IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


.‘ජාතික පාසල් 274 කට විදුහල්පතිවරු නෑ’

(අජන්ත කුමාර අගලකඩ)

දිවයින් පුරා පිහිටි ජාතික පාසල් 383 න් 274 කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පළමු පන්තියේ ජාතික පාසල් 64 ක් තිබෙන බව කී ඇමැති අලහප්පෙරුම මහතා එයින් ද 40 කට ම විදුහල්පතිවරුන් නැති බව කීවේය.

අවුරුදු එක හමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම පුරප්පාඩු නිසා පාසල්වල පරිපාලන කටයුතුවලට බාධා පැමිණ ඇතැයි කී ඇමැතිවරයා ඇතැම් ජාතික පාසල්වල අවුරුදු දෙක හමාරක් තිස්සේ විදුහල්පතිවරුන් නැතැයි පැවසීය.

ජාතික පාසල්වල පවතින පුරප්පාඩු වලින් 50% ක් පමණ ලබන ජනවාරි මාසය තුළද පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර ඇති බවත් ඔහු කීවේය.

 



අදහස් (22)

.‘ජාතික පාසල් 274 කට විදුහල්පතිවරු නෑ’

විනිවිද Washington Sunday, 01 December 2019 02:47 PM

ජාතික පාසල් 274කට විදුහල්පතිවරු නොමැති නම් සුදුසු පුද්ගලයන් පත් කරන්න. දේශපාලන හෙන්චියියන් පත්නොකර සිටින්න. මහා ලොකුවට මාධ්‍යයට පැමිණ "වොයිස් කට්" දී පොරක් වනවාට වඩා නිශ්ශබ්දව වැඩේ කරගෙන යන්න ලංකාවේ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඔබත් ඔබගේ පක්ෂයේ කණ්ඩායමත් ඇමෙරිකාව එරෙහිවූවාට. ඇත්ත තිත්තය නමුත් කිවයුතු දෙයක් තිබේ. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවට ඩලස් අලහප්පෙරුම ඇමෙරිකාවට චෝදනා කළත් එයත් ඇමෙරිකාවේය.

:       142       423

Gamarala Sunday, 01 December 2019 02:49 PM

අවුරුදු හතර හමාරක් ජාතියට කළ සේවය තමයි ඔය... තවත් බොහෝ දේවල් ඉදිරියේදී ජනතාවට දැනගන්න හැකිවේවි...!!!

:       164       24

ලියනගේ Sunday, 01 December 2019 05:07 PM

ඇමරිකාවේ පවුල සහ දරුවන් සමග සිට පාර්ට් ටයිම් කරනවාට වඩා ලංකාවට පැමිණ ලංකාවේ සිට මිනිසුන් මුලාකොට පාර්ලිමේන්තුවට පත්ව රජයේ සියලු වරප්‍රසාදයන් භුක්තිවිඳීමට ඇත්නම් මොන පිනක්ද කියා ඔහු හොඳින්ම දනී. ලංකාවේ මොවුන්ට ඡන්දය දෙන මිනිසුන් එය නොදනී. ඩලස් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු යලිත් ඇමෙරිකාවට පැමිණෙනු ඇත. අපට මෙතරම් සැප ජීවිත ගතකිරීමට අවස්ථාව ලබාදුන් ලංකාවේ මිනිසුන් මෙතරම් මෝඩ ද කියා දවසක ඩලස්ම සිතනු ඇත.

:       18       226

Gune Monday, 02 December 2019 12:49 AM

ඔබ කියන්නා සේම මොවුන් කරන්නේ පාට් ටයිම් ජොබ් එකක්. ඩලස් පමණක් නොව අනිකුත් දේශපාලුවන් සිතන්නේද එහෙමය. ඒක නැතිවුණා දාට ඔවුන් ඔවුන්ගේ සැබෑ මව්රටට යනවා.

:       0       77

padminiMonday, 02 December 2019 06:52 AM

මෙයා කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නේ? ඇමෙරිකානු පුරවැසියෙක්...

