IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික සිනමා දිනය හෙට

(අංජුල මහික වීරරත්න)
 
ජාතික සිනමා දිනය ලෙස හෙට  (05) වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම නම්කිරීම කරන බවද අමාත්‍යවරයා පැවසීය.
 
සෑම වසරම අප්‍රේල් 05වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මේවනවිටත් නිකුත් තර තිබෙන බව කී අමාත්‍යවරයා ඒ අනුව පළමු සිනමා දිනය හෙට(05) පෙරවරුවේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද සඳහන් කළේය.
 
දේශීය සිනමාව වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කළ අමිල සේවය අගයමින් මෙම සිනමා දිනය නම් කළ බවත් ලෙස්ටර් නමින් කෞතුකාගාරයක්, පුස්තකාලයක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ හෙට(05) විවෘත කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය.
 
රුපියල් ලක්ෂ 150ක් වැයකර මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ.



අදහස් (11)

ජාතික සිනමා දිනය හෙට

sirimal Thursday, 04 April 2019 10:07 AM

ඔය රස්සාව හම්බවෙන්න කලින් බයිස්කෝප් එකක්වත් බලල තියෙනවද දන්නේ නැහැ.

:       0       29

prabha Thursday, 04 April 2019 10:51 AM

අපට තිබුන එකම අඩුව සිනමාව වෙනුවෙන් දිනයක් නැතිකම. ඒ අඩුපාඩුව නැතිකරපු මෙතුමාට පින්

:       102       69

achala Thursday, 04 April 2019 02:18 PM

ඒ කියන්නේ ජනතා මුදලින් උත්සවයක් තියලා අවුරුද්දකට වතාවක් මුණ පුම්බගන්න තවත් දවසක් එකතු වුනා???

:       0       119

රන්ජන් Friday, 05 April 2019 06:04 AM

ජාතික සිනමා දිනයක් කළාට ලංකාවේ සිනමාව දියුණු වෙනවාද? කළ යුත්තේ සිනමා වලට ගැනීමට අවශ්‍ය දේවල් මිසක් උත්සව පාටිම නොවේ..

:       0       0

sirimal Friday, 05 April 2019 08:32 AM

කාසි කබල් චිත්‍රපට පිටරටව වලින් ගෙන්නලා පෙන්නන අතරේ කොහොමද දේශීය සිනමාවක් ගොඩ නඟන්නේ? අපට මතකයි නිහාල්සිංහ මැතිතුමා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වෙලා හිටපු කාලයේ නීතියක් ගෙනාවා ලංකාවේ සියලුන සිනමා ශාලාවල " දේශීය චිත්‍රපට" එක වතාවක් හෝ ප්‍රදර්ශනය කලයුතුයි කියල. ඒ වගේම එතුමා දුර දක්නා නුවනින් කල්පනා කර එක අවුරුද්දකට ආනයනය කල හැකි විදේශීය චිත්‍රපට ගණන සීමා කළා. ඒකාලයේ හින්දි චිත්‍රපට වසරකට ආනයනය කලේ 3ක් පමණයි. දෙමල චිත්‍රපට පවා සිමා කළා. ගෙනාපු ඒවා පැල් බැඳගෙන දිව්වා. " ගීත්" කියන හින්දි චිත්‍රපටයේ එකම පිටපත ක්‍රවුන් සිනමාහලේ වසර 3 ක් දවසට හතර වාරයක් ගන්නේ ප්‍රදර්ශනය කළා. ඒක වෙනම කතාවක්. නමුත් ලංකාවේ හැදුන හොඳම සිංහල චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ ඒ කාලය තුලයි. අද රුපවාහිනිය අන්තර් ජාලය වගේ දේවල් නිසාත් සිනමා කර්මාන්තයට බලපෑම් එල්ලවී තිබෙනවා. මේනිසා ලංකාවේ චිත්‍රපට ලෝක වෙළඳපොල වෙත බැරිනම් අඩුම ගන්නේ ආසියානු හෝ අප්‍රිකානු රටවල් වෙත හෝ විකිණිය හැකි අන්දමට නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුකළයුතු වෙනවා. දිනයක් වෙන් කරලා උත්සව තියල කැවුම් කිරිබත් කාල විසිරි ගියාට වැඩක් වෙන්නේ නැහැ.

