(ඔගස්ටීන් ප්‍රනාන්දු, එච්. චන්දන, ජයරත්න වික්‍රමආරච්චි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ චීන ජාතිකයාගේ සිරුර පිළිබඳව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කර, පුත්තලම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය.
කුඩාමැදවච්චිය අක්කර 100 ප්‍රදේශයේ වන අලි ගැවසෙන කැලයක් මැද ගොවිපළක් පවත්වා ගෙන ගිය, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි චීන ජාතික ලී ජයාන් (අවු:65) නැමති අය ඊයේ( 2) දින සවස මියගොස් සිටි බවට ගොවිපළේ මුරකරු කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර, සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලීසිය පුත්තලම අධිකරණයට කරුණු දැක්වීය. මෙම ස්ථානය නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ගොවිපොළේ කිසිදු සේවකයකු මෙම චීන ජාතිකයා නැවතී සිටින නිවහන ප්‍රදේශයට පැමිණීම අකමැති බවත්, ඔහු තනිවම අහාර සුදානම් කරගැනිම් හා දෛයිනික වැඩ කටයුතු සිදුකරන බවත්, සතියකට පමණ පෙර මෙම ගොවිපොළේ කළමණාකරු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවත්, අයිතිකරු නොමැති නිසා ජනේලයකින් බලන විට චීන ජාතිකයා පුටුවක් මත වැටී සිටින අයරු දක්නට ලැබුණු බවත් මුරකරු කරුවලගස්වැව පොලීසියට පවසා ඇත. චීන ජාතිකයා මිය ගොස් සිටි ස්ථානයේ කුඩා කුප්පි දෙකක් තිබූ බවත්, එහි ඇත්තේ ඖෂධයක්ද, එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලීසිය කියයි.
මෙම චීන ජාතිකයා 1992 මෙරටට පැමිණි ඇති අතර, ඉකුත් අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී පමණ චීනයට ගොස් නැවත පැමිණ ඇත. ඔහු 2015 වර්ෂයේ ශ්‍රී ලංකික පුරවැසිභාවය ලබා ඇති අතර කලක් චීන යුද හමුදාවේ සේවය කර ඇති බවද අනාවරණය වී ඇත.
පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලේන්ද්‍ර කාන්ත් මහතා හා පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමරවීර මහතා එම සිරුර සහ ස්ථානය පරීක්ෂා කළහ.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයතු සඳහා පුත්තලම මූලික රෝහලට රැගෙන ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සූජීව අලවත්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
(ඡායාරූප - එච් .චන්දන)
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන ජාතිකයෙක් අබිරහස් ලෙස මියයයි
chandima Tuesday, 03 March 2020 02:12 PM
මිනිය ගාව වටවෙන්න ඉස්සරවෙලා කොරෝනා හැදිලා තිබුනද කියලා බැලුවානම්?