(මුදිතා දයානන්ද)
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (15) එළිදැක්වීය.
මෙම ප්‍රතිපත්ති ප්රකාශනයේ පිටපතක් සංකේතාත්මකව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, අනුර දිසානායක මහතා විසින් වෛද්‍ය රොහාන් සුරවිර මහතා වෙත පිළිගන්වනු ලැබීය.
‘ගුණාත්මක සෞඛ්‍ය සේවයක්, නිරෝගී පුරවැසියෙක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළේය. රජයේ රෝහල්වලින් පිටත පවතින සෞඛ්‍ය සේවාව යළි රෝහල තුළට ගෙන ඒම, මුදල් නැති කමින් ප්‍රතිකාර ලබාගත නොහැකිව පුරවැසියන් මිය යාම වළක්වා ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වගකීම රජයට පවරා ගැනීම, බරපතල බෝ නොවන රෝගලවලට ගොදුරුව ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන්ට රෝගි තත්ත්වය අනුව මාසයක් හෝ දෙකක් ඇතුළත ශල්‍යකර්මවලට යොමු වීමට අවස්ථාව ලබාදීම, රෝහල් අතර සම්බන්ධීකරණය පවත්වාගනිමින් රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම, රෝගින්ගේ දත්ත පරිගණක ගත කිරීම මගින් කිසියම් බරපතල රෝගී තත්ත්වයකදී ඔහු හෝ ඇය ප්‍රතිකාර ලබන රෝහල කුමක් වුවද මූලික රෝගී තත්ත්වයන් පරිගණක මගින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීමට හැකියාව ඇති කිරීම, ජනතාව රෝගීවීමට ප්‍රධාන සාධකයක් වන ආහාර සුපිරිසිදුව ලබාදීමට රජයේ මැදිහත් වීම, අන්තර්කාලීන ක්රියාමාර්ගයවක් ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවය නියාමනය කිරීම, ග්රාමීයව පවුල් වෛද්‍යවරයෙක් නිර්මාණය කිරීම, අනාගත ආයෝජනයක් සේ සළකා සෞඛ්‍ය සඳහා දළ ජාතික ආදායමෙන් 5%ක් වෙන් කිරීම ඇතුළු යෝජනා රැසකින් මෙම ප්‍රතිපත්ති ප්රකාශනය සමන්විත වේ.
මෙහිදී අදහස් දැක්වු ජාතික ජනබලවේගයේ ජනාධිපිතධූර අපේක්ෂක අනුර දිසානායක මහතා කියා සිටියේ මුදල් නැතිකමින් ඇතැම් පුරවැසියෙක් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව මිය යද්දී තවත් පුරවැසියෙක් සෙම්ප්රතිශ්යාවටත් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ලබාගන්නා සමාජ විෂමතාවය නැති කර සෑම පුරවැසියෙකුටම මෙරටදී ප්‍රතිකාර ලබාගත හැකි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම තමන්ගේ අරමුණ බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වංසගත රෝග විද්‍යාඥ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා ලේකම් ලෙසත්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත අබේසේන මහතා සභාපතිත්වය දරණ සෞඛ්යප්රතිපත්ති සම්පාදන කමිටුව විසින් මෙම සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදකී