IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනාට ඇපත් නෑ

(උපාලි ආනන්ද)

 

මිහින්තලේ පුදබිමේ පිහිටි පරිවාර චෛත්‍යයක් මතට නැග ජායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්  සිසුන් දෙදෙනා පෙබරවාරි 27 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ  අද  (20) නියෝග කළේය.

සිසුන් දෙදෙනාට ඇප දෙන්නැයි නීතිඥයින් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතියව දැක්වෙන  වාර්තාවක් අධිකරණයට හමවුට ඉදිරිපත් කරන ලෙසටද මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකට නියෝග කෙරිණි.

තවදුරටත් මෙසේ බන්ධනාගාර ගත කලේ මූතූර් පදිංචි  18 හැවිරිදි ජලාල්දීන්  රිෂ්නි අහමඞ් සහ  20 හැවිරිදි රසීක් මොහොමඞ් ජිෆ්රි යන සැකකරුවන් දෙදෙනාය.

ඔවුන් නිට්ටඹුව තිහාරිය ප‍්‍රදේශයේ පෞද්ගලික අරාබි විද්‍යාලයක ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 20 වියෙහි පස් වන්නෝ  වෙති.



අදහස් (17)

චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනාට ඇපත් නෑ

karthini Mas Rahim Wednesday, 20 February 2019 08:55 AM

මමත් මුස්ලිම්, එත් මෙවැනි වැඩ කරන්නේ නැහැ! තවත් ආගමකට ගරු කරන්න දැන් ඉන්න මුස්ලිම් අය දන්නේ නැහැ!

:       1130       1109

isurandi Wednesday, 20 February 2019 10:18 AM

තරුණ වයසයට කරන වැඩ මෙව්වා. එකේ බරක් පතලක් ගැන වැටහීමක් මේ තරුණ පරපුරට නැත.

:       1323       225

BamunuarachchiWednesday, 20 February 2019 11:00 AM

අපේ ළමයිගේ තරුණ වයසට ඔය කොල්ලන්ගේ වැරදිවලට අඬු කඩන්න ගත්තොත් කොහොම හිටීවිද?

:       0       7

UpulWednesday, 20 February 2019 11:04 AM

රැඩිකල් පරපුරේ කොන්ඩේ රවල වැව්වම බුද්ධිමත් කියන ජාතියේ කෙනෙක් වගේ? පව්!

:       170       128

Nuwan Wednesday, 20 February 2019 10:45 AM

ඉස්සර සාම්ප්‍රදායික මුස්ලිම් අය හිටියා. ඒ ගොල්ලෝ ඉස්ලාමය ඇදහුවට පොතේ තියෙන හැමදේම අනුගමනය කරන්න ගියේ නැහැ. ඒ ගොල්ලෝ හලාල් නැතුව කන්න බැහැ කිව්වේ නැහැ. ඒ ගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ලෝගු ඕනේ නැහැ. අවුරුදු 13න් පහළ ළමයි කසාද බඳින්න ඉල්ලුවේ නැහැ. බෞද්ධ වෙහෙර විහාර ඉඩම් බලෙන් අල්ලාගත්තේ නැහැ. විවෘත්ත ආර්ථිකය එක්ක විදේශ රැකියාවලට ගිය මුස්ලිම් කට්ටිය ආපහු ලංකාවට අාවේ අරාබියේ තියෙන අන්තගාමී ඉස්ලාමය එක්කයි. ඒකට අනුව ඒ ගොල්ලෝ හැඩගැහෙන්න පටන් ගත්තා. දැන් හලාල් නැතුව බැහැ. කාන්තාවෝ ලෝගුව අඳින්නම ඕනේ... පන්සලක් තියෙනවා නම් ඒක ඉස්සරහ පල්ලියක් ඕනේ... අරාබි පාසල්වලට ළමයි යන්නේ ඒවායේ උගන්වන්නේ අරාබි අන්තවාදය හා අරාබි ඉතිහාසය, විද්‍යාව වෙනුවට මැවුම්වාදය විශ්වාස කරන්න උගන්වනවා. ඉස්සර බෞද්ධ සමාජය එක්ක තිබුණු සම්බන්ධතාවය ටිකෙන් ටිකෙන් ඇත් කළා මේ අන්තවාදය. මේවට සම්පූර්ණයෙන් පල්ලියේ පූජකයෝ වග කියන්න ඕනේ. ඇෆ්ගනිස්ථාන්, ඉරාන, ඉරාක්, පාකිස්තාන්,...වගේ රටවල් සාමකාමී රටවල්... ඉස්සර නමුත් ඉස්ලාම් අන්තවාදය විනාශ කළා ඒ සුන්දරත්වය... ලංකාවටත් නුදුුරේම මෙයම වේවි...!!!