:       0       5

රණවක Monday, 02 December 2019 10:57 PM

වගකීම් සහිත අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ඇමතිවරයා කිරීමට ඩලස් අලහප්පෙරුමට වඩා උගතකු බුද්ධිමතෙකු අපේ ලංකාවට ඇත්තෙම නැතිද. මෙවැනි නිසි දැනුමක් නොමැති පුද්ගලයන් අධ්‍යාපනය වැනි වගකිවයුතු තනතුරුවල පත් කිරීමෙන් සහ මොවුන්ගේ දැනුමට අනුව ගන්නා තීන්දු නිසා රටේ අධ්‍යාපනයේ අනාගතය කොතරම් සාර්ථක වේද ? අඩුම ගානේ උපාධියක්වත් තිබෙන පුද්ගලයකු මෙම තනතුරට පත් කල යුතු වේ. උසස්පෙළ හදාරන සිසුවකුට මෙම අධ්‍යාපන ඇමතිවරයාට වඩා අධ්‍යාපනය පිළිබද දැනුමක් තිබේ.

:       1       2

Kalu Sunday, 01 December 2019 03:12 PM

දේශපාලනයේ නැවත උපදින සිරාලාගේ, ආසියාවේ හොඳම අගමැති සහා පුතාණෝගේ යහපාලන ආණ්ඩුවේ තවත් වික්‍රමයක්. කොච්චර දේවල් මෙයාලා හංගගෙන ඉඳලා තියෙනවද? රටම කාලා තියෙන්නේ... තව එක අවුරුදක් හිටියා නම් අපිට රටක් නැහැ..

:       307       165

Nihal Sunday, 01 December 2019 03:59 PM

මම මෙයාගැන සොයා බැලුවා.. මට දැනගන්න ලැබුණ විදිහට අධ්‍යාපන ඇමැති වුණාට උපාධියක් නැහැ කියලා..

:       52       219

Lakmal Sunday, 01 December 2019 05:17 PM

ඔයාලගේ අර උපාධියක් තියන ඇමති තමයි මේ විදුහල්පතිවරු නැති එකට වගකියන්න ඕනෑ.

:       53       141

කපුරුහාමි Sunday, 01 December 2019 05:27 PM

රටේ උගත්, බුද්ධිමත් සුදුසුකම් ඇති අය මොනතරම් ඉන්නවද? රස්සාවල් නැතුව. දේශපාලකයන්ට මොන සුදුසුකම්ද? පහුවෙන කොට පවුල්වල ඉන්න අයව පත්කර ගනීවී.

:       0       13

manoj Sunday, 01 December 2019 06:52 PM

මේ වනවිට ඇතැම් ජාතික මට්ටමේ පාසල් වල සිටින විදුහල්පතිවරුන් අධ්‍යාපනය දියුණු කරන කිසිඳු රාජකාරියක් මේ වනවිට නියැලෙන්නේ නැති බව කිව යුතුයි. මගේ දරුවා මෙවර සාමාන්‍යපෙළ නුගේගොඩ ප්‍රාධාන බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් පෙනී සිටිනවා. මා සෑම දිනකම දරුවාගෙන් අහනවා අද පීරියඩ් කීයක් වැඩ කලා ද? සෑම විටම කීවේ පීරියඩ් 4, 5, 6 ක් වැඩ කලා කියලා. සිලබස් කවර් කලා කියලා මාස තුනකට ඉහතදී සම්මන්ත්‍රණ පවා පිටින් ගෙනවිත් ළමුන් සියල්ල එකට දමා කළා. ඒකෙන් නොකෙරෙනු අල්ල ගන්න බැරි වූ කොටස් ළමයින්ට කෙරුනේ නෑ. කිසිදු දිනක විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ කෙරිලා නෑ. ගණිත පාඩම් පිටින් අත හැරලා. කාට කියන්නද? මා මේ ගැන නුගේගොඩ කලාප අධ්‍යක්ෂකට දෙවරක් කථා කර කිව්වා. මොකුත් වුනේ නෑ. පළාත් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකටත් කථාකර කිව්වා. කට්ටියක් යවන්නම් කිව්වා. මොකුත් වුනේ නෑ. ඒ ගොල්ලෝ සඳළු තලෙන් බහින්නැති විදුහල්පතිනිය විශ්වාස කරනවා. මේක මම වගකීමෙන් කියන කථාවක්...

