විනීතා එම් ගමගේ
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.
එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති.
මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගත් අතර ඒ රුපියල් 55 කි.
එහෙත් ඒ වනවිට ත්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගිනි.
පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් නොකල බව ත්‍රිපෝෂ කම්හලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ති‍්‍රපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත්‍රීපෝෂ නවතිනු ඇතැයි ද වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
ත්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි. සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලූමක් ඇති බවත් ඒ සදහා මසකට රුපියල් මිලියන 75 ක පමණ අලෙවියක් පවතින බවත් හෙතෙම සදහන් කළේය.
ත්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වි
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලය
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි
bandula Sunday, 31 May 2020 03:44 PM
මතිලාට කන්න දෙන්න හදන ෆැක්ටරියක නම් බලාගන්න තිබුණා හඳෙන් ගෙනැල්ලා හරි හදන අපූරුව..
CHANDRA Sunday, 31 May 2020 04:48 PM
රටේ සහල් මිල ඉහළ ගියාම රටේ ජනතාවගේ ජයග්‍රහණයක් කිව්වා වගේ - ත්‍රිපෝෂ කම්හල වැසීම, ගැබිණි මව්වරුන්ගේ, සේවකයන්ගේ, රටේ ජනතාවගේ ජයග්‍රහණයක් යයි කියන්න පුළුවන්. ත්‍රිපෝෂ පිටි මිල ඉහළ ගියොත් ගැබිණි මව්වරුන්ගේ, සේවකයන්ගේ, රටේ ජනතාවගේ විශිෂ්ඨ ජයක් වෙන්නත් පුළුවන්. රටේ ජනතාව ජය පිට ජය ලබාගන්නවා.
Ramesh Sunday, 31 May 2020 05:29 PM
කතාව නම් වියත් මගෙන්, ඒත් පෙට්ටි කඩයක්වත් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ...
asanka Sunday, 31 May 2020 06:04 PM
ආණ්ඩුව හැම එකටම පාලන මිලක් දාන්න ගිහින් ඇන ගත් තවත් එක් අවස්ථාවක් තමයි මේ. රටේ නිපදවන එකට තව කූරු ගහන්න ගිහින් අන්තිමට ත්රිපෝෂත් පිටරටින් ගෙන්වන්න තමයි වෙන්නේ. කවුරු හරි දේශපාලකයෙක් ඉන්නවද දන්නේ නෑ පිටරටින් ගෙන්වීමට ත්‍රිපෝෂ ඕඩරයක් දමපු...
lalithm Sunday, 31 May 2020 06:14 PM
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි කියලා පරණ කතාවක් තියෙනවා. රජවෙනකොට කියපුවා දැන් අමතක වීගෙන යනවා. හොඳ ප්‍රවණතාවක් නොවෙයි ජනපතිතුමනි.
Kumar Monday, 01 June 2020 02:38 AM
මේ කර්මාන්ත ශාලාවේ සැපයුම් අංශය භාරව ඉන්නේ මොනවගේ කෙනෙක්ද? ගම්බද මව්වරුන්ට ලැබෙන එකම පෝෂ්‍යදායි ආහාරය නැතිව ගියා වගෙයි. කර්මාන්තශාලාවේ ඉන්නන ලොකු ලොක්කෝ ත්‍රිපෝෂ කන එකක්යැ. අපි මෙරට ලංකාවේ වෙළෙඳ සලකින් ත්‍රිපෝෂ ගෙන ප්‍රණීත අග්ගලා හදනවා.
jayath Monday, 01 June 2020 03:27 AM
මට වෙලාවකට හිතෙනවා තාම තියෙන්නේ යහපාලන ආණ්ඩුවද කියලා... මොකද වී වලට මිලක් දෙනවා පස්සේ "මෝල්" කාරයින් කියනවා ඒ ගාණට වී අරගෙන කරන්න බැහැ.... මෝල වහලා හිරේට යනවා කියලා කව්රුත් අර සුපුරුදු සහල් මාෆියා ගීතය වාදනය කරන අතරේ ඔන්න අර කලින් දීපු මිල ඉහළට දමනවා !!! බඩ ඉරිඟු වලටත් ඕකමයි වෙලා තියෙන්නේ රජය නියම කරපු මිලට කව්රුවත් බඩ ඉරිඟු දෙන්නේ නැහැ...! මේ වගේ නාටක ගිය ආණ්ඩුව යටතේ වුණානම් හිත හදාගත්ත හැකි... නමුත් දැන්...!!!
Achini Monday, 01 June 2020 03:50 AM
වෙනස හොඳටම සැපවීගෙන එනවා වගේ, අපරාදේ මගේ ඡන්දෙ...
සජිත් Monday, 01 June 2020 06:02 AM
උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ 3%කින් එක්කෙනෙක් වගේ.. ආර්ටිකල් එක හරියට කියවලා නැතිව ..
සමීර සම්පත් Monday, 01 June 2020 07:20 AM
අපරාදෙ ඇත්ත... වෙනසක් වෙනුවෙන් පාවිච්චි කරපු ඡන්දෙ... කිසිදාක දේශපාලනය නොකරපු කෙනෙක් නිසා රට සැබැවින්ම දියුණු කරාවි කියලයි හිතුණේ...
ධනා Monday, 01 June 2020 08:11 AM
ගොඩක් අය ත්‍රිපෝෂ කන්නනේ ගෝඨාව ජනාධිපති කරලා තියෙන්නේ. හපොයි මගේ ඡන්දේ...!!!
Sujani Tuesday, 02 June 2020 03:55 PM
මුළුමනින්ම වසා දමලා නම් නැහැ . නිශ්පාදනය කිරීමක් සිදු වෙන් නෑ. බඩ ඉරිගු එනකන්. නමුත් සේවකයින් සුපුරුදු පරිදි වැඩ.