:       0       151

BamunuarachchiSaturday, 06 April 2019 12:16 AM

ලංකාවේ නිපදවන්නෙත් කසිකබල් චිත්‍රපටි තමයි.

:       0       0

sirimalSaturday, 06 April 2019 01:04 PM

ඒ අතරේ සිනමාරුපි නිර්මාණ නැහැ කියන්න බෑ. මෙවැනි අතලොස්සක් පමණ වූ නිර්මාණ සඳහා ආයෝජකයින් සොයාගන්න එකත් බලවත් සටනක් වෙන්න ඕනෑකියලයි මට හිතෙන්නේ. අපේ රටේ නිර්මානාත්මක තරුණ පරම්පරාවක් ඉන්නා බවයි මට හිතෙන්නේ. ලංකාවට පමණක් කොටුවී කළහැකි දෙයක් නැති බවයි කිවයුත්තේ.

:       0       0

BamunuarachchiMonday, 08 April 2019 11:45 AM

තරුණ පරම්පරාව ගැන කතා කරන්න එපා. තලවතුගොඩ අවට අපි දකිනවා... ටෙලිඩ්‍රාමා වීඩියෝ කරන හැටි... රඟපාන්න නළුබට්ටෝ කීප දෙනෙක් ඉන්නවා නම් කූඩෙකුයි, කැමරා එකකුයි තිබෙනවා නම් මේ ගොල්ලෝ ටෙලි ඩ්‍රාමා එකක් හදාවි...

:       0       0

BamunuarachchiMonday, 08 April 2019 06:04 PM

මෙපමණ කල් අපි හින්දි චිත්‍රපටි ප්‍රිය කලේ සංගීතය නිසා දැන් ඒ ගායක ගායිකාවන් හා සංගීතඥයින් මිය ගොස් ඉන්න අයත් සින්දු කියන්නේ නැත. මෙය හින්දි සංගීතෙට පමණක් නොව ඉංග්‍රීසි සිංහල සංගීතයටත් එකසේ බලපා ඇත. ජිම්රීව්ස්, ඩීන් මාටින්ලා, මොහොමඩ් රාෆිලා, සංකර් ජායිකිෂන්ලා, නවුශාද්ලා, අමරදේවලා නැවත බිහිවෙන්නේ නැත ඒ යුගය අවසන් වී ඇත. ඒ සුන්දර අතීතය ක්‍රමයෙන් මැකීගෙන යනවාය. වාසනාවකට යුටියුබ් එක නිසා පැරණි සංගීතය රස විඳීමට හැකිව තිබේ. එයත් අවභාවිත කලොත් ඒ වාසනාවද නැතිවී යනු ඇත.

:       0       0

karunasena Tuesday, 09 April 2019 12:03 AM

මේ බමුණා මහා ඊර්ෂියා කාරයෙක්. ඔහේ හිතාගෙන ඉන්න ඔක්කොම දන්නවා කියලා. ඉස්සා කියනවලු මම සුදනා කියලා. හැබැයි උගේ ඔලුවේ ...ඒ වගේ තමයි මේ හණමිටි කාරයා. මෙයාගේ ලොකුම වැඩකාරයා තමයි බණ්ඩාරනායක මහත්තයා. හැබැයි මෙයා දන්නේ නැහැ එතුමා තමයි මෙරටේ ජනවාර්ගික ප්‍රශ්නයට මුල පිරුවේ.

:       0       0

Bamunuarachchi Monday, 08 April 2019 11:38 AM

සිරිමල් මට එකක් දෙකක් කියන්න බලලා නැතිනම් හොයාගෙන බලන්නම්. හැබැයි රේකාව ගැන කියන්න එපා අතාත්වික තැන බොහොමයක් තිබෙනවා මතකයි. අපේ සිංහල රඟපාන ගෙදර වැඩ ඉන්න ගැහැණියත් අලුත් ඇඳුම් අන්දලා නේද ඉන්නේ? හොලිවුඩ් චිත්‍රපටිවල රඟපාන නළුනිළියන්ට ඒ චරිත සම්බන්දව විශේෂ පුහුණුවක් දෙනබව "ගෝඩ් ෆාදර්" චිත්‍රපටිය බැලුවානම් මතක්වේවි. නැතිනම් ජැකී කොලින්ස්ගේ " හොලිවුඩ් වයිව්ස්" පොත කියවන්න. එතකොට තේරේවි අපි කොතනද ඉන්නේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 117 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 115 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 533 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 437 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 158 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1592 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site