:       0       107

GuneMonday, 02 December 2019 12:56 AM

ඔය විදුහල්පතිනියට කවුරුවත් අත තියන්නේ නෑ. හේතුව දන්නේ එයයි, දෙමවුපියෝයි දෙවියොයි. සල්ලි බාගේ තියෙන දෙමව්පියෝ කරන්නේ කීයක් හරි වියදම් කරලා ළමයින්ව ජාත්‍යන්තරේකට දාලා ඊට පස්සේ පිටරට යවන එකයි. බැරි අපි කල යුත්තේ පුළුවන් නම් ඈත දුප්පත් ඉස්කෝලෙකට යවන එකයි. ඒ ඉස්කෝල පොල් අතු වුනත් සමහර තැන්වල ගුරු දෙවිවරු ඉන්නවා. ඩලස්ගේත් කතාව විතරයි කියල තව ටිකක් කල් යනකොට තේරෙයි. දැන් මේ හැරෙන්නෙත් එක්තරා පොල් පැලෙකට බව ඉක්මනටම පෙනෙයි.

:       1       18

Raveendra Sunday, 01 December 2019 11:03 PM

මේ උන්නැහේ... ඔයාලත් හිටපු අයත් එක්ක එකට ලැගලා හිටියා නේද එකම පට්ටියේ? එතකොට මතක් වුනේ නැද්ද මේ අඩුපාඩුව..? සමහරවිට එකම පට්ටියේ හිටිය හරකුන් නිසා තමන්ගේ වරිගයාගේ අඩුපාඩු මොකට හොයනවද නේද? දැන් නම් පට්ටි දෙකක් තියෙන නිසා අනිත් පට්ටියේ කෙනාගේ අඩුපාඩුම තමයි දකින්නේ. එ්කත් නරකම නැහැ.. මේ නැවත වරක් කියන්නේ අනිත් අය නොකළ නිසානේ ඔයාලා වගේ අයට මිනිසුන් බලේ දුන්නේ ඒ නිසා නොකෙරුණු දේවල් ගැන කතා කරකර ඉන්නේ නැතුව වැඩේ කරනවද? නැත්නම් තමන්ගේ අහිංසක මෑණියන්ට උදේ සවස පස්පංගුව තම්බලා දෙනවද?

:       2       10

රජිත අක්මීමන Monday, 02 December 2019 12:27 AM

අධ්‍යාපන මාෆියාවක් ඇතිවීමට බලපා ඇති කරුණකි. වසර තුනකට වරක් විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීම කාලෝචිත වේ. හේතුව අයථා ඉපැයීම් හා මුල්‍ය වංචා වලකා ගත හැකිය.

:       0       5

mahinda Monday, 02 December 2019 01:02 AM

ඕනේ තරම් ඉන්නේ දාන්නකෝ

:       0       3

මුණසිංහ Monday, 02 December 2019 01:35 AM

මේ ප්‍රතිචාර දිහා බැලුවම මට පෙනුනේ මේ අයට අධ්‍යාපන ක්ෂෙත්‍රය සහ ඩලස් ගැනත් අකිල ගැනත් අවබෝධයක් නැති පාටයි. අකිලලා 2015 ආණ්ඩුව ගත් ගමන් රෝයල් ඇතුලු ඉහල ම යැයි සලකන ජාතික පාසල් සියල්ලටම හිටපු නියම ක්‍රමවේදයට ගත් සුදුසුකම් සහිතව හිටපු සියලු විදුහල්පතිවරුන් ඉවත් කරලා දේශපාලන පත්වීම් දුන්නා. අදටත් ඒවායේ ඉන්නේ ඒ අය. දෙවරක්ම සම්මුඛ පරීක්ෂණ තිබ්බා ස්ථිර පත්වීම් දෙන්න, ක්‍රමවේදය සැකසුවෙත් ඉන්න අයගේ සුදුසුකම් බලලා ඒ අයම ස්ථිර කරන්න. නමුත් විරෝධතා නිසා හරි ගියේ නැහැ. ඩලස් ඇතුලු ආණ්ඩුව ඒක නිවැරදි කරාවි කියලා විශ්වාසයක් අපේ තියෙනවා. එජාපය තරම් දේශපාලන පලිගැනීම්, සැළකීම් පොදු පෙරමුණ මේතාක් කරල නැහැ.

