(රංජන් කස්තුරි)
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයට සහායවීම පිණිස ජාතික වැටුප් කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව ඉකුත් 2019 වසරේ මාර්තු මස 18 වැනිදින සහ වරින්වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව ආහෝසි වී ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් වල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශවල වැටුප් ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශවලද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම එහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසන් සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.
චද්රානි සේනාරත්න, ගෝඨාභය ජයන්ත, සුජානි කුරෙ, මධුරා වේහැල්, එම්.එස්.ඩී රනසිරි, වෛද්‍ය ආනන්ද හපුගොඩ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, අජිත් නායනාකාන්ත, රවී ලියනගේ, සනත් එදිරිවීර, මහාචාර්ය රංජිත් සේනාරත්න, ඉංජිනේරු ආර්.එම් අමරසේකර, විශ්‍රාමික මේජර් ජනරාල්, සිරි රණවීර සහ ඩබ්.එච් පියදාස යන මහත්ම මහත්මීහු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව අහෝසි වෙයි
සමන් කොඩිතුවක්කු Friday, 14 February 2020 06:23 PM
මෙම ප්‍රවෘත්තිය කියවන්නාට ලිපියේ අරුත නොතේරේ. පොඩ්ඩක් කියවලා බලන්න....
lgj Saturday, 15 February 2020 04:23 AM
මේ වන විට වෘත්තීය (රජයේ සේවක) සමිති ඉතාමත් දඩබ්බර ලෙස ඉල්ලීම් දිනාගැනීමේ සටන් දියත් කරනු පෙනේ. ඒ මදිවාට රැකියා අපේක්ෂිතයන් ද සංවිධානාත්මකව අභියෝගාත්මක සටන් ක්‍රම දියත් කරනු පෙනේ. මෙවන් තත්වයක් තුල ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමක අවශ්‍යතාව ප්‍රාෙයා්ගික දැයි විමසා බලනු වටී. මෙය කොමිෂන් සභාව නඩත්තු කිරීමට මුදල් වැය තිරීමකි. රැකියා සහ වැටුප් ක්‍රම සම්බන්ධව කටයුතු කිරීමට වගකිවයුතු නිධාරීන්ගෙන් සැදුම් ලත් දෙපාර්ථමේන්තුවක් ඇති කිරීම සහ ඒ මගින් රැකියා, වැටුප් සහ සේවක අයිතිවාසිකම් සම්බන්ධ තීරණ ගැනීම සහ කායක්ෂමව යෝජනා රජයට ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.
denin Saturday, 15 February 2020 05:43 AM
මේක ඕන කෙනෙකුට තේරෙනවා. මේ කල්මරමින් වැටුප් වැඩිවීම් ප්‍රමාදකරන්න කරන වැඩක් බව ඒ වගේම අනවශ්‍ය මුදල් නාස්තියක් කොමිසන් දෙකකට මුදල් ගෙවීම.