:       2004       3041

NuwanWednesday, 20 February 2019 03:25 PM

ඇත්ත කිව්වම රිදෙන කට්ටියක් ඩිස්ලයික් හෝ ගාලා දානවා පව්..!!!

:       306       556

lankaThursday, 21 February 2019 05:11 AM

ඔවුන්ගේ ආගම අදහන ක්‍රමය පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නය මොකද්ද? ඔවුන්ට ඕනා දේ කාපුදෙන් ඇන්දපුදෙන් විශ්වාස කරපුදෙන්. අපි අපේ ආගම හරියට අදහනවද? අපි අනුන්ගේ වැරදි හොයන්න කලින් අපි හරියට ඉන්නවද කියල බලන්න ඕනා.

:       144       2

NuwanThursday, 21 February 2019 06:50 AM

කන බොන, අදින පළදින, ආගම අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඒවා යොදාගෙන බලපෑම් කිරීම සහ රටේ ආරක්ෂාවට බලපෑම් කිරීම සහ විශේෂයෙන් සමාන්තර සමාජයක් (Parallel Society) බිහි කිරීම යන බයානක දේ සිදුවන එක. මේ සමාන්තර සමාජ බිහිවීමෙන් ජාතින් අතර විශාල පරතරයක් ඇති වෙනවා ඊට පස්සේ වාර්ගික ,ආගමික යුද්ධ වලට හේතු වෙනවා. ඊට පස්සේ වෙනම ප්‍රාන්ත, රටවල් රටක් ඇතුලත බිහි වෙන්න බල පානවා. ලගම උදාහරණය ඉන්දියාව සහ පාකිස්තානය.

:       0       4

akalankaThursday, 21 February 2019 06:58 AM

අපි අපේ ආගම ඇදහුවේ නැහැ කියලා අපේ එක ලොකුයි කියාගෙන අනිත් මිනිස්සුන්ට කරදර කරන්න යන්නේ නැහැනේ. දවසට 5 පාරක් ආගම කිව්වට මිනිස්සු හොද වෙන්නේ නැහැ.

:       0       10

nisar Wednesday, 20 February 2019 11:02 AM

මේ වගේ වැඩ නැවත සිදු නොවන්න දඬුවම දීලා තියෙන්නේ

:       0       2

Nihal Wednesday, 20 February 2019 02:49 PM

අවුලක් නැහැ. අල්ලා යුදෙව්වන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවනේ...

:       8       534

Nihal Wednesday, 20 February 2019 02:54 PM

සෞදි අරාබියේ පල්ලියකට මේ දේ කළා නම් බෙල්ල කපනවමයි. මතකනේ බුද්ධ රූපයක් කාමරේ, බිත්තියේ ගහන් හිටියා කියලා කසපහර ගහල එව්වා...

:       1       670

අමරසිංහ දමාම් Thursday, 21 February 2019 06:23 AM

ඔබ කියන කතාව බොරුවක්, මම සෞදියේ අවරුදු 22ක් වැඩ කරන කෙනෙක්. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු අය තමන්ගේ ආගම් ඇදහීමේ කිසිම අවුලක් නෑ. මගේ කාමරේ බුදු පිළිමයක් තියෙනවා වගේම හින්දු දෙවි රූප තියෙන හින්දු සහෝදරයින්ගේ කාමරවලට මම ගිහින් තියෙනව. කාටවත් කස පහරවල් ගැහුවේ නෑ .

:       5       1

BamunuarachchiThursday, 21 February 2019 08:56 AM

ඔබ නොදන්නා හැමදෙයක්ම බොරුවක් නොවෙයි

:       0       4

Aththa Wednesday, 20 February 2019 03:24 PM

මීට අවුරුදු 1500කට විතර කලින් ගල්ගුහාවක මනුස්සයෙක් හැංගිලා හිටියා... ඒ මනුස්සයට මී මැස්මොරය කියන ලෙඩේ තිබුණා. මිනිස්සු හිතුවේ ඒ මනුස්සයට දෙවියෝ පේනවා කියලයි. පස්සේ ලෝකේ විනාශ වෙන තැනටම වැඩේ කළා.

:       788       814

ajith Thursday, 21 February 2019 04:29 AM

මේ විධියට වෙහෙර විහාර උඩ නැගල කරන්නේ වීර ක්‍රියාවක් කියල හිතනවා නම් ඒක ලොකු වැරදීමක් .

:       0       5

Abdulla Thursday, 21 February 2019 06:37 AM

ඉතා හොඳ තීරණයක්. පුලුවන්නම් අවුරුදු 3 කට හරි 4 ට හරි හිරේ අරින්න හැමෝටම පාඩමක් ඉගෙන ගන්න.

:       0       24

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 933 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 370 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 816 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 800 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 310 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 498 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site