුද්දන් ලොකුනේ.. පරම්පරාවේ හැටි වෙන්ටෑ... මේ වගේ කෙනෙක්ව පුළුවන්ද.. මේ වගේ කෙනෙක්ට පුළුවන්ද ලංකාවේ අහිංසක මිනිසුන්ගේ හද ගැස්ම හඳුනාගන්න...?

:       2       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 0 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 17 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 155 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 168 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 685 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 211 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site