:       53       63

රවින් Monday, 02 December 2019 01:59 AM

විදුහල්වල නිසි සුදුසුකම් ඇති විදුහල්පතිවරු සිටියොත් නිසි අධ්‍යාපනය ලබාදී විදුහල තුලින් උගතුන් බිහිවේ. දේශපාලුවන්ට බේගල් ඇද බාන්න බැරිවේවි. මුදුන්මුලට හානි සිදුකල විට වර්ධනය අඩපන වේ. තව දුරටත් පැවැත්ම සඳහා කෘත්‍රිම ක්‍රමවේදයන් අනුගමනය කරන්න වේවි. මේක තමා අපේ දේශපාලුවන්ගේ තියරිය. අධ්‍යාපනය කඩාකප්පල් කරන තරමට ඒ අයගේ පැවැත්ම තියේවි.

:       0       1

මුණසිංහ Monday, 02 December 2019 02:32 AM

කිසිදු පාසලකට වැඩ බලන විදුහල්පතිවරුන් උපරිම මාසයකට වඩා තියාගන්න බැහැ කියල නීතියක් හදන්න. සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයත් ගැසට් කරන්න. පුරප්පාඩු වී මාසයක් තුළ ස්ථිර විදුහල්පතිවරුන් පත් කරන්න.

:       0       0

ධම්ම Monday, 02 December 2019 02:44 AM

ළඟම පාසල හොඳම පාසල කිරීම කෙසේවෙතත් කෑ/මාව/ රුක්මලේ ප්‍රාථමිකය හා අඹදෙණිය ප්‍රාථමිකය වසාදමා ඇත. ගොඩනැගිලි වල්බිහිවී විනාශවෙමින් පවතී. එක්කෝ මේ විදුහල් දෙක නැවත අරින්න, නැත්නම් මේ දේපලවලින් නිසි ප්‍රයෝජන ගත හැකි විකල්පයක් සකසන්න.

:       1       8

lalithm Monday, 02 December 2019 02:48 AM

විරිත්තලා හිනාව දමලා මහා උස් හඬින් කෑගහලා වැඩක් නැහැ. ආවා නම් කයිය නොගහ වැඩ කරන්න. කරලා ප්‍රතිඵල අරන් කට ගහන්න. කරන්නේ නැතිව පොර ටෝක් දමලා වැඩක් නැහැ.

:       3       21

Bamunuarachchi Monday, 02 December 2019 11:08 AM

මේ යූඇන්පී කාරයින් කළ තරමක් කරලා තියෙන්නේ රටට විනේ කැටීම...! ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නත් බැරිව ගියා.... අපේ ලොකු සර් නම් ඒ කාලෙම කිව්වා අම්මලා තාත්තලා ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න මොනවා කළත් විරුද්ධ නැත කියලා අන්න මිනිස්සු...! එ්ත් දැන් බලනකොට මේ යූඇන්පී අය විදුහල්පතිලාවත් දාලා නෑ. මේ අය මේ තරමට රටට හතුරුද?

:       1       0

denin Wednesday, 04 December 2019 03:43 PM

ආණ්ඩු පෙරලන්න ප්‍රශ්න හොයහොයා හිටපු මේ කට්ටියට ඇමතිකම ලැබෙනකම්ම මේ ප්‍රශ්නය නොපෙනුනේ මෙතුමන්ලගේ කිසිවෙකුගේ දරුවෝ ජාතික පාසල්වලට යන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 223 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2380 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 543 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1127 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site